The students union of Faculty of science - University of Ruhuna

The students union of Faculty  of science - University of Ruhuna The Official page of The Students' Union of Faculty of Science , University of Ruhuna

සරසවි සිසුනට සිදුවන විවිධ අසාධාරනයනට එරෙහිව, ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් නීති පෙනී සිටීමටත් නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහසත් මතු පරපුරු වලට සුරක්‍ෂා කර දීම වෙනුවෙන් සහ රටට වැඩදායි විද්‍යාර්ථයින් බිහි කරනුවස් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය රුහුණ විශ්වවිද්‍යාලය

Wishing all the amazing students of the Faculty of Science, University of Ruhuna, the very best for your Second Semester...
09/08/2026

Wishing all the amazing students of the Faculty of Science, University of Ruhuna, the very best for your Second Semester Examinations! ✨📚

Your hard work, dedication, and perseverance will surely lead you to success. 💪🌟

Stay focused, believe in yourself, and give it your best!🧑‍🎓🫂

Good luck, everyone!
May all your efforts bring you the results you deserve! ❤️

🔔 Follow our official WhatsApp Channel for updates:
https://whatsapp.com/channel/0029Vb41eAYChq6GQ2fs8r3h

The Students’ Union
Faculty of Science
University of Ruhuna

27/07/2026

"පරපුරක් බිහි කරවු මාවතේ තනි නොවූ.."

රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ 48 වන ශිෂ්‍ය කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන්, 47 ශිෂ්‍ය කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද තොරණ.

47 ශිෂ්‍ය කණ්ඩායම
විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය.

11/07/2026

රුහුණ විශ්වවිද්‍යාලය ඇතුළු අවට ප්‍රදේශයේ පවතින ඩෙංගු හා අනෙකුත් වසංගත රෝගයන් හේතුවෙන් මුහුණ පා ඇති සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම උදෙසා 2026.07.09 දින මහා ශිෂ්‍ය සංගමය මගින් පැවැත්වූ මාධ්‍ය හමුව

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

රුහුණ විශ්වවිද්‍යාලය තුළ මේ වන විට ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු, පැපොල සහ වෛරස් උණ තත්ත්වයන් මෙන්ම, ඒ සම්බන්ධයෙන් විශ්වවිද්...
09/07/2026

රුහුණ විශ්වවිද්‍යාලය තුළ මේ වන විට ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු, පැපොල සහ වෛරස් උණ තත්ත්වයන් මෙන්ම, ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අනුගමනය කරන නිහඬ පිළිවෙත පිළිබඳව කරුණු දැක්වීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් 2026.07.09 දින පැවැත්වුණු අතර මෙය රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා ඇතුළු වගකීම් දරන ශිෂ්‍ය නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කරනු ලැබිණි.

මෙහිදී මේ වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, ඊට අමතරව පැපොල සහ වෛරස් උණ රෝගීන්ගේද දැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවත්, මෙම අවදානම් සහගත තත්ත්වය පිළිබඳව විශ්වවිද්‍යාල පරිපාලනය මනාව දැනුවත් කර තිබුණද, මේ දක්වා ඔවුන්ගෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්, රෝගී වන සිසුන්ට ප්‍රතිකාර කිරීමේදී විශ්වවිද්‍යාලයීය වෛද්‍ය මධ්‍යස්ථානය තුළ පවතින වර්තමාන තත්ත්වය සහ එහි ගැටලු පිළිබඳවද සභාපති සහෝදරයා විසින් මෙහිදී දැඩිව අවධාරණය කෙරිණි.

තවද මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන ලෙසත්, ආසාදිත සිසුන් වහාම නිරෝධායනයට ලක් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් මහා ශිෂ්‍ය සංගමය විසින් බලධාරීන්ට දැන්වූ අතර මෙම සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා පාලනාධිකාරිය විසින් කඩිනමින් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම්, සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග වෙත එළඹෙන බවට මහා ශිෂ්‍ය සංගමය විසින් පාලනාධිකාරියට අවධාරණය කර සිටින ලදී.

2026 -07-09

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

ඩෙංගු සහ අනෙකුත් වෛරස් රෝග ව්‍යාප්තියත් සමඟ වැල්ලමඩම පරිශ්‍රයේ සහෝදර සහෝදරියන් රැසක් පීඩාවට පත්ව සිටින අතර, එහි බලපෑම වි...
08/07/2026

ඩෙංගු සහ අනෙකුත් වෛරස් රෝග ව්‍යාප්තියත් සමඟ වැල්ලමඩම පරිශ්‍රයේ සහෝදර සහෝදරියන් රැසක් පීඩාවට පත්ව සිටින අතර, එහි බලපෑම විද්‍යාපීඨයටද සැලකිය යුතු ලෙස එල්ල වී ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අද දින (08/07) විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාපීඨ පීඨාධිපතිතුමිය වෙත නිල ලිපියක් යොමු කරන ලදී. එම ලිපිය මඟින් වත්මන් තත්ත්වය පැහැදිලි කරමින්, සිසුන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සැලකිල්ලට ගෙන සුදුසු විවේක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

තවද, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කෙටිකාලීනව ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාමාර්ග මෙන්ම, වාර්ෂිකව ක්‍රියාත්මක කළ යුතු දීර්ඝකාලීන වැළැක්වීමේ වැඩපිළිවෙළ පිළිබඳ යෝජනාද එම ලිපියට ඇතුළත් කර ඇත.

විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය ලෙස සියලුම ශිෂ්‍යයන්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම් අඛණ්ඩව සිදුකරනු ඇත.

විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය

With the increasing spread of dengue and other viral illnesses, a considerable number of students within the Wellamadama University premises have been affected, and the Faculty of Science has also experienced a significant impact.

In response to this situation, the Faculty of Science Students' Union submitted an official letter to the Dean of the Faculty today (08/07). The letter outlines the current situation and respectfully requests that an appropriate recovery period be granted, considering the health and well-being of the students.

The letter also includes recommendations on both short-term measures to help control the current situation and long-term preventive actions that should be implemented annually to reduce the risk of similar outbreaks in the future.

The Students' Union remains committed to taking every possible step to safeguard the health, safety, and welfare of all students.

Students' Union
Faculty of Science
University of Ruhuna

පොසොන් කූඩුව 2026 පොසොන් පොහොය නිමිත්තෙන් විද්‍යාපීඨ 46 සහෝදරත්වය විසින් සදා නිමකරන ලද පොසොන් කූඩුව විශ්වවිද්‍යාලීය ප්‍ර...
01/07/2026

පොසොන් කූඩුව 2026

පොසොන් පොහොය නිමිත්තෙන් විද්‍යාපීඨ 46 සහෝදරත්වය විසින් සදා නිමකරන ලද පොසොන් කූඩුව විශ්වවිද්‍යාලීය ප්‍රධාන පිවිසුම අසල පොහොය දින සිට ප්‍රදර්ශනය කෙරේ.

46 සහෝදරත්වය
විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය
රුහුණ විශ්වවිද්‍යාලය

සිසු ජීවිත අනතුරේ !!!වෛද්‍ය මධ්‍යස්ථානයේ පවතින ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙනු!මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාල...
01/07/2026

සිසු ජීවිත අනතුරේ !!!

වෛද්‍ය මධ්‍යස්ථානයේ පවතින ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙනු!

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

2026-06-28.        මාධ්‍ය නිවේදනයයි!ආදරණීය සහෝදරයා/සහෝදරිය,ඩෙංගු රෝග ව්‍යාප්තිය සමඟ විශ්වවිද්‍යාලයේ සිසුන් හට උද්ගතව ඇති...
01/07/2026

2026-06-28.

මාධ්‍ය නිවේදනයයි!

ආදරණීය සහෝදරයා/සහෝදරිය,

ඩෙංගු රෝග ව්‍යාප්තිය සමඟ විශ්වවිද්‍යාලයේ සිසුන් හට උද්ගතව ඇති ගැටලුකාරි තත්වයන් හේතුවෙන් 2026-06-28 දින මහා ශිෂ්‍ය සංගමය විසින් විශ්වවිද්‍යාලයීය පරිපාලනයට යොමු කළ ලිපිය සම්බන්ධව.

මේ වන විට ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ යම් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන අයුරින් ව්‍යාප්තව ඇත. ඒ අතුරින් මාතර ප්‍රදේශය අධි අවදානම් කලාපයක් ලෙස නම් කිරීමක් ද කර ඇත. සිසුන් 8000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු හදාරන වැල්ලමඩම පරිශ්‍රයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ තෙවන වසර සිසුවියක් ද මෙම ඩෙංගු රෝගී තත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇත. විශ්වවිද්‍යාල පරිශ්‍රය, නේවාසිකාගාර සහ පෞද්ගලික නේවාසිකාගාර මෙන්ම විශ්වවිද්‍යාල පරිශ්‍රය අවට ප්‍රදේශයන් හි පවතින තත්වයන් මත මෙම ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමක් සිදු විය හැකිය. එසේම මාතර දිස්ත්‍රික් රෝහලට අදාලව සිසුන් හට නේවාසිකව ප්‍රතිකාර කිරීමට අපහසු තත්වයක් ද පැන නැඟී ඇත්තේ රෝහලේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙනි.

එමෙන්ම, විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ පවතින ගැටලු සම්බන්ධව මීට පෙර විශ්වවිද්‍යාල පරිපාලනය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුවත් කිරීම සිදු කරන්නේ වෛද්‍ය මධ්‍යස්ථානයේ පවතින ගැටලු තත්වයන් වෙන වෙනම ඉදිරිපත් කරමිනි. එසේම සිසුන් රෝගී වී සිටින අවස්ථාවේදිත් තමන්ගේ දේශන සඳහා පෙනී සිටින්නේ මෙම විශ්වවිද්‍යාල පරිපාලනය 80% නිර්ණායකය කුමන පදනමක් යටතේ වුවද අනිවාර්ය කර ඇති හේතුවෙනි. නමුත් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යන සිසුන් හට එහිදී අවශ්‍ය ඖෂධ සහ ප්‍රතිකාර ලබාදීමට අපොහොසත් වන වෛද්‍ය මධ්‍යස්ථානය භාර නිලධාරීන් සිසුන් හට විවේකය ගැනීමට අවශ්‍ය වෛද්‍ය සහතිකය පවා ලබා නොදීමට කටයුතු කිරීම සම්බන්ධව පවතින විරෝධය ප්‍රකාශ කළෙමු.

එමෙන්ම මෙම පවතින තත්වය හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන් හි සිසුන් හට නිරෝධායනයට නිවාඩු කාලයක් ලබාදෙන ලෙස විශ්වවිද්‍යාල පරිපාලනයට යෝජනා කළ අතර එයට හේතුව වන්නේ විශ්වවිද්‍යාලයේ සිටින සිසුන් අතර ඩෙංගු රෝගී තත්වය ව්‍යාප්ත වීම අවම කිරීමට සහ සිසුන්ගේ ජීවිත සම්බන්ධව ඇති අවදානම පදනම් කරගනිමිනි. එම කාල පරාසය තුළ නැවත විශ්වවිද්‍යාලය සහ නේවාසිකාගාර මෙන්ම විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශ පිරිසිදු කිරීමක් සිදු කළ යුතු බව ද යෝජනා කළ අතර. එසේම ඉහත යෝජනාව සම්බන්ධව සංවේදිව කටයුතු කරන ලෙස විශ්ව විද්‍යාලයීය පරිපාලනය දැනුම් දීම සිදු කරන අතර මෙම යෝජනාව බැහැර කිරීමෙන් පසුව උද්ගත වියහැකි තත්වයන් වල දී සිසුන් හට ගැටලුවක් ඇති වුවහොත් මහා ශිෂ්‍ය සංගමය ලෙස ඉදිරි ක්‍රියාමාර්ග තේරිමක් සිදු කරන බවද දැනුම් දෙන ලදි.

මෙයට,

චමිඳු උදයන්ත,
සභාපති,
මහා ශිෂ්‍ය සංගමය,
රුහුණ විශ්වවිද්‍යාලය.

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ... அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்... The have loved you uncondition...ශිෂ්‍ය වීර දිනය...
21/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ...
அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்...
The have loved you uncondition...

ශිෂ්‍ය වීර දිනය 2026

විරු සිසු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

2026/06/20

Address

University Of Ruhuna
Matara
50000

Alerts

Be the first to know and let us send you an email when The students union of Faculty of science - University of Ruhuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to The students union of Faculty of science - University of Ruhuna:

Shortcuts

Share