19/09/2026
අපේ පොඩි සර් රුවින්ද මල්ලි ආයතනය ලද සම්පතක් බව මුලින්ම ප්රකාශ කරමි.
මේ ජයග්රහණයේ නියමුවා ඔබ සහ ඔබගේ සහෘදයාය.එය අවිවාදයෙන් පිළිගත යුතුය.
සියනෑවේ තුඩ තුඩ රැව් දුන් ධීරානන්දය, පුරා වසර ගණනක් නැටුම් සංගීත ක්ෂේත්රයෙහි ජයග්රහණයේ නිම් වළලු පුළුල් කළ , ජාතික ජාත්යන්තර තලයෙහි කෙටි කාලසීමාවක් තුළ අභ්යමානයෙන් වොරැදුනු ආයතනයකි.
සියවස් ගණනක් මේ ලක් දෙරණ තුළ විරාජමාන පාසල් අභිබවා දස වසක් පමණ ගිය තැන ජයග්රාහී ධීර පුතුන්ට තෝතැන්නක් වූ ආයතනයකි.
සංගීත ගුරුවරුන් ලෙස එදා අමරජීව ,තුෂාර,මායාදුන්න වැනි ප්රතාපවත් ගුරු චරිත මෙන්ම වත්මන් ගුරු භවතුන් ලෙස දැනට සේවයේ නියැලෙන රංග ගුණවර්ධන මහතා සහ අපේ පුංචි සර් රුවින්ද සත්සර යන ගුරු චරිත හද පිරි ආඩම්බරයෙන් සහ ගෞරවයෙන් සිහි කරමු.
රුවින්ද (පුංචි සර් ) පිළිබඳ විශේෂයෙන් යමක් කිව යුතුය. ඔබ බොහෝ විට නිහඬය.කතා බහේදී වචන පාවිච්චි කිරීමට ලෝභය.එනම් ටිකක් කතා කරන හුඟක් වැඩ කරන කෙනෙකි.සප්තස්වර නැංවීමේදී හසුරු කුසලතාවයන් ප්රදර්ශනය කරන ගුරු චරිතයකි.ඔබගේ ස්වර ගායනය අප රහසේ අසා සිට රස විඳින්නෙමු.
විදුබිමට පා තැබූ දින සිට ඉතා කෙටි කාල සීමාවක් තුළ දරුවන්ගේ ආකල්ප කුසලතාවයන් හඳුනාගෙන එකී පුංචි එවුන් ජාතික තලයට රැගෙන යාමට තම සහෘදයත් සමඟ මහා කැපකිරීමක් කළ ගුරු සොයුරෙකි ඔබ.
එනිසාම ඔබ පුංචි නැත. දැවැන්ත ප්රතාපවත් චරිතයකි.යම් යම් මාධ්ය ආයතන තුළ ඔබේ දක්ෂතාවයන් අපි දකිමු.ජාතියේ දරුවන් වෙනුවෙන් විශ්ව භාෂාවට පණ පොවන්නට ඔබට තව බොහෝ කල් ඉතිරිව ඇත.ඔබලා වැනි ගුරු චරිත ලබන්නට මාගේ ධීර පුතුන් පින් කොට ඇත.නුදුරේ මෙන්ම ඉදිරි අනාගතයේ සමස්ත සියනෑවම සුවඳවත් කරමින් ධීරානන්ද සංගීත ක්ෂේත්රයේ දහසක් මල් පිපෙනු ඇත.ඒ මල්වල සුවඳ ජාතික ජාත්යන්තරය දක්වාම විහිදී යනු ඇත.
දරුවන්ට මෙන්ම රුවින්ද මල්ලි ඔබටත් රංග ගුණවර්ධන සහෝදරයාටත් මගේ හද පිරි ගෞරවනීය ශීර්ෂප්රණාමය....
මෙවන් අභිමානවත් පාසලක් ආරම්භ කළ පින්වත් නා සමිඳුන් වන අති ගෞරවනීය පානකාවේ පේමරතන ස්වාමීන්ද්රයන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්යවර වත්මන් විද්යායතනාධිපති ගල් ඇටුම්භයේ අරියරතන හිමිපාණන් වහන්සේටත් දීර්ඝායුෂ වේවා....
ජාතික තලය ජයග්රහණය කළ, සියලු පළාත් පරදවා ධීරානන්ද මාතාව පුදසුනක තබා ජය කෙහෙළි නැංවූ ධීර පැටවුණේ නුඹලාටත් නැවතත් අන්තර් පාසල් අභියෝග අතික්රමණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා...විශ්ව මාතාවගේ ආකර්ෂණය ලැබේවා...ත්රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා....
- සරත් දඹගොල්ල -
(ශිෂ්ය නායක මණ්ඩල භාර ආචාර්ය)