Skills is the Future

Directions

Skills is the Future Our main objective is to update information on vocational and vocational education.

📲 GuideMe — ශ්‍රී ලංකාවේ TVET මාර්ගෝපදේශන වේදිකාව දැන් සියලු දෙනාට නොමිලේදැන් Google Play Store සහ iOS App Store වෙතින් ...
14/08/2026

📲 GuideMe — ශ්‍රී ලංකාවේ TVET මාර්ගෝපදේශන වේදිකාව දැන් සියලු දෙනාට නොමිලේ

දැන් Google Play Store සහ iOS App Store වෙතින් ලබාගත හැකියි! Thanks to GIZ, TVEC and all other collaborators making our dream a reality.

ශ්‍රී ලංකාවේ ඔබට ගැළපෙන වෘත්තීය පාඨමාලාව සොයාගැනීම දැන් පහසුයි. GuideMe මඟින් රාජ්‍ය, පෞද්ගලික සහ රාජ්‍ය නොවන ආයතන විසින් පිරිනමන NVQ සහ Non-NVQ වෘත්තීය පාඨමාලා එකම වේදිකාවක් වෙත ගෙන එයි.

✨ ප්‍රධාන විශේෂාංග:

🔹 ප්‍රධාන වෘත්තීය ක්ෂේත්‍රවල NVQ/Non-NVQ පාඨමාලා දහස් ගණනක් පිරික්සීමට හැකියාව

🔹 සජීවී සිතියමක් (Live Map) මඟින් ප්‍රතීතනය ලත් පුහුණු ආයතන සොයාගැනීම

🔹 Savi නම් AI වෘත්තීය සහායකයා — සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සහාය

🔹 වෘත්තීය ගැළපීමේ ප්‍රශ්නාවලියක් (Career Matching Quiz)

🔹 ශ්‍රී ලංකාවේ සහ විදේශීය රැකියා වෙළෙඳපොළ පිළිබඳ තත්‍ය කාලීන තොරතුරු

📥 Google Play වෙතින් බාගත කරන්න:
https://play.google.com/store/apps/details?id=lk.lithium.guideme

📱 iOS App Store වෙතින් බාගත කරන්න:
https://apps.apple.com/lk/app/guideme-lk/id6798517788

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හරහා උපාධියක් හදාරමු!=================================​අධ්‍යාපනය කියන්නේ අනාගතය සාර්ථක ...
14/08/2026

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හරහා උපාධියක් හදාරමු!
=================================

​අධ්‍යාපනය කියන්නේ අනාගතය සාර්ථක කරගැනීමට තියෙන හොඳම ආයෝජනයයි. අ.පො.ස. උසස් පෙළ අවසන් කළ ඔබට, දෙමව්පියන්ට මූල්‍යමය බරක් නොවී පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය ලබාගැනීමට මෙන්න අගනා අවස්ථාවක්!

​රජය මගින් ලබාදෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් කැඳවනු ලබන අතර ඒ සඳහා පහත සුදුසුකම් ඔබ සපුරා තිබේනම් මුලසිට සරලව ඇතුලත්වීමේ ක්‍රමය පිලිබඳව මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය දී පැවැත්වෙන වැඩමුළුවට 2026.09.07 දින පෙ.ව. 9.00ට සහභාගීවී, එදිනම ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට ලියාපදිංචි වියහැක.
(මෙය නොමිලයේ පැවැත්වෙන වැඩසටහනකි)

සුදුසුකම්:
# 2023, 2024 සහ 2025 වර්ෂවල අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට අවම වශයෙන් විෂයන් 03ක් සමත් වී සිටීම.
# පොදු පරීක්ෂණයට ලකුණු 30කට වඩා තිබීම.
# අ.පො.ස (සා පෙල) හෝ උසස් පෙල විභාගයේ ඉංග්‍රීසි විෂයට අවම 'S' සාමාර්ථයක් ලබා තිබීම.
# 2026/09/27 දිනට වයස අවු. 25 නොයික්මවා තිබීම.

නොමිලේ පැවැත්වෙන පූර්ණ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ අන්තර්ගතය:

​👉 ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳව සහ උපාධි පාඨමාලා තෝරාගැනීම පිළිබඳව ඔබව පූර්ණ ලෙස දැනුවත් කිරීම

👉 ලක්ෂ 30ක් ව⁣ටිනා පාඨමාලා ණය යෝජනා ක්‍රමය යටතේ දී ලක්ෂ 15කට ලබා ගැනීමේ ක්‍රමවේදය හඳුන්වා දීම.

👉 අයඳුම්පත් ප්‍රතික්ෂේප නොවීමට ගතයුතු ක්‍රියා පිලිවෙත හඳුන්වා දීම.
ඇතුලු සියඨ පොදු ගැටලු වලට නිශ්චිත පිලිතුරු ලබා දීම මෙදින වැඩමුළුවේදී සිදු කෙරේ.

සෑම වර්ෂයකදීම මෙන්ම මෙවරත් ඔබ වෙනුවෙන්ම සංවිධානය කර ඇති, මෙම විශේෂ වැඩසටහනට ඔබත් අනිවාර්යෙන්ම පැමිණෙන්න.

වැඩසටහන සඳහා ​සම්බන්ධ වන ආකාරය:

පෝස්ටරයේ දක්වා ඇති QR කේතය (QR Code) ස්කෑන් කර හෝ පහත link එක මඟින් හෝ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා පූර්ව ලියාපදිංචි කටයුතු සිදුකර, 2026.09.07 දින ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා නොමිලයේ සම්බන්ධ විය හැක.

https://forms.gle/3Lvnk6M4pZJXivvQ8

​ඔබේ අනාගත සිහිනය සැබෑ කර ගැනීමට අදම මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

සංවිධානය:
නිපුණතා සංවර්ධන අංශය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර
සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල.

🎓 ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට ස්වර්ණමය අවස්ථාවක්! 🎓📢 11 වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත් ...
13/08/2026

🎓 ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට ස්වර්ණමය අවස්ථාවක්! 🎓

📢 11 වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

♨️මෙහෙයවීම හා සංවිධානය
අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිපුණතා සංවර්ධන අංශය.

📅 දිනය* : 2026 සැප්තැම්බර් 07 (සඳුදා)

🕘 වේලාව* : පෙ.ව. 09.00

📍 ස්ථානය*: මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරය

👨‍🎓 අයදුම් කළ හැක්කේ:

✅ 2023
✅ 2024
✅ 2025

වසරවල අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් සිසුන්ටයි.

💡 මෙම වැඩසටහන තුළ,
✔️ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීම
✔️ අයදුම් කිරීමේ ක්‍රියාවලිය
✔️ සුදුසුකම් හා අවශ්‍ය ලේඛන පිළිබඳ දැනුවත් කිරීම

📲 සහභාගීත්වය තහවුරු කිරීම සඳහා* පහත Link එක Click https://forms.gle/3Lvnk6M4pZJXivvQ8 කරන්න.

🎯 ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමට මෙම වටිනා අවස්ථාව මග නොහරින්න!

#පොලීරහිතශිෂ්‍ය

🎓✨ සා.පෙළින් පසු වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන – 2026 ✨🎓2025 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරු දැරියන් සඳහ...
05/03/2026

🎓✨ සා.පෙළින් පසු වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන – 2026 ✨🎓
2025 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරු දැරියන් සඳහා වු වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2026 මාර්තු 05 දින පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා මාර/නාරන්දෙණිය ජාතික පාසල (උපාලි විජේවර්ධන සම්මන්ත්‍රණ ශාලාව) දි දරු දැරියන් 115ක ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි‍.
මේ වැඩසටහන සංවිධානය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,හක්මන කලාප අධ්‍යාපන කාර්යාලය, මාතර දිස්ත්‍රික් වෘත්තීය පුහුණු ආයතන සංසදය සහ මුලටියන, හක්මණ, කඹුරුපිටිය,තිහගොඩ, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල නිපුණතා සංවර්ධන නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
මේ අවස්ථාව සඳහා, කඔුරුපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති, මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන අධ්‍යක්ෂ, ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ දකුණු පාළාත් වෘත්තීය මාර්ගෝපදේශන අධ්‍යක්ෂ, ජාතික අධුණිත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ දිස්ත්‍රික් කළමණාකාර, තල්ල්ල හා මාතර වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරින්, කාර්මික විද්‍යාලය, මාතර, ජාතික අධුණිත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ ආධුණිකත්ව පරික්ෂක නිලධාරින්, ජාතික යොවුන් සේනාංකයේ නිලධාරින්, තරුණ සේවා සභාව යන ආයතන වල මාර්ගෝපදේශන නිලධාරින්, මුලටියන, හක්මණ, වැලිපිටිය,තිහගොඩ, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල නිපුණතා සංවර්ධන නිලධාරින් සහභාගි විය.
මෙ දින ඔවුන් හට,
සා. පෙළින් පසු උ.පෙළ සඳහා සුදුසු විෂය ධාරාවන් තෝරා ගැනීමට මඟ පෙන්වීම. - R K ගාමිණි මහතා(දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරි)
උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම. - පී.ඩී.ප්‍රේමලාල් මහතා, වැලිපිටිය ප්‍රා.ලේ.කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි
වෘත්තීය හා කාර්මික පුහුණුවේ නව ප්‍රවණතා හඳුන්වා දීම. - සිරිවර්ධන මහත්මිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරි
NVQ ක්‍රමවේදය පිළිබඳ සවි ස්තර දැනුවත් කිරීම.- අයි.රත්නසිරි මහතා, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරින් විසින් හරවත් මාර්ගෝපදේශයක් සිදු කරන ලදි.
මිට අමතරව, මාතර දිස්ත්‍රික්කයේ වෘත්තීය පුහුණු ආයතන මඟින් ඔවුන්ගේ පාඨමාලාවන් පිළිබඳව දැනුවත් කිරිමද සිදු කරන ලදි. එමෙන්ම ඉහත QR Code Card පත මගින් NIPUNATHA PIYASA –MATARA යන WhatsApp Group එකට සිසුන් සම්බන්ධ කර ගැනිම ද සිදු කරන ලදි.
මේ වැඩසටහන සාර්ථක තර ගැනිම සඳහා නන් අයුරින් දායක වු සියළුම දෙනාට මෙයින් ස්තුතිය පුද කර සිටිමු.
මෙහි මී ලඟ වැඩ සටහන 2025.03.06 දින මාර/ගොඩපිටිය ජාතික පාසලේ දී පැවැත්වේ.

පහත සඳහන් කාර්මික ශිල්පීන් හට, ඔවුන්ගේ පළපුරුද්ද මත RPL-NVQ 3/4 සහතික නොමිලේ ලබා දීමේ විශේෂ වැඩසටහන..බර පැන දැරීම සහ වැඩ...
20/02/2026

පහත සඳහන් කාර්මික ශිල්පීන් හට, ඔවුන්ගේ පළපුරුද්ද මත RPL-NVQ 3/4 සහතික නොමිලේ ලබා දීමේ විශේෂ වැඩසටහන..
බර පැන දැරීම සහ වැඩසටහන සංවිධානය දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් සිදු කරයි..
1. වඩු කාර්මික ශිල්පී. (ගොඩනැගිලි) Wood Craftsmen- Building.
2. වඩු කාර්මික ශිල්පී. (ගෘහ භාණ්ඩ) Wood Craftsmen- Furniture.
3. පෙදරේරු ශිල්පී. Mason.
4. පෑස්සුම් ශිල්පී. Welder.
5. ජල නල කාර්මික ශිල්පී. Plumber.
6. කම්බි නැවුම් ශිල්පී. Bar Bender.
7. ගොඩනැගිලි පින්තාරු ශිල්පී. Painter.
8. විදුලි කාර්මික ශිල්පී. Electrician.
9. සාත්තු සේවක. Caregiver.
10. භෝජනාගාර සහායක. Food and Beverage Assistant.
11. ඇලුමිනියම් පිරි සැකසුම් ශිල්පී. Aluminum Fabricator.
12. වාහන පින්තාරු ශිල්පී. Vehicle Painter.
13. වාහන විදුලි කාර්මික ශිල්පී. Auto Electrician.
14. ජංගම දුරකථන නඩත්තු ශිල්පී.

තෝරා ගැනීමේ නිර්ණායක..
1. ඉහත ක්ෂේත්‍ර වල රැකියාවක නියැලීම සහ අවම වසර 1.5 ක සේවා කාලය සනාථ කිරීම.
2. විදේශ රැකියාවක් සඳහා යොමු වීමට ඇති කැමැත්ත.
3. රජයේ බැංකු සමග ගනුදෙනු කිරීමට ඇති උනන්දුව.
4. වයස අවු. 18ත් 45ත් අතර විය යුතුයි.
2026 වර්ෂයේ ඔක්තෝබර් 31 දින දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ..

ඉහත සුදුසුකම් සපුරා ඇති, RPL-NVQ සහතිකය ලබා ගැනීමට අදහස් කරණ කාර්මික ශිල්පීන්, ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි වෙතින් අයදුම්පත් ලබා ගෙන සම්පූර්ණ කර ඔහු වෙතට නො පමාව වෙත භාර දෙන්න..

වැඩි විස්තර සඳහා...
0912234332 - ද.ප.සං.අ. ප්‍රධාන කාර්යාලය, බාල දක්ෂ මාවත, ගාල්ල.
0412 227 520 - ද.ප.සං.අ. කාර්යාලය, ගබඩා වීදිය, මාතර. (මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා.)

වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය සම්බන්ධ උපදේශන ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව.මාතර දිස්ත්‍රික් ලේකම් තුමාගේ මඟ පෙන...
05/02/2026

වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය සම්බන්ධ උපදේශන ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව.
මාතර දිස්ත්‍රික් ලේකම් තුමාගේ මඟ පෙන්වීම යටතේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලයේ සංවිධානයෙන් වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය සම්බන්ධ උපදේශන ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන, මාතර, සහකාර දිස්ත්‍රික් ලේකම්, ලක්මාලි තේනුවර මහත්මියගේ සහභාගීත්වයෙන් 2026.02.03 දින පෙ.ව.8.30 සිට ප.ව.2.00 දක්වා මාර/තිහගොඩ ප්‍රාථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දි පවත්වන ලදි.
මේ වැඩසටහන, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය, මාතර, විශ්ව විද්‍යාල විද්‍යායතනය, මාතර, සාගර විශ්ව විද්‍යාල, තංගල්ල, කාර්මික විද්‍යාලය, මාතර, ශ්‍රී වෘත්තීය පුහුණු අධිකාරිය, මාතර, තරුණ සේවා සභාව, මාතර, ජාතික ආධුණිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, මාතර, යොවුන් සේනාංකය, දික්වැල්ල යන දිස්ත්‍රික්කයේ වෘත්තීය හා කාර්මික පුහුණුව/උසස් අධ්‍යාපනය ලබා දෙන ආයතන සහ මුලටියන අධ්‍යාපන කලාපයට අයත් නිපුණතා සංවර්ධන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.
මෙහි මීළඟ වැඩසටහන 2026.02.06 දින මාතර කාර්මික විද්‍යාලයේ දි පැවැත්වේ.

තරුණ ඔබට ආරාධනා .. !!!
26/11/2025

තරුණ ඔබට ආරාධනා .. !!!

Address

District Secretariat Office
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Skills is the Future posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share