12/11/2019
අද ඉල් පුර පසළොස්වක පොහෝ දිනයයි.
ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් ඉල් පුර පසළොස්වක පොහොය අදට(12) යෙදී තිබෙනවා.
ප්‍රථම ධර්ම දූත මෙහෙවර ආරම්භ කිරීම , ජටිල දමනය, අගසව් සැරියුත් තෙරුණුවෝ පිරිනිවන් පෑම සහ මේ මහා භද්‍රකල්පයේ මතු බුදු බව ලබන මෛත්‍රීය මහා බෝසතාණන් වහන්සේ නියත විවිරණ ලැබීම සිදුවුනේ අද වැනි උතුම් ඉල් පුර පසොළොස්වක පොහොය දිනයකයි. එමෙන්ම වස් තුන්මාසයෙන් අනතුරුව කඨීන චීවරය පුජා කළ හැකි අවසන් දිනය ලෙසද ඉල් පුර පසොළොස්වක පොහෝ දිනය හැදින්වෙනවා.