05/10/2026
විවෘත විශ්වවිද්යාලයීය නීතිවේදී උපධිය (llb) හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්න නන්ගිලා මල්ලිලාට දැනුවත් කිරීමක් විදියට මේ පෝස්ට් එක දාන්නෙ.
https://chat.whatsapp.com/GPPAaI4sVeGDBfqHjgB9HK
වැඩි විස්තර සදහා whatsapp Group එකට Join වෙන්න
නීතීඥයෙක් වෙන්න ලංකාවෙ තියන ක්රම අතරින් එක ක්රමයක් තමයි ousl llb කියල කියන්නෙ.ඇත්තටම උසස් පෙලින් නීති පීඨයට තේරෙන්න බැරි උන කෙනෙක්ට තියන හොඳම අවස්ථාවක් කිව්වොත් හරි.
Ousl llb කරන්න නම් A/l ඕනිම stream එකකින් S3 තිබීම තමයි පලවෙනි සුදුසුකම.ඒ සුදුසුකම සම්පූර්ණ කරන කෙනෙකුට වාර්ෂිකව විවෘත විශ්වවිද්යාලයෙන් පවත්වන llb entrance exam එකට apply කරන්න පුලුවන්.මේ exam එක පාස් වෙන එක තමා දෙවනි සුදුසුකම.
Exam එක ගැන කතා කරොත් papers 4ක් තියනව.සාමාන්ය දැනුම, සාමාන්ය බුද්ධිය, සිංහල භාෂා අවබෝධය , English Language.
Paper. එකකට පැය ගානෙ ලැබෙනව.මේ exam එකට ඔයාට sinhala,english,tamil කියන medium තුනෙන් ඕනි එකක් තෝරගන්න පුලුවන්.
ousl එකේ regional centres 9k තියනව.එ centres වලට මේ exam එකෙන් තෝරගන්න අයට වෙනම cutoff marks 9ක් තියනව. එතකොට අවසාන අවුරුද්දෙ වැඩිම cutoff mark එක තිබුණේ කුරුණෑගල regional centre එකේ. දෙවනියට colombo regional centre. ඒවගේම හැම centre එකටම තෝරගන්න නිශ්චිත ප්රමාණයක් ඉන්නව.වැඩිම පිරිසක් තෝරගන්නෙ colombo regional centre එකට. සාමාන්යෙන් මේ විභාගයට අවුරුද්දකට ළමයි 10000k විතර apply කරනව.ඒත් එතනින් තෝරගන්නෙ 700-800 වගේ ප්රමාණයක්. විභාගයේ තරඟකරීත්වය එතනින් හිතා ගන්න පුලුවන්.
එතකොට තමන්ට අදාල centre එකෙන් විතරයි ඔයාලට exam එකට apply කරන්න පුලුවන්.ඒකියන්නෙ තමන්ගෙ ස්ථිර පදිංචිය තියන ප්රදේශයට අදාල centre එකෙන් විතරයි.ඔයා exam එක පාස් උනොත් ඔයාට register වෙන්න පුලුවන් වෙන්නෙත් ඒ centre එකෙන්ම විතරයි.එතනින් එහා lectures සහ exams වලට ළඟ centre එකට හදාගන්න පුලුවන්.
මේක අවු 4ක උපාධියක්. Pass උනාට පස්සෙ ඔයා අවු 4 ඉගෙන ගන්න ඕනි entrance exam එක ලියපු medium එකෙන්. නමුත් දෙවනි අවුරුද්ද එහෙම නැත්තම් level 4 වලදි medium change කරන්න ඔයාට අවස්ථාවක් ලැබෙනව.ඒත් ඒක දෙනවද නැද්ද කියන එක ousl එකේ තීරණයක්. ඔයාලට ලැබෙන course material සම්පූර්ණයෙන් english වලින් විතරයි ලැබෙන්නෙ.ඔයාට lectures ,සහ exams ඔයා තෝරගත්ත medium එකෙන් ලැබෙනව.
Lectures තියෙන්නෙ weekend එකේ විතරයි.lectures compulsory නැ.ඒත් exams viva presentation වගේ නම් weekdays වලත් වැටෙනව.
Ousl llb කියන්නෙ ගොඩක් මහන්සි වෙලා කැපවෙලා කරන්න ඕනි degree එකක්.පාඩම් කරන්න තියන ප්රමාණය වැඩී.cases, sections ,acts ඔය වගේ ගොඩක් දේවල් තියනව.self study කියන එක අනිවාරෙන් කරන්න ඔනි.ඉතින් අවු 4න් ඉවර කරගන්නව කියන්නෙ ඇත්තටම දක්ෂයෙක්.කිසිම රිපීට් එකක් රීසිට් එකක් නොලැබුනොත් ඔයාට ලස්සනට අවු 4 ඉවර කරල එලියට යන්න පුලුවන්.ඒ නිසා කරන්න ඉන්න කෙනෙක් හෝ මේ පාර පාස් උන කෙනෙක් නම් ඒක හොඳට මතකෙ තියාගෙන වැඩ කරන්න.නිකන් කල් යන්නෙ නැ.ඔයාගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ.
අනිත් විශේෂම දේ මේ උපාධිය සම්පූර්ණ කල පමණින් ඔයාට නීතීඥවරයෙක් වෙන්න බැ.උපාධිය ලැබුනම ඔයා නීතිවේදියෙක් විතරයි. නීතීඥවරයෙක් වෙන්න නම් ශ්රී ලංකා නීති විද්යාලයේ අවසාන විභාගය (attorney final ) පාස් වෙන්න ඕනි.ඒ exam එක ලියන්න ඔයාට llb degree එකට අමතරව අනිවාරෙන් A/l CCS O/L sinhala/tamil සහ english වලට C passes තියෙන්නත් ඕනි. ( Llb degree එකට S3 ඇති උනාට මෙතනදි A/l CCS අවශ්යයි.) මේ සුදුසුකම් සපුරපු කෙනෙක්ට attorney final exam එක ලියන්න පුලුවන්. Attorney final pass උන කෙනෙක්ට මාස 6ක ආධුනික කාල සීමාව සම්පූර්ණ කරල ශ්රේෂ්ඨාධිකරණ නීතීඥවරයෙක් ලෙස දිවුරුම් දෙන්න පුලුවන්.
fans