11/08/2026
🌟 ඔබ ඇතුළේ ඉන්න ඒ නිහඬ අසාමාන්‍ය දක්ෂයා ඔබ හඳුනාගෙන ඉවරද? 🌟
නාරම්මල පුංචි ගම්පියසක වෛද්‍යවරයෙකුගේ පවුලක පුංචි පිරිමි දරුවෙක් ඉපදෙනවා. දූවරුන් දෙදෙනෙකුත් සිටි ඒ පවුලේ පරිසරයත්, තාත්තාගේ ආභාෂයත් එක්කම මේ පුංචි දරුවාගේ අනාගතයත් තීරණය වෙනවා.
කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරී පත්වන ඔහු, තාත්තාගේ අඩිපාරේ යමින් සාර්ථක වෛද්‍යවරයෙක් බවට පත්වෙනවා. 🎓🩺
හැබැයි... කාලයත් එක්ක ඔහු එක ලොකු සත්‍යයක් තේරුම් ගන්නවා!
ඔහුගේ ඇතුළේ ඉන්න සැබෑ දක්ෂයා, "වෛද්‍යවරයා" නෙමෙයි... ඊට වඩා වෙනස්ම ගමනක් යන්න ආපු දැවැන්ත චරිතයක් කියලා! 💡
තමන්ගේ ඇතුළේ හිටපු ඒ සැබෑ දක්ෂයාට පාර පෙන්නන්න හිතාගෙන, ඔහු එතෙක් ලබා තිබූ සුපිරි වෛද්‍ය වෘත්තියට සමුදෙනවා. ඒ කැපකිරීම මතින්, එකම එක කාමරයක ළමයි 4 දෙනෙක්ගෙන් ඔහු පටන් ගන්නවා ඊසොෆ්ට් (ESOFT).
අද වෙනකොට අවුරුදු 26කට පස්සේ, ලංකාව පුරා ශාඛා 40කටත් වඩා වැඩි ප්‍රමාණයකින් සහ විදේශීය රටවල පවා පැතිරුණු, ලෝකයේ ප්‍රමුඛ පෙළේ විදේශීය විශ්වවිද්‍යාල රැසක සබඳතා ඇති දැවැන්ත අධ්‍යාපන ජාලයක් බවට ESOFT පත්වෙලා ඉවරයි! 🚀
ඒ වෙන කවුරුත් නෙමෙයි—ඩොක්ටර් දයාන් රාජපක්ෂ මහතා.
💡 අපේ ජීවිතයට මේකෙන් ලැබෙන ලොකුම පාඩම කුමක්ද?
මම දීර්ඝ කාලයක් තිස්සේ මිනිසුන්ගේ ස්වභාවයන් සහ චරිත විශ්ලේෂණය කරමින් ලබාගත්ත අත්දැකීමක් තියෙනවා.
අපේ සමාජයේ ගොඩක් දෙනෙක් කරන්නේ සාම්ප්‍රදායිකව පවතින රටාවට කොටුවෙලා ජීවත් වෙන එක. "දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න" කිව්ව පළියට ඒ පාරේම යනවා. හැබැයි අපි හැමෝම ඇතුළේම වෙනස්ම විදියේ අසාමාන්‍ය දක්ෂයෙක් හැංගිලා ඉන්නවා!
* 🌴 කෙනෙක් දක්ෂ පොල් ගස් නගින්න නම්, ඔහු ඒ දේ හරියටම ප්‍රගුණ කරන්න ඕනේ!
* 🎣 තව කෙනෙක් දක්ෂ මාළු අල්ලන්න නම්, ඔහු ඒ ක්ෂේත්‍රයේ කෙළ පැමිණියෙක් වෙන්න ඕනේ!
වෘත්තිය කියන්නේ පොල් ගහට නගින මනුස්සයා කරන දේටත්, දොස්තර කෙනෙක් කරන දේටත් දෙකටම පොදු දෙයක්. වැදගත් වෙන්නේ ඔබ කරන්නේ සමාජය කියන දේද, නැත්නම් ඔබ ඇතුළේ ඉන්න සැබෑ දක්ෂයාට ගැලපෙන දේද යන්නයි.
තමන් තුළ ඉන්න ඒ සැබෑ දක්ෂතාවය අඳුරගෙන, ඒක ප්‍රගුණ කරපු දාට ඔබට මුළු ලෝකයම ජය ගන්න පුළුවන්! 🌍🏆
ESOFT නිර්මාතෘ ඩොක්ටර් දයාන් රාජපක්ෂ මහතා එදා තමන්ගේ ඇතුළේ හිටපු දක්ෂයා හඳුනාගත්තු නිසා අද ලෝකයම දිනලා ඉවරයි.
දැන් ප්‍රශ්නය තියෙන්නේ ඔබ ළඟයි...
ඔබේ ඇතුළේ ඉන්න ඒ දක්ෂයා ඔබ අඳුරගන්නේ කවදාද? 🤔✨
Written By ✍️: SSubesh
As the largest, private sector, higher education network in Sri Lanka with 40 centres island-wide, E