Medical Faculty Students' Union, Moratuwa

Directions

Medical Faculty Students' Union, Moratuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Medical Faculty Students' Union, Moratuwa, Community College, Bandaranayake Mawatha, Katubedda.

The new office bearers of the Faculty of Medicine Students’ Union have been elected for the upcoming year 2025/2026.Facu...
13/09/2026

The new office bearers of the Faculty of Medicine Students’ Union have been elected for the upcoming year 2025/2026.

Faculty of Medicine Students’ Union
University of Moratuwa.

Our heartfelt gratitude to the stepping down executive committee of MFSU of 2024/2025 for their unwavering effort and gu...
13/09/2026

Our heartfelt gratitude to the stepping down executive committee of MFSU of 2024/2025 for their unwavering effort and guidance.

We wish all the very best and best of luck for all your future endeavors❤💐
Medical Faculty Students' Union,
University of Moratuwa.

Heartfelt congratulations to Prof. Ananda Wijewickrama on officially beginning his journey as Professor in Medicine at t...
02/09/2026

Heartfelt congratulations to Prof. Ananda Wijewickrama on officially beginning his journey as Professor in Medicine at the Department of Medicine & Mental Health, Faculty of Medicine, University of Moratuwa.

This is not just a personal achievement, but an inspiring milestone for all of us. Your dedication, hard work, guidance, and passion for medicine continue to shape and inspire our journey.

We are truly proud to celebrate this remarkable achievement with you. Wishing you continued success and fulfilment in this new chapter of your academic journey!


02/09/2026

දීර්ඝ කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු වල පැවති ප්‍රමාදයන් , සීමාවාසික පුහුණුව (Internship) සඳහා අනුයුක්ත කිරීමේදී සිදු වූ ප්‍රමාදයන් සහ පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලියේ පැවැති අඩපණවීම් හේතුවෙන් 2014 සිට 2018 තෙක් රාජ්‍ය වෛද්‍ය පීඨ වල වසර කණ්ඩායම්වලට දීර්ඝ කාලයක් සීමාවාසික පත්වීම් අපේක්ෂාවෙන් බලා සිටීමට සිදු විය.
උදාහරණයක් ලෙස 2017/2018 වසර කණ්ඩායමට ඒ සදහා මාස 12ක පමණ කාලයක්ද 2018/2019 වසර කණ්ඩායම සදහා මාස 14 ක පමණ කාලයක්ද බලා සිටීමට සිදුවිය. මෙම තත්වය දිගින් දිගටම පැවතියහොත් 2023/2024 කණ්ඩායම පමණ වන විට සීමාවාසික පුහුණුව අපේක්ෂාවෙන් වසර දෙකකට අධික කාලයක් බලා සිටීමට සිදුවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ලෙස දිගින් දිගටම ඉදිරිපත් කලෙමු.
මෙසේ සිදු වන වෛද්‍ය ශිෂ්‍යයෙක් විශ්ව විද්‍යාලය තුළ තම අධ්‍යන කටයුතු අවසන් කර සීමාවාසික පුහුණුව අපේක්ෂාවෙන් සිටින කාලය අපතේ යාම සහ පද්ධතිය තුළ ඇති වූ සීමාවාසික පත්වීම් අපේක්ෂිත වෛද්‍යවරුන්ගේ එක්රැස්වීම අවම කිරීමට සහ ඔවුන්ගේ අහිමි වූ කාලය නැවත ලබා දී සෞඛ්‍ය පද්ධතියට අන්තර්ග්‍රහණය කර ගැනීමට යම්කිසි කාලසීමාවක් සඳහා හෝ ආසන්න කණ්ඩායම් දෙකක් සමපාත කර බඳවාගැනීම සිදුකළ යුතු බව අප දිගින් දිගටම ඉදිරිපත් කලෙමු.

එලෙස සිදු කරන ලද මැදිහත්කිරීම් ප්‍රමාණයක ප්‍රතිපල ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2017 සහ 2018 කණ්ඩායම් දෙක සඳහා සීමාවාසික පුහුණුව සම්පූර්ණ කාලසීමාවෙන් කොටසක් සමපාත කර අනුයුක්ත කිරීමට (Overlapping) තීරණය කරන ලදී.

කෙසේ වෙතත්, මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි සැබෑ ප්‍රායෝගික ගැටලු පිළිබඳව පූර්ව සූදානමක් හෝ සැලසුමක් නොමැති වීම නිසා විශාල අර්බුදයක් මේ වන විට නිර්මාණය වී ඇත. කොළඹ මෙන්ම කොලඹින් බැහැර සහ දුෂ්කර ප්‍රදේශවල බොහෝ රෝහල්වල පවතින සීමිත පහසුකම් හේතුවෙන් නේවාසික පහසුකම් ලබා දිය හැක්කේ 2018 කණ්ඩායමේ සීමාවාසික පත්වීම් ලබාගත් වෛද්‍යවරුන්ගෙන් කොටසකට පමණි.

පෙර වසර වලදී සීමාවාසික වෛද්‍යවරුන් බදවා ගැනීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන පත්වීම් ලිපියේ සදහන්

"These officers should be paid the allowance as indicated in general circular No 10/2025 dated 25/03/2025. They should be provided accomodation free of charge."

වාක්‍යයෙන් "They should be provided accomodation free of charge." යන වාක්‍ය 2018 වසර කණ්ඩායම සදහා නිකුත් කරනු ලැබූ ලිපියෙන් ඉවත් කර තිබීම හරහා සීමාවාසික වෛද්‍යවරුන්ට නේවාසික පහසුකම් ලබාදීමට අදාළ වගකීමෙන් මිදීම මගින් ඒ බව මනාව තහවුරු වෙයි.

මෙම තත්වය යටතේ 2017 හා 2018 කණ්ඩායම් ද්විත්වයේම සීමාවාසික වෛද්‍යවරුන්ට ආහාර සහ ප්‍රවාහන දීමනා හිමි වුවද, 2018 වසර කණ්ඩායම සදහා ඉදිරි මාස 3 ක කාලය වෙනුවෙන් නිල නවාතැන් පහසුකමක් හෝ නවාතැන් සඳහා වන විශේෂ දීමනාවක් හිමි නොවන තත්වයක් උද්ගත වී ඇත. දුරබැහැර ප්‍රදේශවල සේවය කිරීමට ගොස් සිටින මෙම වෛද්‍යවරුන්ට පෞද්ගලික මට්ටමින් ආරක්ෂිත සහ සුදුසු නවාතැනක් සොයා ගැනීම දැඩි මූල්‍යමය සහ ප්‍රායෝගික අභියෝගයක් වන තත්වයක් උද්ගත වී ඇත.

මෙවන් තත්ත්ව ප්‍රමාණයක් මත, internship ප්‍රමාදයට විසඳුමක් ලෙස ඉදිරි වසර කණ්ඩායම් වලට අදාළවද overlapping වීම සිදුවීමේදි නේවාසික පහසුකම් සම්බන්ධයෙන් ප්‍රශස්ත වූත් නිශ්චිත වූත් විසඳුමක් නිසියාකාරයෙන් පැවතිය යුතුයි. මෙම ක්‍රියාවලි ඔස්සේ ඉදිරි අනාගතයේදී නේවාසික පහසුකම් ලබාදීම අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙස නොසලකා සිටීමට තරම් වූ ගැටළුකාරී තත්ත්ව ප්‍රමාණයක් නිර්මාණය විය හැකි බවට අපි දැඩි ලෙස අවධාරණය කර සිටිමු

අවුරුදු ගණනාවක ප්‍රමාදයන්ගෙන් පසුවත් ජනතාවගේ නිදහස් සෞඛ්‍ය හිමිකම තහවුරු කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවීමක් සිදුකරන සීමාවාසික වෛද්‍යවරුන්ගේ නවාතැන් වැනි මූලික අවශ්‍යතාවයක් පවා අහිමි කරමින් උපරිම සේවයක් බලාපොරොත්තු විය නොහැක. එම නිසා වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ලෙස අප රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අවධාරණය කර සිටින්නේ 2018 කණ්ඩායමේ සියලුම සීමාවාසික වෛද්‍යවරුන් සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි නේවාසික පහසුකම් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ප්‍රමාණය ගැනීම සදහා කඩිනමින් කටයුතු කරන ලෙසටය.

- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -

Dear 1st Batch, Wishing you all the very best for your Final MBBS Examination! May all your hard work and dedication bri...
30/08/2026

Dear 1st Batch,
Wishing you all the very best for your Final MBBS Examination!
May all your hard work and dedication bring you success.
Stay confident, believe in yourselves, and give it your best. 🩺❤️

21/08/2026

පලින් පල නැගුණු හඬින් ,
මිලින රාජ්‍යය අවදි කළ තිළිණය..
මාලිනිය...
ඔබ මට කුමුදෙක්මැයි..
ලා සඳේ රෑ පිපී ආ..
ඔබ මට ගඟුලෙක්මැයි..
සා පිපාසා නිවා ආ..

ඔබ අපේ හදවත් හි යව්දිව් ගීතාත්මක ප්‍රේමය වන්නේය..

සාහිත්‍ය කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය

Post Intern ප්‍රශ්නය - 2015න් පසු cadre revision එකක් නෑ?🎙️ Beyond the White Coat - Episode 05🔴 Watch the full video on ...
09/08/2026

Post Intern ප්‍රශ්නය - 2015න් පසු cadre revision එකක් නෑ?

🎙️ Beyond the White Coat - Episode 05

🔴 Watch the full video on YouTube - https://youtu.be/zUkvBH_AhVo

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 Follow MFSAC on Instagram - https://www.instagram.com/mfsac_srilanka?igsh=bGFtdXVkMXcxczcw&utm_source=ig_contact_invite

🔴 Follow MFSAC on TikTok -
https://www.tiktok.com/

🔴 Follow MFSAC on WhatsApp - https://whatsapp.com/channel/0029VbBBpZeLikgA3B0wLX1m

🔴 Follow MFSAC on Facebook - https://www.facebook.com/share/1Co7qZNAwX/

- Medical Faculty Students' Action Committee -

වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරලා, Internship එක අවසන් කළාට පස්සේ මොකද වෙ...

04/08/2026

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් රැකගැනීම වෙනුවෙන් සිය තාරුණ්‍යය කැප කළ අභීත ජීවන පරමාදර්ශයන් සමරනු වස්,

මොරටුව විශ්වවිද්‍යාලයීය

සිසු විරු සැමරුම 2026

අගෝස්තු 06
ප.ව - 5.00ට
"සෙන්ට්‍රා කෝට්" පරිශ්‍රයේදී,

මහා ශිෂ්‍ය සංගමය - මොරටුව විශ්වවිද්‍යාලය

2025/26 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙනුවෙන් තේරි පත්වූ ඔබ සියලු දෙනාටමඋණුසුම් සුභ පැතුම්....
02/08/2026

2025/26 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙනුවෙන් තේරි පත්වූ ඔබ සියලු දෙනාටම
උණුසුම් සුභ පැතුම්....!

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය.
_________________________________________

2025/26 கல்வியாண்டிற்கான மொறட்டுவ பல்கலைக்கழக மருத்துவ பீடத்திற்குத் தேர்ந்தெடுக்கப்பட்ட அனைவருக்கும் மனமார்ந்த வாழ்த்துக்கள்.

மருத்துவ பீட மாணவர் சங்கம்,
மொறட்டுவ பல்கலைக்கழகம்.


Address

Bandaranayake Mawatha
Katubedda

Website

Alerts

Be the first to know and let us send you an email when Medical Faculty Students' Union, Moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share