29/11/2025
දිරි පවුර සහන සේවා ක්‍රියාන්විතය
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මූලිකත්වයෙන් සියලුම විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගම්වල සහයෝගයෙන් සංවිධානය කරනු ලබන "දිරි පවුර" ක්‍රියාන්විතයට NDT ශිෂ්‍ය සංගමය වශයෙන් අප ලංකාව පුරා අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සවියක් වනු පිණිස වියළි ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය එකතුකොට ඔවුන් වෙත බෙදාදීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇත. ඒ සදහා සම්බන්ධ වීමට කාරුණික හදවත් ඇති ඔබටත් ආරාධනා.
ඔබ විසින් ලබාදෙන ආධාර හෝමාගම දියගම හන්දියේ පිහිටි විශ්වවිද්‍යාලයීය වෙළඳ සංකීර්ණය අසල ඇති කුටියට (BOC ATM අසල) ගෙනැවිත් බාරදෙන්න.
වැඩිදුර තොරතුරු සඳහා,
අසිඳු : 076 355 3239
මනුග : 077 803 5481
යොහාන් : 071 339 1071