16/08/2026
🇱🇰🤝🇮🇩 නව ජාත්‍යන්තර උපාධි පාඨමාලා ආරම්භය – 2026
ශ්‍රී ලංකා–ඉන්දුනීසියා උසස් අධ්‍යාපන සහයෝගීතාවයේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, ඉන්දුනීසියාවේ Raden Wijaya State Buddhist University සමඟ ඇතිකරගත් අධ්‍යාපනික සහයෝගීතා ගිවිසුම යටතේ නව උපාධි හා පශ්චාත් උපාධි වැඩසටහන් 2026 වර්ෂය සඳහා නිල වශයෙන් ආරම්භ කෙරිණි. 🎓🌏
මෙම අවස්ථාව යුරේසියානු සරසවියේ ගරු උපකුලපති ආචාර්ය දැල්තර ඤාණානන්ද ස්වාමින්වහන්සේගේ මූලිකත්වයෙන් සහ Raden Wijaya State Buddhist University හි ගරු උපකුලපති මහාචාර්ය සුලෙයිමන් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
🇮🇩 ඉන්දුනීසියානු සහ 🇱🇰 ශ්‍රී ලාංකේය සිසුන් සඳහා පැවැත්වෙන මෙම අධ්‍යයන වැඩසටහන්වල නවක සිසු නම්ණීකරණ වැඩසටහන ඉන්දුනීසියාවේදී භෞතිකව ආරම්භ වූ අතර, එහි මුඛ්‍ය දේශනය (Keynote Address) යුරේසියානු සරසවියේ ගරු උපකුලපති ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලැබීය.
📚 මෙම ජාත්‍යන්තර සහයෝගීතාව යටතේ ආරම්භ වන අධ්‍යයන වැඩසටහන්
🎓 ආගමික අධ්‍යයනය පිළිබඳ ගෞරව උපාධිය
Bachelor of Religious Studies (Honours)
🎓 බෞද්ධ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය
Bachelor of Buddhist Education (Honours)
🎓 දේව ආගම්වාදය පිළිබඳ ගෞරව උපාධිය
Bachelor of Chaplancy (Honours)
🎓 උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධිය
Master of Buddhist Counselling
මෙම සහයෝගීතාව මඟින් යුරේසියානු සරසවි සිසුන්ට ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවී, ජාත්‍යන්තර අධ්‍යාපන පරිසරයක අත්දැකීම් ලබාගනිමින් විවිධ රටවල සිසුන් හා විද්වතුන් සමඟ දැනුම, සංස්කෘතිය සහ අත්දැකීම් හුවමාරු කරගැනීමට නව අවස්ථා විවර වේ. 🌏📖
ශ්‍රී ලාංකේය සිසුන්ට ලෝක අත්දැකීම් සමඟ උසස් අධ්‍යාපනයේ නව මංපෙත් විවර කිරීම අපගේ අරමුණයි. 🇱🇰🎓🌍
මෙම ජාත්‍යන්තර අධ්‍යාපනික සබඳතාව ගොඩනැගීමට සහ එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට දායක වූ දෙරටේ විශ්වවිද්‍යාල පාලනාධිකාරීන්, ආචාර්ය මණ්ඩල සහ සියලු පාර්ශ්වයන් වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පුදකරමු. 🙏
Proud to be EURASIAN! 💙🎓