05/03/2026
🎓✨ සා.පෙළින් පසු වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන – 2026 ✨🎓
2025 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරු දැරියන් සඳහා වු වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2026 මාර්තු 05 දින පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා මාර/නාරන්දෙණිය ජාතික පාසල (උපාලි විජේවර්ධන සම්මන්ත්‍රණ ශාලාව) දි දරු දැරියන් 115ක ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
මේ වැඩසටහන සංවිධානය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,හක්මන කලාප අධ්‍යාපන කාර්යාලය, මාතර දිස්ත්‍රික් වෘත්තීය පුහුණු ආයතන සංසදය සහ මුලටියන, හක්මණ, කඹුරුපිටිය,තිහගොඩ, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල නිපුණතා සංවර්ධන නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
මේ අවස්ථාව සඳහා, කඔුරුපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති, මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන අධ්‍යක්ෂ, ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ දකුණු පාළාත් වෘත්තීය මාර්ගෝපදේශන අධ්‍යක්ෂ, ජාතික අධුණිත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ දිස්ත්‍රික් කළමණාකාර, තල්ල්ල හා මාතර වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරින්, කාර්මික විද්‍යාලය, මාතර, ජාතික අධුණිත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ ආධුණිකත්ව පරික්ෂක නිලධාරින්, ජාතික යොවුන් සේනාංකයේ නිලධාරින්, තරුණ සේවා සභාව යන ආයතන වල මාර්ගෝපදේශන නිලධාරින්, මුලටියන, හක්මණ, වැලිපිටිය,තිහගොඩ, කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල නිපුණතා සංවර්ධන නිලධාරින් සහභාගි විය.
මෙ දින ඔවුන් හට,
සා. පෙළින් පසු උ.පෙළ සඳහා සුදුසු විෂය ධාරාවන් තෝරා ගැනීමට මඟ පෙන්වීම. - R K ගාමිණි මහතා(දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරි)
උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම. - පී.ඩී.ප්‍රේමලාල් මහතා, වැලිපිටිය ප්‍රා.ලේ.කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි
වෘත්තීය හා කාර්මික පුහුණුවේ නව ප්‍රවණතා හඳුන්වා දීම. - සිරිවර්ධන මහත්මිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරි
NVQ ක්‍රමවේදය පිළිබඳ සවි ස්තර දැනුවත් කිරීම.- අයි.රත්නසිරි මහතා, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරින් විසින් හරවත් මාර්ගෝපදේශයක් සිදු කරන ලදි.
මිට අමතරව, මාතර දිස්ත්‍රික්කයේ වෘත්තීය පුහුණු ආයතන මඟින් ඔවුන්ගේ පාඨමාලාවන් පිළිබඳව දැනුවත් කිරිමද සිදු කරන ලදි. එමෙන්ම ඉහත QR Code Card පත මගින් NIPUNATHA PIYASA –MATARA යන WhatsApp Group එකට සිසුන් සම්බන්ධ කර ගැනිම ද සිදු කරන ලදි.
මේ වැඩසටහන සාර්ථක තර ගැනිම සඳහා නන් අයුරින් දායක වු සියළුම දෙනාට මෙයින් ස්තුතිය පුද කර සිටිමු.
මෙහි මී ලඟ වැඩ සටහන 2025.03.06 දින මාර/ගොඩපිටිය ජාතික පාසලේ දී පැවැත්වේ.