Mo/Gothameegama K.V

Mo/Gothameegama K.V School

සහෘද සිත් හිතවත්කම් අලුත් කළ අපේ සුහද හමුව ❤️
06/01/2026

සහෘද සිත් හිතවත්කම් අලුත් කළ අපේ සුහද හමුව ❤️

2026 නව වසරක ආරම්භය……
06/01/2026

2026 නව වසරක ආරම්භය……

2025.12.31 වන දින පැවති විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ පොඩිත්තන්ගේ සතුටු කදවුර……..මෙම කාර්යය සාර්ථකව සිදු කිරීම සදහා මනා අන...
03/01/2026

2025.12.31 වන දින පැවති විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ පොඩිත්තන්ගේ සතුටු කදවුර……..
මෙම කාර්යය සාර්ථකව සිදු කිරීම සදහා මනා අනුශාසකත්වය ලබා දුන් ගරු විදුහල්පතිතුමාටත්,නිරන්තරයෙන්ම කැප වු සියලුම ප්‍රාථමික ශ්‍රේණි ගුරු භවතුන්ටත්,විද්‍යාලයීය ක්‍රීඩා පුහුණුකරු ඩබ්.පී.ලහිරු නුවන් මහතාටත් සම්පත් දායකත්වය සැපයූ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අජිත් වික්‍රමසිංහ මහතාටත් විද්‍යාලයීය කෘතවේදිත්වය පළ කරමු……..

විද්‍යාලයීය ඉංග්‍රීසි අංශය භාර මදුහර්ශනී ගුරුතුමිය හා ඉශානි ගුරුතුමිය ප්‍රධානත්වය ගනිමින්,පාසලේ තවත් ගුරු භවතුන් කීපදෙනෙ...
31/12/2025

විද්‍යාලයීය ඉංග්‍රීසි අංශය භාර මදුහර්ශනී ගුරුතුමිය හා ඉශානි ගුරුතුමිය ප්‍රධානත්වය ගනිමින්,පාසලේ තවත් ගුරු භවතුන් කීපදෙනෙකුගේ සහ සෙල්ල කතරගම මහ විද්‍යාලයේ ඉංග්‍රීසි විෂය භාර ආචාර්ය මලිති දිමෝදා මහත්මියගේ ද සම්පත් දායකත්වය ලබා ගනිමින් 2025.12.30 දින English camp වැඩසටහන ඉතා සාර්ථකව පවත්වන ලදී.

2025/12/25 වන  දින විද්‍යාල පරිශ්‍රයේ  දී මොණරාගල දිස්ත්‍රික් ආපදා ඒකකය මගින් පවත්වනු ලැබූ හදිසි ප්‍රථමාධාර අවශ්‍යතාවයකට...
26/12/2025

2025/12/25 වන දින විද්‍යාල පරිශ්‍රයේ දී මොණරාගල දිස්ත්‍රික් ආපදා ඒකකය මගින් පවත්වනු ලැබූ හදිසි ප්‍රථමාධාර අවශ්‍යතාවයකට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ විශේෂ පුහුණු වැඩමුළුව….
රතු කුරුස ආයතනයේ ප්‍රායෝගික පුහුණු උපදේශිකාව මගින් පුහුණු කිරිම් කටයුතු සිදු කරන ලදී...
මේ සදහා දායකත්වය සැපයූ සියලුම දෙනාට විද්‍යාලයීය කෘතවේදිත්වය පළ කරමු.💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

2025/12/ 23,24 දින රන්මිණිතැන්න ටෙලිසිනමා උද්‍යානයේ  පැවැත්වුණු නායකත්ව පුහුණු කඳවුරහි සිහිවටනයන් කිහිපයක්..මෙය සම්බන්ධී...
25/12/2025

2025/12/ 23,24 දින රන්මිණිතැන්න ටෙලිසිනමා උද්‍යානයේ පැවැත්වුණු නායකත්ව පුහුණු කඳවුරහි සිහිවටනයන් කිහිපයක්..

මෙය සම්බන්ධීකරණය සිදු කිරීම කතරගම තරුණ සේවා නිලධාරී වජිර මහතා හරහා සිදුවිය

දරුවන් වෙනුවෙන් ලබා දුන් මෙම අවස්ථාවට දායකත්වය දුන් සැමට විද්‍යාලයීය කෘතවේදිත්වය 💐

🔅🔅🔅“අභිෂේකාභිමානී”🔅🔅🔅මො/ගෝතමීගම කනිෂ්ඨ විද්‍යාලයීය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය - 2025🔅2025.12.18 වන දින තණමල්ව...
21/12/2025

🔅🔅🔅“අභිෂේකාභිමානී”🔅🔅🔅
මො/ගෝතමීගම කනිෂ්ඨ විද්‍යාලයීය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය - 2025🔅
2025.12.18 වන දින තණමල්විල කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය,කතරගම ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය,කතරගම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රධාන නිළධාරීතුමිය ,කතරගම ලංකා බැංකුවේ කළමණාකාරතුමිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ඉතා අභිමානවත් අයුරින් පැවැත්විනි…..

Child Fund   අයතනයේ Ayevac සංගමයේ සංවිධානයෙන් කතරගම දෙටගමුව කනිෂ්ට  විද්‍යාලයේ  සහ ගෝතමීගම කනිෂ්ට  විද්‍යාලයේ දු දරුවන් ...
20/12/2025

Child Fund අයතනයේ Ayevac සංගමයේ සංවිධානයෙන් කතරගම දෙටගමුව කනිෂ්ට විද්‍යාලයේ සහ ගෝතමීගම කනිෂ්ට විද්‍යාලයේ දු දරුවන් අතර පැවැත්වු විවාද තරගයේ අවස්ථා කිහිපයක්.... 🔅🔅🔅
📌විද්‍යාලයීය ඉතිහාසයේ අප විද්‍යාලයේ දරුවන් තවත් පාසලක් සමග විවාද තරගයකට මුහුණ දුන් අතිශය ප්‍රථම අවස්ථාව මෙය වීමත් තවද මුලු තරගාවලිය පුරාවටම හොදම කථිකයා සම්මානය 🥇 අප විද්‍යාලයේ 11 ශ්‍රේණිය ඉගෙනුම ලබන ආර්.පී ඕෂධී මල්මි ශිෂ්‍යාව හිමි කර ගැනීම ද සුවිශේෂත්වයක් විය……
මෙම කරතව්‍ය සාර්ථක කර ගැනීමට සහාය දැක්වු සැමට විද්‍යාලයේ ගෞරවනීය ස්තූතිය පුද කරමු.💐💐💐💐💐💐💐💐💐💐💐💐

19/12/2025
පිපෙන්නට වෙර දරන මල් කැකුළු පිබිදෙන සෞන්දර්යාත්මක ප්‍රවේශය……”රසාංජලී” මො/ ගෝතමීගම කනිෂ්ඨ විද්‍යාලයීය සෞන්දර්ය අංශය මගින්...
19/12/2025

පිපෙන්නට වෙර දරන මල් කැකුළු පිබිදෙන සෞන්දර්යාත්මක ප්‍රවේශය……”රසාංජලී” මො/ ගෝතමීගම කනිෂ්ඨ විද්‍යාලයීය සෞන්දර්ය අංශය මගින් සංවිධානය කලා වූ අපේම දරු පැටවුන්ගේ ගායන වාදන නර්තනයන්ගෙන් සුසංගත වූ ඒ අපූර්ව කලා ප්‍රසංගය …..
2025/12/18 වන දින ප.ව 6 ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වූ අතර කතරගම ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති ධර්මපාල හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය දරු දැරියන් හා දෙමව්පියන් ඇතුළු ගම් වාසීන්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ව මෙම වැඩ සටහන පැවැත්වීමට ඉඩ ප්‍රස්ථාව ලැබුනි…..

කතරගම ඉසුරු ස්ටුඩියෝ අධිපති, මාධ්‍යවේදී, අසංක සුබෝධ මහතාගේ සම්බන්ධීකරණයෙන්  පසුගිය දින ලැබුණු ඇදුම් ආදිය ගෝතමීගම සහ නාග...
09/12/2025

කතරගම ඉසුරු ස්ටුඩියෝ අධිපති, මාධ්‍යවේදී, අසංක සුබෝධ මහතාගේ සම්බන්ධීකරණයෙන් පසුගිය දින ලැබුණු ඇදුම් ආදිය ගෝතමීගම සහ නාගහවීදිය ගම් ප්‍රදේශවාසීන් වෙත බෙදාදීම, දායකත්වය දැක්වු සැමට ස්තූතිය .

2025 වර්ෂයේ අවසාන පාසල් සංවර්ධන සමිති මහා සභා රැස්වීම අද දින විද්‍යාලයේ දී ඉතා සාර්ථක ව පැවැත්වීය. විද්‍යාලයේ උන්නතිය වෙ...
08/12/2025

2025 වර්ෂයේ අවසාන පාසල් සංවර්ධන සමිති මහා සභා රැස්වීම අද දින විද්‍යාලයේ දී ඉතා සාර්ථක ව පැවැත්වීය. විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් මෙම අවස්ථාවට සම්බන්ධ වූ සියලුම දෙමව්පියන් ට විද්‍යාලයීය කෘතවේදිත්වය පළ කර සිටිමු.

Address

Kataragama

Website

Alerts

Be the first to know and let us send you an email when Mo/Gothameegama K.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share