18/05/2026
විදු මවට ගෞරවයක් වූ ධීර පුතුන්
බප/කැල/ ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන් බාලදක්ෂ සමූහයට අතිවිශිෂ්ට ගෞරවයක් එක් කරමින්, “ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය” දිනා ගැනීමට සමත් වූ අප විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් වන,
🔹 එම්. ප්‍රනීත් ප්‍රමුදිත
🔹 වී.පී.ඒ. දෙව්මික මලින්ත
🔹 ආර්.පී. තේනුක හේෂාන්
යන සිසුන්ට විද්‍යායතනීය උණුසුම් සුභාශිංසන එක් කරන්නෙමු. ⚜️🎖️
“ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය” යනු බාලදක්ෂ ජීවිතයේ හිමිවිය හැකි උසස්ම ගෞරවයන්ගෙන් එකකි. එය කැපවීම, විනය, නායකත්වය, සේවය සහ අභියෝග ජයගැනීම තුළින් ලබාගන්නා විශිෂ්ට ජයග්‍රහණයකි.
මෙම ජයග්‍රහණය ඔවුන්ගේ පෞද්ගලික සාර්ථකත්වයක් පමණක් නොව, ඔවුන්ට මඟ පෙන්වූ කෘත්‍යාධිකාරි නායක ස්වාමීන් වහන්සේ, පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය පරිනාධිපති ස්වාමීන් වහන්සේලා, බාලදක්ෂ කණ්ඩාම් භාර ගුරුවරු, බාලදක්ෂ නායකයන්, දෙමාපියන් සහ සමස්ත පාසල් ප්‍රජාවටම අභිමානයක් ගෙන දෙන්නකි.
ජනපති සම්මානයෙන් පිදුම් ලැබූ ඔබ සැමට තව තවත් මෙවන් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වේවායි සුභ ප්‍රාර්ථනා කරන්නෙමු. 🌟
“Once a Scout, Always a Scout”
#ජනාධිපතිබාලදක්ෂ #බාලදක්ෂ