12/11/2025
විශ්වවිද්යාල පද්ධතියෙහි වසර ගණනාවක් තිස්සේ පැන නැගී ඇති ගැටළුන් රැසක් ඉස්මතු කරමින් තොරතුරු තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය මගින් පල කරන ලද ලිපි මාලාවෙහි දිගුවක් ලෙස ඒවාට සාධාරණ විසදුම් ඉල්ලා සිටිමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙතට සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් ඉදිරිපත් කළ අතර, මේ සදහා පිලිතුරු ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත කුමාර මහතා සමග 2025 නොවැම්බර් මස 07 වන දින සාකච්ඡාවක් ලද අතර ඒ සදහා තොරතුරු තාක්ෂණය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වන ලදී.
එහිදී විශ්වවිද්‍යාල ආචාර්ය හිගය, නේවාසිකාගාර පහසුකම් ගැටලුව, පොදු පහසුකම් හිගය හා සමස්ත පද්ධතිමය ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවය යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා විය.
විශ්වවිද්‍යාලය ආචාර්ය හා අනධ්‍යයන කාර්ය මණ්ඩල හිගය සම්බන්ධයෙන් පවත්නා ගැටලුවට විසදුමක් ලෙස සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියටන පුරප්පාඩු 3283ක් සදහා රජයෙන් අනුමැතිය ලැබී ඇති බවත්, මොරටුව විශ්වවිද්‍යාලය සදහා ආචාර්යවරුන් 127 හා අනධ්‍යයන කාර්ය මණ්ඩල 145 දෙනෙකු බදවාගැනීමට අවස්ථාව ලබා දී ඇති බව සදහන් කරන ලදී. නමුත් මෙමගින් වර්තමානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මුහුණ දෙන උග්‍ර ආචාර්ය සහ අකාර්යක්ෂම පරිපාලන ගැටළුන් 100% සම්පූර්ණ නොවන අතර පැලැස්තර විසදුම් නොමැති සාධනීය විසදුමක අවශ්‍යතාවය ඇති බව වැඩිදුරටත් පෙන්වා දුන් අතර ඒ සදහා ඉල්ලීම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අදාල දෙපාර්තමේන්තු වෙත සිදුකර ඇති බවත් ඉදිරියේදී ඒ සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය යෝජනා ලබාදීමට පියවර ගන්නා බවත් සදහන් කරන ලදී.
නේවාසිකාගාර පහසුකම් ප්‍රතිපාදනය කිරීම සදහා රුපියල් බිලියන 25ක මුදලක් වෙන්කර ඇති බවත් එහි පලමු පියවර වශයෙන් බිලියන 04ක් වෙන්වී ඇති බවත් සදහන් කල අතර ප්‍රමුඛතා ලැයිස්තුව පදනම් කරගනිමින් ඒවා ලබාදීමට කටයුතු කරන බව සදහන් කරන ලදී. ප්‍රමුඛතා ලැයිස්තු සම්බන්ධ විමසීමේදී මොරටුව විශ්වවිද්‍යාලයට ප්‍රමුඛතා ලැයිස්තුවේ අවසාන ස්ථානය හිමි වී ඇති බවත් එයට හේතුව ලෙස නේවාසිකාගාර සදහා අවශ්‍යතාව සදහන් කරමින් මොරටුව විශ්වවිද්‍යාලය මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙතට නිසි පරිදි ඉල්ලීම් ඉදිරිපත් කර නොමැති බවට සදහන් විය. එමෙන්ම ඉදිරියේදී විශ්වවිද්‍යාලයට පරිබාහිර කුලී නේවාසිකාගාර ලබා ගැනීම සදහා කැබිනට් අනුමැතිය ලද බවත් එමගින් හෝ පවත්නා තත්ත්වය කළමනාකාරණය කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස විශ්වවිද්‍යාලය දැනුවත් කරනු ලබන බවත් ප්‍රකාශ කරන ලදී.
සෑම වසරකම ඉහල යන ශිෂ්‍ය බදවාගැනීම් වලට සාපේක්ෂව විශ්වවිද්‍යාල පද්ධතියෙහි පොදු පහසුකම් ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් හා මෙහිදී මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් මුහුණ දෙන දැඩි අපහසුතාවය සම්බන්ධයෙන් කරුණු අවධාරණය කල අතර එහිදී සදහන් කරනු ලැබුවේ අත්‍යාවශ්‍ය භාවය මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඉදිරි වසර සදහා ලබා දී තිබූ යෝජනා වලින් විද්‍යාගාර සකස් කිරීම, ආපනශාලා ලබාදීම ඇතුළු පොදු පහසුකම් සම්බන්ධයෙන් ඉදිකිරීම් සදහා අවසර ලබාදීමට ප්‍රමුඛතාවය දුන් බවත් , නමුත් මොරටුව විශ්වවිද්‍යාලය මගින් මේවායෙහි අත්‍යාවශ්‍ය භාවය සදහන් කරමින් ඉදිරි වසර සදහා වන අයවැය සදහා යෝජනාවන් ලබා දිම සිදුකර නොමැති බවයි.
ඒ අනුව මෙම ගැටළු සඳහා, විශේෂයෙන් පළමු වසර ශිෂ්‍යයින් සඳහා නේවාසිකාගාර, ආපනශාලා ගැටළු, පොදු අධ්‍යයන ස්ථාන සම්බන්ධයෙන් ඇති ගැටළු සඳහා විසඳුම් ලෙස ශිෂ්‍යයන් විසින් ගෙන එනු ලබන යෝජනා සෘජුව සලකා බලා ඒවා සදහා විසදුම් ලබා දීමට විශ්වවිද්‍යාලය දැනුවත් කිරීම සිදු කරන බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එම යෝජනා සදහා ගත හැකි ක්‍රියාමාර්ග ගනු ලබන බවටත් , ඒවායෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීමටත් එකග වූ අතර විශ්වවිද්‍යාල පරිපාලනය හා ශිෂ්‍යයන් අතර පවත්නා තත්ත්වයන් සාකච්ඡා කිරීම සදහා පවත්නා ලබන හමුවීම් ක්‍රමානුකූලව නිසි පරිදි සිදු කරන ලෙසට විශ්වවිද්‍යාල දැනුවත් කිරීමක් සිදු කරන ලබන බවටත් ප්‍රකාශ කරන ලදී.
කෙසේ නමුත් විශ්වවිද්‍යාල පරිපාලනය මගින් ශිෂ්‍යයන්ගේ මූලික අවශ්‍යතාවයන් මෙලෙස නොසලකා හරිමින් ගතයුතු ක්‍රියාමාර්ග වන වගකීම් නිසිලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස අප්‍රසාදය පල කරනු ලබන අතර මෙලෙස විශ්වවිද්‍යාල පද්ධතියෙහි පවත්නා ගැටලුකාරී තත්ත්වයන් සදහා වත්මන් රජයෙහි පැලැස්තර විසදුම් නොවන සාධනීය විසදුම් ලැබෙන තුරු ශිෂ්‍ය සංගම් දිගින් දිගටම අවධානයෙන් සිටින බව දැන්වීමට කැමැත්තෙමු.
නිදහස් අධ්‍යාපනය යනු පොරොන්දුවක් පමණක් නොව ක්‍රියාත්මක විය යුතු වගකීමකි.
#විශ්වවිද්යාල_ආචාර්ය_මහාචාර්ය_ගැටලුව_වහා_විසඳනු!
#විශ්ව_විද්‍යාල_නේවාසිකාගාර_ගැටලුව_වහා_විසඳනු