25/09/2017
ජපන් යෑම හා නොයෑම
රැල්ලට අහුවෙලා ජපන් යන්න සුදානම් වුවත් ඔබ නොදත් දේ ,නොහිතන දේ බොහෝයි .මේ වන විට සියලු පළාත්වල ඉලිජිබිලටි නිකුත් වී ඇති අතර ලැබූ අය සතුටින් හා නොලැබූ අය දුක් වන අතර තව සමහර අය අයදුම් කලා සේ සිතන් සිටියත් අවසන් මොහොතේ කුමක් හෝ අඩුපාඩුවකට එම පාසලෙන් අයදුම් පත නොදා සිටින්නටත් පුළුවන් නිසා ඇත්තටම රිජෙක්ට් වුවා දැයි ඒජන්ට් ගෙන් අසා දැනගන්න .ගොඩක් ඒජන්ට්ලා තමන්ගේ අයදුම් කල කෙනෙක් රිජෙක්ට් උනොත් නැවත එම වරද නිවැරදි කර අයදුම් කර දේ .
100% වීසා ෂුවර්
ලස්සනට ads දාල තිබුනත් කුමන ඒජන්ට් කෙනෙකුට තියා අයදුම් කරන පාසලටවත් 100% වීසා ලැබෙවියයි සහතික විය නොහැකියි .මොකද වීසා පත නිකුත් කරනුයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසිනි .එයට අවශ්‍ය විදියට ලියකියවිලි සුදානම් කිරීම ඒජන්ට් හා පාසැල විසින් කරනු ලබයි ,කිසිම පාසලක් හෝ ඒජන්ට් කෙනෙක් විස රිජෙක්ට් වන්න බලාගෙන අයදුම් නොකරන නිසා යම් තරමින් හෝ වාසනා වකුත් ඔබපසුපස තිබිය යුතුයි .ඔබ එජන්ටව තෝරා ගැනීමේදී ගොඩක් හොදට හොයල බලල තිරනකට එන්න .
වීසා ලැබිලත් නොයන සිසුන්
ජපන් ගමන ලහි ලහියේ වන දෙයක් නොවන නිසා අද පටන් ගත්තත් විස ලැබෙන්නේ තවත් මාස ගණනකට පසුව නිසා ප්ලෑන් කරලා හොදට හිතල බලල තීරණ ගන්න .ලැබුනට පසු පසුතැවිලි වන්නේ ඔබ පමණක් නොවේ ඔබේ ඒජන්ට් වුවද අපහසු තාවයන්ට ලක්වේ ,එම ඒජන්ට් ටත් නැවත එම පාසලට ළමුන් හදුන්වා දියනොහැකියි ,මන්දයත් පාසැල හා ඒජන්ට් අතර ඇති විශ්වාශය පලුදු වන බැවින් නැවතත් එම ඒජන්ට්ගේ ළමුන් එම පාසලට ඇතුලත් නොකර ගන්න බැවිනි .එසේම ඒජන්ට්ගෙන් දඩ මුදලක්ද අයකරගනුලබයි , එම තත්වය නිසයි ගොඩක් ඒජන්ට්ලා අයදුම් කිරීමට පෙර ඇඩ්වාන්ස් මුදලක් ඉල්ලා සිටින්නේ .මුලික මුදලක් නොමැතිව කට වචනය පමණක් විශ්වාස කර කරවදෙන ඒජන්ට්ලත් ඉන්න අතර ඔවුන් ඉතාමත්ම අපහසුතාවයන්ට ලක්වේ .
හොස්ටල් ගාස්තු
මේ පටලවෙන තවත් තැනක් ,ගණන් කතාකරද්දී නවතැන් ගැනත් හොදට විස්තර කතාකරගන්න ,සමහර පාසල් වල හොස්ටල් අනිවාර්ය කරන අතර එය මාස 3ක් හෝ මාස 6ක් එකවර ගෙවා ඇතුළත්වීමට සිදුවන බැවින් කල්පනකරිවන්න .
අලුත් පන්ති
මේ මස අලුතින් පන්ති පටන්ගන්න බැවින් එදාට පැමිණ සියලු විස්තර අසදැනගන්න 076 3574309