VTA NVQ සහතිකයලත් වෘත්තිකයෙකු වී ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න

🚀 **ඔබේ දක්ෂතාවය ව්‍යවසායකත්වයක් බවට පත්කරගන්න!**NVQ පාඨමාලාවක් හදාරලා, **නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත්, ඔබේම ව්‍යාපාරයක...
15/08/2026

🚀 **ඔබේ දක්ෂතාවය ව්‍යවසායකත්වයක් බවට පත්කරගන්න!**

NVQ පාඨමාලාවක් හදාරලා, **නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත්, ඔබේම ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමටත්** අවශ්‍ය දැනුම සහ වෘත්තීය කුසලතා ලබාගන්න.

💡 ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න
📈 ව්‍යාපාරික අවස්ථා හඳුනාගන්න
🎯 ඔබේ දක්ෂතාවයට වටිනාකමක් එක්කරගන්න
🏆 සාර්ථක ව්‍යවසායකයෙකු වීමට පියවර තබන්න

📅 **සැප්තැම්බර් 08** සිට ඔබේ ව්‍යවසායකත්ව ගමන ආරම්භ කරන්න!

📲 වැඩි විස්තර සඳහා WhatsApp: **071 444 6784**
☎️ අමතන්න: **071 94 76 747**

**අද ඔබේ දක්ෂතාවය…
හෙට ඔබේම ව්‍යාපාරයක්! 💙🚀**

#ව්‍යවසායකත්වය

15/08/2026
15/08/2026

වසර 31ක අභිමානවත් ගමනක් | 31 Years of Empowering Skills
fans

14/08/2026

වසර 31ක අභිමානවත් ගමනක් | 31 Years of Empowering Skills
fans #31

අභිමානවත් ජයග්‍රහණයක්! | වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථාන රැසක් තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාව මගින් NVQ සහතිකපත් මිලි...
13/08/2026

අභිමානවත් ජයග්‍රහණයක්! | වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථාන රැසක්

තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාව මගින් NVQ සහතිකපත් මිලියනයක් නිකුත් කිරීම පාදක කරගනිමින් පැවැත්වූ ඇගයීම් උළෙලේදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සුවිශේෂී ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත් විය. 🇱🇰

🥇 වැඩිම NVQ සහතිකපත් නිකුත් කළ රාජ්‍ය ආයතනය ලෙස වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රථම ස්ථානය හිමි විය.

🥇 බස්නාහිර පළාතේ වැඩිම NVQ සහතිකපත් නිකුත් කළ මධ්‍යස්ථානය ලෙස වෘත්තීය පුහුණු අධිකාරියේ නාරාහෙන්පිට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.

🥇 තෘතීක අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි මධ්‍යස්ථාන අතරින් වැඩිම NVQ සහතිකපත් නිකුත් කළ මධ්‍යස්ථානය ලෙස ද නාරාහෙන්පිට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ප්‍රථම ස්ථානයට පත්විය.

🥈 පෙර ඇගයීම් කුසලතා NVQ සහතිකපත් පිරිනැමීමේදී වෘත්තීය පුහුණු අධිකාරිය දෙවැනි ස්ථානය හිමිකර ගැනීම ද සුවිශේෂී ජයග්‍රහණයකි.

තවද, මිලියනවන NVQ සහතිකපත හිමිකරගත් ශිෂ්‍යයා වෘත්තීය පුහුණු අධිකාරියේ ශිෂ්‍යයෙකු වීම මෙම අවස්ථාවේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් විය.

මෙවැනි ජයග්‍රහණ තුළින් ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුවේ ගුණාත්මකභාවය සහ වෘත්තීය පුහුණු අධිකාරියේ ජාතික මෙහෙවර තවදුරටත් තහවුරු වේ.

🇱🇰 ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය

12/08/2026

fans

වෘත්තීය අධ්‍යාපනයේ නව පරපුරක් බිහිකරමින් VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පැවැත්විණිඩිප්ලෝමාලාභීන් 717 දෙනෙකුට ඩිප්ලෝමා ස...
12/08/2026

වෘත්තීය අධ්‍යාපනයේ නව පරපුරක් බිහිකරමින් VTA 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පැවැත්විණි

ඩිප්ලෝමාලාභීන් 717 දෙනෙකුට ඩිප්ලෝමා සහතික

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) විසින් සංවිධානය කරනු ලබන 5 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය – 2026 අද (11) පස්වරු 2.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ VTA ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී VTA පාඨමාලා 15ක් ඔස්සේ වෘත්තීය අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කළ ඩිප්ලෝමාලාභීන් 717 දෙනෙකු වෙත ඩිප්ලෝමා සහතික පිරිනැමිණි.

මෙම පිරිස අතර NVQ 6 මට්ටමේ උසස් ජාතික ඩිප්ලෝමාලාභීන් 33 දෙනෙකු සහ NVQ 5 මට්ටමේ ඩිප්ලෝමාලාභීන් 684 දෙනෙකු ඇතුළත් වේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ප්‍රමාණ සමීක්ෂණය, විලාසිතා නිර්මාණ තාක්ෂණය, රූපලාවන්‍ය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, විදුලි තාක්ෂණය, තරල බල තාක්ෂණය, මෝටර් රථ තාක්ෂණය, CNC නිෂ්පාදනය, මෙකට්‍රොනික් තාක්ෂණය, ශීතකරණ හා වායු සමීකරණ තාක්ෂණය, වෙල්ඩින් සහ ඉදිකිරීම් තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසකින් මෙම ඩිප්ලෝමාලාභීන් බිහිවී තිබේ.

වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව හරහා දේශීය හා ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළට ගැළපෙන නිපුණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් වන අතර, මෙවර ඩිප්ලෝමාලාභීන් 717 දෙනාගේ වෘත්තීය ජීවිතයේ නව පියවරක් සනිටුහන් කිරීම මෙම උත්සවයේ විශේෂත්වය විය.

උත්සවයට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන්, VTA සභාපති/ප්‍රධාන විධායක නිලධාරී විජිත වීරතුංග මහතා, VTA අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රියන්ත වීරසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.

11/08/2026

VTA Convocation 2026

Address

354/2 , "Nipunatha Piyasa", Elvitigala Mawatha
Narahenpita
500

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94117270270

Alerts

Be the first to know and let us send you an email when VTA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to VTA:

Shortcuts

Share