Followers වැඩි කර ගමු

Followers වැඩි කර ගමු රීච් වැඩි කරගන්න එන්න

28/02/2026

Followers වැඩිකර ගන්න Comment එකක් දාගෙන යන්න ඔයාගේ ඒකේ නම මම Followers වැඩි කර ගමු

22/02/2026
14/02/2026

නිවාඩුනේ follow වැඩිකර ගමු

14/02/2026

Mashee Vlog

මෙ හැමෝම Follow කරනි යන්න Shout out to my newest followers! Excited to have you onboard! Abdul Haseem, ජේ. ප්‍රියංකර නුව...
11/02/2026

මෙ හැමෝම Follow කරනි යන්න
Shout out to my newest followers! Excited to have you onboard! Abdul Haseem, ජේ. ප්‍රියංකර නුවන් ජයසිරි, Padmi Panapitiya, Somasundaram Sudhakaran, ධනුෂ්ක ඉන්දික වීරරත්න, Wijemuni Indrani De Soyza, Amila Ranasinghe, Bandara Dmsr, Mahesh Kindelpitiya, Bhathiya Tharindu, Contrations Contrations, Thushini Bandara

09/02/2026

Follow වැඩි කරගන්න Follow කරලා සෙටි වෙන්න

ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මකභාවය වරින් වර වෙනස් වෙන්නේ ඇයි?වැඩිදුර කියවන්න: 👇https://www.bbc.com/sinhala/articles/cd64xydp...
06/02/2025

ශ්‍රී ලංකාවේ වායු ගුණාත්මකභාවය වරින් වර වෙනස් වෙන්නේ ඇයි?

වැඩිදුර කියවන්න: 👇
https://www.bbc.com/sinhala/articles/cd64xydp9jjo

06/02/2025

Voice of Finland විනිසුරු මඩුල්ල අමන්දානන්දයට පත් කළ ශ්‍රී ලාංකික ගායන ශිල්පිනිය, උපේන්ද්‍රා සිරිවර්ධන...

වැඩිදුර කියවන්න : 👇
https://bbc.in/40yFx9Y

06/02/2025

පහේ පොඩ්ඩන්ගේ මාපියනි, ඔබේ දරුවාගේ විශිෂ්ටතම දිරිගන්වන්නා බවට පත්වන්නේ මෙහෙමයි

ඊයේ (01/23) ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරුණා. අපේ රටේ අධ්‍යාපනය ක්‍රමය තුළ බොහෝ දරුවන් මුල්වරට ජාතික මට්ටමේ අභියෝගයකට මුහුණ දෙන්නෙ ශිෂ්‍යත්වයෙදි. ඔබේ දරුවා විභාගය සමත් වූයේ නම්, උණුසුම් සුබ පැතුම්! අධ්‍යාපන විශේෂඥයන් ඔබ දරුවාගේ වයසේ දරුවෙක් දියුණු කරගත යුතු බවට නිර්දේශ කර ඇති විභව්‍යතාමානයන් (දැනුම හා කුසලතා), ඔබේ දරුවා නිසි පරිදි සාක්ෂාත් කරගෙන තිබෙනවා. එය ඉතාම සතුටට කාරණයක්. විභාගය සමත්වීම නිසා ආත්මාභිමානයක්, වඩා හොඳ යැයි සම්මත පාසලක්, ඊට සමාගාමී දියුණු අධ්‍යාපන අවස්ථා වැනි ප්‍රතිලාභ ගණනාවක් දරුවාට හිමියි. මේ ජයග්‍රහණය, අනාගත සාර්ථකත්වය උදෙසා හොඳ අඩිතාලමක් බවට පත්කරගනු පිණිස දරුවාට මග පෙන්වන්න.

ඔබේ දරුවා ශිෂ්‍යත්වය අසමත් නම්, ඉන් කියැවෙන්නේ ඔබේ දරුවා අදක්ෂයෙකු බව නොවෙයි. පෙරකී පරිදි ශිෂ්‍යත්වයේදී මැන බලන විභව්‍යතාමානයන් සියල්ලෙහිම ප්‍රශස්ත මට්ටමට ළඟා වන්නට දරුවාට නොහැකි වෙලා තිබෙනවා. ඉන් අදහස් වන්නේ, ඔබේ දරුවා කිසිදිනෙක අදාළ කුසලතාවන් දියුණු කර නොගන්නා බව නොවෙයි. නුදුරේදීම, ඔබේ දරුවා නිසි මගපෙන්වීම තුළ එකී කුසලතාවන් දියුණු කරගනීවි. එම මොහොතේදී (උදා: 8 වසරේදී) ශිෂ්‍යත්වය විභාගය පැවත්වුවහොත් ඔබේ දරුවාද ඉන් සමත් වනු ඇති. එහෙයින් සමත්, අසමත් බව පසෙකලා, ඔබේ දරුවාගේ විශිෂ්ටතම දිරිගන්වන්නා බවට පත්වීමේ මග මෙම සටහනින් විස්තර කෙරෙනවා.

1. ප්‍රතිඵල පමණක් නොවෙයි, උත්සහයද අගයන්න.

ශිෂ්‍යත්වයට මුහුණ දුන් සෑම දරුවෙකුටම අගය කිරීමක්, ප්‍රශංසාවක් හිමියි. ඔවුන් වෙහෙස මහන්සියෙන් වැඩ කළා. සෙල්ලමට හිත දුවන, ඔවුන්ගේ ළමා කාලයේ සුන්දරම අවධියෙන් සැලකිය යුතු කොටසක් විභාගය වෙනුවෙන් වැය කළා. ඔවුන් සම්පූර්ණ කළ නිමක් නොවන පුහුණු ප්‍රශ්න පත්‍ර, දිවා-රෑ නොසලකා සහභාගී වූ අතිරේක පන්ති පිළිබඳ ආවර්ජනය කරන්න. එනිසා, ප්‍රතිඵල කුමක් වුවද, දරුවාගේ කැපවීම, උත්සාහය හා ධෛර්යය සඳහා නිසි වටිනාකමක් දෙන්න.

2. හැඟීම් මුදාහැරීම සුරක්ෂාකාරී අවකාශයක් සලසන්න.

ඇතැම් දරුවන්ට (හා දෙමාපියන්ට), විභාග ප්‍රතිඵල මත කලකිරීමක්, අපේක්ෂාභංගත්වයක් ඇතිවිය හැකියි. එනිසා දරුවාට, විනිශ්චයට ලක් කෙරෙතැයි බියකින් තොරව, හැඟීම් මුදාහැරීම සඳහා අවකාශයක් පැවතිය යුතුයි. ඔවුන්ට සවන්දෙන්න. ඔවුන් කෙරෙහි සානුකම්පිත වන්න. මේ අසීරු මොහොතේ ඔවුන් සමග ඔබ සිටින බව දැනෙන්නට හරින්න. ශිෂ්‍යත්වය ජීවිතයේ හමුවන එක්, කුඩා අභියෝගයක් පමණක් බවත්, ඉදිරියේදී බොහෝ ජයග්‍රහණයන් අත්පත් කරගැනීමට ඇති බවත් දරුවාට පෙන්වාදෙන්න. අදාළ ප්‍රතිඵල මත දරුවා අසමත් (හෝ සමත් වුවත් ඔබ අපේක්ෂා කළ මට්ටමේ ඉහළ ලකුණු ප්‍රමාණයක් නොලැබුවද) වීම භාරගැනීමට තරම් මැදහත් මනසක් පවත්වා ගැනීමට, මාපියන් ලෙස ඔබද සිහිතබා ගන්න.

3. වර්ධන මානසිකත්වයක් (Growth Mindset) ඇති කරගැනීමෙහිලා දිරි ගන්වන්න.

දරුවා විභාගය සමත් වූයේ නම්, පළමු කඩයිම සාර්ථකව ජය ගැනීම සම්බන්ධයෙන් සුබ පතන්න. එහි උද්‍යෝගය මත මීළඟ කඩයිම්ද පහසුවෙන් ජයගැනීමේ සැලසුම් සකස් කරන්න. අවශ්‍ය තැන්හිදී නිසි පරිදි මගපෙන්වන්න.

දරුවා අසමත් වූයේ නම්, අසමත් වීම යනු සාර්ථකත්වයේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය නොවන බවත්, සාර්ථකත්වය කරා යන ගමනේ එක් පියවරක් පමණක් බවත් දරුවාට උගන්වන්න. ඔවුන්ගේ පසුබැසීම් හා අත්වැරදීම්, ඉගෙනීමට හා වර්ධනය වීමට ලද අවස්ථාවන් ලෙස බාර ගැනීමට අවශ්‍ය ශක්තිය දෙන්න. පරාජයන් අපට බොහෝ දේ උගන්වනවා. මීළඟ ජයග්‍රහණය පහසුවෙන් අත්පත් කරගැනීමට අවශ්‍ය පන්නරය සපයනවා. අසමත්වීම් තුළින් නොනැවතී, අධෛර්‍ය්යට පත් නොවී ජයග්‍රහණය කළ පුද්ගලයන් පිළිබඳ කතා දරුවා සමග හුවමාරු කරගන්න. (උදා: තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය සොයාගැනීමට කළ පර්‍යේෂණන් හිදී දහස් වරකට වඩා අසාර්ථක වූවා.)

4. සමස්ත සංවර්ධනය කෙරෙහි අවධානය දෙන්න.

මාපියන් ලෙස ඔබ සිහිතබා ගත යුතු ප්‍රධානතම කරුණක් වනුයේ, ශාස්ත්‍රීය දැනුම (Academics) යනු දරුවාගේ සමස්ත අධ්‍යාපනයේ "එක්" අංශයක් පමණක් බවයි. එක් අංශයක් තුළ සාධනීය මට්ටමට ළඟාවිය නොහැකි වීම යනු, සමස්තයේ කඩාවැටීමක් නොවෙයි. එනිසා, එවැනි අන්තගාමී අර්ථකථනයකට නොඑළඹීමට වගබලා ගන්න. දරුවාගේ රුචිකත්වය හා කුසලතාව පවතිනුයේ, අධ්‍යයන කටයුතුවලින් පරිබාහිර කලාපයක (ක්‍රීඩා, සංගීතය, කලාව, නාට්‍ය වැනි) නම් ඒ සඳහාද දිරිමත් කරන්න. සමබර පෞරුෂයක් හිමි සාර්ථක වැඩිහිටියෙකු ගොඩනැගෙන්නේ ශාස්ත්‍රීය අධ්‍යාපනය මත පමණක් නොව බොහෝ මානයන් හා අධ්‍යයන කලාපයන් තුළ තම දැනුම, කුසලතා, ආකල්ප දියුණු කරගන්නා "ළමයෙකු" තුළිනුයි.

5. යථාර්ථවාදී අරමුණු හා අපේක්ෂාවන් තබා ගන්න.

දෙමාපියන් ලෙස ඔබ, ඔබේ දරුවන් මත මහත් වූ අභිලාෂයන් තබාගැනීම ස්වභාවිකයි. නමුත්, දරුවාට ඔබ ලබාදෙන ඉලක්ක‍යන් හා ඔබ දරුවා මත තබාගන්නා අපේක්ෂාවන් "යථාර්ථවාදී" විය යුතුයි. එනම්, ඔබේ අපේක්ෂාවන් හා දරුවාගේ විභවතාවන්, රුචිකත්වයන් සමපාත විය යුතුයි. දරුවාගේ සිහින පිළිබඳව ඔබ, ඔහු/ඇය සමග සාකච්ඡා කරන්න. සාක්ෂාත් කර ගත හැකි මට්ටමේ අරමුණු ඔවුන්ට පවරන්න. ඒවා වෙත ළඟාවීම පිණිස නිසි මගපෙන්වීම කරන්න. අවශ්‍ය තැන්හිදී තීරණාත්මක ලෙස මැදිහත්වන්න. යථාර්ථවාදී අරමුණු දරුවා කෙරෙහි තබාගැනීම සිත්‍ රිදීම්, අපේක්ෂාභංගත්වයන් සැලකිය යුතු ලෙස අවම කරවනු ඇති.

6. දරුවාගේ විභවතාව තිබෙනුයේ, ලකුණු මට්ටමට වඩා සෑමවිටම ඉහළින් බව පෙන්වාදෙන්න.

විභාගයකට මුහුණදීම යනු දරුවෙකු පමණක් නොව වැඩුණු මිනිසෙකු පවා සැලකිය යුතු තරම් ආතතියකට පත් කරවන්නක්. අනෙක් අතට, ශිෂ්‍යත්වය යනු ඔබේ දරුවාගේ මුල්ම ජාතික මට්ටමේ විභාග අත්දැකීමයි. එනිසා විභාගය අතරතුර දරුවාට අත්වැරදීම් සිදුවීමේ සම්භාවිතාවක් පවතිනවා. ප්‍රශ්න පත්‍රයේ වැරදුණු ඇතැම් ප්‍රශ්න වලට, නිවසට පැමිණි පසු දරුවා නිවැරදිව පිළිතුරු දීම බොහෝ මාපියන්ට සුලබ අත්දැකීමක් වන්නේ එහෙයිනි. පහළ ලකුණු ප්‍රමාණයක් ලැබූ ඔබේ දරුවාට, දරුවාගේ විභවතාව තිබෙනුයේ, ලකුණු මට්ටමට වඩා ඉහළින් බව පැහැදිලිව සන්නිවේදනය කරන්න. මෙම තර්කය ඉහළ ලකුණු මට්ටමක් වාර්තා කළ දරුවන්ටද පොදුයි. ඔවුන්ගේ හැකියාව එකී ඉහළ සාමාර්ථයටද වඩා විශිෂ්ටයි. එනිසා ඔවුන්ව අගයන්න.

කෙසේවුවද, ඔබ, තරමක් පහළ ලකුණු සාමාර්ථයක් සහිත දරුවෙකුගේ මාපියෙකු නම් දරුවාට ඉගැන්විය යුතු වැදගත් පාඩමක් තිබෙනවා. තමාගේ වටිනාකම ලකුණු හා සාමාර්ථ මත පමණක් රඳා නොපවතින බව අවධාරණය කරන්න. ඔවුන්ගේ සුවිශේෂ ගුණාංග, හැකියාවන් හා වටිනාකම් ලෝකයට අගයක් එක් කරන බව පෙන්වාදෙන්න. දරුවා, "ඔබේ දරුවා" වීම නිසාම, ඔහුට/ඇයට ඔබේ පූර්ණ ආදරය හා ආශිර්වාදය හිමි බවත්, දරුවා ළඟාකරගන්නා ප්‍රතිඵල මත ඒ කිසිවක් නොවෙනස් වන බවත් දරුවාට අත්දැකීමෙන් අවබෝධ කරගන්නට ඉඩ හරින්න. ජීවිතය එක් විභාග ප්‍රතිඵලයක් මත පමණක් තීරණය නොවන බවත්, ජීවිත ගමන තුළ විභාග ප්‍රතිඵල ලෙස නොවන ඊට පරිබාහිර බොහෝ ස්වරූපයන්ගෙන් සාර්ථකත්වය තමා කෙරෙහි ළඟාවන බවත් දරුවාට විස්තර කරන්න. නිදසුනක් ලෙස, ඔහු/ඇය වැනි සුරතල් දරුවෙකු ඔබට සිටින බැවින්, ඔබ සාර්ථක මවක්/පියෙක් වන බැව් දරුවාට පවසන්න. එය අසන්නට ඔබේ දරුවා බොහෝ සතුටු වේවි.

✍️ වෛද්‍ය අරුණි ලියනමාන.

මාතෘඅපේක්ෂා | කිරිසිහින සැබෑ කරමු.

#මාතෘඅපේක්ෂා

දන්නවද?
06/02/2025

දන්නවද?

වයස 23දී පැය තුන­කට
ලංකාවේ ‘ජනාධිපතිනිය’ වූ අත්තනගල්ලේ තනූජා

“මේ මොහොතේ මා ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය හැටියට ක්‍රියා කළ යුතු බව එවිට මට තේරුම් ගියා. ඇත්තටම චකිතයක් ඇති වුණේ නැහැ. එන පිළිවෙළට ශක්තිමත්ව මුහුණ දෙනවා කියන අධිෂ්ඨානය මා තුළ ගොඩනැඟුණා.

වැඩිදුර විස්තර >>> https://www.silumina.lk/?p=34981

06/02/2022

Address

Laggala
Matale

Telephone

+94716176710

Website

Alerts

Be the first to know and let us send you an email when Followers වැඩි කර ගමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Followers වැඩි කර ගමු:

Share