23/08/2023
අපනයනකරුවෙක් වෙන්න, අනිවාර්යයෙන් කියවන්න
අපනයන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන්ම CED - Center of Enterprise Development විසින් ගෙන එන විශේෂ ලිපි මාලාව
ලිපි අංක 02 : අපනයන ක්‍රියාවලිය හැඳින්වීම 2
මේ ලිපිය යටතේ අපි කතා කරන්නේ අපනයන ක්‍රියාවලියට අදාල පහත කරුණු තුන සම්බන්ධව
◼ අපනයන ක්‍රියාවලියේ මූලිකාංග
◼ අපනයනය සඳහා මූලික අවශ්‍යතා
◼ අපනයනය සඳහා අවශ්‍ය ලියාපදිංචි කිරීම්
✅ අපනයන ක්‍රියාවලියක් සිදු කිරීමේදී පහත ප්‍රධාන මූලිකාංග එම අපනයන ක්‍රියාවලිය සමග සම්බන්ධ වෙනවා.
• Commodity - අපනයන කරන භාණ්ඩය
• Shipper (Exporter) - විකුණුම්කරු (අපනයනකරු)
• Consignee (Importer) - ගැණුම්කරු (ආනයනකරු)
• Transaction - ගණුදෙනුව
• Transport - ප්‍රවාහනය
• Customs - රේගුව
• Ports - වරායන් සහ ගුවන්තොටුපළ
• Licensing & Permitting Authorities - බලපත්‍ර සහ අනුමැතින් ලබාදෙන ආයතන
• Export Standard Regulatory Authorities - අපනයන සහතිකකිරීම් සිදුකරන ආයතන
ඉහත මූලිකාංග අතරින් අවසාන මූලිකාංග 2 හැරුණු විට, ඉතිරි 7 ඕනෑම අපනයන ක්‍රියාවලියකදී අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා.
අවසාන මූලිකාංග 2 විශේෂිත භාණ්ඩ වර්ග පවතින අවස්ථාවලදී පමණයි සම්බන්ධ වෙන්නේ.
✅ දැන් අපි බලමු අපනයන ක්‍රියාවලියක් සම්පූර්ණ කිරීම සඳහා සම්පූර්ණකල යුතු මූලික අවශ්‍යතා මොනවාද කියලා.
01. සුදුසු නිෂ්පාදිතයක් සොයාගැනීම:
අපනයනකරුවෙක් වෙන්න අවශ්‍ය ඔයා මුලින්ම කරන්න ඕන, අපනයන වෙළඳපල තුල හොඳ ඉල්ලුමක් තිබෙන, නැත්තම් අපනයන වෙළඳපළකදී සාර්ථකව විකිණිය හැකි නිෂ්පාදිතයක් නැත්තම් product එකක් හොයාගන්න එක.
මේක ඔයා නිෂ්පාදනය කරනවා වෙන්නත් පුළුවන්, වෙන නිෂ්පාදකයෙකුගෙන් ඔයා ලබාගන්නවා වෙන්නත් පුළුවන්
02. විදේශීය ගැණුම්කරුවෙක් සොයාගැනීම:
ඔයා තීරණය කරගත්ත නිෂ්පාදිතය මිලදී ගන්න කැමති විදෙස් ගැණුම්කරුවෙක් සොයාගන්න එක තවත් මූලික අවශ්‍යතාවය. ගැණුම්කරුවෙක් හොයාගන්න එක තරමක් අපහසු වගේම අවදානම් වැඩක්.
ඉදිරි ලිපි වලදී අපි ඒ ගැනත් විශේෂයෙන් සාකච්ඡා කරනවා.
03. අපනයන ව්‍යාපාර ලියාපදිංචිය:
අපනයනය සඳහා නිවැරදි ලියාපදිංචි කිරිම් ලබාගන්න ඒක තවත් එක් මූලික අවශ්‍යතාවයක්. ව්‍යාපාර ලියාපදිංචිය සහ තවත් ලියාපදිංචි කිරීම් කිහිපයක් මේ වෙනුවෙන් ඔයා ලබාගන්න ඕන.
මේ පිළිබඳ වැඩි දුර පැහැදිලි කිරීමක් මේ ලිපියේම තියනවා
04. ලිපිලේඛන නිවැරදිව සකස් කිරීම:
අපනයන ක්‍රියාවලියේදී විශේෂිත ලිපි ලේඛණ කිහිපයක් භාවිත වෙනවා. මේවා ඔයා නිවැරදිව සකස් කරගන්න ඕන වගේම, තුන්වන පාර්ශවයක් ලවා සකස් කරගන්නත් පුළුවන්.
කොහොම උනත් අපනයනකරුවා හැටියට මේ ගැන සම්පූර්ණ අවබෝධයක් ඔයාට තියෙන්න ඕන නිසා, ඉදිරි ලිපියකදී මේ ගැන වෙනමම අපි සාකච්ඡා කරනවා
05. නිසි පරිදි සහතික සහ බලපත්‍ර ලබාගැනීම:
යම් යම් භාණ්ඩ වර්ග අපනයනය කිරීමේදී නීතිමය අවශ්‍යතා මත සහ ගැණුම්කරුගේ අවශ්‍යතා මත භාණ්ඩයට අදාලව තත්ත්ව සහතික / වෙනත් සහතික ලබාගන්න සිදුවෙනවා. (උදා: ශාක නිරෝධායන සහතිකය)
ඒ වගේ අවස්ථාවක, ඒ ඒ සහතික ලබාගන්න එක මූලික අවශ්‍යතාවයක් වෙනවා වගේම, යම් යම් භාණ්ඩ අපනයනය සඳහා විශේෂ බලපත්‍ර අවශ්‍ය වෙන වෙලාවල් වලදී ඒ ඒ බලපත්‍ර ලබාගැනීමත් මූලික අවශ්‍යතාවයක් (උදා: දැව අපනයනය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්‍රය)
මේ ගැනත් අපි ඉදිරි ලිපිවලින් ඔබව දැනුවත් කරනවා.
06. නිවැරදිව පිරිවැය ගණනය කිරීම:
මේ වැඩේ, එහෙමත් නැත්තම් export costing එක හරියට කරගත්තේ නැත්තම් export එකෙන් අතින් පාඩු කරගන්න තමයි වෙන්නේ. මේ process එකේ තියන වැදගත්ම තැන මේක කිව්වොත් හරි.
මේ ගැනත් අපි ඉදිරි ලිපිවලින් ඔබව දැනුවත් කරනවා.
07. විශ්වසනීය මුදල් ලබාගැනීමේ ක්‍රමයක්:
ඔයා කරන අපනයනයට අදාලව මුදල් ලබා ගැනීම සඳහා, රජයේ අනුමත සහ විශ්වසනීය ක්‍රමයක් තෝරාගන්න එක බොහෝම වැදගත්. මුදල් ලබාගැනීම සඳහා වර්තමානයේ ක්‍රම රැසක් භාවිත උනත්, එයින් කීපයක් පමණයි වලංගු සහ අනුමත කරන්න පුළුවන්.
ඉදිරියේදී මේ පිළිබඳවත් විස්තරාත්මක ලිපියක් අපි ඉදිරිපත් කරන්න සූදානම්
08. නිවැරදි ප්‍රවාහන මාධ්‍ය:
ඔයා අපනයනය කරන නිෂ්පාදිතයට අදාලව ගැළපෙනම ප්‍රවාහන මාධ්‍යක් තෝරාගන්න එකත් බොහෝම වැදගත්. උදාහරණයක් හැටියට තැඹිලි අපනයනය කිරීමේදී ශීතකරණ බහාලුම් භාවිත කිරීම පෙන්වා දෙන්න පුළුවන්.
✅ දැන් අපි බලමු අපනයනය සඳහා අවශ්‍ය ලියාපදිංචි කිරීම් මොනවාද කියලා.
01. ව්‍යාපාර ලියාපදිංචිය
තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර ලෙස ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න පුළුවන් උනත් අපි recommend කරන්නේ ඔයාගේ අපනයන ව්‍යාපාරය පෞද්ගලික සමාගමක් හැටියට ලියාපදිංචි කරගන්න කියලා.
තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක ව්‍යාපාර අරමුණ සඳහන් කරන්න වෙන්නේ බෝහෝ සීමා සහිතව උනත් පෞද්ගලික සමාගමක එහෙම නෑ. ව්‍යාපාරය කොහොම ලියාපදිංචි කරත් ව්‍යාපාර අරමුණ තුල ‘අපනයන කිරීම’ සඳහන් වෙලා නැත්නම් ඒ ව්‍යාපාර ලියාපදිංචිය අපනයන කටයුතු සඳහා වලංගු වෙන්නේ නෑ. (වැඩි විස්තර සඳහා BR මහගෙදර)
02. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල (EDB) ලියාපදිංචිය
ව්‍යාපාර ලියාපදිංචිය ලබාගැනීමෙන් අනතුරුව ඔයාට පුළුවන්, අපනයනකරුවෙක් හැටියට EDB Registration එක ලබාගන්න.
මේ ලියාපදිංචිය වර්තමානයේ අනිවාර්ය නොවුනත්, ලබාගන්න එක බොහෝමත්ම වටිනාකමක් ගෙන එනවා ඔයාට සහ ඔයාගේ ව්‍යාපාරයට
03. බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN)
අපනයනය සඳහා අනිවාර්යයෙන් පැවතිය යුතු TIN එක, ව්‍යාපාර ලියාප්දිංචියෙන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා ලබාගත යුතුයි.
04. එකතු කල අගය මත බදු අංකය (Temporary VAT Number)
ව්‍යාපාරයේ මුල් අදියරයේදී ස්ථිරව ලබාගන්න බැරි නිසා ‘තාවකාලික’ ලියාපදිංචියක් VAT වෙනුවෙන් ලබාගන්න අවශ්‍යයි අනිවාර්යයෙන්ම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා.
05. රේගු ලියාපදිංචිය
ව්‍යාපාර ලියාපදිංචිය, TIN සහ Temp. VAT ලබාගැනීමෙන් පසුව ඔබ ශ්‍රී ලංකා රේගුව තුළ ‘අපනයනකරුවෙක්’ ලෙස අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න ඕන.
06. විශේෂ ලියාපදිංචි කිරීම්
ඔයා අපනයනය කරන භාණ්ඩය අනූව විශේෂ ලියාපදිංචියක් අවශ්‍ය වෙනවා නම් ඒ ලියාපදිංචියත් ඔයා ලබාගන්න ඕන. උදාහරණයක් හැටියට පොල් සම්බන්ධ අපනයනකරුවෙක් නම්, පොල් සංවර්ධන මණ්ඩලයෙන් ලියාපදිංචියක් ලබාගන්න ඕන
ව්‍යාපාර ලියාපදිංචිය ඇතුලුව මේ ලියාපදිංචි කිරීම් ලබාගන්න අවශ්‍යනම් ඔයාට පුළුවන් BR මහගෙදර ආයතනය හරහා ඒ දේවල් ටික පහසුවෙන්ම කරගන්න.
එම ආයතනය හරහා ඔයා අපනයන ව්‍යාපාර ලියාපදිංචියක් ලබාගන්නවා නම්, පහත විස්තර කරලා තියෙන පාඩම් මාලාවත් නොමිලේම ලබාගන්න පුලුවන්.
--------------------------------------------------------------------------
ලිපි අංක 02 යටතේ අපි කතා කලේ අපනයන ක්‍රියාවලියේ මූලික හැඳින්වීමට අදාල තවත් කරුණු කීපයක්. තවත් සතියකින් අපි ලිපි අංක 03 ඔබ වෙනුවෙන් මෙහි පළ කරනවා
මීට පෙර ඉදිරිපත්කල ලිපියේ link එක comment එකක් ලෙසින් සඳහන්කර ඇත
✅ ඒ වගේම, අපනයනකරුවෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට, සම්පූර්ණ අපනයන ක්‍රියාවලිය පිළිබඳව පූර්ණ අවබෝධයක් සහ දැනුමක් ලබාගන්න පුළුවන් වෙන විදිහට අපි සකස් කරපු විශේෂ වීඩියෝ පාඩම් මාලාව, පටිගතකල දේශන සහ නිබන්ධන සහිතව දැන් ලබාගන්න පුළුවන්.
✅ ඒ පාඩම් මාලාව ඇතුලේ අපි සාකච්ඡා කරන්නේ
- අපනයන ක්‍රියාවලිය හැඳින්වීම
- අපනයනය සඳහා අවශ්‍ය ලියාපදිංචිකිරීම්
- ගැණුම්කරුවන් සොයාගන්නා ආකාරය
- අපනයන සඳහා බලපාන නීති හා රෙගුලාසි
- අපනයනය සඳහා භාවිතවන ලිපිලේඛන
- රේගු ක්‍රියාවලිය
- අපනයන පිරිවැයකරණය
- ගෙවීම් ලබාගන්න ආකාරය
- අපනයනය සඳහා සහතිකකරණය
- අපනයන වෙළෙඳපළට පිවිසෙන ක්‍රම
- අන්තර්ජාතික වාණිජ කොන්දේසි
✅ මේ පාඩම් මාලාව ඔයාගේ Google Drive එකට ලබාගන්න පුළුවන් වගේම, Lifetime Access එකත් ඔයාට ලැබෙනවා.
✅ සම්පූර්ණ ගාස්තුව රු. 3,000/= පමණයි
ඔබටත් මේ පාඩම් මාලාව ලබාගන්න අවශ්‍යනම් පහත SEND MESSAGE මත click කර, පාඩම් මාලාව ලබාගන්න පුළුවන්.
ලිපි මාලාවේ ඊළඟ ලිපියත් කියවන්න, page එක follow කරන්න