19/10/2026
ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ මොනරාගල දිස්ත්රික් සහතික ප්රදානෝත්සවය 2026
ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ මොනරාගල දිස්ත්රික් සහතික ප්රදානෝත්සවය 2026 ඔක්තෝබර් මස 16 වන දින අභිමානවත් අයුරින් පැවැත්විණි.
මෙම උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිතුමා සහභාගී වූ අතර, මොනරාගල අතිරේක දිස්ත්රික් ලේකම්තුමා ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් ද සහභාගී වූහ.
වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන හා රැකියා ස්ථාපන අධ්යක්ෂ, පුහුණු අධ්යක්ෂ, සැලසුම් හා පර්යේෂණ අධ්යක්ෂ, පරීක්ෂණ හා ඇගයීම් අධ්යක්ෂ ඇතුළු නිලධාරීන් මෙන්ම දිස්ත්රික්කයේ රාජ්ය ආයතන නියෝජනය කරන ප්රධානීහු ද මෙම අවස්ථාවට එක්වූහ.
වෘත්තීය පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කර ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ලබාගත් පුහුණුලාභීන් ඇගයීම මෙහි ප්රධාන අරමුණ විය. ඒ අනුව, NVQ 4 වන මට්ටමේ සහතිකලාභීන් 227 දෙනෙකුට සහතික පිරිනැමීමට කටයුතු කෙරිණි.
ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
වෘත්තීය පුහුණුවේ ජාතික සන්නාමය
fans