04/07/2026
සියලුම උසස් අධ්‍යාපන ආයතන අතරින් උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ වසර 6ක් අඛණ්ඩව හොදම දක්ෂතම ශිෂ්‍යා බිහිකිරීමට මහනුවර උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ කළමනාකරණ දෙපාර්තමේන්තුව සමත් වී ඇති බව ඔබ දැනසිටියාද...⁉️
එතකොට,ඇත්තටම මොකද්ද මේ HNDM කියන්නේ❓
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන, විශ්ව විද්‍යාල කොමිෂන් සභාව මගින් පිලිගත් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය හා අනුබද්ධ මෙම උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව - (Higher National Diploma in Management) කියන්නේ 1964 තරම් ඉතිහාසයකට උරුමකම් කියන, කලමණාකරන කේෂ්ත්‍රයේ ප්‍රවීණයක් රැසක් බිහි කල පාඨමාලාවක්.
▫️මෙහි ඇති තවත් සුවිශේෂී වටිනාකම් වන්නේ Credit 100 ක ඉහල අගයක් සහිත රජයේ විශ්ව විද්‍යාලයක සාමාන්‍යවේධී උපාධියක් හා සමාන පාඨමාලාවක් වීමයි. අලෙවි කළමනාකරණ හෝ මානව සම්පත් කළමනාකරණ යන අංශ දෙකෙන් එකක් ඔස්සේ තමාගේ අධ්‍යන කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාව සිසුන් හට සැලසීමයී.
▫️එමෙන්ම වසර 03ක පූර්ණ කාලීන හා සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසී මාධ්‍ය ඔස්සේ පැවත්වෙන මෙම පාඨමාලාව හදාරන සිසුන් හට මාස 06ක ප්‍රයෝගික පුහුණුවක් ද සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබුනු ඇත. තවද පාඨමාලාවේ ඇති වැදගත්කම නිසා සහ අධික සිසුන් ප්‍රමාණයක් විසින් ඉල්ලුම් කිරීම සිදු කිරීම හේතුවෙන් මෙම පාඨමාලාවට අයදුම් කරන සිසුන් හට තෝරාගැනීමේ පරික්ශනයකට මුහුණ දී පාඨමාලාව සඳහා සුදුසුකම් ලබා ගත යුතු වේ.
▫️තවද HNDM පාඨමාලාව හදාරන සිසුන් හට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අලෙවි කලමණාකරන පාඨමාලා පවත්වන ආයතනයක් වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM Sri Lanka Institute of Marketing) යන ආයතනයේ පාඨමාලා හැදෑරීමේදී තෝරගත් විශයන් නිදහස් කිරීමක්ද සිදු කරනු ලබයි.
▫️ඊට අමතරව, විවෘත විශ්ව විද්‍යාලයේ BM අවසන් කළහැකි වීම, CMA ආයතනයේ තාක්ෂණික අදියර සහ අන්තර්මාධ්‍ය අදියර නිදහස් වීම, IPM ආයතනයේ FCHRM සහ CCHRM අදියරයන් නිදහස් වීම, AAT ආයතනයේ පදනම් හා අන්තර් මාධ්‍ය අදියරයන් නිදහස් වීම.
▫️විශේෂයෙන්ම වසර 3ක පාඨමාලාව සාර්ථකව අවසන් කල සිසුන් හට පෞද්ගලික විශ්ව විද්‍යාල තුල අවසන් වසර පමණක්(Top Up Degree ඔස්සේ) සම්පූර්ණ කර උපාධි අවස්ථාව ලබාගැනීමටද මෙය වැදගත් වනු ඇත.
▫️එමෙන්ම මෙම පාඨමාලාව සම්පුර්ණයෙන්ම රාජ්‍ය අනුග්‍රහය යටතේ නොමිලේ පැවත්වෙන පාඨමාලාවක් වන අතර රජයේ පිලිගත් NVQ 06 වන මට්ටම මෙම පාඨමාලාව හදාරන සිසුන් හට හිමිවනු ඇත.
▫️තවද මහපොල ශිෂ්‍යාධාර පහසුකම්, දුම්රිය හා බස් සහන ප්‍රවේශපත් පහසුකම්, පුස්තකාල පහසුකම් හා පරිගණක විද්‍යාගාර පහසුකම් ඇතුලු පහසුකම් රැසක් මෙම පාඨමාලාව හදාරන සිසුන් හට හිමිවේ.
✅👩🎓🧑🎓කළමනාකරණ කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වී වර්තමානය ජය ගන්න, අදුරු වු ඔබේ සරසවි සිහිනය සැබෑ කරන දෙවන සරසවිය.
🛑දෙවරක් නොසිතන්න, ඔබත් අදම මහනුවර උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවට (HNDM) අයදුම් කරන්න.
SLIATE-KANDY හි HNDM සදහා අයදුම් කිරීමට apply.sliate.ac.lk ක්ලික් කරන්න.
සීමිත බඳවා ගැනීම් පමණි. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය අගෝස්තූ 03 වන අතර, අදම ඔබේ අයදුම්පත යොමුකර මෙම අවස්ථාව හිමිකර ගන්න.
වැඩි විස්තට සදහා පහත Whatsapp Group ඔස්සේ සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/CHsk8UXmIbYBvTUAwsOrRF
විමසිම් : 0721046877 / 0767678667 / 0742927670