21/05/2026
ෆොසිල විද්‍යාවේ මාතාව : මේරි ඇනිංට සුභ උපන්දිනයක්! 1799 වසරේ මැයි 21 වැනිදා උපත ලැබූ මේරි ඇනිං, කුඩා කල සිටම හැදී වැඩුණේ එංගලන්තයේ ඩෝර්සෙට් හි පිහිටි ලයිම් රෙජිස් (Lyme Regis) වෙරළ තීරයේ රළු කඳු බෑවුම් අතරින් ෆොසිල සොයමිනි.
ඇය ලෝක ඉතිහාසයට එක්වන්නේ වයස අවුරුදු 13 වැනි ඉතා බාල වයසකදීය. ඒ, ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යෝධ සමුද්‍ර උරගයෙකු වන Ichthyosaur සත්වයාගේ ප්‍රථම සම්පූර්ණ ඇටසැකිල්ල සොයා ගනිමිනි. ඇගේ සොයාගැනීම් එතැනින් නැවතුණේ නැත. වයස විසි ගණන්වල අගභාගයේදී එම වෙරළ තීරයෙන්ම ඇය තවත් අපූරු සොයාගැනීමක් කළාය. ඒ, යුරෝපා මහාද්වීපයෙන් බැහැරව හමුවූ පළමු ටෙරෝසෝරයා (Pterosaur) වන ඩිමෝර්ෆොඩන් (Dimorphodon) ෆොසිලයයි. එකල පුවත්පත් මේරි ඇනිං සහ ඇගේ මෙම "පියාඹන මකරා" පිළිබඳ පුවත්වලින් පිරී ඉතිරී ගියේය. ඇගේ මෙම පෙරළිකාර සොයාගැනීම, අතීතයේ විසූ පියාඹන උරගයින් මීට පෙර විද්‍යාඥයන් සිතා සිටියාට වඩා බෙහෙවින් විවිධාකාර වූ මෙන්ම ලොව පුරා ව්‍යාප්තව සිටි සත්ව කොට්ඨාසයක් බව මැනවින් ඔප්පු කිරීමට සමත් විය.
Happy Birthday to the “Mother of Paleontology,” Mary Anning! 🦴 Born on this day in 1799, she grew up collecting fossils along the rugged cliffs of Lyme Regis in Dorset, England. At just 13 years old, she made history by unearthing one of the first known ichthyosaur skeletons—a giant prehistoric marine reptile.
In her late twenties, she struck gold again on the same beaches, discovering Dimorphodon, the first pterosaur found outside continental Europe. Headlines at the time went wild for Anning and her "flying dragon." Her groundbreaking find proved that these ancient flying reptiles were far more diverse and widespread than anyone had ever imagined.
📷: Library of Congress