30/08/2020
මගේ චැනල් එකේ fiverr කරන්න එපා කියලා දාපූ video බලපු අයියා කෙනෙක් මට ඊයේ call එකක් දුන්නා
අයියා – මල්ලි ඔයා fiverr එකට බැනලා හරි views අරගෙන adsense ගේමක් ගැහුවා නේද?
මම – ඔයා මගේ අනිත් video බැළුවද?
අයියා – මට ඒවා බලන්න දෙයක් නෑ. මට පේනවා ඔයාගේ game එක
මම – අනිත් ටිකත් කැමතිනම් බලලා අපි කථාකරමු. මම ගේමක් ගැහුවානම් තමයි bro, හැබැයි ඔයා කියනවිදිහේ adsense ගේමක් නිමෙයි. video බලන්න බැරිනම් videos යට තියෙන comments ටික බල්න්නකෝ බලලා call එකක් දෙන්න.
ඉතින් ඒ අයියාටයි, නොදන්න අනිත් අයටයි අද මම කියන්න යන්නේ මගේ youtube යූටියුබ් නාටකය (කෙරැවාව) ගැන. ගිය අව්රැද්දේ මාර්තු-මැයි වල වගේ ඉදලා පටං ගත්තු මගේ blace academy (sinhala) කියන channel එකට දැන් අව්රැදු එකහාමාරක් වගේ වෙනවා.
මම youtube කරන්නේ adsense සල්ලි හොයන්න නිමෙයි. සල්ලි හොයන්නනම් channel එක කරන්න යන time එකේ මට හොද freelance ගේම් එකක් ගහන්න පුළුවන්. ඉතින් මම channel එක කරන්නේ මගේ හිතේ තියෙන අරමුණක් ඉශ්ඨකරගන්න විතරයි.
මුදල් $66.81 හා subscribers 8,592 ක් සමඟ facebook likes 5,106ක්, 2,476ක facebook group සමූහයක් ඉතින් අනිවාර්යයෙන්ම මේ කාලය තුල එකතු කරගත් 16,000ක් වගේ වෙච්ච සියළුම දෙනාම මට ගොඩක් වටිනවා. මොකද හැමදාම කියනවා වගේ මම channel එක පටන් ගත්තේ ගොඩක් ලොකු කැපකිරීමක් කරලා සහ ලොකු අරමුණක් එක්කව. ඒක තමයි “අපි අපිට වැඩි වටිනාකමක් ගන්නේ කොහොමද?” කියන කරැණ මුල් කරගෙනයි. “මම කොහෙමද ලංකාවේ freelance ගේම් එකේ ඉන්න (mainly ඩිසයින් කරන) අයට branding ගැන, clients හොයාගන්න හැටි, කොහෙමද flatform වලින් මිදිලා තමන්ගේම කියලා client base එකක් හදාගන්නේ කියන දේවල්” මගේ තියෙන පලපුරැද්ද හැකියාව අනුව කියලා දෙන්න.
මොකද මම හොදින් දන්නවා internet එකේ තියෙන දේවල් ලංකාවේ කෙනෙක් විදිහට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ඇති ගැටළු මොනවාද කියලා. ඒ වගේම ඉතාමත් පොඩි තැනක ඉදලා යම් තැනකට එන්න මට තිබුණ බාධක, මම කරපු වැරදි වගේම හොද දේවල් සේරම පිළිබඳව සමූහ සාකච්චාවක් ගෙනත් දෙන්න. මොකද මට පැහැදිලිව ලංකාවේ අයගේ තියෙන ගැටළු මට තේරෙනවා. හැකියාවන් හොදින් අඳුරනවා. ඉතින් වචනෙකින් හරි උදව්වක් වෙන්න පුළුවන් කියලා හිතෙන නිසා තමයි මම මේක දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.
තවත් වැදගත් දෙයක්, youtube adsense වලින් ගේමක් ගහන්න හදන අය ටිකක් හොදට හිතලා බලන්න මොනවගේ දෙයක්ද කල යුත්තේ කියලා. මොකද ගොඩක් අය හිතනවා channel එකක් හදලා හොද content දැම්මම ඇති කියලා. නැත්තං කොහොම හරි subscribers ගහල watch housrs ගහලා monatized කරාම සේරම ගොඩ කියලා. දැනටත් ගොඩක් අය මගෙන් අහනවා අයියා ගොඩ නේද අයියා දැන් channel එකත් ගොඩ ඇවිත් නේ කියලා. මම ඒක නිසා තමයි මේ screenshots ටික දැම්මේ හැමෝටම පෙන්වන්න youtube කියන්නේ වෙනස්ම දෙයක් කියලා. මම හිතන විදිහට සල්ලි හොයන අරමුණනම් ඇත්තටම contentn වගේම මිනිස්ස වැඩි පිරිසක් බලනවාද යන්න වගේම views වැඩියෙන් එන පොදු දෙයක් කරන එක තමයි හොදම. නැත්නම් වෙන්නේ මේ වගේ result එකක් තමයි.
එහෙනම් කොල්ලෝ කෙල්ලෝ අපි ගියා. – ගිහිං එන්නම් ලඟදිම අමුතුම විදිහකට.. ලංකාවටම ඇවිත්... ජය වේවා. මම Charith Weerasooriya