Bhikkhu Union - University Of Kelaniya

Call Directions Contact the university

Bhikkhu Union - University Of Kelaniya කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය

" යං කිඤ්චි සමුදය ධම්මං සබබං තං නිරොධධම්ම'න්ති " (හටගත්තා වූ යම්කිසි ධර්ම සමූහයක් වේද ඒ සියල්ල නිරුද්ධ වී යයි. )කැලණිය ව...
30/09/2026

" යං කිඤ්චි සමුදය ධම්මං සබබං තං නිරොධධම්ම'න්ති " (හටගත්තා වූ යම්කිසි ධර්ම සමූහයක් වේද ඒ සියල්ල නිරුද්ධ වී යයි. )

කැලණිය විශ්වවිද්‍යාලයේ 19/20 වසර කණ්ඩායමේ ඉගෙනුම ලැබූ පලුගස්වැව සුධම්මතිලක හිමියන්ගේ ගුරුදේවයන් වහන්සේ වන,

කඩවත, මහර, නුගේගොඩ ශ්‍රී ජයසුමනාරාමාධීපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති සිරි ඤාණින්දෝපාසභ වජිරඤාණ වංශාලංකාර කීර්ති ශ්‍රී අතිපූජ්‍ය දංගහවෙල ඤාණතිලක නාහිමිපාණන් වහන්ස

ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා !

භික්ෂු සංගමය - කැලණිය විශ්වවිද්‍යාලය


#පවන

#පැණසර

"පරාර්ථනීය සිතුවිලි අතර සාරාර්ථය සන්තානගත කරනු වස්”සාහිත අඬහැරය 2026සාහිත්‍ය තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ඇරඹු...
28/09/2026

"පරාර්ථනීය සිතුවිලි අතර සාරාර්ථය සන්තානගත කරනු වස්”

සාහිත අඬහැරය 2026

සාහිත්‍ය තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ඇරඹුණා...

🛑 කෙටිකතා

🛑 ගීත රචනය

🛑 ඡායාරූපකරණය

🛑 පද්‍ය නිර්මාණ (සැඳැස් නිසැඳැස් මිශ්‍ර)
සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රිසි, දෙමළ

🛑 නිර්මාණාත්මක කෙටි වීඩියෝ සංස්කරණය

විශ්වවිද්‍යාලයීය හා විද්‍යාපීඨ සියලු භික්ෂූන් වහන්සේලාට, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ගිහි සිසුන්ට සම්බන්ධ විය හැක.

https://forms.gle/CQTNWQGhcJbYznx76

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය,

2026.10.09

නිර්මාණ භාරගන්නා අවසන් දිනය,

2026.10.12

වැඩි විස්තර සඳහා,

විමලානන්ද හිමි -
071 749 1534

-අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බලමණ්ඩලය-

#සාහිතඅඬහැරය

🔴 ඒ රාජපක්ෂ ආණ්ඩුව ඊනියා යුධ ජයග්‍රහණයෙන් උන්මාදයට පත්වය සිටි සමයයි. මෙතෙක් සැඟවී කළ අපරාධ එළිපිට කිරීමට තරම් බලයක් ඔවුන...
27/09/2026

🔴 ඒ රාජපක්ෂ ආණ්ඩුව ඊනියා යුධ ජයග්‍රහණයෙන් උන්මාදයට පත්වය සිටි සමයයි. මෙතෙක් සැඟවී කළ අපරාධ එළිපිට කිරීමට තරම් බලයක් ඔවුන් විසින් ගොඩනගාගෙන තිබුණි. සොරකම, වංචාව, දූෂණය, මෙන්ම පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ ඝාතනවලද අඩුවක් නොවීය. මේවාට එරෙහිව හඬ නගන්නන්ට ද මරණීය ඉරණම අත්වීම්ට නියමිතව තිබූ බැවින් බොහෝ දෙනා ඇස් කන් පියාගෙන ගොළු වූ බව අපි දනිමු.

2012 සැප්තැම්බර් 27 දින අළුයම 3.30 ට පමණ ගම්පහ ඉඹුල්ගොඩ හන්දියේදී ජානක බණ්ඩාර ඒකනායක සහ සිසිත ප්‍රියංකර සහෝදරවරුන් දෙදෙනා ඝාතනය වීමද එම කෲර පාලනයේම දිගුවකි. 2012 ආචාර්යවරුන්ගේ අරගලයට සහයෝගය පල කරමින් "නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙළගැසෙමු!" යන සටන් පාඨය යටතේ අ.වි.ශි.බ.ම නුවර සිට කොළඹට දින පහක පාගමනක් සංවිධානය කරන ලදී. සැප්.27 එහි තෙවැනි දිනයයි. පාගමනට අවශ්‍ය අත්පත්‍රිකා රැගෙන ඒම සඳහා ජානක, සිසිත සහෝදරවරු නිට්ටඹුවේ සිට කැලණිය විශ්වවිද්‍යාලය දක්වා පිටත් විය. නමුත් විමසිල්ලෙන් සිටි ඝාතකයන් ඉඹුල්ගොඩ හන්දියෙන් ඔබ්බට ඔවුන්ට යාමට ඉඩ දුන්නේ නැත. ඔවුන්ගේ හිස් පොඩිකර මරා දමන ලදී. එය ආණ්ඩුව විසින් සිදුකළ සැලසුම් සහගත ඝාතනයකි.

එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඍජුව සම්බන්ධ වූ මෙම ඝාතනය රිය අනතුරක් ලෙස ඒත්තු ගන්වා අමතක කර දැමීම ආණ්ඩුවේ උත්සාහය විය. එහෙත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සටන්කරන සියලු ජනතා බලවේග මෙම ඝාතනයට එරෙහිව යුක්තිය ඉල්ලා සටන් පෙරමුණු ශක්තිමත් කරන ලදී. ජානක සිසිත ඝාතනයට අදාළ නඩු තීන්දුවෙන් පවා ප්‍රාකාශයට පත් වූයේ මෙය පැහැදිලිව මනුෂ්‍ය ඝාතනයක් බවයි. එහෙත් එවකට පැවති පොලිසිය විසින් මෙම ඝාතනයට අදාළ සියලු සාක්ෂි විනාශ කර දමා තිබුණි.

ජානක සහ සිසිත සහෝදරවරුන් දිවිහිමියෙන් සටන් කළේ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් ආරක්ෂා කරගැනීම වෙනුවෙනි. අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට එරෙහිවත් අධ්‍යාපනය සඳහා දල ජාතික නිශ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීමටත් බලකරමින් ඔවුන් නොසැලී සටන් කරන ලදී. එවකට රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි වීම සමාජය සැලකුවේ කළු ගලේ ඔලුව හප්පාගැනීමක් ලෙසයි. ඒ තරමට රාජපක්ෂ ආණ්ඩුව මර්දනකාරී පාලනයක් ක්‍රියාත්මක කළේය. එහෙත් එවැනි මර්දනයක් හමුවේ පවා ඝාතනය වන බව දැන දැනම ජානකලා සිසිතලා සටන් කළේ දශක 4 ක් නොසැලී සටන් කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලබා තිබූ පන්නරය නිසාවෙනි.

ජානක සිසිත ඝාතනය වී වසර 14 ක් ගත වූ නමුත් මිනීමරුවන්ට එරෙහිව තවමත් යුක්තිය ඉටු වී නැත. ඉන්පසුව පැවති සියලු ආණ්ඩු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මෙම ඝාතනය යටපත් කර දැමූයේ දූෂිත රාජපක්ෂ කල්ලිය තවදුරටත් ආරක්ෂා කරමිනි. එහෙත් 2022 ජනතා අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ රාජපක්ෂ කල්ලිය විසින් කළ සියලු පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ සියලු ඝාතනයන්ට යුක්තිය ඉටු කළ යුතු බවයි. තවමත් ජනතාව දෑස් දල්වා බලා සිටින්නේ එකී යුක්තිය ඉටුවනු ඇත කියාය. එබැවින් මෙම කෲර අපරාධයට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක කරන ලෙස වර්ථමාන ආණ්ඩුවට අපි බලකර සිටිමු !

ඝාතනය කර වසර 14 යි.

ජානක - සිසිත සිසු ඝාතනවලට යුක්තිය ඉටු කරනු !
භික්ෂු සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය

23/09/2026
සාහිත අඬහැරය 2026අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන සාහිත්‍ය නිර්මාණ කැඳවීමළඟදීම...අන්තර් ව...
23/09/2026

සාහිත අඬහැරය 2026

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන සාහිත්‍ය නිර්මාණ කැඳවීම

ළඟදීම...

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට තෙරී පත් වූ සියළුම භික්ෂූන් වහනසේලාට  උණුසුම් සුබ පැතුම්..!විශ්වවිද්...
07/08/2026

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට තෙරී පත් වූ සියළුම භික්ෂූන් වහනසේලාට උණුසුම් සුබ පැතුම්..!

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ඇතිවන ගැටලු සඳහා පහත අංක අමතන්න.

077-6742569
077-1675706

භික්ෂු සංගමය - කැලණිය විශ්වවිද්‍යාලය.

ගිමන නිවන පවන...කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමයේ පවන සමාජ සත්කාර වැඩසටහන් මාලාවට සමගාමීව කැලණිය විශ්වවිද්‍යාලයේ නිර...
25/07/2026

ගිමන නිවන පවන...
කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමයේ පවන සමාජ සත්කාර වැඩසටහන් මාලාවට සමගාමීව කැලණිය විශ්වවිද්‍යාලයේ නිරන්තර පිරිසිදුකම වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබාදෙන අපේ ම මිනිසුන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දීම 2026 ජූලි මස 23 වන බ්‍රහස්පතින්දා දින ප.ව. 1.00 ට කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදි.


#පවන

#පැණසර

24/07/2026

ගිමන නිවන "පවන"
කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමයේ "පවන" සමාජ සත්කාර වැඩසටහන් මාලාවට සමගාමීව කැලණිය විශ්වවිද්‍යාලයේ නිරන්තර පිරිසිදුකම වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබාදෙන අපේ ම මිනිසුන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දීම 2026 ජූලි මස 23 වන බ්‍රහස්පතින්දා දින ප.ව. 1.00 ට කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදි.


#පවන

#පැණසර

23/07/2026

සිසු නායක දඩයම නවතනු!
බොරු චෝදනා මත සිදු කළ ශිෂ්‍ය භාවය අහෝසි කිරීම වහා හකුලා ගනු!✋

மாணவர் தலைவர்களுக்கான வேட்டையை நிறுத்துங்கள்!
பொய்க் குற்றச்சாட்டுகளின் அடிப்படையில் மாணவர் தகுதி ரத்து செய்யப்பட்டதை உடனடியாகத் திரும்பப் பெறுங்கள்!✋

Stop the hunt for student leaders!
Immediately reverse the cancellation of student status based on false allegations !🖐

විරෝධතා උද්ඝෝෂණය
எதிர்ப்பு ஆர்ப்பாட்டம்
Protest demonstration

අද දහවල් 12ට
இன்று மதியம் 12 மணிக்கு
Today at 12pm

මහා ශිෂ්‍ය සංගමය - කැලණිය විශ්වවිද්‍යාලය
மாணவர் சங்கம் - களனிப் பல்கலைக்கழகம்
Student's council-University of kelaniya

ගිමන නිවන "පවන"කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමයේ "පවන" සමාජ සත්කාර වැඩසටහන් මාලාවට සමගාමීව කැලණිය විශ්වවිද්‍යාලයේ නි...
22/07/2026

ගිමන නිවන "පවන"
කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමයේ "පවන" සමාජ සත්කාර වැඩසටහන් මාලාවට සමගාමීව කැලණිය විශ්වවිද්‍යාලයේ නිරන්තර පිරිසිදුකම වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබාදෙන අපේ ම මිනිසුන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දීම 2026 ජූලි මස 23 වන බ්‍රහස්පතින්දා දින ප.ව. 1.00 ට කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී සිදු සිදු කෙරේ.


#පවන

#පැණසර

Address

භික්ෂු සංගමය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය
Kelaniya

Telephone

+94711729969

Website

Alerts

Be the first to know and let us send you an email when Bhikkhu Union - University Of Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Bhikkhu Union - University Of Kelaniya:

Shortcuts

Share