Social Science Association - University of Moratuwa

Social Science Association - University of Moratuwa සමාජය විසින් සමාජය උදෙසා ...........
සමාජ වි?

10/03/2014

වකුගඩු රෝගය ගැන අපේ වෙදුන්ගේ අණාවරණය විදෙස් මාධ්‍ය කළඹයි…

වකුගඩු රෝගය සම්බන්ධයෙන් මෙරට පර්යේසණ කණ්ඩායමක් විසින් සිදුකල පර්යේෂණය විදෙස් මාධ්‍ය මහත් ඉහලින් වාර්තා කර ඇත. රුසියාවේ රාජ්‍ය පුවත් සේවය වූ RT හි මේ සම්බන්ධයෙන් පලව තිබූ වාර්තාව මෙසේය.

ලංකාවේ සහ තවත් දිළිඳු ගොවි ප‍්‍රදේශවල ව්‍යාප්තව යන මාරාන්තික වකුගඩු රෝගයට කඨින ජලය භාවිතා කරන ස්ථානයක කෘෂි රසායන වර්ග යෙදීම නිසා ඇතිවිය හැකි බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

ඔවුන් පවසන්නේ මොන්සැන්ටෝ සමාගමේ රවුන්ඞ් අප් නම් කෘෂි රසායනය මේ සඳහා ඉවහල්වී ඇති බවයි. රවුන්ඞ් අප් හෙවත් ග්ලයිෆොසේට් රසායනිකය විෂ සහිත වන නමුදු වකුගඩු සඳහා අයහපත් ලෙස බලපෑ හැකි තරම් ප‍්‍රබලත්වයක් එයට නොමැත.

පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ එය කඨින ජලයේ ඇති කැල්සියම්, මැග්නීසියම්, සීසියම් හා යකඩ වැනි ලෝහයන් හා එක්වූ විට වකුගඩු විනාශ කිරීමේ ප‍්‍රබලත්වයකින් යුත් සංයෝගයක් ගොඩනගන බවයි.

පසේ ඇති හෝ කෘෂි රසායනයක් ලෙස එක් කරන ආසනික් සහ කැඞ්මියම් සමග රවුන්ඞ් අප් එක්වූ විටද මෙවැනි තත්වයක් නිර්මාණය කරන බව ඔවුන්ගේ අදහසයි.

මොන්සැන්ටෝ සමාගම පළිබෝධනාශකයක් ලෙස ග්ලයිෆොසේට් අණුවේ පේටන්ට් අයිතිය ලබාගෙන ඇති අතර මේ වන විට ලෝකයේ වැඩියෙන්ම භාවිතා කෙරෙන කෘෂි රසායනය වන්නේද එයයි.

ලංකාවේ උතුරු ප‍්‍රදේශවල මීට වසර 20කට පමණ පෙර මුලින්ම වාර්තාවූ මාරාන්තික වකුගඩු රෝගය මේ වන විට ප‍්‍රදේශයේ වැඩ කරන වයසේ ජනතාවගෙන් 15%ක් පමණ එනම් ලක්ෂ 4ක් පමණ වෙත වැළඳී ඇතැයි වාර්තා වේ.

ඉන්දියාව, එල් සැල්වදෝරය, නිකරගුවාව සහ කොස්ටාරිකාවේද මේ හා සමාන වකුගඩු රෝගී තත්වයන් ව්‍යාප්ත වෙමින් ඇති අතර නිකරගුවාවේ සහ එල් සැල්වදෝරයේ දියවැඩියාව, ඒඞ්ස් සහ ලියුකේමියා නිසා වසරකට මියයන ප‍්‍රමාණයට වඩා වකුගඩු රෝගයෙන් මියයන බව අනාවරණය වී තිබේ.

මූලාශ‍්‍ර – http://rt.com/news/monsanto-roundup-kidney-disease-921/

උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/news/111108/

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
LED Lamps. Made in Sri Lanka !
100% ලාංකික නිපැයුමක් , 100w වැඩි එළියක් , 10w පමණක් වැයවේ.
අපේ දේවල් ගන්න එන්න මෙතනට.. http://goo.gl/Jph2yN
"Ganna Deshiya De Online market ගන්න දේශීය දේ"
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
අපේ රටේ දේවල් අගය කරන සැබැ ශ්‍රී ලාංකිකයෙකු වන්න Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න. මෙය share කරන්න.
www.facebook.com/GannaApeDe
www.gannadeshiyade.com
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

22/02/2014

Like Us ON - සිංහ හඬ ►

විසි වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ,ඉන්දියාවේ සහ මධ්‍යම ඇමරිකානු කලාපයේ ගොවි ජනතාව අතර පැතිර ගිය අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය සොයා ගැනීමට ශ්‍රී ලංකික විද්‍යාඥයන්ට හැකි වී ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන, ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆොර්නියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය සරත් ගුණතිලක සහ ප්‍රියන්තා සේනානායක මහත්මිය එක්ව මෙම සොයා ගැනීම සිදු කර ඇත. රෝගය පැතිර යන ප්‍රදේශවල බහුලව භාවිතා කරන පුර්ණ වල නාශකය (ග්ලයිපොසේට්) , කෘෂි රසායන ද්‍රව්‍ය මගින් එක් වන ආසනික් සහ බැර ලෝහ, කිවුල වැඩි භූගත ජලය සමග එක් වීමෙන් ඇති වන සංයෝගයක් හේතුවෙන් මෙම රෝගය ඇති වන බව ඔවුන් පැහැදිලි කර ඇත.kidn-02

මේ සම්බන්ධ ජාත්‍යන්තර විද්‍යා ප්‍රකාශනය ස්විට්සර්ලන්තයේ පලවන International journal of Environmental Research and Public Health සගරාවේ පල වී ඇත. මනුෂ්‍ය ශරීරයේ ඇතිවන රෝගාබාධයක් පිළිබද ශ්‍රී ලාංකිකයකු සිදු කල පැහැදිලි කිරීමක් අන්තර්ජාතිකව පිලි ගත් විද්‍යා සගරාවක පල වන පළමු අවස්ථාව ද මෙය වේ.

ශ්‍රී ලාංකික විද්‍යාඥයන් සිදු කල මෙම සොයා ගැනීම පිලිබදව ලෝකයේ කෘෂිකාර්මික වකුගඩු රෝගීන් වැඩිම පිරිසක් සිටින රට වන මධ්‍යම ඇමරිකාවේ එල් සැල්වදෝර සෞඛ්‍ය ඇමතිතුමිය සිය රටේ සුබ පැතුම් මේ වන විටත් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දන්වා ඒවා ඇත.

එම පර්යේෂණ පත්‍රිකාව සදහා යොමු – http://www.mdpi.com/1660-4601/11/2/2125

26/08/2013

http://www.insel.ch/uploads/media/130821_Hand_surgery_immunosuppression_02.pdf

12/08/2013
ජිවිත 40 000 කට ආසන්න ප්‍රමාණයක් රටට අහිමි කල රජරට වකුගඩු රෝගය බරපතල ගැටලුවක් වී ඇත. ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට මෙම රෝගය ව...
08/08/2013

ජිවිත 40 000 කට ආසන්න ප්‍රමාණයක් රටට අහිමි කල රජරට වකුගඩු රෝගය බරපතල ගැටලුවක් වී ඇත. ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට මෙම රෝගය වැලදී ඇති බවද සොයා ගෙන ඇත. අවාසනාවකට මෙන් තවමත් මේ වෙනුවෙන් විසදුමක් සොයා ගෙන නැත. ඔවුන් වෙනුවෙන් අපට කල හැකි දේ කුමක්ද? මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි ඔවුනට හැකි අයුරින් පිහිට වෙමු. රජරට වකුගඩු රෝගය පිළිබඳව මහාචාර්ය නලින්ද සිල්වා විසින් අගෝස්තු මස 13 වන දින සවස 5.30 ට විශේෂ දේශනයක් JG ( James gorge auditorium, university of moratuwa )හිදී පවත්වනු ලැබේ. මේ සඳහා ඔබගේ පැමිණීම අප අපේක්ෂා කරමු.

සමාජ විද්‍යා සංගමය

කොළඹ මහත්තුරු නොදකින වයඹ මාරක ලෙඩේ
05/08/2013

කොළඹ මහත්තුරු නොදකින වයඹ මාරක ලෙඩේ

කොළඹ මහත්තුරු නොදකින වයඹ මාරක ලෙඩේ

එක් වන්න අප සමග ►► අඬහැරය - Adaharaya

රජරට විශාලා මහනුවරක්‌ බවට පත් කරමින් දොරින් දොර මළ බෙර වැයෙද්දී බහුජාතික සමාගම් බූවල්ලොත් උන්ට උඩගෙඩි දෙන නිලධාරියොත් උන්ගේ මුදල් බුදින අනෙක්‌ එවුනුත් සාද සැණකෙළිවල සතුටු වූහ. කලකට පෙර විශ්විද්‍යාල ක්‍ෂෙත්‍රයේම ජාතිමාමක විද්වතුන් පිරිසක්‌ රජරටට අත් වූ මේ ආසනික්‌ ව්‍යසනය ගැන රටට හඬ නගා කීහ. එවේලේත් කෘෂි ත්‍රස්‌තයන්ගෙන් යෑපෙන තවත් පිරිසක්‌ අවලාද නැගූහ.

කෙසේ හෝ එලෙස ගංවතුරක්‌ සේ පැතිර ගිය වකුගඩු ලෙඩේ දැන් වයඹටත් පැමිණ තිබේ. කෘෂි රසායන ත්‍රස්‌තවාදීන්ට මේ රට ගිලගන්නට ඉඩ හැර කෘෂි බලධාරිහුද නැලවෙති. ඒ අස්‌සේ වකුගඩු මාරයා නැගී සිටියි. ඩෙංගු ගැනත් වකුගඩු රෝගීන් ගැනත් මොනතරම් තොරතුරු එළිදරව් කළද ආණ්‌ඩුවේ බීරි අලින්ට නොඇසෙයි. එහෙත් අපි මේ කතාවත් රටට කියන්නෙමු.

මේ මොහොතේ වයඹ ඡන්ද සැණකෙළියට හායි ගගා සුදානම් වෙයි. එහෙත් වයඹ ජනතාව මුහුණ දී සිටින මේ විපත ගැන ඒ මහත්වරු කී දෙනෙක්‌ දනිත්ද?

සම්පුර්ණ ලිපිය කියවීමට - http://andaharayalk.blogspot.com/2013/08/blog-post_4848.html

01/08/2013

එක් වන්න අප සමග ►► අඬහැරය - Adaharaya

කාලයක පටන් මේ රටට බත සැපයූ රජරට ගොවි රජුන් ඇතුළු ජනතාව වකුගඩු රෝගීන් කර පරලොව යෑවූ සහ මුළු මහත් ජාතියම රෝගීන් කළ යක්‍ෂයා කෘෂි රසායන ත්‍රස්‌තවාදීන් අපට ශරීරගත කළ ආසනික්‌, කැඩ්මියම් ඇතුළු මාරාන්තික වස විෂ බව දැන් පැහැදිලිව සනාථ වී තිබෙන්නකි. අද මේ යක්‍ෂයා රජරට බිමට එල්ල කර ඇති ප්‍රහාරය කොතරම් භිහිසුණු වී තිබේද? බලධරයනි. දැනටමත් රජරට මිනිසුන් විසි දෙදහසක්‌ මියගොස්‌ සිටිති. තවත් දහනව දහස්‌ අටසියයක්‌ දෙනා සිටිනුයේ වකුගඩු නරක්‌ වී රෝහල් සායන වෙත යමිනි.

තත්ත්වය එසේ වෙද්දී මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද රජරට වකුගඩු මාරයා කවරෙක්‌දැයි තහවුරු කර ඇත්තේය. ඒ කෙසේද? එය සිදු කර ඇත්තේ එම සංවිධානය පැහැදිලි ලෙසම රජයට ඉදිරිපත් කර ඇති වාර්තා ත්‍රිත්වයක්‌ මගිනි. ඉන් පළමු වාර්තාව නිකුත් වන්නේ 2011 වසරේ ජුනි මස 6 සහ 8 යන දින අතරතුරය. එහි සඳහන්ව ඇති සුවිශේෂී කරුණු කිහිපයක්‌ මෙසේ පෙන්වා දිය හැක.

උතුරු මැද සහ ඌව පළාත් තුළ අවුරුදු 15-70 අතර ජනගහනයෙන් සියයට 15 ක්‌ හඳුනානොගත් වකුගඩු රෝගයකට ගොදුරු වී සිටිති. ඒ අතරින් වයස අවුරුදු 40 වැඩි වසර දහයකට වඩා ගොවිතැනෙහි නිරත වූ පිරිමින් රෝගය වැළඳීමේ වැඩි අවදානමකට ගොදුරුව සිටී.

මෙම රෝගය වැළඳුණු පිරිමින් හා කාන්තාවන් බහුතරය සිය මුත්‍රා සමග ඉහළ ආසනික්‌ සහ කැඩ්මියම් ප්‍රමාණයක්‌ පිට කරන අතර වකුගඩු සඳහා විෂ සහිත සාධක කිහිපයක එකතුවකින් මෙම වකුගඩු රෝගය වැළඳෙන බව පෙනී යයි. ඒ ආසනික්‌, කැඩ්මියම් සහ වකුගඩු විෂ සහිත කෘෂි රසායන වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෙවන වාර්තාව නිකුත් වී ඇත්තේ 2011 වසරේ ඔක්‌තෝබර් මස 5-7 යන දිනවලය. එහිදී පළමු වාර්තාවේ කරුණුද පෙන්වා දෙමින් දෙවන වරටත් මේ පිළිබඳ රජයට දැනුම් දී ඇති එම සංවිධානය එකී දෙවන වාර්තාවේ සඳහන් කර ඇති විශේෂිත කරුණක්‌ මෙසේ දැක්‌විය හැකිය.

විෂ සහිත මූලද්‍රව්‍ය පරිසරය තුළ ඒකරාශී වීම බරපතල සෞඛ්‍ය ගැටලු ගණනාවක්‌ නිර්මාණය කරයි. මේ සඳහා නිසි පියවර ගැනීම ප්‍රමාද කිරීම තරුණ පරම්පරාවද සෞඛ්‍ය ගැටලු ගණනාවකට ඇද දමන බවද අවධාරණය කරමු.

2012 වසරේ පෙබරවාරි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සිය තෙවන වාර්තාව නිකුත් කරමින් පවසා ඇත්තේ කුමක්‌ද?

අපි රජරට වකුගඩු රෝගීන් 496 දෙනකුගෙන් ගත් සාම්පල පරීක්‍ෂාවක්‌ සිදු කළෙමු. ඔවුන් අතරින් සියයට 56 දෙනෙක්‌ මුත්‍රා සමග ඉහළ කැඩ්මියම් ප්‍රමාණයක්‌ පිට කරති. සියයට 63 දෙනෙක්‌ මුත්‍රා සමග ඉහළ ආසනික්‌ ප්‍රමාණයක්‌ පිටකරති. මෑතකාලීන පර්යේෂණ අනුව මෙසේ කැඩ්මියම් සහ ආසනික්‌ මුත්‍රාවල පැවැතීම ක්‍රමයෙන් වකුගඩුවලට හානි සිදු වී ඒවා අකර්මණ්‍ය වීමට හේතු වේ.

මේ සටහන් කෙරුණේ එකී වාර්තා ත්‍රිත්වය මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් සුවිශේෂීකොට රජයට අවධාරණය කර තිබෙන කරුණු කිහිපයකි. නමුත් එම සංවිධානය මෙකී අනාවරණය කරන විට රජරට වකුගඩු රෝගයේ මාරයා කෘෂි රසායනවල ඇති ආසනික්‌ ඇතුළු මාරාන්තික විෂ බව මෙරට විද්වත් පිරිසක්‌ද වටිනා හෙළිදරව්වක්‌ කර තිබිණි. ඒ මහාචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය ප්‍රියානි පරණගම සහ මහාචාර්ය මාලා අමරසිංහ යන මහත්ම මහත්මීන් ප්‍රධාන රටට ආදරය කරන විද්වත් පිරිසකි.

එහෙත් පැහැදිලිවම සනාථ වී ඇති රජරට වකුගඩු මාරයා සේම සමස්‌ත ජාතියම රෝගීන් කරන යක්‍ෂයාගේ කතාව මෙසේ වෙද්දී අද මාරයාට කඩේ යන ඉහතකී මහාචාර්යවරුන්, මහාචාර්යවරියන් සහ ආචාර්යවරුන් කියන කතාව වී තිබෙන්නේ කුමක්‌ද? එය නින්දිතය. මොවුන්ගේ එකී නින්දිත කතා පසුපස ඇත්තේ බහුජාතික කෘෂි රසායන ත්‍රස්‌තයන් අතදිහැර පුදන ඩොලර් කුට්‌ටිද විය හැකිය.

මේ රැළේ එක්‌තරා මුග්ධ මහාචාර්යවරකු සිටින්නේය. හැට පැන්නත් වඳුරා බිම නොයන්නේය යන න්‍යාය අමාරුවෙන් අනුගමනය කරන හේ බණක්‌ භාවනාවක්‌ කරගෙන යන තැනකට යමක්‌ කරගත යුතු වයසේ පසුවුවද තවමත් එක්‌ විශ්වවිද්‍යාලයක සිටිමින් කෘෂි රසායන ත්‍රස්‌තවාදය හමුවේ ජාතිය වනසන මාරයාට කඩේ යන්නේ මෙසේය.

"කවුද කියන්නේ රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල තියෙන ආසනික්‌ ඇතුළු විෂ කියලා. ඒක අමූලික බොරුවක්‌. ආසනික්‌ ලංකාවේ භූමියේ හැම තැනම තියෙනවා. එහෙනම් ඔක්‌කොටම වකුගඩු ලෙඩ හැදෙන්න ඕනේ.

මේකට හේතුව ආසනික්‌වත්, කෘෂි රසායනවත් නොවේ. රජරට වකුගඩු රෝගයට එකම හේතුව ඒ පළාතේ භූගත ජලයේ තිබෙන ෆ්ලෝරයිඩ්.. ඔහු අද සැබෑව යටපත් කරමින් සිටින්නේ එලෙසිනි. ඔහුගේ එකී ෆ්ලෝරයිඩ් කතාව පසුපසද ඇත්තේ මහාචාර්ය අභිමානය පිළිබඳව වූ තුට්‌ටු දෙකේ නිමිත්තකි.

එහෙත් අපි එය හෙළි නොකරන්නෙමු. මන්ද එසේ කළහොත් මේ මිනිසා අමු අමුවේම නිරුවත් වන බැවිනි. මෙම මහාචාර්යවරයා දෙසන මුසාවාදයට පැහැදිලිව උත්තර දෙන්නට අප සතුව ඕනෑ තරම් කරුණු තිබේ. නමුත් මුග්ධයකු වුවද මොහුද මහාචාර්යවරයෙකි. එහෙයින් ඔහු හා සමාන දැනුමැති විද්වතකු වෙතින්ම ඔහුට පිළිතුරු දීම වැදගත් වේ.

අපි එය එසේ කළෙමු. මේ බිමේ ආසනික්‌ නිධන්ගතව තිබෙන බවද කියන අතරේ මෙකී මහාචාර්යවරයා රජරට වකුගඩු රෝගය හමුවේ වපුරමින් සිටින ෆ්ලෝරයිඩ් සාධකය පිළිබඳ කතාව අපි කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්වරියන් දෙදෙනකු වූ ප්‍රියානි පරණගම සහ මාලා අමරසිංහ මහත්මීන් වෙත ඉදිරිපත් කළෙමු.

ගෙවෙන මොහොතක්‌ පාසා රජරට ජනතාව පරලොව යවමින් සිටින මාරයා සොයා යැමේ කාර්යයේදී රටේ ජනතාව වෙනුවෙන් සිය දැනුම සමග ශ්‍රමයද කැප කළාවූ විද්වතියන් දෙදෙනකු වන ඔවුන් ඉහත මහාචාර්යවරයාගේ කතාවට ඍජුව පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

නැහැ. ලංකාවේ භූමියේ ආසනික්‌ තිබෙන බවට මෙතෙක්‌ කිසිදු ආකාරයකින් අනාවරණය වී නැහැ. ඒ සම්බන්ධයෙන් භූ විද්‍යාත්මකව තහවුරු වීත් නැහැ. අවම තරමින් මෙරට භූගතව ආසනික්‌ තිබෙන බවට මෙතෙක්‌ කිසිම විද්‍යාත්මක වාර්තාවක්‌ හෝ ඉදිරිපත්ව නැහැ.

සාමාන්‍යයෙන් කිසියම් භූමියක භූගත ආසනික්‌ තත්ත්වයක්‌ ඇති වීමට බලපාන සාධක කිහිපයක්‌ තිබෙනවා. ගිනි කඳු පිපිරීම් සිදුවන ප්‍රදේශවල, ඉතා ගැඹුරු උණු දිය උල්පත් තිබෙන ප්‍රදේශවල සහ රත්‍රන් පතල් ආදී ලෙසින් ඉතා ගැඹුරු පතල් කැණීම් සිදුවන ප්‍රදේශවල එසේ විය හැකියි.

එසේ වන්නේ සිදුවන ක්‍රියාදාමය තුළ පාෂාණවල ඇති ආසනික්‌ අපද්‍රව්‍යයක්‌ ලෙසින් මතුවීම හේතුවෙන්. එහෙත් ශ්‍රී ලංකාවේ ගිනි කඳු පිපිරීම්, ඉතා ගැඹුරින් මතුවන උණුදිය උල්පත් හෝ ගැඹුරින් සිදුවන පතල් කර්මාන්ත නැහැ. ඉතින් කොහොමද මෙරට භූමියෙන් ආසනික්‌ තත්ත්වයක්‌ මතුවෙන්නේ.

මෙහිදී පැහැදිලිවම කිවයුතු කරුණක්‌ තිබෙනවා. ඒ තමයි අප රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණවලදී රජරට බිමේ ආසනික්‌ තැන්පත් වී තිබුණේ මතුපිට භූමියේ පමණක්‌ බව තහවුරු වීම. භූමියේ අඩියෙන් අඩිය ගැඹුරට යමින් අප ඒ පර්යේෂණය සිදු කළා.

එහිදී හොඳින්ම පෙනී ගියා ගැඹුරට යන්නට යන්නට ආසනික්‌ ප්‍රමාණය අවම වන බව. අඩි පහළව, විස්‌ස වගේ ගැඹුරු මට්‌ටම්වලදී ආසනික්‌ මුලද්‍රව්‍ය තිබුණේම නැති තරම්. ඉතින් ශ්‍රී ලංකාවේ භූගත ආසනික්‌ තත්ත්වයක්‌ තිබෙනවා නම් අපේ පර්යේෂණයේදී ගැඹුරට යනවිට පවතින ආසනික්‌ ප්‍රමාණය අවම වෙන්නේ කොහොමද? ශ්‍රී ලංකාවේ භූගතව ආසනික්‌ නිර්මාණය වී තිබෙනවා නම් එලෙස ගැඹුරට පරීක්‍ෂා කිරීමේදී ආසනික්‌ මට්‌ටම අවම වීමක්‌ කෙසේවත් සිදුවිය නොහැකියි. මේකයි ඔය කියන මහාචාර්යවරයාගේ කතාවට දෙන්න පුළුවන් පැහැදිලි පිළිතුර.

අනික මතුපිට භූමියේ ආසනික්‌ තිබීම සහ ගැඹුරට යැමේදී අවම වීම යන කරුණ තුළින් සෘජුවම ගම්‍ය වන්නේ කිසියම් ක්‍රියාකාරකමක්‌ හේතුවෙන් රජරට බිමට ආසනික්‌ එකතු වූ බවයි. ඒ ක්‍රියාකාරකම තමයි රජරට ගොවීන් වසර ගණනාවක්‌ තිස්‌සේ ඉහළ ආසනික්‌ ප්‍රමාණයක්‌ අඩංගු කෘෂි රසායන භාවිතා කිරීම.

අපි මේ පර්යේෂණය සඳහා යොදා ගත්තේ රජරට කුඹුරු යායක්‌ සහ පදවිය වැවේ භූමිය කියන ස්‌ථාන. ඒ හැම පර්යේෂණයකදීම ලැබුණේ එකම පිළිතුර. මතුපිට භූමියේ ආසනික්‌ හමු වුණාට ගැඹුරට යද්දී ඒක එහෙම වුණේ නැහැ.

මේ විෂෙන් මියයන්නේ අපේ ජනතාව. රෝගීන් වෙන්නේ අපේ ජනතාව. මේක ජාතික ගැටලුවක්‌. අපේ පෞද්ගලික ප්‍රශ්නයක්‌ නෙමෙයි. අන්න ඒ නිසා අපි මේ ප්‍රශ්නයේදී එක එක මත ප්‍රකාශ කරන ඔය ආචාර්ය මහාචාර්ය හැමෝගෙන්ම ඉල්ලනවා, මේ ගැටලුව හඳුනාගන්න කියලා. අපි ඉගෙන ගත්තේ රටට සේවයක්‌ කරන්න. එනිසා රටම විනාශ වෙන බව දැන දැනත් පටු ආත්මාර්ථ ඉදිරියේ රටත් ජනතාවත් අමතක කිරීම අපේ අතින් සිදු නොවිය යුතුයි.

ඊළඟ කරුණ තමයි රජරට වකුගඩු රෝගයට හේතුව ෆ්ලෝරයිඩ් කියන එක. ඒකෙත් කිසිදු සත්‍යතාවක්‌ නැහැ. රජරට ජලයේ ෆ්ලෝරයිඩ් තිබෙන බව ඇත්තක්‌. නමුත් ලංකාවේ මොණරාගල, හම්බන්තොට, වැල්ලවාය, යාපනය ආදී ප්‍රදේශවල ජලයේත් ෆ්ලෝරයිඩ් තිබෙනවා. ඒත් ඒ ප්‍රදේශවල රජරට වගේ වකුගඩු රෝගීන් හමුවන්නේ නැහැ. ඒ වගේම රජරටත් අධීකව ෆ්ලෝරයිඩ් තියෙන සමහර ප්‍රදේශවල රෝගීන් නැහැ.

මෙරට ෆ්ලෝරයිඩ් සිතියම හා රෝගීන් හමුවන ආකාරය නිරීක්‍ෂණය කිරීමේදී මේ තත්ත්වය හොඳින් පැහැදිලි වෙනවා. අනෙක මේ වෙනකම් කෙරී ඇති කිසිම ජාත්‍යන්තර පර්යේෂණයකදී සනාථ වී නැහැ වකුගඩු රෝග සඳහා ෆ්ලෝරයිඩ්වල ඍජු බලපෑමක්‌ තිබෙන බවට. ඉතින් රජරට වකුගඩු රෝගයට ෆ්ලෝරයිඩ් සාධකයක්‌ වෙන්නේ කොහොමද?

අප කළ පර්යේෂණයේදී පෙනී ගිය අනෙක්‌ කාරණය තමයි කිසියම් පෝෂක ද්‍රව්‍යයන් රඳවා ගැනීමේදී රජරට පසේ ඊට ඇති හැකියාව. ලංකාවේ භූමියේ විවිධ පස්‌ වර්ග තිබෙනවා. රජරට පවතින්නේ රතු දුඹුරු පස. එය ඉතා සාරවත් පසක්‌. ඒ රතු දුඹුරු පසේ ආසනික්‌ වැනි දේ ර¹ පවතිනවා කියලා මේ වන විට ජාත්‍යන්තර මට්‌ටමින් තහවුරු වී තිබෙනවා.

මෙන්න මේ රතු දුඹුරු පස, රජරට ප්‍රදේශයේ ජලයේ පවතින අධික කිවුල් බව සහ කෘෂිරසායන සමග ඒ බිමට එකතු වෙන ආසනික්‌ ඇතුළු මාරාන්තික විෂ තමයි අද ඒ ජනතාව වකුගඩු රෝගීන් බවට පත්වී මියයැමට ප්‍රබලම සාධකය වී තිබෙන්නේ.

කිවුල් ජලය තිබෙන්නේ සහ කෘෂි රසායන භාවිත කරන්නේ රජරට විතරද කියලා දැන් කෙනෙක්‌ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව්. මෙරට අම්පාර ආදී තවත් ප්‍රදේශ කිහිපයක කිවුල් ජලය පවතිනවා. නමුත් ඒ ප්‍රදේශවල තිබෙන්නේ රතු දුඹුරු පස නොවෙයි. එනිසයි එම ප්‍රදේශවලින් වකුගඩු රෝගීන් මේ විදිහට වාර්තා නොවෙන්නේ. කෘෂි රසායන භාවිත කළාට එම ප්‍රදේශවල පසේ ආසනික්‌ වැනි විෂ රැඳෙන්නේ නැහැ. මේකයි නියම තත්ත්වය.

මේ ගැටලුවට විසඳුමක්‌ ලබාදෙන ගමන් මෙරටට ආනයනය කරන කෘෂි රසායනවල තත්ත්වය පිළිබඳ අප සැළකිලිමත් නොවුණහොත් අනාගතයේදී රතු දුඹුරු පස පවතින තවත් ප්‍රදේශවලත් රජරට වගේ තත්ත්වයක්‌ නිර්මාණය විය හැකියි. මුලතිව් පැත්ත දැනට ඒ අයුරින් අප හඳුනාගෙන තිබෙන ප්‍රදේශයක්‌. මොකද ඒ ප්‍රදේශයේ තිබෙන්නෙත් රතු දුඹුරු පසමයි.

මෙතෙක්‌ ඒ ප්‍රදේශවල මෙවන් තත්ත්වයක්‌ ඇති නොවීමට හේතු වුණේ පසුගිය කාලයේ පැවැති යුදමය ගැටුම් සමග කෘෂි රසායන භාවිත කරමින් ගොවිතැන් කිරීමක්‌ එහි සිදු නොවුණ නිසයි. මේ හැමදේම අප පර්යේෂණයෙන් පස්‌සේ පැහැදිලි කළා. ඒත් කණගාටුවට කරුණ කවුරුවත් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ.

අද කවුරු කොහොම කිව්වත් ශ්‍රී ලංකාවේ භාවිත වන පොහොරවල ආසනික්‌ අඩංගු බව මීට පෙර අවස්‌ථාවක මහාචාර්ය රොහාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක්‌ කළ පර්යේෂණයකදීත් අනාවරණය කරලා තිබුණා. අවාසනාව වුණේ කවුරුවත් ඒ පිළිබඳ අවධානය යොමු නොකරපු එකයි.

පසුගිය කාලයේ රජරට වකුගඩු රෝගය පිළිබඳ පරීක්‍ෂා කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වුණා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා. ඊට වෙන් කෙරුණු මුදල ඇමරිකන් ඩොලර් මිලියන හාරසියයක්‌. ඒ සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන දහනවයක්‌ යෙදවූවා.

මෙකී මුදල් කුට්‌ටි පිටින් ගිලමින් රට සවාරි ගිය ඇතැම් මහාචාර්යවරියන් කෘෂි රසායන ත්‍රස්‌තවාදීන්ට කත් ඇද රටම අන්දවා ඇති අයුරු පිළිබඳවද කියන්නට අප සතුව ඕනෑ තරම් කරුණු තිබේ. එහෙත් අපි ඒවා දැනට හෙළි නොකරන්නෙමු. ඒ මතු ප්‍රයෝජනයට අවැසි වන බැවිනි.

"ඒ ව්‍යාපෘතියට අනුව අදාළ පරීක්‍ෂණ කළෙත් අද කෘෂි රසායනවල පැත්ත අරගෙන කතා කරන මේ වගේ සමහර මහාචාර්යවරුන් සහ මහාචාර්යවරියන්මයි. ඒත් ඔවුන් නියම දේ සොයා බැලුවේ නැහැ. මේ පර්යේෂණවල ප්‍රගතිය පිළිබඳ පසුගිය 2011 ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්‌වීමක්‌ පැවැතුණා. ඒකටත් ගියේ ඔය මහාචාර්යවරුන්මයි. නමුත් අපිත් එදා ඔවුන්ට රහසේ ඒ රැස්‌වීමට ගියා.

එතැනදී අපි කිව්වා රජරට ගිලගන්න මාරයා කෘෂි රසායන සමග එන ආසනික්‌ ඇතුළු වස විෂ බව. අපි ඒක කිව්වහම මේ මහාචාර්යවරු එදා එතැනදීත් කෑගහන්න ගත්තා අපි කියන්නේ බොරු කියලා. ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානය එහිදී තීරණය කළා ඔවුන්ගේ පැත්ත නොගෙන අපි කියන දේ පිළිබඳව පර්යේෂණ කරන්න. ඒ පර්යේෂණ වාර්තා තමයි අද එළි දක්‌වලා තිබෙන්නේ. ඒ පර්යේෂණ අනුව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද තහවුරු කරන්නේ රජරට වකුගඩු රෝගයට හේතුව ශ්‍රී ලංකාවේ භාවිත කරන කෘෂි රසායනවල ඇති ආසනික්‌, කැඩ්මියම් ඇතුළු වස විෂ කියලා.

වරක්‌ අගමැති කාර්යාලයේ තිබුණ සාකච්ඡාවකදී පවතින තත්ත්වය හොඳින් පැහැදිලි කරමින් අපි කිව්වා රජරට තිබෙන අධික කිවුල් ජලය සමග ආසනික්‌ මිශ්‍රවීමෙන් ඇතිවන කැල්සියම් ආසනේට්‌ තත්ත්වය නිසයි මේ වකුගඩු රෝගය පැතිරෙන්නේ කියලා. එතැනදීත් ඔය මහාචාර්යවරු කිව්වේ කැල්සියම් ආසනේට්‌ වතුරේ දිය වෙන්නේ නැහැ කියලා. ඒත් එදා අපි මේ මහාචාර්යවරුන්ට විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්නුවා ඒ දේ වෙන ආකාරය.

ඒත් ඔවුන් පිළිගත්තේ නැහැ. මේකට කියන්නේ අධිපතිවාදය කියලා. නමුත් දවස්‌ දෙකකට සැරයක්‌ වකුගඩු රෝගයෙන් එක මනුෂ්‍යයෙක්‌ මිය යන රටක විය යුත්තේ ඒකද? කළ යුත්තේ තමන් හරි කියමින් මුදුණා වෙන්නට යැමද? මේ මාරක තත්ත්වයට පැහැදිලිවම විසඳුම් තිබෙනවා. ඇයි වගකිවයුත්තන් ඒ ගැන අවධානය යොමු නොකරන්නේ. රජරට මිනිස්‌සු අද ලෙඩවෙලා ඉන්නේ අපි වෙනුවෙන් ගොවිතැන් කලරා. ඒ නිසා අපි මේකට විසඳුමක්‌ දිය යුතුමයි.

මෙතනදී තව එකක්‌ කිව යුතුයි. නොයෙක්‌ විජාතික බලපෑම් සමග අපේ මිනිස්‌සුන්ට අපේකම, අපේ ගොවිතැන අමතක වුණා. ඒ පාරම්පරික දේ අමතක කිරීමේ විපාකයි අද අපි මේ විඳවන්නේ.

මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය සහ මහාචාර්ය මාලා අමරසිංහ මහත්මිය අප කළ විමසීමට අනුව රජරට වකුගඩු මාරයා පිළිබඳ සැබෑ යථාර්ථය පැහැදිලි කරන්නට වූයේ එලෙසිනි. ආණ්‌ඩුවේ වගකිවයත්තනි මේ යක්‍ෂයා කොතරම් බියකරුද?

ප්‍රභාකරන් අප වැනසූ අතීතයේ ඌට කඩේ ගියවුන්ද මේ බිමේ සිටියේය. එහෙත් අවසානයේ සියල්ල පරදා ප්‍රභාකරන්ගෙන් රටත් ජාතියත් මුදා ගන්නට ජනාධිපතිවරයාට හැකි විය.

ඉහත කී මුග්ධ මහාචාර්ය, ආචාර්ය රැළ අද කරමින් සිටින්නේද එදා ප්‍රභාකරන්ට කඩේ ගිය වුන් කළ දේ හා සමානම කාර්යයක්‌ වන්නේය. කථාව එසේනම් ජනපතිතුමනි මේ ත්‍රස්‌තවාදයෙනුත් රටත් ජනතාවත් ගලවා ගන්නට ඔබට හැකි නොවේද?

ලෝක පූජිත විද්‍යාඥයකු වූ ශ්‍රීමත් අයිසෙක්‌ නිව්ටන් මහතා වරක්‌ මෙසේ කියා තිබේ. ස්‌වභාවධර්මයා විස්‌තර කිරීම එක්‌ මිනිසකුට තබා එක යුගයකටවත් කළ නොහැක්‌කකි... එබැවින් අප කළ යුත්තේ අපට කළ හැකි දෙය නිවැරදිව කර අන් අයටද නිවැරදිව කිරීමට යමක්‌ ඉතුරු කිරීම වන්නේය...

අධිපතිවාදයෙන් පෙළෙමින් මාරයාට බිලිවන මිනිසුන්ගේ මළකඳන් ගණනට මල්ල පුරවා ගැනීමට හදන ඉහතකී මුග්ධ පැළැන්තියේ මහාචාර්ය විද්වතුනි. මේ කථාව අවබෝධ කර ගැනීමටවත් නුඹලාගේ මොලගෙඩි තුළ යම ඉඩක්‌ මතු වන්නේ නම් එය ජාතියේ වාසනාවක්‌ම බවද අවසානයට කිව යුතුව ඇත.

රජරට විසි දාහක් මැරූ ආසනික් මිනිමරුවා තවමත් නිදැල්ලේhttp://www.lankadeepa.lk/index.php/articles/103232
29/07/2013

රජරට විසි දාහක් මැරූ ආසනික් මිනිමරුවා තවමත් නිදැල්ලේ

http://www.lankadeepa.lk/index.php/articles/103232

උතුරු මැද පළාතට අයත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මේ වන විට වකුගඩු රෝගීන් 20000ක් පමණ සොයාගෙන තිබේ. රෝහල්වලට පැමිණ ප‍්‍රතිකාර ගන්නා රෝගීන් ගණන මෙය වුවත් මුළු දිස්ත‍්‍රික්කයේම මීට වඩා රෝග

රජරට වකුගඩු රෝගයරජරට ඇතුළු බොහෝ ප්‍රදේශ වල ව්‍යාප්තව පවතින වකුගඩු රෝගයෙන් මේ වනවිට 30 000 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇ...
27/07/2013

රජරට වකුගඩු රෝගය

රජරට ඇතුළු බොහෝ ප්‍රදේශ වල ව්‍යාප්තව පවතින වකුගඩු රෝගයෙන් මේ වනවිට 30 000 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇත. ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මෙම රෝගයට දැනට ගොදුරු වී ඇත. වසර 30 ක් තිස්සේ මෙරට පැවති යුද්ධයෙන්ද මිය ගොස් ඇත්තේ 60 000 ක පමණ ප්‍රමාණයකි. එබැවින් මෙම රෝගය සැබවින්ම බැරෑරුම් ප්‍රශ්නයක් වී ඇත. මෙම රෝගය වලක්වා ගැනීමට තවමත් සමත් වී නැත. පානයට ගන්නා ජලය නිසා මෙම රෝගය පැතිරී යන බව මේ වන විට සොයා ගෙන ඇත. රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා ආසනික් පානිය ජලයට එකතු වී ඇත. අසනික් මෙම රෝගයට මුලික හේතුව විය හැකි බවද අනුමාන කෙරේ. අගනුවර අශ්‍රිතව සිටින ජනතාව මෙය ගණනකට නොගන්නේ මෙහි වකුගඩු රෝගය පැතිරී යාමේ අවදානමක් නොමැති නිසා විය හැකිය. නමුත් මනුෂ්‍යත්වයේ නාමයෙන් අප ඔවුනට පිහිට විය යුතුය. මේ ඒ පිලිබදව සොයා බැලීමට කාලයයි.

සමාජය විසින් සමාජය උදෙසා
සමාජ විද්‍යා සංගමය
මොරටුව විශ්ව විද්‍යාලය

මේ රඟපෑම් ඉවරවන කාලයයිවත්මන් සමාජය කොයිබටද ?සමාජයක උන්නතිය උදෙසා සමාජය කැප කිරීම් කල යුතු බැව් අවිවාදිතය.එනමුදු සමාජයේ ක...
14/07/2013

මේ රඟපෑම් ඉවරවන කාලයයි

වත්මන් සමාජය කොයිබටද ?

සමාජයක උන්නතිය උදෙසා සමාජය කැප කිරීම් කල යුතු බැව් අවිවාදිතය.

එනමුදු සමාජයේ කොටස්කරුවන් වන මොරටුව විද්‍යාර්ථින් කුමක් කරමුද?

අප ජිවත් වන්නේ මෙවැනි රටකය

දිනකට ගබ්සා කිරීම් 600
දිනකට සිදු වන ළමා අපචාර 6
දිනකට සිදු වන ස්ත්‍රී දුෂණ 5
ලොව දෙවැනිම මත්ද්‍රව්‍ය පරිභෝජනය
මිනීමැරුම්, සත්ව ඝාතන, වංචා දුෂණ, ශ්‍රමය සූරාකෑම්, පරිසර දුෂණය අතොරක් නෑ.....

අහෝ! සමාජයක පරිහානියක තරම

"මේවා අස්සේ අපි හොඳට රඟපානවා!"

අනේ අපට මොකෝ අනිත් උන්ට හෙණ ගැහුවත් .... මාත් මගේ කුටුම්භයත් රැකුනොත් ඇතිනේ.

සබඳ අපි කුමක් කල යුතුද?

"සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන"

සමාජයක විඩාව නිවන, සමාජයම නිවී සනසාලන ඒ අමා ගඟට අපිදු එකතු වෙමු. අපට ගැලපෙන සමාජ, ආර්ථික ක්‍රමයක් ගොඩනැගීමට වෙහෙසෙමු. ඒ සඳහා අපි රඟපෑම් ඉවර කරමු.

සමාජය විසින් සමාජය උදෙසා .........
සමාජ විද්‍යා සංගමය
මොරටුව විශ්ව විද්‍යාලය

වවුනියාව කැළෑබෝගස්වැව විද්‍යාලයේ පුස්ථකාලයක් ඉදි කිරීමේ උතුම් සත්කාරය.	අවුරුදු 30ක යුද්ධයෙන් පසුව නැවත තම ගම් බිම් වල පද...
20/03/2013

වවුනියාව කැළෑබෝගස්වැව විද්‍යාලයේ පුස්ථකාලයක් ඉදි කිරීමේ උතුම් සත්කාරය.
අවුරුදු 30ක යුද්ධයෙන් පසුව නැවත තම ගම් බිම් වල පදිංචි වූ වවුනියාව කැළෑබෝගස්වැව ගම්වාසීන්ට තම ජන ජීවිතය අළුතින්ම ගොඩ නගා ගැනීමට සිදු වී ඇත. ඔවුන්ට අත්වැලක් වනු වස් මොරටුව විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා සංගමය කැළෑබෝගස්වැව විද්‍යාලයේ පුස්ථකාලයක් ඉදි කිරීමට ව්‍යාපෘත්යක් ආරම්භ කර ඇත.
ඒ සඳහා ළමා කතා පොත්, නව කතා පොත්, ශිෂ්‍යත්ව විභාගයට අදාල පොත්, සාමාන්‍ය පෙළ විශයානුබද්ධ පොත්, ධර්ම ග්‍රන්ථ, ශාස්ත්‍රීය ග්‍රන්ථ, චරිත කතා ආදී අංශ වලින් පොත් හා අභ්‍යාස පොත් එකතු කිරීමට බලාපොරොත්තු වේ. ඔබ සතුව ඇති භාවිතා කළ හැකි තත්වයේ පවතින පොත් හෝ අළුත් පොත්, මාර්තු 28 දිනට පෙර, ඔබගේ පීඨයේ / දෙපාර්තමේන්තුවේ අපගේ නියෝජිතයන්ට හෝ සුමනදාස ගොඩනැගිල්ලේ WUS පොත්හලට භාර දී මෙම සත්කාරයට ඔබත් දායක වන්න.
සමාජ විද්‍යා සංගමය.
මොරටුව විශ්ව විද්‍යාලය.

Address

University Of Moratuwa
Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Social Science Association - University of Moratuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share