Rengeji Bushshi no kai - 蓮花寺 仏子の会 Japanese language school

Rengeji Bushshi no kai - 蓮花寺 仏子の会  Japanese language school Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rengeji Bushshi no kai - 蓮花寺 仏子の会 Japanese language school, Divulapitiya Road, Demanhandiya, Negombo.

22/12/2017
17/11/2017

📌දෙයක් කරන්න කලින් දෙපාරක් හිතපන් කියන්නෙ නිකන්ද
🇯🇵🇯🇵💴

08/11/2017

⭕️yomiuri පුවත්පතේ වාර්තාක් ඇසුරෙන්

ජපානය තුල රැකියා කිරීම සඳහා අයථා භාවිතයට ලක්වෙන සරණාගත ඇයඳුම් කිරීම අධිකරණ අමත්‍යංශය විසින්, මේ දක්වා ක්‍රියාත්මක වු ඇයඳුම් කිරමෙන් හය මසකට පසු රැකියාවක නිරත වීමේ අවසරය නිකුත් කරන ක්‍රමවේදය අහෝසි කර, රැකියාවක නිරතවීමේ අවස්ථාව පාලනය කරන ක්‍රමවේදයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මේය හැකතාක් නොවැම්බර් මස මැද සිට ක්‍රියාවට නැගීමට අදහස් කර ගෙන සිටින අතර, වසරකට 10,000 ඉක්මන සරණාගත ඇයඳුම් කරුවන් බහුතරයකට මින් රැකියා කිරීමේ ඉඩකඩ ඇහිරේ. ඒ මඟින් මෑත කාලීනව ක්ෂණිකව ඉහල ගිය සරණාගත ඇයඳුම් ප්‍රමාණය අඩු වෙනු ඇතිබව අපේක්ශිතයි.

අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකුට අනුව, මෙම නව ක්‍රමවේදය යටතේ සියළුම සරණාගත අයඳුම් කරුවන් මුල් මාස දෙක ඇතුළත සරල පරික්ෂාවට යට කර, කැටගොරි හතරකට වෙන් කරනු ලබයි. මින් (難民の可能性高い申請者/නියම සරණාගතයෙකු විය හැකි) කැටගරියට ඇතුළු වෙන අයට ක්ෂණිකව රැකියා නිරත වීමේ ඉඩ සලසා දේ.මේ කැටගරියට ඇතුළු කරනු ලබන්නෙ සමස්ත ඇයඳුම්පත් වලින් 1% අඩු ප්‍රමාණයක් බව අදාල ප්‍රකාශකයා සඳහන් කර සිටියි.

අනතුරුව සරණාගතයෙකු බව පැහැදිළිව නොපෙන ඇයඳුම් කරුවන්ව, ඔහුන්ගේ මුල් වීසාව ඉකුත් වු පසු , ජපානය පුරා ඇති රැඳවුම් මධ්‍යස්ථාන 17 ක් තුළ බලෙන් රැඳවුම් ගත කරනු ලැබේ.ශිෂ්‍ය වීසා, පුහුණු වීසා සහ තාවකාලික වීසා ඇතිව පැමිණෙන "තම රට තුළ ණය ගැටළු ආදිය නිසා සරණගාත ඉල්ලා සිටින අයලුන් මෙම රැඳවුම් ස්ථාන වලට ගාල් කරනු ඇත.

එක් වරක් සරණාගත ඇයඳුම් ප්‍රතික්ශෙප වී දෙවන වර ඇයඳුම් කරන අයටද තව දුරටත් රැකියාවන්හි නිකුත් වීමේ අවසරය නිකුත් නොකර , රැඳවුම් මධ්‍යස්ථාන වලට ඇතුල් කරනු ලැබේ. සරණගාතයෙකුද නැද්ද යන වග ඉක්ම්ණින් පරික්ශා කර නිම කිරීමට නොහැකි අයට වෙන වෙනම පරික්ශා කටයුතු දියත් කර රැකිය අවසරය ලබා දෙන නොදෙන බව තීරණය කරයි.

ජපාන සරණාගත ක්‍රමවේදය 2010 මාර්තු මස සිදු වු සංශෝධන මඟින් ඇයඳුම් කිරීමෙන් හයමසකට පසු ජපානය තුළ රැකියා කල හැකි බවට පත්වුණි. තවද 2013 වසරේ දී සිට ජපන් රජය සංචාරක කටයුතු සඳහා තාවකාලික වීසා සඳහා නීතී රීතී ලිහිල් කරන ලදී. ඉහත කාරණ දෙකෙ බලපෑම නිසා 2010 දී 1202 පමණක් වු සරණාගත ඇයඳුම් ප්‍රමාණය සැම වසරක් පසා වැඩී වී, විශේෂයෙන්ම වීසා නීතීරීතී ලිහිල් වු නැගෙන හිර සහ දකුනු ආසියානු රටවල පැමිණෙන්නගේ සරණාගත ඇයඳුම් ප්‍රමාණය ඉහල යමින් පසුගිය වසරේදී 10901 දක්වා ඉහල ගියේය.එම ඇයඳුම් පත් ප්‍රමානැයෙන් සරණාගත ලැබුන ප්‍රමානය උපරිම විටත් 39 පමණී. රැකියා අරමුණින් සාවද්‍ය ඇයඳුම් ප්‍රමාණය ඉතා ඉහල බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

අධිකරණ අමාත්‍යාංශය මෙම වසරේ ජුලයි සිට ශිෂ්‍ය සහ පුහුණු වීසා දරන්නන් සරණාගත ඇයඳුම් කල විට රැඳවුම් ස්ථන වල රැඳවීමට සැලසුම් කර සිටියත්, ශිෂ්‍ය සහ පුහුණු වීසා අය සමස්ත සරණාගත ඇයඳුම් වලින් 20% පමණ වීමත් , තාවකාලික වීසා හරහා පැමිණ ඇයඳුම් කරන්න සංක්ඛ්‍යාව අතිංශය විශාල බැවින් ඔවුන්ටද නීතී තද නොකොලොත් ගැටලුව නොවිසෙඳන බව තීරණය කලේය. ඒ නිසා මෙම අලුත් ක්‍රමවේදයෙන් ශිෂ්‍ය වීසා සහ පුහුය් වීසා ඇති අය හා සමානව තාවකාලික වීසා මඟින් පැමිණෙන අයවද රඳ්වුම් ගත කල හැකි ලෙස සංශෝධන කර ඇත.
Yomiuri වර්තාව ඇසුරේන්

Credit = ජපන් සෙන්සෙයි👈🙇😘
උපුටා ගැනීමකි
📌📌📌Japan මීගමුව📌📌📌

Daiwa academy Japanese language school in Osaka
27/10/2015

Daiwa academy Japanese language school in Osaka

28/09/2015

ස්වාර්ථය වෙනුවට පරාර්ථය හුරු කළ බුදු දහමෙන් අප ලැබූ ශ්‍රෙෂ්ඨත්වය.

අනන්ත සසරක ඔහේ ඇවිදගෙන ආපු අපට මොකක්දෝ පිනකට උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. ඒ උතුම් ධර්මරාජයාණන් වහන්සේ සරණ යන්න ලැබුණා. උතුම් ධර්මයක්, නො ඇසූ ධර්මයක් අසන්නටත් ලැබුණා. කල්‍යණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර තුළින් ප්‍රතිපදාවන් පූරණය කරන්නට සුන්දර මාවතක් විවර වුණා. ඔව් ඒ භාග්‍යය අද අපට උදාවෙලා තියෙනවා.

ඉතින් අපි ලැබූ මේ මනුසත් දිවියේ ඒ මුණිරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපි අපට ආලෝකයක් වෙන්න පුළුවන් උනේ අපි පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ නිසයි. ලැබූ දුර්ලභ මනුසත් දිවියෙන් ප්‍රයෝජනයක් ගන්නට, මේ උතුම් ධර්මය ජීවිතය ගළපාගන්නට හැකි පරිපූර්ණ ජීවිතයක් ලබන්න තරම් අපි වාසනාවන්ත වුණා. මෙය කියවන ඔබ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නො වන්නත් පුළුවන්. නමුත් සත්‍යය කියන්නේ හැමෝටම සාධාරණ දෙයක්. සිතන්න මොහොතක්…. මගෙ දෙනෙත් අන්ධ වුණා නම්…. නැත්නම් හදිසි අනතුරකින් මගේ දෙනෙත හානියට ලක්වුණා නම්… ඉතින් දුටුවා ද ඔබ….. දෙනෙතින් ආලෝකය දක්නට නො හැකි අසරණ අන්ධ රෝගීන් කොපමණ පිරිසක් අප අතර සිටිනවා ද? සමහරෙක් උපතින් ම අන්ධ වූ අය. සමහරෙක් ජීවිතයේ සිදු වූ හදිසි අනතුරකින් දෙනෙත් හානියට ලක් වූ අය. ජීවිතය එබඳු වූ අස්ථිර දෙයක්. අනතුර…. මරණය…. කොයි මොහාතේ ද කියන්න ඇත්තෙන් ම අපි දන්නේ නෑ.

ඔබ, මම දෙනෙතින් ආලෝකය දකිද්දී අපි වගේ ම පිරිසක්, අපේ ම මවක්, පියෙක්, සහෝදරයෙක්, සහෝදරියක්, අඳුරක ජීවත් වෙනවා. දෙනෙත් පියාගෙන මොහොතක් සිහිකරන්න. ඒ අඳුරට ආලෝකයක් එක් කරන්න අපටත් පුළුවන් නේ ද? ජීවිත කාලයක් ලෝකය බැලූ මගේ දෑසින් මගේ මරණින් පසු ව තවත් කෙනෙක් ලෝකය දකින්නේ නම් සිහිවන මොහොතක් පාසා සිතට අසීමිත සතුටක් දැනේවි. කවදා හෝ දිනක සොහොනක දවන හෝ පසට යට කරන මේ දෑස අසරණ අන්ධ රෝගියෙකුට ලෝකය දකින්නට උපකාර වේවි. එය කොතරම් භාග්‍යයක් ද ?

බුදු බව පතා අප මහා බෝසතාණන් වහන්සේ අහසේ තරු පරයා ඇස් දන් දුන්නා. ප්‍රමාණ කළ නො හැකි ලෙස ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නා. එලෙසින් පාරමීදම් පුරා බුද්ධත්වයට පත් වූ උතුම් මුණිරජාණන් වහන්සේ සරණගිය ඔබ, උතුම් සත්පුරුෂ භූමියක් කරා පිය නඟන ඔබ, පුණ්‍යකර්මයන් සඳහා දායක වන්නේ අප්‍රමාණ සතුටු සිතකින්….. මෙත් සිතකින්….. ඉතින් ඔබේ ඒ පුණ්‍ය මල්දමට තවත් පින් මලක් එක් කරනු අටියෙන් ඒ පිළිබඳ ව ඔබ ව දැනුවත් කිරීමේ අදහසින් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි අක්ෂිදාන සංගමයට අපි ගොඩ වැදුණා.

මළ නෙතට පණ,
ශ්‍රි ලංකා අක්‍ෂිදාන සංගමය.

ලෝකයේ ම අන්ධ රෝගින්ගේ ජීවිතාලෝකයට පිහිට සලසාදීම පිණිස කවදා හෝ පසට යට කරන ඔබේ දෑස දන්දීමට ඉදිරිපත් වන්න. මගේ එක ම ආයාචනය එය යි. මෙය ලෝකය පුරා සිටින අන්ධ රෝගීන්ට ආලෝකයක් ලබාදීම අරමුණු කරගත් ශ්‍රි ලංකා අක්‍ෂිදාන සංගමයේ නිර්මාතෘ දේශබන්ධු දොස්තර හඞ්සන් සිල්වා පින්වත් මහතාගේ ආයාචනය යි.

1961 වසරේ ජූනි 11 දින ආරම්භ කළ ශ්‍රි ලංකා අක්‍ෂිදාන සංගමය අදවන විට එදා මෙදා තුර පරිත්‍යාග කළ මළ නෙත් 434,568 කින් අපේ රටේ අසරණ අන්ධ රෝගීන්ට ආලෝකය දැකීම පිණිස උපකාරී වෙලා තියෙනවා. 1964 වසරේ දී නෙත් 5 ක් සිංගප්පූරුවට පරිත්‍යාග කිරීමෙන් තම ජාත්‍යන්තර සේවාව ආරම්භ කළ අක්‍ෂිදාන සංගමය අද වන විට ලෝකයේ රටවල 57 ක නගර 114 ක මෙම මහඟු පුණ්‍ය සේවාව ව්‍යාප්ත කර තිබෙන අතර අපේ රටේ පරිත්‍යාගශීලීන් ලබා දුන් නෙත් 59,317 කින් විදේශීය අන්ධ රෝගීන් සුවපත් කිරීමට සමත් වෙලා තියෙනවා.

ඔව් ඇත්තෙන් ම මමත් කැමතියි….. යම් දිනක මිලින වන මගේ දෙනෙතින් තවත් කෙනෙක් ආලෝකය දකිනවා නම්……..

එසේ නම් ඔබට කරන්න තිබෙන්නේ ශ්‍රි ලංකා අක්‍ෂිදාන සංගමයේ ලියාපදිංචි වෙන්න යි. එක වෙන්නේ මෙහෙම යි.

- ඔබට පුළුවන් ඇස් දන් දීමට කැමැත්ත පළ කරලා අක්‍ෂිදාන සංගමය මඟින් නිකුත් කරන පොරොන්දු පත්‍රය පුරවා අත්සන් කර අක්‍ෂිදාන සංගමයට යවන්න. එම පොරොන්දු පත්‍රයක් ඔබ සතු ව නො මැති නම් පහත සඳහන් ලිපිනයට අවශ්‍යතාවය සඳහන් කොට ලිපියක් යැවීමත් අක්‍ෂිදාන සංගමය මඟින් ඔබට ඇස් දන්දීමේ පොරොන්දු පත්‍රය සමඟි තොරතුරු ලැබෙන්නට සලසාවි. එසේත් නැති නම් ඔබට පුළුවන් පහත සඳහන් දුරකතන අංකයන්ට ඇමතුමක් ලබා දෙන්න.

ලිපිනය :-ශ්‍රි ලංකා අක්‍ෂිදාන සංගමය.
දොස්තර හඞ්සන් සිල්වා
අක්‍ෂිදාන මූලස්ථානය,
විද්‍යාමාවත,
කොළඹ 07.

දුරකථන අංක :-011-5742929, 011-2696109,011-26988040-41-42

ඒ ආකාරයට ඇස් දන්දීමේ පොරොන්දු පත්‍රයට අත්සන් තැබූ විට ඒ පරිත්‍යාගශීලීන් වෙත ලිඛිත සටහන් පතක් ලැබෙනවා. ඔබට පුළුවනි එය රාමු කර නිවසේ නෙත ගැටෙන ස්ථානයක එල්ලා තබන්න.

මට ලියාපදිංචි වෙන්න බැරි උනොත්……..?

එසේ නම් ඔබට පුළුවන් ඔබ ඒ උතුම් පරිත්‍යාගය කිරීමට කැමති බවට ඔබේ ඥාතීන් දැනුවත් කර තබන්න. එවිට කවදා හෝ ඔබේ මරණය සිදු වූ දිනක ඔබේ ඥාතීන් අක්‍ෂිදාන සංගමයට දැනුම් දීම මඟින් ඔබේ ඒ උතුම් සිතුවිල්ල සාර්ථක වේවි.

ඒත් මගේ ඇසවල පෙනීම හොඳ මදිනේ…….?

ඇත්තෙන් ම ඔබ ඒ ගැන පසුතැවිලි විය යුතු නැහැ. ඇස්වල පෙනීම මද බව ඇස් දන් දීමට බාධාවක් නෙමෙයි. ඕනෑ ම පුද්ගලයෙක් වයස්ගතවීමේ දී ස්නායු ශක්තිය හීනවීම හේතුකොට ගෙන ඇසෙහි පෙනීමේ හැකියාව දුර්වල වෙනවා. බාල හෝ තරුණ වයසෙදි පවා පෙනීමේ ශක්තිය දුර්වල වෙන්න පුළුවන්. ඔබ පෙනීම මද අයෙකු වුවත් ඇසෙහි කළු ඉංගිරියාව (කුණීතය) (cornea) කොටසට හානියක් වී නො මැති නම් එම කොටස් වෙනත් අයෙකුට බද්ධ කර පෙනීම ලබා දෙන්න පුළුවන්.

පරිත්‍යාගයෙන් පරිත්‍යාගය…….

ඔබ වරක් අක්‍ෂි බද්ධයකින් පෙනීම ලැබූ අයෙක් වෙන්න පුළුවන්. ඔව් ඔබටත් පුළුවනි ඔබේ ඒ නෙත් දන් දී අප්‍රමාණ වූ පින් පල ජීවිතයට රැස්කරගන්න. ඔබේ ඒ පරි ත්‍යාගය පිළිගැනීමට අක්‍ෂිදාන සංගමය සූදානම්.

එතකොට වයස් සීමාව……?

වයස අවුරුදු 4 වැඩි ඕනෑ ම අයෙකුට තමන්ගේ දෙනෙත් දන් දෙන්න පුළුවන්. අවුරුදු 4 ට අඩු දරුවන්ගේ අක්‍ෂි සෛල නිසි ලෙස වැඞී නැති නිසා ඔවුන්ගේ දෙනෙත් ඒ සඳහා සුදුසු වන්නේ නැහැ. පසුගිය දිනක අක්‍ෂිදාන සංගමය මඟින් වයස අවුරුදු 105 ක් වයසැති පරිත්‍යාගශීලීයෙකුගේ එම ඇස් පරිත්‍යාගයන් ලබාගෙන තිබුණා.

ඒත්…..?

පහත සඳහන් තත්වයන්ට ගොදුරු වූ අය ඇස් පරිත්‍යාගය සඳහා සුදුසු වෙන්නෙ නෑ.

HIV ඒඞ්ස් ආසාදිත හා අනෙකුත් සමාජ රෝග, සෙංගමාලය (Hepatils) වැනි වෛරස් ආසාධිත රෝ,ජලභීතිකාවHiydrophobia”, මොළේ ප්‍රදාහයන් Encephalitis වැනි රෝගවලින් පෙළෙමින් සිට. එම රෝගයෙන් මියගිය අයෙකුගේ දෙනෙත්.
ඇස් කුණීතය (කළු ඉංගිරියාව) ^Cornea& කොටසට යම් ආකාරයකින් හානි වූ නෙත්.
පැරකොට් ප්‍රමාණය වැඩි කෘමිනාශක ශරීරගත වූ අයගේ නෙත්.
නයෙකු හෝ පොළඟකු දෂ්ඨ කිරීමෙන් මිය ගිය අයෙකුගේ දෙනෙත්.

මීට අමතර ව මිනීමැරුමක් හෝ හදිසි අනතුරකින් සිදු වූ මරණයක දී අධිකරණ වෛද්‍ය නිලධාරී අවසරය හා පළාත් මරණ පරීක්‍ෂක අවසරය අවශ්‍ය වෙනවා.

නෙත් දන්දීමට පොරොන්දු වූ මගේ ඥාතියෙකු මිය ගිය විටක දී….

ඔව්…. ඇස් දන්දීම කළ යුතතේ මරණය සිදු වී පැය 04 ක කාලයක් තුළ යි. මෙය දේශගුණික තත්වය මත වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට නුවරඑළිය ප්‍රදේශයේ ජීවත් වූ අයෙකු නම් පැයක කාලයක් ඉඩ දෙන්න පුළුවන්. හේතුව ඔහුගේ ඇසෙහි තෙතමනය රැඳි පවතින නිසා. ඉතින් ඔබ කළ යුතු වන්නේ විගස අක්‍ෂිදාන සංගමයට හෝ ළඟ ම ඇති අක්‍ෂිදාන සේවා මධ්‍යස්ථානයට දැනුම් දීම යි.

එතකොට අපේ මරණයෙදි දන් දෙන්න පුළුවන් ඇස් විතර ද?

ඇත්තෙන් ම නැහැ. ඔබේ සිත ඒ උතුම් පරිත්‍යාගයට කැමති නම් ඔබට පුළුවනි ඇස්වලට අමතර ව හදවත, සිරුරේ කොටස් හා මුළු සිරුර ම දන් දෙන්න. (හෘදය වස්තුව වටේ ඇති සිවිය Perirdiam”, ශරීරයේ සියලූ ම කටු, හම) ආදිය දහස් ගණනක් වන රෝගීන්ගේ ජීවිත සුවපත් කරන්නට උපකාර වෙනවා. ඔබට මේ පුණ්‍ය සතුවිල්ල ඇති වූයේ නම් දිනක එක්කෝ මහපොළොවට පස් වීමෙන් නැත්නම් සෙහොනක අළු වීමෙන් ඉරණම විසඳීමට නියමිත ඔබේ කය තවත් ජීවිතයක සුවපත්භාවය පිණිස උපකාරයක් වේවි. මරණින් මතු ඔබේ ශරීරයේ කොටසකින් සුවපත්භාවය ලැබූ අසරණ රෝගියෙකුගේ මුවින් පිටවන සැනසුම් වදන් ආශිර්වාදයක් වේවි.

ඔබ කළ යුත්තේ……

ඇස් දන් දෙන ආකාරයට ම අක්‍ෂිදාන සංගමයේ ලියාපදිංචි වීම මඟින් හෝ ඥාතීන් දැනුවත් කර තැබීම මඟින් ඔබට ඔබේ පුණ්‍ය චේතනාව ඉටු කරගත හැකි වෙනවා. මෙම උතුම් කාර්යය සිදු කරන්නේ ශ්‍රි ලංකා අක්‍ෂිදාන සංගමයට අනුබද්ධිත ව පිහිටවනු ලැබූ ආසියා ශාන්තිකර කලාපීය ආදර්ශ මිනිස් පටක බැංකුව මඟිනි. Human Tissue bank

ඒ සඳහා ඔබ…….

වයස අවුරුදු 70 වට අඩු අයෙකු මිය ගොස් පැය 12 ක් ඇතුළත ශරීර කොටස් දන්දීම සිදු කළ යුතු යි..

ඒ වගේ ම වෛරස් ආසාදිත රෝග, දිලීර හා බැක්ටීරියා ආසාදිත රෝග වැළඳීමෙන් මියගිය අයෙකුගේ ශරීර කොටස් පරිත්‍යාගය සඳහා නුසුදුසු වෙනවා.

දහමක අසිරිය…..

ලෝකයේ රටවල් කිහිපයක වෛද්‍ය විද්‍යාවේ දියුණුව මඟින් සත්ව පටක ද මනුෂ්‍යයන්ට බද්ධ කිරීම සිදුවෙනවා. එය ඔවුන් සිදු කරනනේ සත්ව ඝාතනය තුළින්. නමුත්, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් පහස ලැබූ මේ උතුම් රටේ මියගිය මනුෂ්‍ය ශරීර කොටස් බද්ධ කිරීම පමණයි සිදු කරන්නේ. Human Tissue Bank ඇත්තට ම ජීවිතයක් ඝාතනය කොට තවත් දිවියක් සුවපත් කිරීමේ ඇති ඵලය කුමක් ද?

එසේ නම් අවසාන වශයෙන් ඔබ විසින් රැස් කරන්නා වූ සියලූ ම පින්, කුසල, කර්මයෙන් අද අද ම මේ බියකරු සසරේ සදාතනික නවාතැන සාක්‍ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා අක්‍ෂිදාන ගීතයේ කොටසක් වන කරුණාරත්න අබේසේකරයන් අතින් ලියවුණු මේ පදවැල් සුවහසක් අසරණ අන්ධ රෝගීන්ට ආලෝකයක් ලබාදීම පිණිස ම උපකාරයක් වේවි.

23/09/2015

මහ රෑ තරුණියන්ට අමුතු විදිහට ජපන් උගන්වන මීගමුවේ අයියා VIDEO

20/09/2015

日本(にほん)に行(い)きたい人(ひと)!?

はーーーーい!!!

19/09/2015
Osaka city in Japan
06/09/2015

Osaka city in Japan

04/09/2015

Address

Divulapitiya Road, Demanhandiya
Negombo
11522

Website

Alerts

Be the first to know and let us send you an email when Rengeji Bushshi no kai - 蓮花寺 仏子の会 Japanese language school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Rengeji Bushshi no kai - 蓮花寺 仏子の会 Japanese language school:

Share