22/10/2026
යුරේසියානු සරසවියේ 3 වන උපාධි ප්රදානෝත්සවය – 2026 වෙනුවෙන් ශ්‍රී ලංකාවට සම්ප්රාප්ත වූ මව් විශ්වවිද්යාලයවන නයිල් විද්යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (Nile University of Science and Technology – Mogadishu) ගරු කුලපතිතුමන් Dr. Mustaf Moallim Abdulle Osman, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති Dr. Eng. Mumin Jafar Mumbere, මූල්‍ය අංශයේ ප්රධානී Mr. Mohamed Mustaf Abdulle සහ එරට රජයේ විශ්වවිද්‍යාල නියෝජිත මහාචාර්ය Prof. Mohamed Muse Matan ඇතුළු සම්භාවනීය නියෝජිත පිරිස ගෞරවයෙන් පිළිගනිමු.
මෙම සුවිශේෂී සංචාරය අතරතුර, ජාත්‍යන්තර අධ්‍යාපනික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, නව අධ්‍යාපනික අවස්ථා මෙරට පුළුල් කිරීම සහ දෙරට අතර උසස් අධ්‍යාපනික සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගනිමින් නව සහයෝගීතා ගිවිසුම් අත්සන් කිරීම ද සිදු විය.
මෙය හුදෙක් ගිවිසුම් අත්සන් කිරීමක් පමණක් නොව, දැනුම, පර්යේෂණය සහ ජාත්‍යන්තර අධ්‍යාපනික අවස්ථා ඔස්සේ අනාගත පරපුරට නව මංපෙත් විවර කරන වැදගත් සන්ධිස්ථානයකි.
යුරේසියානු සරසවිය – ශ්‍රී ලංකාව
ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් දැනුමට නව මානයක්!
🌍🤝🎓