Cief Editor Hot Times Asia

Call Directions

Cief Editor Hot Times Asia MASTER OF MASS COMMNICATION
(University of kelaniya)
Film Director

05/09/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

04/09/2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ 769 වන කාවඩි පෙරහැර සාමකාමීව, විනයානුකූලව හා අතිශය සාර්ථකව පැවැත්වීමට දායක වූ සියලුම ආරක්ෂ...
30/07/2026

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ 769 වන කාවඩි පෙරහැර සාමකාමීව, විනයානුකූලව හා අතිශය සාර්ථකව පැවැත්වීමට දායක වූ සියලුම ආරක්ෂක නිලධාරීන්ට අපගේ උණුසුම් ගෞරවය සහ ප්‍රණාමය. 🇱🇰🙏🩷

එමෙන්ම, ලංකාවේ ආන්දෝලාත්මක දෙවිනුවර පෙරහැරත් කතරගම ලොකු පෙරහැරත් එකම දවසේ කිසිම ගැටළුවක් නොමැතිව සාර්ථකව පැවැත්වීමට කටයුතු කරමින්, විවිධ මඩ චෝදනා මැද්දේද ඒ අභියෝග භාරගෙන “අපිට පුළුවන්” යන විශ්වාසය රටටම පෙන්වූ සියලුම නිලධාරීන්ටද අපගේ විශේෂ ගෞරවය පුද කරමු.

මෙම දැවැන්ත ආරක්ෂක මෙහෙයුම සාර්ථකව මෙහෙයවමින් පොලිස් නිලධාරීන් 1,580 දෙනෙකු සහ සිවිල් නිලධාරීන් 200 දෙනෙකු කාර්යක්ෂමව සම්බන්ධීකරණය කළ නායකත්වයට අපගේ විශේෂ ස්තුතිය.

🩷 දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා
🩷 හම්බන්තොට / මාතර දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චාමික ප්‍රේමසිරි වික්‍රමසිංහ මහතා
🩷 මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත ජයමිණි මහතා
🩷 තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහතා
🩷 තංගල්ල සහාකාර පොලිස් අධිකාරි වරුන්
🩷 තංගල්ල ස්ථානාධිපති වරුන්

එමෙන්ම, මේ සාර්ථකත්වය පිටුපස නිහඬව කැපවූ සියලුම කනිෂ්ඨ පොලිස් නිලධාරීන්, STF නිලධාරීන්, රථවාහන අංශය, බුද්ධි අංශය, විශේෂ රාජකාරිවල නිරත වූ සියලු නිලධාරීන් සහ අනෙකුත් සියලු ආරක්ෂක හා සහායක නිලධාරීන්ගේ කැපවීමද අප අගය කරමු.

නිලය කුමක් වුවත්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවන ඔබ සැම රටේ සැබෑ ශක්තියයි.

සියලුම තරාතිරම්වල නිලධාරීන්ට අපගේ උත්තමාචාරය! ❤️🇱🇰

කන්ද උඩරට වැදගත් පවුලක ඉපදී මහනුවර ධර්මරාජයෙන් සිප් සතර හදාරා දේශීය මෙන්ම විදේශීය උසස් අධ්‍යාපන සුදුසුකම්ද සහිතව ඔහු යුන...
19/07/2026

කන්ද උඩරට වැදගත් පවුලක ඉපදී මහනුවර ධර්මරාජයෙන් සිප් සතර හදාරා දේශීය මෙන්ම විදේශීය උසස් අධ්‍යාපන සුදුසුකම්ද සහිතව ඔහු යුනිලීවර් සමාගමට බැඳන්නේ කළමණාකරණ අංශයෙන් ඉදිරියට යන්නටය. එහෙත් දෛවය ඔහුට එයට ඉඩදුන්නේ නැත.

අද වන විට යුනිලීවර් සමාගමේ සිටියානම් ලක්ෂ විසිපහක් තිහක් හෝ ඊට වැඩිය ලොකු පඩියක් ලබන්නට සියලු සුදුසුකම් සපුරා තියෙද්දී එවකට රටේ අවශ්‍යතාව වූ යුද්ධයට මුහුණදෙන්න ට යුධ පෙරමුණට යන්නට හිත හදාගත් ඔහු .....වරුණ ජයසුන්දර නම් වෙයි.

ඔහුගේ පවුල් පසුබිම අධ්‍යාපනය ගැන කතාකරනවාට වඩා ඔහු තම.සේවාකාලය පුරාවට මේ රටට කර ඇති අපමණ සේවය මේ රටට ආදරය කරන වුන් දනී.නොදන්නා උන්ට කියලාද පලක් නැත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයෙකු ලෙස ඔහු මේ රටේ යුධ කාල වකවානුව පුරාම තම සක්‍රීය සේවය නොමසුරුව ලබාදුන් විශිෂ්ඨයෙකි.බොහෝ අය යුධහමුදාව කල කාර්යයන් දැන සිටියත් ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය යුද්ධයේදී ලබාදුන් දායකත්වය කතා නොකරති...ඒ ඒගැන කතාකරන්නට කරුනු ඔවුන් නොදන්නා නිසාය.

ඊයේ වනතෙක් නැගෙනහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාව සිටි ඔහු වර්ගවාදී යුද්ධයේදී සරත් ෆොන්සේකා,ශවේන්ද්‍ර සිල්වා,චාගි ගාල්ලගේ,ජගත් අල්විස් ලා ද යුද්ධයට ඉදිරිපෙල ගිය අභීත සිංහයන් බඳු සුභාශණ ලා වැනී වීරයන් සමගම කරට කර සිටිමින් එවකට විශේෂ කාර්ය බලකායේ නැගෙනහිර බුද්ධි අංශ බාර නිලධාරියා වශයෙන් ශ්‍රී ලංකා යුධහමුදාව දියත් කල ඒ විශිෂ්ඨ මෙහෙයුමට සිය උපරිම දායකත්වය ලබාදුන් පුද්ගලයෙකි. යුධහමුදාවේ තරම්ම නම් ගම් නොකියවෙන ශ්‍රී ලංකා පොලීසියේ මේ විරුවන් මේ රටේ ඒකීය භාවයට සිය ජීවිතයම කැපකර කෙසේ හෝ මේ රට එක්සේසත් කල උදාර මිනිසුන්ය.ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යනු යුද්ධයට සෘජුව මූහුනදුන් යුධහමුදාව සමග උරෙනුර ගැටී ඔවුන්ට ත්‍රස්තවාදය මැඩලීමට සිය උපරිම දායකත්වය දුන් අතලොස්සක්වූ පොලිස් නිලධාරීන් ගෙන් ඉතිරිව සිටින ජේෂ්ඨ යෙකි.

ඉස්සර තාත්තා නිතර කියූ දෙයක් මට මතක්වෙයි

"හැම කොටියාම දෙ.මලෙකුත් නෙවෙයි...හැම දෙ.මලාම කොටියෙකුත් නෙවෙයි"

ඔව් ...අපි අපේ ජීවතේ හතරෙන් තුනකම මේ කාරනය ඇස්පනාපිට දැක ඇත්තෙමු.

LTTE යට එරෙහිව ත්‍රස්තවාදී යුද්ධයේ තීරණාත්මක සන්ධිස්ථානය වූයේ නැගෙනහිර මුදවාගැනීමේ මානුෂික මෙහෙයූම ය.
LTTE විසින් මුලින් මාවිල්ආරු සොරොව්ව වසා අහිංසක ගොවිජනතාවට ජලය අවහිර කල අවස්ථාවේ එය මුදාගෙන විවෘත කර නැගෙනහිර පලාත ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීම සඳහා දියත්කල "නැගෙනහිර මානුෂික මෙහෙයුම" 2006 ජූලිමස ආරම්භ විය

මෙම අවස්ථාවේ එවකට විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී වරයෙකු ව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් පැය 24ක් ඇතුලත මඩකලපු නගරය,තල්අඩි කඳවුර සහ මඩකලපුව සිට සතුරුකොන්ඩාන් දක්වා කිලෝමීටර් 9 දක්වා මාර්ගය ශ්‍රීලංකා යුධහමුදාවෙන් බාරගෙන ආරක්ෂාව තරකල හෙයින් එහි සිටි භට පිරිස් වෙත මාවිල් ආරු මෙහෙයුමට සහබාගීවන්නට අවස්ථාව ලැබුනි. එවකට ඔහු ඉතා ලාබාල පොලිස් නිලධාරියෙකි...ඒත් රට ජාතිය ගැන ඔහුට තිබූ කැක්කුම පොඩි නොවන්නට ඇත.

ඒ කාලවකවානුවේ 231 වන බලසේනාව භාරව සිටියේ එවකට කර්නල් තනතුරේ සිටි අමල් කරුණාසේකර මැතිඳුන්ය.පසුව ශ්‍රීලංකා යුධහමුදාව විසින් සමස්ථ නැගෙනහිර ප්‍රදේශයම ත්‍රස්තවාදීන් ගෙන් මුදාගැනීමේ මෙහෙයුම දියත්කල අතර.මඩකලපුවේ වවුනතිව් ආරක්ෂක පවුර,වවුනතිව් පාලම් කඳවුර සහ ලාදුරු දූපත ශ්‍රී ලංකා යුධහමුදාවෙන් බාරදුන්නේ වරුණ ජයසුන්දරටයි.ඒ හේතුවෙන් එම බටපිරිස් හට සාම්පූර් මෙහෙයුම සඳහා සම්බන්ධ වන්නට හැකියාව ලැබී ඇත.

මේ අතරම උතුරු මානුෂික මෙහෙයුම හිටපු යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේජර් ජෙනරල් කමල්ගුණරත්න,මේජර් ජෙනරල් ජගත් ඩයස්,මේජර් ජෙනරල් ජගත් අල්විස් යන ජේෂ්ඨ නිලධාරීන් විසින් ඉදිරියටම ගෙනයන ලදී.

LTTE ගුවන්පථ හයෙන් පහක් ම අල්ලාගත්තේ එවකට ලුතිනන් කර්නල් වරයෙකු වූ සුභාශණ වැලිකල යි. LTTE ප්‍රධානම ගුවන්පථ වූ ඉරණමඩු ,අමපකාමම් යන ගුවන් පථ අහිමිවී යාම LTTE යට වැදුන මරු පහරකි.

මේ අයිතිහාසික නැගෙනහිර මෙහෙයුමේදී කොක්කඩිචෝලේ, පලුගාමම්,පෝරතිව්,ශාන්තිමලේ එනම් මන්නාරමේ "සහල් නැලිය" (rice bowl) යන ප්‍රදේශ මුදවාගනු ලැබීය.මෙහිදී මෙම මෙහෙයුම සඳහා යූධහමුදාවට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබාදී ඇත්තේ එවකට සහකාර පොලිස් අධිකාරී වරුන ජයසුන්දර ඇතුළු විශේෂ කාර්ය බළකායයි. එසේම ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ යුද්ධයෙන් මියගිය අවසන් පොලිස් නිලධාරීන් දෙදෙනා වූ පානබොක්කේ සහ පැතුම් කුමාර යන විරුවන් දෙදනා ද ඒ වනවිට සිටියේ වරුණ ජයසුන්දර මහතා සමගය.

2007 ජූලි 10 වනදා වනවිට ශ්‍රී ලංකා යුධ හමුදාව තොප්පිගල LTTE යෙන් මුදවාගෙන එම කඳුමුදුනේ ශ්‍රීලංකා ධජය සිටුවා ඉතිහාසයේ අමරණීය දිනයක් සනිටුහන් කරන්නට සමත්විය.අදටත් අපි භුක්තිවිඳින මේ උත්තරීතර නිදහස උදෙසා.වැඩිපුර කතානොකෙරන චරිතාපදාන ලියවී නැති .එහෙත් මේ අභිමානනීය නිදහස සෛවරීත්වය වෙනූවෙන් සිය ඇස් ඉස් මස් ලේ දන් දුන් අභීත සිංහල විරුවන් අද මතක් වෙන්නේ කාටද.
බොහෝ දෙනා මේ යුධ ඉතිහාසය නොදනී. දන්න උන්ද අද නිදිය.

ඔය වරුණ ජයසුන්දර යුද්ධයට දුන් දායකත්වයෙන් එක් අංශු මාත්‍රයක් පමණි.

මෑතකාලීනව ඔහු වඩාත් ආදරයකල පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ලෙස ඉතා විශිෂ්ඨ සේවාවක් ඉටුකරනු අපි බලාසිටියෙමු. මත්ද්‍රව්‍ය නීතිවිරෝධී ගිනි අවි සහ පාතාලයට පන්න පන්නා පහරදුන් වරුණ ජයසුන්දර කිසිවකුට හෝ කිසිවකට බිය පුද්ගලයෙකු නොවීය .ඔහු විනයගරුක නීතිගරුක අවංක නිලධාරියෙකි. එනිසාම ඔහුගැන බොරු පතුරවන ජයසුන්දර විරෝධී යටිකූට්ටු ව්‍යාපාර වල බොරු බේගල් වලට ද නොබියව මුහුන දෙමින් ඒ කිසිවකින් නොසැලී තමාට පැවරෙන රාජකාරිය අකුරටත් නිසි ලෙසත් ඉටුකලේය.

පාතාලය මැඩලන අතරම ඔහු තම ආයතනයේ සුභ සිද්ධිය ඉතාම ඉහලින් බැලූ ජේෂ්ඨයෙකි. විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ලෙස ඔහු තම ධුර කාලයේ පුරන් වී තිබුනු කුඹුරු අක්කර 125 ක් ද සෝජාන් ක්‍රමයට සිටවූ පොල් අක්කර 40 ක් ද අස්වද්දා වගාකොට එහි අස්වැන්න තම ආයතනයේ දරුවන්ගේ බඩ කට පුරවන්නට යොදාගත්තේය මේවා ගැන පාරම්බාන්නට නොගිය නිහතමානී පුද්ගලයෙකු වූ වරුන ජයසුන්දර එසේ නිහඬව කල සුබසාධන කටයුතු අනන්තය අප්‍රමාණය.

ඔහු තම පෞද්ගලික ධනය ද ඔහුගේ පෞද්ගලික හිතමිත්‍ර යන්ද සම්බන්ධ කරගෙන පාසැල් දරුවන් ඉතා විශාල ප්‍රමාණයකට අධ්‍යාපන උපකරන පොත්පත් සෑම වසරකම ලබාදෙයි. ඔහු කිසිදිනක මේවා පින්තූර ගසා පත්තරවල පල කලේ නැත. දන්නේ ඉතා ලඟින් ඇසුරුකරන අප වැන්නන් පමණි. ඒ මම හිතන්නේ නිල ඇඳුමට යටින් ඔහු තුල ජීවත්වන " අප්පච්චි" යන භූමිකාව ඔහුට දැනෙන නිසාය. තම දරුවාත් මගේ දරුවාත් අනුන්ගේ දරුවනුත් ඔහුට එකය. ඒබව වඩාත් පැහැදිලිවන්නේ ඔහුගේ "සරෝජා" ව්‍යාපෘතිය ගැන හිතන විටයි.

ඔහු හෙට වැඩබාරගනු ඇත්තේ කාන්තා හා ලමා කාර්යාංශය බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලෙසයි. ඒත් සැබවින්ම ඔහු කාන්තාවන් හා විශේෂයෙන්ම ලමා සුබසාධනය ගැන වැඩකරන්නට පටන්ගත්තේ මීට බොහෝ කලකට පෙරය.

ලමා අපචාර මර්ධනය කර අවම කරන "සරෝජා" ව්‍යාපෘතිය වරුන ජයසුන්දරගේ සංකල්පයක් ලෙස අද වනවිට සාර්ථකව ක්‍රියාවට නැංවෙයි.

මේ වනවිට අප රටේ අපචාර වලට ගොදුරුවිය හැකි දරුවන් 10660 දෙනෙකු එම සරෝජා ව්‍යාපෘතිය මගින් බලාකියාගන්නා බව ඔබ දන්නවාද...නෑ ..නේද...එහෙම තමයි ගොඩක් දේවල් ගොඩක් අය දන්නෙ නෑ. ඒ නොදන්නාකම තමයි නිවටයන්ගේ හොඳම ආයුධය

ලමා අපචාර ලමා දූෂන ගැන ලොකුවට කතාකරන ලමා අපචාරයක් සිදුවන විට පමණක් පරල වෙන සමාජය ඒවා වලක්වන්නට ගන්නා ක්‍රියාමාර්ග මොනවද?....කව්රුත් කියව කියවා සිටියාට වැඩක් කරන්නට කෙනෙක් නැත. ඒ අඩුව වරුණ ජයසුන්දරලා වැනි උතුම් මිනිසුන් නිහඬවම ඉටුකරයි ලංකාව පුරා මේ වැඩපිලිවෙල සාර්ථකව ක්‍රියාත්මක වුවහොත් ඉදිරියේදී අපට ලමා අපචාර ලමා දූෂන ගැන අසන්නට නොලැබෙනු ඇත....

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර කෙදිනක හෝ විශ්‍රාම යනු ඇත. නමුත් ඔහු කල සේවය කාලාන්තරයක් පවතිනු ඇත. ඔහු වැඩකරන කුමන ස්ථානය උවත් ඔහු බබලවනු ඇති.

වීරයෝ එහෙමයි ඔවුන් පදවි තාන්තර පට්ටම් බලාගෙන සේවය කලේ නැත.ඔවුන් රැක්කේ රටයි. තමාට පෙර රට ඔවුන්ගේ එකම අභිලාෂය විය. නැතිනම් ඉතාම සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්නට තිබියදී යුද්ධයේ දරුනු ගිනිදැල් මැදට යන්නේ කවුද....

ඔබ කොතැන සිටයත් ඒ තැනට ආලෝකයක් වනු ඇති. ඒ තැන නීතිය ක්‍රියාත්මක වනු ඇති.

වීරයෙක්ට දිවිහිමියෙන් පෙම්කල වීරයෙක් සමග ජීවත්වුන මම දන්නේ වීරයන් ගැන පමණි...මම අපරාධකාරයන් බොරුකාරයන් වංචාකාරයන් නොදනිමි. එය එදත් අදත් හෙටත් එසේමය.

මිරිස් සැරය....ගම්මිරිස් ඊට වඩා මාර සැරය

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ....ඔබට නියතයි ජය !
❤️

Address

Negombo

Telephone

+94775148288

Website

Alerts

Be the first to know and let us send you an email when Cief Editor Hot Times Asia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share