Shangri-La Japanese School

Shangri-La Japanese School We assure 100% success rate on Japanese student visa We assure you 100% success rate on Japanese student visa

TRAVEL MOOD ON.......HAPPY HOLIDAY ALL...
28/04/2018

TRAVEL MOOD ON.......HAPPY HOLIDAY ALL...

ලංකාවේ කූට වියාපාරිකයන් කිහිප දෙනෙක් නිසා අපේම මිනිස්සු ජපානයට අවිත් අමාරුවෙ වැටෙන හැටි දැකල ඇතිවූ සංවේගය  😢😢 නිසාම ඔබ ස...
21/04/2018

ලංකාවේ කූට වියාපාරිකයන් කිහිප දෙනෙක් නිසා අපේම මිනිස්සු ජපානයට අවිත් අමාරුවෙ වැටෙන හැටි දැකල ඇතිවූ සංවේගය 😢😢 නිසාම ඔබ සියලු දෙන දැනුවත් කරන්නට සිතුවේ.

🏵"සරණාගත වීසා සදහා ඉල්ලුම් කරන්නේ කෙසේදා?
සරණාගත් වීසා සදහා ඉල්ලුම් කිරිම තම මවු රටේ සිටම සිදු කල හැකි නමුත් එය සාර්ථක ක්‍රමයක් වශයෙන් කියන්න අමාරුයි ඒත් එහෙම සරණාගත වීසා ලබා ගත්ත අයද නැතුවම නොවේ.ඒ සදහා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීමක් සිදු කල යුතුය.දෙවෙනි ක්‍රමය නම් ජපානයට VISIT වීසා හරහා හෝ BUSINESS වීසා හරහා පැමිණ සරණාගත වීසා සදහා ඉල්ලුම් කිරීමයි. TRAINING වීසා හෝ STUDENT වීසා හරහා පැමිණ සරණාගත් වීසා සදහා ඉල්ලුම් කල හැකි මුත් එය වාඩා සාර්ථක ක්‍රමයක් නොවේ.2017 නොවැම්බර් මාසයෙන් පසු වෙනස් වූ නීතියට අනුව STUDENT සහා TRAINING වීසා පැමිණෙන කිසිම අයෙකුට සරණාගත වීසා නොලැබේ.
සරණාගත වීසා සදහා ඉල්ලුම් කරන ඕනෑම අයකුට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජපානය තුළ තාවකාලිකව රැදි සිටීමට හැකි බලපත්‍රයක් ලැබේ.එය උපරිම වශයෙන් මාස 6කට සීමා වේ.සමහර පුද්ගලයන්ට ඉට වඩා අඩු කාළයක්ද ලැබිය හැක.ගොඩක් අය හිතන්නේ එක තමා වීසා එක කියලා එක වීසා එක නෙවෙයි ඒ තාවකාලිකව ජපනයේ රැදී සිටීමට ලබ දෙන බලපත්‍රයකි.ඉට පසු මාස 6න් 6ට නඩුව ක්‍රියාත්මක වේ.ඉට අමතරව අගමන විගමන එකෙන් කියන කියන දවසට පරීක්ෂණ වලට IMMIGRATION එකට යන්න ඕන. ඒ විදියට අවුරුදු 2ත් 3ත් අතර කලායක් නඩුව යනවා.හරියට ඔප්පු කරගන්න පුලුවන් වුණොත් යන කාළය මීටත් වඩා අඩුවෙන්නත් පුලුවන්.ඒකට හොද ලෝයර් කෙනෙක් අල්ලලා තමා වැඩේ කර ගන්න ඕන.නඩුව ඉවර උනාම තමා වීසා එක හම්බ වෙන්නේ පොතට.එතකන් තවකලික කොලේ තම අතේ තියෙන්නේ.වීසා හම්බ උනේ නැති උනොත් හැරෙන තැපෑලෙන් ගෙදර." (උපුටා ගැනීම ජප්පා-Jappa පිටුවෙන් )

🏵මෙලෙස සරණාගත වීසා ලබා දෙන්නෙ ඉතා ස්වල්ප දෙනෙකුට පමණයි. ඇත්තටම මෙම ප්‍රතිශතය ඉතාම දශම අගයකි. නමුත් කිහිප දෙනෙක් වංචාකරුවන්ගේ උගුලට හසුවී මෙහෙ පැමිණ ඔවුන් විසින් නවාතැන් රැකියා සහ විසා ලබාදෙයි කියා සිත පැමිණ අමාරුවෙ වැටෙති.

🏵ඔබ ජපානයට එන්න කැමතිනම් රැකියාවක් සොයාගෙන හෝ ජපානයට පැමිණ උත්සහයෙන් ඉගෙනගෙන රැකියාවක් කිරීමට පැමිණෙන්න. shortcuts වලින් එන්නට ගොස් අමාරුවේ වැටෙන්නට එපා.... මිතුරන්ටත් මෙ පණිවිඩය ලබාදෙන්න

🏵දත්ත
https://www.theguardian.com/world/2018/feb/16/japan-asylum-applications-2017-accepted-20
https://www.reuters.com/article/us-japan-asylum/japan-took-in-just-28-refugees-in-2016-despite-record-applications-idUSKBN15O0UV

Pan
🏵🏵🏵🏵
2018/04/20

ජපානයට ගොඩ බහින බොහෝ දෙනෙක් වර්ථමානය වන විට සරණාගත වීසා සදහා ඉල්ලුම් කිරීමට පෙලබිලා තියෙනවා.මෙය බොහෝ දෙනෙක් කරන්නේ කිසිම...
17/04/2018

ජපානයට ගොඩ බහින බොහෝ දෙනෙක් වර්ථමානය වන විට සරණාගත වීසා සදහා ඉල්ලුම් කිරීමට පෙලබිලා තියෙනවා.මෙය බොහෝ දෙනෙක් කරන්නේ කිසිම දැනුමක් තේරුමක් නැතුව කෙනෙක්ගෙ කීමකට හෝ තනි කැමැත්තට.මේ ඒ පිළිබඳව දැනුවත් කිරීමකි.

▶️ජපන් සරණාගත වීසා සම්බන්ධයෙන් ඔබව දැනුවත් වී ඔබ තවත් කෙනෙක්ව දැනුවත් කරන්න මේ පෝස්ට් එක SHARE කරන්න.සරණාගතයෙක් යනු කවුද තැන සිට සරණාගත වීසා ලබා ගැනීම තෙක් මේ විස්තරය දිග හැරෙනවා

1️⃣ කවුද මේ සරණාගතයින් කියන්නේ?

සරණාගතයින් කියන්නේ තම මවු රටේ ජීවත් වීමේ පරිසරයක් වටපිටාවක් නැතිව තම ආරක්ෂාව සදහා වෙනත් රටකට ගොස් එම රටෙන් ආරක්ෂාව සහ රැකවරණය ඉල්ලා සිටින්නන්ය.උදාහරණ වශයෙන් ගත්තොත් තම මවු රටේ පවතින යුදමය තත්වයක්,ආගමික ප්‍රශ්නයක්,සමාජීය ප්‍රශ්නයක්,දේශපලනීය ප්‍රශ්නයක්,සෞඛ්‍ය හා ලෙඩ රෝග සම්බන්දව ප්‍රශ්නයක්,දරුණු ස්භාවික ව්පත් සම්බන්දව ප්‍රශ්නයක්,පෞද්ගලික ආරවුල් මත තම ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මූලික කරන් ඕනෑම අයකුට සරණාගත් වීසා සදහා ඉල්ලුම් කිරීමේ හැකියාවක් පවතී.එය ඔප්පු කිරීමේ හැකියාවක්ද ඔබ සතු විය යුතුය.

2️⃣ ජපානයේ තවමත් සරණාගත වීසා ලබාදීම සිදු කරයිද?

ඔව් ජපන් රජයද තවමත් සුදුසු සරණාගතයින් සදහා සරණාගත් වීසා ලබා දීම සිදු කරයි.එහිදී ඔවුන් මූලිකම සුදුසුකම වශයෙන් බලන්නේ ඔහුට හෝ ඇයට තම මවු රටේ ජීවත් වීමට නොහැකි හේතු කාරණාවයි.එය ජපන් රජය මගින් උපරිම පරීක්ෂණයක් යටතේ සරණාගත වීසා සදහා ඉදිරිපත් කරන ලද කරුණු කාරණා නිවරදි දැයි පරීක්ෂා කරනු ලබයි.එය විශ්වාස කල හැකි අයුරින් ඉදිරිපත් කිරිම තුළින් සරණාගත් වීසා පහසුවෙන් ලබා ගත හැක.සරණාගත වීසා නැතිනම් REFUGE වීසා ලබා ගැනීමට අවම වශයෙන් අවුරුදු එක හමාරකට වඩා වැඩි කාලයක් නඩු කිය යුතුය.

3️⃣ සරණාගත වීසා සදහා ඉල්ලුම් කරන්නේ කෙසේදා?

සරණාගත් වීසා සදහා ඉල්ලුම් කිරිම තම මවු රටේ සිටම සිදු කල හැකි නමුත් එය සාර්ථක ක්‍රමයක් වශයෙන් කියන්න අමාරුයි ඒත් එහෙම සරණාගත වීසා ලබා ගත්ත අයද නැතුවම නොවේ.ඒ සදහා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීමක් සිදු කල යුතුය.දෙවෙනි ක්‍රමය නම් ජපානයට VISIT වීසා හරහා හෝ BUSINESS වීසා හරහා පැමිණ සරණාගත වීසා සදහා ඉල්ලුම් කිරීමයි. TRAINING වීසා හෝ STUDENT වීසා හරහා පැමිණ සරණාගත් වීසා සදහා ඉල්ලුම් කල හැකි මුත් එය වාඩා සාර්ථක ක්‍රමයක් නොවේ.2017 නොවැම්බර් මාසයෙන් පසු වෙනස් වූ නීතියට අනුව STUDENT සහා TRAINING වීසා පැමිණෙන කිසිම අයෙකුට සරණාගත වීසා නොලැබේ.

සරණාගත වීසා සදහා ඉල්ලුම් කරන ඕනෑම අයකුට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජපානය තුළ තාවකාලිකව රැදි සිටීමට හැකි බලපත්‍රයක් ලැබේ.එය උපරිම වශයෙන් මාස 6කට සීමා වේ.සමහර පුද්ගලයන්ට ඉට වඩා අඩු කාළයක්ද ලැබිය හැක.ගොඩක් අය හිතන්නේ එක තමා වීසා එක කියලා එක වීසා එක නෙවෙයි ඒ තාවකාලිකව ජපනයේ රැදී සිටීමට ලබ දෙන බලපත්‍රයකි.ඉට පසු මාස 6න් 6ට නඩුව ක්‍රියාත්මක වේ.ඉට අමතරව අගමන විගමන එකෙන් කියන කියන දවසට පරීක්ෂණ වලට IMMIGRATION එකට යන්න ඕන. ඒ විදියට අවුරුදු 2ත් 3ත් අතර කලායක් නඩුව යනවා.හරියට ඔප්පු කරගන්න පුලුවන් වුණොත් යන කාළය මීටත් වඩා අඩුවෙන්නත් පුලුවන්.ඒකට හොද ලෝයර් කෙනෙක් අල්ලලා තමා වැඩේ කර ගන්න ඕන.නඩුව ඉවර උනාම තමා වීසා එක හම්බ වෙන්නේ පොතට.එතකන් තවකලික කොලේ තම අතේ තියෙන්නේ.වීසා හම්බ උනේ නැති උනොත් හැරෙන තැපෑලෙන් ගෙදර.

4️⃣ සරණාගත් වීසා නොලැබීමට හේතු මොනවාද?

🔻නඩුව තියෙන හැම වාරයකම එකම ලිය කියවිලි ඉදිරිපත් කලොත් සහ ඉදිරිපත් කරන ලියකියවිලි සහ සාක්ෂි මගින් ඔබට මවු රටේ ප්‍රශ්න ඇති බවක් නොපෙනුනොත්
🔻ඔබෙන් ප්‍රශ්න ඇසීමේදී ඔබ එන නඩු වාරයන්ගේ විවිධ විවිධ පිළිතුරු ලබා දී තිබුණොත්.
🔻නඩු දිනයන් හී එයට සහභාගී නොවීමෙන්
🔻සරණාගත් වීසා ඉල්ලුම් කරන කාලය තුළ ඔබ ජපානයේ මාර්ග නිතී කඩා ඇත්නම් හෝ විනය විරෝදී වැඩ වලට හසු වී ඇත්නම්.
🔻STUDENT හෝ TRAINING වීසා හරහා පැමිණ සරණාගත වීසා සදහා ඉල්ලුම් කිරිම මගින් (2017 නව නිතීයට අනුව)

5️⃣ සරණාගත වීසා පැමිණ වැඩ කරන්න පුලුවන්ද?

ඔව් සරණාගත වීසා ලැබුනොත් පැය 24 ම උනත් වැඩ කරන්න පුලුවන්.එත් සරණාගත වීසා සදහා ඉල්ලුම් කරන කාලෙයෙදී එහෙම වැඩ කිරීමේ හැකියාවක් නැහැ.මේ වෙනතෙක් පැවති නිතීයට අනුව සරණාගත වීසා සදහා ඉල්ලුම් කල දින සිට මාස 6කට පසුව වැඩ කිරීමේ හැකියාවක් පවතී නව නිතියට අනුව එසේ කල නොහැක.නමුත් එය තවම සම්මත වී නොමැති හෙයින් එය එතරම්ම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ජපන් රජයේ නිතියට අනුව වැඩ කිරීමේ හැකියාවක් නොමැති වුවත් සරණාගත විසා සදහා ඉල්ලුම් කරන අය පුලුවන් උපරිමය වැඩ කරනවා.එයලට පැයකට යෙන් 1300ත් යෙන් 1500ත් අතර මුදලක් ගෙවනවා වැඩ කරන තැන් වලින්.

6️⃣ සරණාගත වීසා ලැබුනම තම මවු රටට යන්නම බැරිද?

ඔබට මවු රටේ ඉන්න අපහසුයි කියලා අවුරුදු ගානක් නඩු කියලා කොහොමද අයේ මවු රටට යන්න අවසර ඉල්ලන්නේ.කිසිම ප්‍රශ්නයක් නෑ ඔබට ඕනම වෙලාවක යන්න පුලුවන් හැබැයි කිසිම දවසක අයේ ජපනයට එන්න බෑ ජපන් නිතියට අනුව.සරණාගත වීසා ලැබුන ගොඩක් අය කරන්නේ ඉන්න පුලුවන් කාලයක් ඉදලා මවු රටට යන්නම යනවා.නැත්නම් ජපානෙම ජිවත් වෙනවා.සරණාගත වීසා ලැබීමෙන් පසු සංචාරය සදහා ලංකාව හැර වෙන ඕනම රටකට ඔයාට වීසා ලබා ගැනීමේ හැකියාව ජපන් රජය ලබා දී තියෙනවා

7️⃣ ඇයි STUDENT අයටයි TRAINING අයටයි සරණාගත වීසා දෙන්නේ නැත්තේ ?

ඉස්සර නම් කිසිම ප්‍රශ්නයක් නෑ මොන වීසා එකෙන් ඇවිල්ලා සරණාගත වීසා ඉල්ලුවත් දෙනවා.ඒත් 2006 න් පස්සේ STUDENT හා TRAINING වීසා පැමිණෙන ගොඩක් අය 85% කටත් වඩා වැඩි පිරිස සරණාගත වීසා සදහා ඉල්ලන්න පටන් ගත්තා.ඒ වගේම ඒ හරහා පැමිණ සරණාගත වීසා ලබාගන්න අය සිදු කරන වැරදි සහ නිති කඩකිරීම් දිනෙන් දින වැඩි වෙන්න පටන් ගත්තා.එක නිසයි ජපන් රජය මේ වෙනකොට STUDENT සහා TRAINING වීසා පැමිණෙන කිසිම කෙනෙක්ට සරණාගත වීසා ලබා නොදෙන්නේ.හොදට මතක තියා ගන්න ප්‍රධානම දේ තමයි ඔබ STUDENT වීසා සහ TRAINING වීසා පැමිණිමෙදී ඔබ නොදැනුවත්වම අත්සන් තබලා එන්නේ සරණාගත වීසා නොඉල්ලන බවත් තමාට මවු රටේ ජීවත් වීමේ නොහැකියාවක් නොමැති බවත්.ඒ දේ ඔබගේ එජන්ට් ඔබට නොපවසන සත්‍යයක්.ඔබට තාවකලිකව ජපනයේ රැදි සිටීමට ලබාදෙන බලපත්‍රය සරණාගත වීසාවක් නොවන බව මතකයේ රදවා ගන්න.

8️⃣ 2019 න් පස්සේ සරණාගත වීසා ලබාදුන් අයද ලංකාවට හරවල එවනවා කියන්නේ ඇත්තද ?

සරණාගත වීසා ලෙස පොතට ලබා සිටින අයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ එත් මාස හයෙන් හයෙන් හෝ හතරෙන් හතරට තවකලිකව ජපානයේ රැදි සිටීමට අවසර ළබා දී ඇති බලපත්‍රය පමණක් තියෙන අයට මේ දේට මුහුණ දෙන්න වෙනවා.මොකද ජපානයේ වැඩ කිරීමට සීඝ්‍ර ශ්‍රමික හිගයක් පවතිනවා.2020 ඔලිම්පික් තියෙන නිසා ජපානයේ සියලුම කර්මාන්ත දැනටමත් කාර්යබහුල වෙලා තියෙන්නේ.ඒක නිසා ඒවගේ වැඩ කරන්න ශ්‍රමිකයන් අවශ්‍ය නිසා 2019 වනතුරු ඒ අයට කිසිසේත්ම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.ඔලිම්පික් ලංවෙලා සරණාගත වීසා ඉල්ලුම් කරපු සහා පැනලා ඉන්න අය ඇල්ලිමට මෙහෙයුමක් ක්‍රියාත්මක කරන වේ යැයි මතයක් පවතී.එයට ප්‍රධානම හේතුව ඔලිම්පික් නැරබිමට පැමිණෙන සංචාරකයන් බහුල වශයෙන් සරණාගත වීසා සදහා ඉල්ලුම් කලහොත් සිටින ප්‍රමාණය සහ ඉල්ලුම් කරන ප්‍රමාණය ඉහල ගියොත් එය ජපන් රජයේ ආර්ථිකයට බලපාන නිසාවෙන්.

9️⃣ සරණාගත වීසා ලබාගත් අයකුට ජපානයේ PR ලබා ගැනීමේ හැකියාවක් පවතීද ?

සරණාගත වීසා ලැබුන අයකුට වෙන වීසා එකකට මාරු විය නොහැක.මාරු වෙන්න නම් සරණාගත වීසා වලට ඉල්ලුම් කරන කාලයේදී IMMIGRATION එක දැනුවත් කර තමන් සරණාගත වීසා සදහා කල ඉල්ලිම ඉල්ලා අස් කර ගත යුතුය.සරණාගත වීසා ලැබූවෙකුට ජපානයේ PR ලබා ගැනීමටනම් ජපානයේ කන්තාවක් හා වීවහ වී අවුරුදු දෙක හමාරකට වඩා වැඩි කාලයක් ඇය සමග ජීවත් වී පෙන්විය යුතුය.එය පමණයි තියෙන එකම පිලියම.

🔟 අවුරුදු ගානක් නඩු කියලා වීසා හම්න වුණේ නැති වුනොත් මොකද වෙන්නේ ?

ඔයා IMMIGRATION එකට යන්නේ PASSPORT එකත් අරන්.ඉතින් ඔයාව හැරෙන තැපෑලෙන් ගෙදර එවනවා.ඉස්සරනම් සමහර අයට මාසෙක සහන කාලයක් දෙනවා තමන්ගේ රටට යන්න.එතකොට ගොඩක් අය පනිනවා.එක නිසා දැන් ඒකත් සීමා කරලා තියෙන්නේ

2018 04 15 බක්මහ උලෙළ ❤️❤️🇱🇰Photography by : Naala PhotographyLocation : Toride, Japan
16/04/2018

2018 04 15 බක්මහ උලෙළ ❤️❤️🇱🇰

Photography by : Naala Photography
Location : Toride, Japan

ඔබ සැමට වාසනා වන්ත, සියලු පැතුම් ඉටුවන  සිංහල, හින්දු අලුත් අවුරුද්දක් වේවා
12/04/2018

ඔබ සැමට වාසනා වන්ත, සියලු පැතුම් ඉටුවන සිංහල, හින්දු අලුත් අවුරුද්දක් වේවා

ජපන් රැකියා ඉලක්ක කරගත් JAPAN භාෂා පාඨමාලාව ශ්රිි  ලංකා විදේශ සේවා නියුක්ති  කාර්යාංශය මගින් නොමිලයේ ලබා දෙන ජපන් රැකියා...
10/04/2018

ජපන් රැකියා ඉලක්ක කරගත් JAPAN භාෂා පාඨමාලාව

ශ්රිි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් නොමිලයේ ලබා දෙන ජපන් රැකියා ( Technical Intern Training Program) සදහා අවශ්යාප අනුමැතිය ලත් භාෂා පුහුනු පාඨමාලාව මෙම මස ඇරබේ.

Japan Job Visa යනු , තාක්ෂණික, සාමාජීය සහ මූල්යඇමය සවිබල ගැන්වීම අරමුනු කරගත් රජයේ වැඩ පිලිවලකි

IM Japan ආයතන සහ ශ්රි, ලංකා රජය අතර ඇති කරගත් ගිවිසුම අනුව පහත රැකියා අවස්තා උදා වී ඇත

සාත්තු සේවක / සේවිකා,
ෆයිබර් ග්ලාස් බෝට්ටු කාර්මික

කෙසේ නමුත් මෙම රැකියා අවස්තා ලබා ගැනීමට බලාපොරොත්තු වන සැම අයදුම් කරුවේක්ම ජපන් ජපන් භාෂා ප්රකවීණ තාවය සදහා වන JLPT 04 / NAT 04 විභාග සමත් වීම අනිවාර්ය වන අතර. අප ආයතනය එම් රැකියා සදහා පන්ති පැවැත්වීමට අනුමත ආයතනයක් වේ.

ජපන් රැකියා සදහා අවශ්යා කරන මූලික සුදුසු කම් පහත පරිදි වේ

සාත්තු සේවක / සේවිකා,

ජපන් භාෂා ප්රදවීණ තාවය JLPT 04/ NAT 04 සමත් වී තිබීම
කාන්තා සහ පිරිමි පාර්ශව 2කටම අයදුම් කල හැක
බදවා ගැනීම් සහ රැකියා වලට යොමු කිරීම කරනු ලබන්නේ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමනි
වයස අවුරුදු 18ත් 30ත් අතර වීම
අ. පො. ස. උසස් පෙල දක්වා ඉගන ගන තිබිම ( සමත් වීම අනිවාර්ය නැත )
අවම උස 150 cm
පොලිස් වාර්තා ලබා ගැනීමට හැකි වීම

ඔබට ලැබේන ප්ර තිලාභ

Yen 135,000 මාසික ආසන්න වැටුපක්
රැකියා ලබා දීම වෙනුවෙන් රජය විසින් කිසිදු ගාස්තුවක් අය නොකරේ
වසර 3ක මුලික ගිවිසුමක් සහ වසර 5 දක්ව දීර්ඝ කර ගැනීමට හැකි වීම
වසර 5 අවසන ලක්ෂ 80ක පමන මුදලක් පහසුවේන් තැන්පත් කර ගැනීමට හැකි වීම

JLPT 04/ NAT 04 සමත් වු පසු රජය විසින් ලබ පවත්වන මාස 4ක රැකියා පුහුනු පාඨමාලාව සම්පූර්න කල යුතුය

භාශා පාඨමාලාව සදහා සිසුන් බදවා ගැනීම දැන් ඇරබුනා , මේම පාඨමාලාව පූර්ණ කාලීන වන අතර කුරුණැගල සහ කැගල්ල යන අප ශාඛා වල පන්ති පැවැත්වේ.
විමසීම් සදහා දැන්ම අමතන්න
Manoj 0767-735845
Dulanga – 0718-523689

Japan Tokyo interview for 2018 October intake .plz call us for more details .0718523689 Dulanga .viber japan 00819099643...
04/04/2018

Japan Tokyo interview for 2018 October intake .plz call us for more details .0718523689 Dulanga .viber japan 00819099643124 ,

අලුත් ජපන් ජීවිතය සාර්ථක කර ගන්න අත්වැලක්!ස්ටුඩන්‍ට් එන අයට පොඩි කාරණයක් කියන්න කැමැතියි. අලුතෙන් ජපානයට එද්දී සැහෙන්න බ...
03/04/2018

අලුත් ජපන් ජීවිතය සාර්ථක කර ගන්න අත්වැලක්!

ස්ටුඩන්‍ට් එන අයට පොඩි කාරණයක් කියන්න කැමැතියි. අලුතෙන් ජපානයට එද්දී සැහෙන්න බලාපොරොත්තු, අධිෂ්ඨාන හිතේ ඇති. ඒ අධිෂ්ඨාන ගොන්නට එකක් විදිහට එකතු කරන්න කැමැති මේක!

" පාසලේ පැමිණීම 100% ක්ම තියා ගන්නවා!- හැමදාම ඉස්කොලේ යනව!! හැමදාම නියමිත වෙලාවට ඉස්කොලේ ගිහින් අවුරුද්දු දෙක පුරාවටම පැමීණීම 100% ක්ම තියා ගන්නවා කියලා හිතට අර ගන්න!!!"

බැලු බැල්මට කරන්න අමාරුයි වාගේ පෙනුනාට මේක එච්චරම අමාරු දෙයක් නෙමෙයි, 100% තියා ගෙන ඉන්න සහ හිටපු ලංකාවේ ස්ටුඩන්ට්ලාව මම ඕනෑ තරම් දැකලා තියෙනවා.අමාරුයි වාගේ පෙනුනාට ඉස්කොල තියෙන මාසෙක සාම්න්‍යයෙන් ඉස්කොලේ යන්න ඔනේ දවස් 20 ට අඩු ගාණක්! ඒ කෙනුත් දවසකට ඉස්කොලේ පංති පවත්වන්නෙ පැය 4 ක්!! මාස 3,4 සැරයක් දිර්ඝ නිවාඩුවකුත් තියෙනවා.මේ කාරණා ටික එක්ක බැලුවාම අවුරුද්දකට ඉස්කොලේ යන්න තියෙන්නෙ බොහෝම සීමිත කාලයක් විතරයි! එක නිසා 100% තියා ගන්න එක හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි!!!

පැමිණීම 100% තියා ගන්න එකෙන් ප්‍රධාන වාසි 3 ලැබෙනවා!

***ලැංවේජ් ස්කුල් ශිෂ්‍යත්ව ලබා දෙද්දී ප්‍රමුකව සලකා බලන කරුණක් පැමිණීම, පැමිණීම 100% තියා ගැනීම ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට වැඩි ඉඩක් සලසනවා.

***100% තියා ගත්තම,වීසා අලුත් කරද්දී, දිර්ඝ කර ගන්න ගියාම ඉමිග්‍රේශන් බියුරෝවට ස්ටුඩන්ට් ඇත්තටම ඉගෙන ගන්න ආපු ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක්ද නැද්ද කියලා හොයන්න පොළඹවන අවස්ථාව අඩු කරනවා!
මේතැනදී මේ කාරණයත් අවධාරණය කරලා කියන්න ඕනේ. ඉමිග්‍රේශන් 80% අඩුනම් වීසා අලුත් නොකරන ඉඩ වැඩියි. 2015 ආපු මේ අවුරුද්දෙ ලැංවේජ් ඉවර කරපු 10,15 වැඩිය පහුගිය දවස් ටිකේ මාත් එක්ක කතා කලා 80% නැතිව ඉස්කොලෙන් කොස් එක අවසන් කරපු සහතිකයේ ගන්න බැරිව ආපහු ලංකාවට යන්න සිද්ධ වෙලා කර කියා ගන්න දෙයක් නැතිව!!!
මාසේකට ඉස්කොලේ තියෙන්නෙ සීමිත දින ගණක්, කීප දිනක් ගිය නැති වුනාම පැමීණීම කඩන් වැටෙන්නෙ මාර බරපතල ආකරයෙන්!!
අන්න ඒක නිසාත් 100% තියා ගෙන ඉන්න එක මාර වැදගත්... හදිස්සියෙ මොකක් හරි හින්දා ඉස්කොලේ යන්න බැරි වුන අවස්ථාවක් ආවත් 100% තියන් හිටියොත් පැමිණීම 80% උඩින් කොහෙම හරි ගැට ගහ ගන්න පුළුවන් වෙනවා!!

*** කවදා හරි ෆුල් ටයිම් ජොබ් හන්ටින් කරද්දී, කම්පැනි වල ඉන්ටර්විව් වලට ගිහින් තමන් උත්සාහයෙන් මුහුණ දෙන චරිතයක් කියලා ඇස් වහන් ඔප්පු කරවලා පෙන්නන මේ ඉස්කොලේ අඛණ්ඩව ගිහින් 100% තියා ගත්ත එක පාදක කරන්න පුළුවන්!! මේ කාරණය අද තේරෙන එකක් නෑ!!! කවදා හරි ජොබ් හන්ටින් කරද්දී තේරෙයි!! ආ.......මේ දවස් වල ජොබ් හන්ටින් කරන තමන් ගැන ජීකෝPR එකක් නැතිව ලත වෙන අයට නම් මේකෙ වැදගත්කම තෙරෙනවා!

2018 ඔක්තෝම්බර් හා 2019අප්‍රේල් බැච් එකට ජපන් එන්න කැමති අය ඉන්නවද?එහෙනම් ඉක්මනට අප හා ☎️සම්බන්ද වෙන්න...ශ්‍රි ලන්කාව සහ...
27/03/2018

2018 ඔක්තෝම්බර් හා 2019අප්‍රේල් බැච් එකට ජපන් එන්න කැමති අය ඉන්නවද?

එහෙනම් ඉක්මනට අප හා ☎️සම්බන්ද වෙන්න...

ශ්‍රි ලන්කාව සහ ජපානයේ යන දෙරටේම ලියාපදින්චි ආයතනයක් වේ

NAT හෝ JLPT සමත් අය වෙතොත්....හෝ අසමත් වුවත් කමක් නෑ.
🎓A/L සමත් හෝ අසමත්..,..
(වසර 12 පාසල් කාලය අවසන් කරිම අනිවර්‍යයි).

අප භාෂා ආයතන හරහා ✔️නිවැරදි ජපන් භාෂා 日本語 දැනුමක් සහිතව පැමිණෙන්න, ජපන් භාෂාව ඉගෙන ගැනිම ( මාස3 හො මාස6 ) අනිවාර්යවෙ ... පලපුරුදු දක්ෂ ගුරුවරුන් ගෙන් Kurunegala ,Kegalle අප පන්ති මගින් ඉගෙන ගත හැක

ජපානයේ🇯🇵හා ශ්‍රී ලංකාවේ 🇱🇰දෙරටේම ලියාපදිංචි
විස්වාසනියම
සුහද ශීලි ඉක්මන් සේවා ලබාදෙන
අඩුම මුදලකට හා සැගවූ අයකිරීම් නැති විස්වාසනීය සේවාවක්
2005 සිට වසර 12 ක පළපුරුද්ද ඇති
ජපානයේදීද සියලුම පහසුකම් හා මාර්ග උපදේශනය රැකියා විසා එකක් ලබා ගන්නා තුරම ( නිති රෙගුලාසියටත්ව)

ජපානයට ගියපසු
🔰නොමිලේ එයාපෝර්ට් Pick UP
🔰අර්ධ කාලීන රැකියාවක්
🔰නවාතැන් පහසුකම්
🔰සෞක්‍ය හෝජීවිත රක්ෂණය
🔰බැංකු ගිණුම් දුරකථන

වසර දෙකක ජපන් භාෂා අධ්‍යාපනයෙන් පසුව
1) 2 අවු . තාක්ෂණ හෝ විශේෂ ඩිප්ලෝම පටමලාවක් හෝ
2) 3,4 අවු විශ්වවිද්‍යාල උපාධි පාටමාලාව හැදෑරීමට හැක
ස්ථිර රැකියාවකට ඉහත එකක් හෝ කිහිපයක් සන්පුරන කිරීම අනිවාර්යවේ
ස්ථිර රැකියාවක් සමග රැකියා විසා එකකට මාරුවියහැක
🇱🇰Kurunegala,Kegalleකාර්යාලයෙන් හෝ
🇯🇵ජපනයේ අප Tokoyo,Naganoකාර්යාලය ලබාදේ

TEL : 0718523689 -Dulanga
00819099643124-(JAPAN Office )

විශ්වාශදායී වීසා සේවාවක් සහ ජපන් භාශා පන්ති සදහා දැන්ම අමතන්න , දුලන්ග 0718-523689 / Manoj 071-7273777
16/03/2018

විශ්වාශදායී වීසා සේවාවක් සහ ජපන් භාශා පන්ති සදහා දැන්ම අමතන්න , දුලන්ග 0718-523689 / Manoj 071-7273777

වීසා එලිජිබිලිටි ආව යට සුබම සුබ පැතුම් ඒ අය ඉතිරි වැඩ ටික පරක්කු නොවී හරියට කරගන්නරිජෙක්ට් වෙච්ච අය දැන් මොකද කරන්නේ මේ ...
27/02/2018

වීසා එලිජිබිලිටි ආව යට සුබම සුබ පැතුම්
ඒ අය ඉතිරි වැඩ ටික පරක්කු නොවී හරියට කරගන්න

රිජෙක්ට් වෙච්ච අය දැන් මොකද කරන්නේ
මේ දවස් වල වැඩි හරියක් අසන ප්‍රශ්නය

රිජෙක්ට් වෙච්ච අයට උපදෙස්
1 කලබල නැතුව .... (කලබල වුනොත් කොරොස් කටෙත් අතදාන්න බැහැනේ) හරි විස්තරය දැනගන්න
එකට සතියේ ඉදන් -සති දෙක තුනක් යන්න පුළුවන් .

2 ඉගෙන ගන්න එක නවත්තන්න එපා ..රිජෙච්ක්ට් උනොත් පුළුවන් තරමN4,N3 වෙනකම් ඉගෙන ගෙන ඒ විබාග සමත් වෙන්න
(කලින් පාර තරමට වඩා ජපන් විභාග ප්‍රථිපලය හෝ මට්ටම වැඩි වෙන්න ඕනේ)
NAT, JLPT, TOP-J, J-TEST. ඕනේ විබාගයක් හොදයි

3 ආපහු ඇප්ලයි කරන එක හෝදම
a)දාපු තැනින්ම (ඒජන්ට් )හරහා දාපු ජපන් පාසලටම දාන එකයි
b) එක බැරිනම් විතරක් පාසල මාරු කරන්න ... පුළුවන් ඒ පාසල කැමති නම්
c) වෙන ආයතයක් හරහා දාන්න පුළුවන් සාර්ථකත්වය අඩුයි

4 රිජෙච්ක් වෙච්ච වාරයට පස්සේ වාරයට එකපාරට දාගන්න බැරිවෙන්න වෙන්න පුළුවන්
ex: අප්‍රේල් රිජෙච්ක්ට් අයට ජූලී ඇමාරුයි ඔක්තෝබර් තමයි..
(ජනවාරි කොහොමත් අමාරුයි )
හෝ ඊලග අප්‍රේල් තමයි

5 සියල්ල සම්පුර්ණ කරගෙන වෙච්ච අඩුපාඩුව හදාගෙන පාසැල කියන විදිහට ඉතිරි වැඩ ටික කරන්න
දෙතුන් පාරක් රි ඇප්ලයි කරන්න පුල්ලුවන් .

6 ඉන්දියාවේ හෝ හෝ ඩුබායි යනවා නෙමෙයිනේ ..අපහසුයි නේ ඒවාට වඩා දෛනික වැඩ පාඩු කරගෙන අධෛර්‍ය වෙන්නේ නැතුව උත්සායය අතාරින්න එපා. හොදින් ඉගෙන ගත්තොත් වෙන ක්‍රමත් තියෙනවනේ ජපන් යන්න

7 තමන්ගේ වාසනාවත් බලපානවනේ. වාසනාව වෙනස් කරගන්න මහන්සි N4 සමත් වෙලා

Address

No 26, Negombo Road
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

0374937574

Alerts

Be the first to know and let us send you an email when Shangri-La Japanese School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Shangri-La Japanese School:

Share