Students' Union of Faculty of Applied Sciences,WUSL

Students' Union of Faculty of Applied Sciences,WUSL ' Union

ශිෂ්‍ය සංගමයක් යනු හුදෙක් නිළධාරී මණ්ඩලයකින් යුතු සංගමයක්ම නොවේ.. එය සියළුම ශිෂ්‍යයන්ගේ සංගමයයි. එබැවින් සෑම සිසුවෙකුගේම අදහස් සම වටිනාකමින් යුක්තයි. ඉතින් මේ පුංචි උත්සාහය එලෙස සිසුන්ගේ අදහස් හුවමාරු කර ගනිමින් සාර්ථක ගමනකට පා තබන්නයි...

21st General Convocation | Wayamba University of Sri LankaA journey of relentless hard work, sleepless nights, and unwav...
18/07/2026

21st General Convocation | Wayamba University of Sri Lanka

A journey of relentless hard work, sleepless nights, and unwavering determination has finally led to this glorious milestone.

As the 21st General Convocation unfolds on the 22nd & 23rd of July, the Students’ Union extends its proudest congratulations to the graduating class of the Faculty of Applied Sciences. You didn’t just earn a degree; you proved your resilience and potential to shape the future.

As you step out of the university gates to innovate, lead, and transform the world, remember that your education is your greatest power.

Go forth with confidence, embrace the challenges ahead, and achieve greatness in all your future endeavors. The world is yours to conquer!

~ Students’ Union of Faculty of Applied Sciences - Wayamba University of Sri Lanka ~

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ 2023/24 නවක ශිෂ්‍ය කන්ඩායමේ විසුද්දි නිසංසලා සිසුවියගේ සහෝදරියගේ...
12/07/2026

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ 2023/24 නවක ශිෂ්‍ය කන්ඩායමේ විසුද්දි නිසංසලා සිසුවියගේ සහෝදරියගේ හදිසි වියෝව පිළිබඳව ව්‍යවහාරික විද්‍යා පීඨයේ සියලු ශිෂ්‍ය සහෝදරත්වයේ සාතිශය සංවේගය ..!

~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~

Annual Faculty T-Shirt 2026 ✨Get your New Faculty T-Shirt now! To place your order, simply complete the Google form prov...
06/07/2026

Annual Faculty T-Shirt 2026 ✨

Get your New Faculty T-Shirt now! To place your order, simply complete the Google form provided below.

⚠️ Important Instructions:

🛑Full payment is required to secure your order.

🛑Please make the payment to the following bank account:

🛑Account Details

Account Number: 96336323
Branch: BOC - wayamba university
Name: TMSC Senawirathna

🛑After making the full payment, please attach a photograph,screenshot or PDF of the bank slip/payment receipt as proof inside the Google form.

📅 Deadline: Secure your T-Shirt order by submitting your details and payment proof before 31st july 2026.

🔗 Google Form Link: https://forms.gle/TWwj7q9Yk47DrjLNA

🛑For more details plz contact :

Sharada - 071 404 7084
Shanuka - 072 622 4756

~ Students’ Union of Faculty of Applied Sciences – Wayamba University of Sri Lanka ~

2026 ජූනි මස 30 වන දින සිට ආරම්භ වන දෙවන සමාසික අවසන් විභාගය සඳහා පෙනී සිටින සියලුම සහෝදරත්වයට, අපගේ උණුසුම් සුභ පැතුම් ...
29/06/2026

2026 ජූනි මස 30 වන දින සිට ආරම්භ වන දෙවන සමාසික අවසන් විභාගය සඳහා පෙනී සිටින සියලුම සහෝදරත්වයට, අපගේ උණුසුම් සුභ පැතුම් !

~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~

"සමණාමයං මහාරාජධම්මරාජස්ස සාවකාතමේව අනුකම්පායජම්බුදීපා ඉධාගතා."මෝහාන්ධකාරයෙන් වැසී තිබුණු හෙළ දෙරණ, සදහම් ආලෝකයෙන් ඒකාලෝ...
29/06/2026

"සමණාමයං මහාරාජ
ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා."

මෝහාන්ධකාරයෙන් වැසී තිබුණු හෙළ දෙරණ, සදහම් ආලෝකයෙන් ඒකාලෝක කළ පින්බර පොසොන් පොහෝ දිනය අදයි!

ශ්‍රී ලාංකීය ජන සමාජයේ ආගමික, සංස්කෘතික සහ චින්තනමය විප්ලවය සනිටුහන් කරමින්, මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කොට වදාළේ අද වන් උතුම් දිනකයි. මිහින්තලා පුදබිමෙන් ඇරඹි ඒ උතුම් බුදු දහමේ පණිවිඩය, ශ්‍රී ලාංකීය අප සැමගේ සිත් සතන් තුළ කරුණාව සහ මෛත්‍රිය වන්නට මඟ පෑදුවේය.

ඒ උතුම් සදහම් සිසිලසින් සිත් සතන් සුවපත් වන, සියලු සත්ත්වයන් කෙරෙහි දයාව පැතිරෙන, ශාන්ත වූ පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!

~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~

"නොපිපුණු මල් කැකුළු සුවසේ පිපෙන්නට,රුහිරු දා බිඳු හෙළා තම දිවි පිදූ ශිෂ්‍ය විරුවන් සමරනු වස්..."1947 දී සී.ඩබ්.ඩබ්. කන්...
20/06/2026

"නොපිපුණු මල් කැකුළු සුවසේ පිපෙන්නට,
රුහිරු දා බිඳු හෙළා තම දිවි පිදූ ශිෂ්‍ය විරුවන් සමරනු වස්..."

1947 දී සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතුන්ගේ අප්‍රතිහත කැපවීමෙන් මෙරට දුප්පත්, අහිංසක දරුවන් සතු වූ "නිදහස් අධ්‍යාපන අයිතිය" සුරැකීම උදෙසා තම තාරුණ්‍යයම පූජා කළ අමරණීය සරසවි විරුවන් අභිමුවෙහි තබන ශිෂ්‍ය ප්‍රණාමයයි!

1981 ධවල පත්‍රිකාව හරහා සහ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා නිදහස් අධ්‍යාපනය මුදලට සින්නක්කර කරන්නට පාලකයන් තැත් කළ සෑම විටකම, ඊට එරෙහිව පවුරක් සේ නැගී සිටියේ අපේම සහෝදරවරුන්ය. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසු පද්මසිරි ත්‍රිමාවිතාන සහෝදරයාගේ අමානුෂික ඝාතනයත්, වෙනුර එදිරිසිංහ, මොහොමඩ් නිශ්මි, රංජිතම් ගුණරත්නම් ඇතුළු විශිෂ්ට විද්‍යාර්ථයින් රැසකගේ ලේ, කඳුළු සහ ජීවිත පරිත්‍යාගයත් මේ පොළොව මත සනිටුහන් කළේ ඒ සටන්කාමී ඉතිහාසයයි.

එදා පාලකයන්ගේ කුරිරු මර්දනයට සහ යදම්වලට නොබියව මුහුණ දෙමින්, ඔවුහු තම දිවි පුදා අනාගත පරපුර වෙනුවෙන් ලෝකයක් දකින්නට මාවත තැනූහ.

අද 2026 වසරේදීත්, අප නිදහසේ සිප්සයුර සිසාරා යන්නේ එදා ඔවුන් සටන් බිමේ තැබූ ඒ අසීමිත ප්‍රේමයේ නාමයෙනි. ඒ මතකය, හුදෙක් සැමරුමකට පමණක් සීමා නොකොට, නිදහස් අධ්‍යාපනයේ උරුමය රැකගැනීමේ අරගලය වෙනුවෙන් අපි යළි යළිත් පෙළගැසෙමු!

"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ."
දිවිපිදූ සියලුම ශිෂ්‍ය විරුවන්ට අපගේ උත්තමාචාරය!

~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~

11/06/2026
ව්‍යවහාරික විද්‍යා පීඨ විද්‍යාර්ථයින්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් සහ සැඟවුණු දක්ෂතා කරළියට රැගෙන එන, වසරේ දැවැන්තම ක්‍රීඩා සැණක...
09/06/2026

ව්‍යවහාරික විද්‍යා පීඨ විද්‍යාර්ථයින්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් සහ සැඟවුණු දක්ෂතා කරළියට රැගෙන එන, වසරේ දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය "Applied Cup" සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්!

ව්‍යවහාරික විද්‍යා පීඨ 22 වන ශිෂ්‍ය සහෝදරත්වය සහ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය එක්ව මෙහෙයවනු ලබන "Applied Cup - 2026", එළඹෙන ජූනි මස 13 වන දින දවස පුරා වයඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.

නිල මාධ්‍ය අනුග්‍රහය: විශ්වවිද්‍යාලයීය නිල මාධ්‍ය ඒකකය - Wayoscope

පන්දු රකින්නට, හයේ පහරවල් වලින් ක්‍රීඩාංගණය දෙවනත් කරන්නට මෙන්ම, හදගැස්ම වැඩි කරන ක්‍රිකට් වසන්තයේ අසිරිය විඳගන්නට... වයඹ විශ්වවිද්‍යාලීය සියලුම පීඨවල සහෝදර සහෝදරියන්ට අපෙන් උණුසුම් හා සුහද ආරාධනා!

~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~

The Students' Union of Applied Sciences, Wayamba University of Sri Lanka, extends its heartiest congratulations and a wa...
08/06/2026

The Students' Union of Applied Sciences, Wayamba University of Sri Lanka, extends its heartiest congratulations and a warm welcome to our newly appointed Dean, Prof. M.M.D.R. Deegahawature.

We are thrilled to begin this new chapter under your esteemed guidance and leadership. As students, we look forward to working closely with you to uplift our faculty and achieve new milestones together. Wishing you a highly successful and rewarding tenure.

~ Students’ Union of Faculty of Applied Sciences – Wayamba University of Sri Lanka ~

On behalf of the entire student body, the Students' Union of Applied Sciences extends our deepest gratitude to Prof. L.D...
08/06/2026

On behalf of the entire student body, the Students' Union of Applied Sciences extends our deepest gratitude to Prof. L.D.R.D. Perera for his exceptional service, dedication, and transformative leadership.

Thank you, Sir, for being a visionary mentor and for making our faculty a better place for every student. Your profound impact on our academic journey and university life will remain unforgettable. We wish you the very best in all your future endeavors!

~ Students’ Union of Faculty of Applied Sciences – Wayamba University of Sri Lanka ~

Address

Kuliyapitiya

Alerts

Be the first to know and let us send you an email when Students' Union of Faculty of Applied Sciences,WUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Students' Union of Faculty of Applied Sciences,WUSL:

Shortcuts

Share