Hnd පවුර / Hnd නුවර අපි

Hnd පවුර / Hnd නුවර අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hnd පවුර / Hnd නුවර අපි, College & University, Kandy.

Pit🙂👍
26/06/2024

Pit🙂👍

The closing date to apply for the SLIATE programmes is extended up to 10th June 2024. Click apply.sliate.ac.lk to apply ...
29/05/2024

The closing date to apply for the SLIATE programmes is extended up to 10th June 2024. Click apply.sliate.ac.lk to apply for HND programmes of SLIATE.

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට වසර 80 ක් සපිරීම නිමිත්තෙන් සහ සමස්ථ උසස් තාක්ෂණ ආයතනයටම සෙත් පතා සංවිධානය වන " ...
05/05/2024

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට වසර 80 ක් සපිරීම නිමිත්තෙන් සහ සමස්ථ උසස් තාක්ෂණ ආයතනයටම සෙත් පතා සංවිධානය වන " සද්ධර්ම වර්ෂා ", සර්ව රාත්‍රික පරිත්‍රාණ පිරිත් සජ්ඣායනාව හා සංඝගත දක්ෂිණාව, වෙසක් මස 10 සහ 11 යන දෙදින තුළ උසස් තාක්ෂණ ආයතනික ශ්‍රවණාගාරයේදී...

#සද්ධර්ම_වර්ෂා_2024

පත්තුඋන මෙඩිකල්! 🤌
02/05/2024

පත්තුඋන මෙඩිකල්! 🤌

30/04/2024
මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ දේශන ශාලාවල පවතින එක් අඩුපාඩුවක් වන්නේ ප්‍රක්ෂේපණ තිර(Projector Screens) නොමැති වීමයි.  මෙම අඩ...
30/04/2024

මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ දේශන ශාලාවල පවතින එක් අඩුපාඩුවක් වන්නේ ප්‍රක්ෂේපණ තිර(Projector Screens) නොමැති වීමයි. මෙම අඩුපාඩුව අවබෝධ කරගත් 2021 අධ්‍යයන වර්ෂයේ දැනට දෙවන වසරේ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාවේ අර්ධකාලීන (Part Time) සිසුන් විසින් රුපියල් ලක්ෂයක(100000) පමණ වටිනාකමකින් යුත් Sony WEGA ප්‍රක්ෂේපණ තිර තුනක් ආයතනයට පරිත්‍යාග කරන ලදී. මෙම අරමුදල සම්පාදනයේදී සිසුන් මහත් දායකත්වයක් දරන ලදි. මෙහි විශේෂත්වය වන්නේ අප ආයතනයේ අධ්‍යයනය ලබන බහුතරයක් සිසුන් ආර්ථික අපහසුතාවලින් පෙළෙන සිසුන් අතර ඔවුන් දීර්ඝ කාලයක් කුඩා මුදල් කොටස් එකතු කර සම්පූර්ණ මුදල සම්පාදනය කර ගැනීමයි.
මෙම තිර මිලදී ගැනීමේ දී මහනුවර Telecare ආයතනයේ අධිපති වන සංජීව තිලකරත්න මහතා ඉතා සහනදායී මිලකට එය අප වෙත ලබා දෙන ලදී.
අප සමාජයේ ආර්ථික අපහසුතාවයක් පවතින මෙවැනි අවස්ථාවක මෙවැනි පරිත්‍යාගයක් ලබා දුන් එම සිසුන්ට සහ සහන මිලට එය ලබා දුන් සංජීව තිලකරත්න මහතාටත් විශේෂ ස්තුතිය පුද කරනෙමි.

උපුටා ගැන්ම Mahinda Thalagune FB පිටුවෙන්..

මොකක්ද මේ SLIATE කියන්නේ?HND ගැන දැනුවත් ද?උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාවක් නොලැබුණා නම් තවත් ඉහළට ...
26/04/2024

මොකක්ද මේ SLIATE කියන්නේ?
HND ගැන දැනුවත් ද?

උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාවක් නොලැබුණා නම් තවත් ඉහළට ඉගෙනගන්න තියන අවස්ථාවක් තමයි Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) කියන්නේ.

SLIATE ආයතනය කියන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක්. මෙමගින් විවිධ අංශ යටතේ උසස් ජාතික ඩිප්ලෝමා (Higher National Diploma - HND) පාඨමාලාවන් කීපයක් විවිධ ප්‍රදේශ වල පවතින උසස් තාක්ෂණ ආයතන (Advanced Technological Institutes - ATI) තුළ හදාරන්න අවස්ථාව ලබා දීල තියනවා.

සම්පූර්ණයෙන් නොමිලයේ පැවැත්වෙන මේ පාඨමාලා පහත ATI තුලදී හදාරන්න පුළුවන්.
අම්පාර (හාර්ඩි), අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, කොළඹ 15, දෙහිවල, ගාල්ල (ලබුදූව), ගම්පහ (නයිවල), යාපනය, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මන්නාරම, නාවලපිටිය, රත්නපුර, සමන්තුරේ, තංගල්ල, ත්‍රිකුණාමලය, වවුනියාව.

මේ පාඨමාලා හදාරනවා නම් විශ්වවිද්‍යාල සිසුන්ට වගේම මහපොළ ශිෂ්‍යාධාර පහසුකම් හිමිවෙනවා.

ඉතින් ඒ පාඨමාලා ගැන පොඩි විස්තරයක් දාන්න හිතුවා මේ පාර උසස් පෙළ කරපු නංගිලා මල්ලිලා වෙනුවෙන්.
මොකද මේ දවස් වල 2023/24 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවනවා. (2023 උසස්පෙළ හෝ ඊට පෙර වසරක උසස්පෙළ ප්‍රතිඵල වලින් ඉල්ලුම් කරන්න පුළුවන්)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ පාඨමාලා ඔක්කොම පූර්ණ කාලීන (Full time) විදියට සතියේ දිනවල පැවැත්වෙන්නේ. ඒ සියල්ල නොමිලයේ.

Accountancy, IT හා English පාඨමාලා අර්ධ කාලීන (Part time) විදියට සති අන්තයේ හදාරන්නත් පුළුවන්. ඒත් part time ඒවා සඳහා මුදල් අය කරනවා වගේම ඒ පාඨමාලා හදාරන්න පුළුවන් අදාල ක්‍ෂේත්‍රයේ රැකියා වල නියුතු වෙලා ඉන්න අයට විතරයි.

අර්ධකාලීන පාඨමාලා ගාස්තු (එක් සමාසිකයක් සඳහා)
>> Accountancy - 17,000/=
>> English - 17,000/=
>> IT - 30,000/=

මං මෙතන විස්තර සහිතව සඳහන් කරන්නේ උසස් පෙළ කරපු අයට වැදගත් වෙන full time course ගැන විතරයි...............................................................

Higher National Diploma in Accountancy - HNDA
(රැකියා වලට බඳවා ගැනීමේදී මෙම පාඨමාලාව වාණිජවේදී සාමාන්‍ය උපාධි (සාමාන්‍ය සාමාර්ථ) හා සමව සැලකේ)

>> ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණය විෂයයන්ට සම්මාන සාමාර්ථ සහිතව අපොස උසස් පෙළ සියලු විෂයන් එක් වරකදී සමත් වීම.
(ඉහත එක් විෂයකට සම්මාන සාමාර්ථයක් ලෙස සාමාන්‍ය පෙළ ගණිතය සඳහා සම්මාන සමාර්ථය සැලකේ)
>> සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමත් වීම

[අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, දෙහිවල, ගාල්ල, ගම්පහ, යාපනය, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, සමන්තුරේ, තංගල්ල, ත්‍රිකුණාමලය, වවුනියාව]
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Higher National Diploma in Building Services Engineering - HNDBSE

>> භෞතීය විද්‍යා විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ සියලු විෂයන් (සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව) එක් වරකදී සමත් වීම.
>> සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමත් වීම.

[කොළඹ]
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Higher National Diploma in Business Administration - HNDBA

>> වාණිජ විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ සියලු විෂයන් එක් වරකදී සමත් වීම.
>> සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි හා ගණිතය සමත් වීම.

[දෙහිවල, ගාල්ල, මහනුවර]
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Higher National Diploma in Business Finance - HNDBF

>> වාණිජ විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ සියලු විෂයන් එක් වරකදී සමත් වීම.
>> සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි හා ගණිතය සමත් වීම.

[දෙහිවල]
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Higher National Diploma in Consumer Sciences and Product Technology - HNDCSPT

>> ඕනෑම විෂය ධාරාවකින් ගෘහ විද්‍යාව විෂයද ඇතුළුව අපොස උසස් පෙළ සියලු විෂයන් එක් වරකදී සමත් වීම.
>> සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි හා ගණිතය සමත් වීම.

[ගම්පහ]
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Higher National Diploma in Engineering - HNDE
(Civil) / (Electrical & Electronic) / (Mechanical)

>> භෞතීය විද්‍යා විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ සියලු විෂයන් (සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව) එක් වරකදී සමත් වීම.
>> සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමත් වීම.

[කොළඹ, ගාල්ල, යාපනය]
(යාපනය Civil හා EE පමණි)
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Higher National Diploma in English - (HND in English)

>> ඕනෑම විෂය ධාරාවකින් අපොස උසස් පෙළ සියලු විෂයන් එක් වරකදී සමත් වීම.
>> සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා සාමාර්ථයක් හෝ ඉංග්‍රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක්.

[අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, දෙහිවල, ගාල්ල, යාපනය, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මන්නාරම, නාවලපිටිය, රත්නපුර, සමන්තුරේ, තංගල්ල, ත්‍රිකුණාමලය, වවුනියාව]
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Higher National Diploma in Food Technology - HNDFT

>> භෞතීය විද්‍යා හෝ ජීව විද්‍යා විෂය ධාරාවන්ගෙන් අපොස උසස් පෙළ සියලු විෂයන් එක් වරකදී සමත් වීම.
>> සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි හා ගණිතය සමත් වීම.

[ගම්පහ]
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Higher National Diploma in Information Technology - HNDIT

>> ඕනෑම විෂය ධාරාවකින් අපොස උසස් පෙළ සියලු විෂයන් එක් වරකදී සමත් වීම.
(ජීව විද්‍යා, භෞතීය විද්‍යා, වාණිජ, තාක්ෂණ, හා ICT විෂයක් ලෙස හැදෑරූ කලා සිසුන්ට ප්‍රමුඛතාව හිමිවේ)
>> සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි හා ගණිතය සමත් වීම.

[අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, දෙහිවල, ගාල්ල, ගම්පහ, යාපනය, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මන්නාරම, රත්නපුර, සමන්තුරේ, තංගල්ල, ත්‍රිකුණාමලය, වවුනියාව.]
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Higher National Diploma in Management - HNDM

>> ඕනෑම විෂය ධාරාවකින් අපොස උසස් පෙළ සියලු විෂයන් එක් වරකදී සමත් වීම.
>> සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි හා ගණිතය සමත් වීම.

[අම්පාර, බදුල්ල, දෙහිවල, ගාල්ල, යාපනය, මහනුවර, කුරුණෑගල, නාවලපිටිය]
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Higher National Diploma in Project Management - HNDPM

>> ඕනෑම විෂය ධාරාවකින් අපොස උසස් පෙළ සියලු විෂයන් එක් වරකදී සමත් වීම.
>> සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි හා ගණිතය සමත් වීම.

[කෑගල්ල]
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Higher National Diploma in Quantity Surveying - HNDQS

>> භෞතීය විද්‍යා විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ සියලු විෂයන් (සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව) එක් වරකදී සමත් වීම.
>> සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමත් වීම.

[කොළඹ, ගාල්ල, යාපනය]
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Higher National Diploma in Technology Agriculture - HNDT-Agriculture

>> ජීව විද්‍යා විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ සියලු විෂයන් (ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව සමග භෞතික විද්‍යාව හෝ කෘෂි විද්‍යාව දෙකෙන් එකක්) එක් වරකදී සමත් වීම.
>> සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි හා ගණිතය සමත් වීම.

[අම්පාර, ගාල්ල, ගම්පහ]
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Higher National Diploma in Tourism & Hospitality Management - HNDTHM

>> ඕනෑම විෂය ධාරාවකින් අපොස උසස් පෙළ සියලු විෂයන් එක් වරකදී සමත් වීම.
>> සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි හා ගණිතය සමත් වීම.

[අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, දෙහිවල, ගාල්ල, යාපනය, මහනුවර, කුරුණෑගල, මන්නාරම, නාවලපිටිය, ත්‍රිකුණාමලය]
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ සුදුසුකම් ඇරෙන්න උසස් පෙළ පොදු පරීක්ෂණය සමත් වෙන්නත් ඕන.

HND in English, IT, THM, DM, PM, FT, CSPT කියන පාඨමාලා සඳහා ඇතුළත් වීමේදී ලිඛිත පරීක්ෂණයකට ඉදිරිපත් වෙන්න ඕන. අනෙකුත් පාඨමාලා සඳහා සිසුන් තෝරාගැනීමේදී z ලකුණු තමයි සලකා බලන්නේ.

(අදාළ ලිඛිත පරීක්ෂණ වෙනස් පාඨමාලා සඳහා වෙන වෙනම දිනවලත්, එකම පාඨමාලාව සඳහා එකම දිනයේදීත් පැවැත්වෙනවා)

පූර්ණ කාලීන පාඨමාලා සඳහා වයස 23 ට අඩු අය සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
,
National Diploma in Accountancy
KANDY

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සඳහා නවක සිසුන් බඳවා ගැනිමට ගැසට් පත්‍රය නිකුත් කර ඇත.අයදුම්පත් යොමු කිරිම මාර්ගගත...
26/04/2024

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සඳහා නවක සිසුන් බඳවා ගැනිමට ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

අයදුම්පත් යොමු කිරිම මාර්ගගත ක්‍රමයට
Www.apply.sliate.ac.lk

අයදුම්පත් යොමු කල හැකි අවසන් දිනය 2024 මැයි 27

Share👉

😒
25/04/2024

😒

😍🥳
24/04/2024

😍🥳

එච්චරයි 😌
10/04/2024

එච්චරයි 😌

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Hnd පවුර / Hnd නුවර අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share