HNDA - Kurunegala

Directions

HNDA - Kurunegala Education training and certification of competent technological personnel with healthy attitudes for national development

⭕ 2026 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනේ ⭕📌Higher National Diploma in Accountancy ( HNDA)⭕ උසස් ජාතික ගණකාධිකරණ  ඩ...
10/07/2026

⭕ 2026 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනේ ⭕

📌Higher National Diploma in Accountancy ( HNDA)

⭕ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව.
පාඨමාලා කාලය වසර 4කි.පූර්ණ කාලීන සිසුන් සදහා පාඨමාලාව නොමිලේ හැදෑරිය හැක.
⭕පූර්ණකාලීන පාඨමාලාව සදහා ගාස්තු අයකිරිමක් නොමැති අතර
අර්ධකාලීන (Part Time) පාඨමාලාව සදහා සය මාසයකට ( A semester ) රු.17,000/- බැගින් ගෙවිය යුතු වේ.

🎯පූර්ණකාලීන සිසුන්ට සතියේ දිනවල දේශන පැවැත්වෙන අතර අර්ධකාලීන සිසුන්ට සති අන්ත දින වල දේශන පැවැත්වේ.
⭕පාඨමාලාව හැදෑරිමට අවශ්‍ය සුදුසුකම්
අ.පො.ස. (උ/පෙළ) වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිට අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබා සිටීම.
සහ
අ.පො.ස. (සා/පෙළ) ඉංග්‍රීසි සහ ගණිතය විෂයන්ට සාමාන්‍ය සාමාර්ථයක් (S) ලබා සිටිය යුතුය.
⭕අ.පො.ස. උසස් පෙළ සදහා පෙනී සිටි වසර 2025(2026) හෝ ඊට ආසන්න වසර දෙකක් විය යුතුය.

ගැසට් නිවේදනය මෙතැනින් බලන්න.
https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-sinhala.pdf

🎯රැකියා අවස්ථා
1.පොදු සමාගම් හැර අනෙකුත් සමාගම් විගණනය කිරීමේ බලය ලැබීම.
2.රාජ්‍ය විගණන සේවය
3.පෞද්ගලික විගණන ආයතනවල සේවය කිරීමට අවස්ථාව ලැබීම.
4.විදේශ රටවල ගණකාධිකරණ සේවයේ රැකියා සදහා විශේෂ සුදුසුකමක් වීම.

අ.පො.ස උසස් පෙළ විභාගය සාර්ථකව නිම කර සරසවි වරම් ලබා ගැනීමට අවස්ථාව අහිමි වූ ඔබට ලැබී ඇති අගනා අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය...

🎯පහසුකම් රැසක් යටතේ උසස් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කර ගත හැක.
♦️ පරිගණක විද්‍යාගාර පහසුකම්
♦️ආපනශාලා පහසුකම්
♦️ පුස්තකාල පහසුකම්
♦️ මහපොළ ශිෂ්‍යාධාර
♦️ බස් / දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර
♦️ ක්‍රීඩා පහසුකම්,
මෙන්ම,
පාඨමාලා හදාරන ගමන් විෂ්‍යානූකූල ක්‍රියාවලට අමතරව විෂය බාහිර වැඩසටහන් රැසක් මගින් ඔබට මෙහි ගෙවන කාලය තවත් අර්ථවත්ව ගත කර ගැනිමට හැකිවේ .

රජයේ විශ්ව විද්‍යාලයක හා HND පාඨමාලාවන්ගේ ඇති සමානතා?
*රජයේ විශ්වවිද්‍යාල හැරුණුකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන එකම ආයතනය .
* GPA System එකකට අනුව විභාග ලකුණු විශ්ලේෂනය කරයි.
* semester අනුව පවතිනා විභාග කාල සටහනක් ඇත.
* උපාධිධාරී දේශක මණ්ඩලය
සරසවි සිහිනය සැබෑ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින උසස් පෙළ සමත් ඔබ සදහා මේ වටිනා අවස්ථාව ...

🎯2025 හෝ ඊට පෙර උසස් පෙළ නිමා කර සමත් වූ ඔබට අයදුම් කල හැක.
අයදුම් කිරිමට
https://apply.sliate.ac.lk
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය - 2026.08.03

වැඩි විස්තර සඳහා | For More Information
📞 Laksh*tha: 075 1276176
📞 Chamika: 071 7532848

Department of Accountancy
SLIATE - Kurunegala

For more updates 🚨!!

Follow us on Facebook :
https://www.facebook.com/share/1AwrBrJAEi/?mibextid=wwXIfr

Join with us via WhatsApp channel : https://whatsapp.com/channel/0029VbBhVU5DuMRiss4nL245




🙏☸️ සබ්බ දානං ධම්මදානං ජිනාති ☸️🙏ධර්ම දානය සියලු දානයන් අභිබවා යයි.අනුබුදු මහා රහතන් වහන්සේ වූ මහින්ද මහ රහතන් වහන්සේ ශ්...
29/06/2026

🙏☸️ සබ්බ දානං ධම්මදානං ජිනාති ☸️🙏

ධර්ම දානය සියලු දානයන් අභිබවා යයි.

අනුබුදු මහා රහතන් වහන්සේ වූ මහින්ද මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට ධර්මය රැගෙන වැඩම කරමින් බුදු සසුනේ ආලෝකය මේ දේශයට දායාද කළ උතුම් පොසොන් පොහොය දිනය, සද්ධර්මයේ වටිනාකම සිහිපත් කරමින් ශීලය, සමාධිය හා ප්‍රඥාව වර්ධනය කරගැනීමට අප සැමට ආරාධනා කරන පුණ්‍යමය දිනයකි.

ධර්මාලෝකයෙන් සිත් සතන් පහන් වන, කරුණාව, මෛත්‍රිය සහ සැනසීම පිරි
පින්බර පොසොන් පොහොය දිනයක් වේවා...!!!☸️🙏🌕🍂

Department of Accountancy
SLIATE - Kurunegala

For more updates 🚨!!

Follow us on Facebook :
https://www.facebook.com/share/1AwrBrJAEi/?mibextid=wwXIfr

Join with us via WhatsApp channel : https://whatsapp.com/channel/0029VbBhVU5DuMRiss4nL245




🙏✨ බැතිබර ආරාධනාවයි...! ✨🙏​කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ සිසුන් විසින් වසරක් පාසා අඛණ්ඩව සංවිධානය ...
26/06/2026

🙏✨ බැතිබර ආරාධනාවයි...! ✨🙏
​කුරුණෑගල උසස් තාක්ෂණ ආයතනයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ සිසුන් විසින් වසරක් පාසා අඛණ්ඩව සංවිධානය කරනු ලබන "මඤ්ඤොක්කා දන්සැල" මෙවරත් 13 වන වරටත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
​පොසොන් පොහෝදිනයට සමගාමීව පවත්වනු ලබන මෙම උදාර පුණ්‍යකර්මය සඳහා නන් දෙසින් පැමිණෙන ඔබ සැමට අප ආයතනික ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් බැතිසිතින් ආරාධනා කර සිටිමු.
​දිනය: 2026 ජුනි 29 වනදා
​වේලාව: උදෑසන 10.30 සිට
​ස්ථානය: කුරුණෑගල උසස් තාක්ෂණ ආයතන (ATI) පරිශ්‍රය ඉදිරිපිටදී
​ඔබ සැමගේ පැමිණීම අප අගය කොට සලකමු...!
​

Field visit to the Bandaranaike International Airport was recently undertaken by the HNDA students of ATI - Kurunegala t...
10/06/2026

Field visit to the Bandaranaike International Airport was recently undertaken by the HNDA students of ATI - Kurunegala to gain practical exposure for the Oparation Management subject.
​Real-world operations, workflow layouts, and logistics systems were observed firsthand, allowing classroom theories to be connected with actual industry practices.
​Sincere appreciation is extended to the lecturers and the BIA team for arranging this valuable educational opportunity.

Department of Accountancy
SLIATE - Kurunegala

For more updates 🚨!!

Follow us on Facebook :
https://www.facebook.com/share/1AwrBrJAEi/?mibextid=wwXIfr

Join with us via WhatsApp channel : https://whatsapp.com/channel/0029VbBhVU5DuMRiss4nL245




සිව් වසරක් පුරා වෙහෙසී, අභියෝග ජයගෙන,හිනාවත් කඳුළුත් අතරින් ගමන් කරපු ඒ ගමනඅද ලස්සන ජයග්‍රහණයක් වෙලා නිමාවට පත් වෙනවා 🎓✨...
18/05/2026

සිව් වසරක් පුරා වෙහෙසී, අභියෝග ජයගෙන,
හිනාවත් කඳුළුත් අතරින් ගමන් කරපු ඒ ගමන
අද ලස්සන ජයග්‍රහණයක් වෙලා නිමාවට පත් වෙනවා 🎓✨
උසස් අධ්‍යාපනික ගමනේ මතක හදවතේ තබාගෙන
අලුත් ලෝකයකට පියවර තබන අපේ අයියලා අක්කලාට
හදවතින්ම සුභ පැතුම් 🤍

Department of Accountancy
SLIATE - Kurunegala

For more updates 🚨!!

Follow us on Facebook :
https://www.facebook.com/share/1AwrBrJAEi/?mibextid=wwXIfr

Join with us via WhatsApp channel : https://whatsapp.com/channel/0029VbBhVU5DuMRiss4nL245




සූර්යාභිශේකය 2026Organized by Department of AccountancyKurunegala Sliate
26/04/2026

සූර්යාභිශේකය 2026
Organized by Department of Accountancy
Kurunegala Sliate

පරණ බැඳීම් අලුත් කරමින්, සහෝදරත්වයේ නොබිඳෙන අත්වැල් බැඳගන්නට... සොඳුරු වසන්තයක අසිරිමත් ඇරඹුම!" 🤝✨​ගිණුම්කරණ අධ්‍යයන අංශ...
17/04/2026

පරණ බැඳීම් අලුත් කරමින්, සහෝදරත්වයේ නොබිඳෙන අත්වැල් බැඳගන්නට... සොඳුරු වසන්තයක අසිරිමත් ඇරඹුම!" 🤝✨
​ගිණුම්කරණ අධ්‍යයන අංශයේ සාමූහිකත්වය සහ සහෝදරත්වය ශක්තිමත් කෙරෙන, 'සූර්යාභිශේකය 2026'
​🗓️ අප්‍රේල් 18 | පෙ.ව. 8.30 සිට
📍 විල්ගොඩ හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී...
SLIATE පවුලේ ​සැමට ආදරනීය ඇරයුමයි! ☀️

Address

SLIATE Kurunegala, 22/1, Wilgoda Road
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when HNDA - Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share