26/09/2026
"අකුරට අත්වැලක් 5 වන අදියර- 2026" අධ්යාපනික සහ ප්රජා සත්කාරක වැඩසටහන් මාලාව සාර්ථකව නිමාවට.
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයීය මානවශාස්ත්ර හා සමාජීය විද්යා පීඨයේ සමාජවිද්යා අධ්යයනාංශය මඟින් අඛණ්ඩව පස්වන වරටත් සංවිධානය කරන ලද "අකුරට අත්වැලක් - 2026" අධ්යාපනික සහ ප්රජා සත්කාරක වැඩසටහන් මාලාව, පසුගිය 14, 15, 16 යන තෙදින පුරා කොටියාගල, මො/ සී/ රාහුල විද්යාලය මූලික කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහන් මාලාව යටතේ පහත සඳහන් අංශයන් ආවරණය කරමින් පුළුල් වැඩසටහන් රැසක් ක්රියාත්මක විය.
- සාමාන්ය පෙළ හා උසස් පෙළ විභාග ඉලක්ක කරගත් විෂය මූලික සම්මන්ත්රණ මාලාවන්
- පාසලේ අධ්යාපනික ගුණාත්මකභාවය නංවාලීම සඳහා පරිගණක යන්ත්ර, පුස්තකාල පොත්, ක්රීඩා භාණ්ඩ හා පාසල් උපකරණ ඇතුළු ද්රව්යාධාර බෙදා දීම
- ප්රජාව මූලික කර ගනිමින් සිදු කරන ලද බෝධි පූජා වැඩ සටහන
- ශිෂ්ය අභිප්රේරණය, නායකත්ව හා පෞරුෂ සංවර්ධන වැඩසටහන්
- පාසල් සිසු දක්ෂතා ඇගයීමේ සංස්කෘතික වැඩසටහන හා පාසල් භූමිය තුළ රුක් රෝපණ වැඩසටහන
- ප්රජාව මූලික කරගත් සෞඛ්ය සායනය
මීට අමතරව, ප්රජාව හා සිසුන් දැනුවත් කිරීම උදෙසා විශේෂ වැඩසටහන් ත්රිත්වයක් ද සංවිධානය විය:
1. මත්ද්රව්ය නිවාරණ වැඩසටහන (අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය)
2. අල්ලස් හා දූෂණය පිටුදැකීමේ වැඩසටහන (අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව)
3. ප්රජනන හා ලිංගික සෞඛ්ය අධ්යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
( ශ්රී ලංකා පවුල් සැලසුම් සංගමය)
මෙම සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා අප සමඟ අත්වැල් බැඳගත් සියලුම ආයතන වෙත අපගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමන්නෙමු.
එමෙන්ම, අපගේ මාධ්ය අනුග්රාහකයින් වන Jpura Flames හා Sirasa TV වෙත ද, පාසල හා විශ්වවිද්යාලය සම්බන්ධීකණය සිදු කල වට්ටාරම වීනිත ස්වාමින්වහන්සේටද, මෙම අධ්යාපනික හා ප්රජාසත්කාරක වැඩ වැඩසටහන සාර්ථකව සංවිධානය කර ක්රියාත්මක කිරිමට මූලිකත්වය ගත් සමාජවිද්යා ගෞරව උපාධි තෙවන වසර විද්යාර්ථීන්ටද, සම්මන්ත්රණ සදහා සහය දුන් ඉංජිනේරු පීඨයේ හා ව්යවහාරික විද්යා පීඨයේ සිසුන්ටද, විශ්වවිද්යාල පාර්ශවය සහයෝගය ලබාදුන් සැමට, නන් අයුරින් සහය දුන් කොටියාගල රාහුල විද්යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, සිසු දරු දැරියන් සහ ප්රදේශවාසී සැමට ද අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු.
සමාජවිද්යා අධ්යයනාංශය,
මානවශාස්ත්ර හා සමාජීයවිද්යා පීඨය,
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය.
#2026年