Students' Union - South Eastern University

Students' Union - South Eastern University Students' Union - South Eastern University

21/08/2026

යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්

කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්

ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මළ මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව්ලෙස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්

අපගේ ආචාරය!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

23/07/2026
18/07/2026
🔴 පසුගිය වසරකට ආසන්න කාලවකවාණුව මුළුල්ලේම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව, ස...
18/07/2026

🔴 පසුගිය වසරකට ආසන්න කාලවකවාණුව මුළුල්ලේම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව, සමසෞබ්‍ය වෘත්තීය සමිති ඇතුළු ප්‍රගතශීලී බලවේග කියා සිටියේ නිදහස් අධ්‍යාපනය යටතේ කුසලතාවය මත සමසෞඛ්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් හට ප්‍රමුඛතාවය ලබා දෙමින් රාජ්‍ය සේවයට බඳවාගැනීම සිදුකරන ලෙසටයි. නමුත් නිදහස් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, අධ්‍යාපනයට සියලුදෙනාට සමානව ප්‍රවේශවීමට ඇති අයිතිය තහවරු කරනවා යැයි පවසා බලයට පැමිණි NPP ආණ්ඩුව සිදු කළේ ඊට හාත්පසින්ම විරුද්ධ වූ ක්‍රියාවකි. එනම් නිදහස් අධ්‍යාපනයෙන් උපාධිය ලබා ගත් උපාධිධාරීන් හා KDU ඇතුලු උපාධිකඩ තුළින් මුදලට උපාධිය ලබා ගත් කණ්ඩායම් වලට දැනුම මිනුම විභාගයකට් මුහුණ දීම මගින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමයි. ඒ හරහා ආණ්ඩුව බලාපොරොත්තු වූයේ අධ්‍යාපන පුද්ගලීකරණයේ නියමු ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන KDU හට මෙන්ම අනෙකුත් අධ්‍යාපනය මුදලට වීකුණන ආයතනවලට ප්‍රවර්ධනයක් ලබාදීමයි. මෙම අරමුණින් ආණ්ඩුව විසින් යෝජනා කළ දැනුම මිනුම් විභාගයට කිසිඳු රාජ්‍ය වි.වි උපාධිධාරියෙකු මුහුණදුන්නේ නැත. KDU ඇතුලු උපාධිකඩ වලින් උපාධිය ලබාගත් කණ්ඩායමක් පමණක් ඉදි‍රිපත්විය. ආණ්ඩුව දැන් සිදු කරනුයේ එම කණ්ඩායම රාජ්‍ය සේවයට බඳවා ගැනීමයි. ඒ අනුව කුසලතාවය මත, නිදහස් අධ්‍යාපනයෙන් උපාධිය ලබා ගත් භෞතචිකිත්සක(Physiotherapy) උපාධිධාරීන් 185 දෙනෙකුද, වෛද්‍ය රසායනාගාර විද්‍යා(MLS) උපාධිධාරීන් 296 ඉවත දමා තිබෙයි.

නිදහස් අධ්‍යාපනය පිළිබඳ පුරසාරම් දෙඩවූ ආණ්ඩුව තම සැබෑ ස්වරූපය හෙළිදරව් කරමින් තිබෙයි. මීට එරෙහිව ඔබ අප සියළුදෙනා පෙරට ආ යුතුය.

එක්වෙමු !
සංවිධානය වෙමු !!
සටන් වදිමු !!!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

20/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ...
அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்...

ශිෂ්‍ය වීර දිනය
மாணவ வீரர் தினம்
2026

අද ( 20 )
இன்று

ප්‍රධාන සැමරුම
සබරගමුව විශ්වවිද්‍යාලයේ දී....
பிரதான நிகழ்வு
சபரகமுவ பல்கலைக்கழகத்தில்...

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
அனைத்து பல்கலைக்கழக மாணவர் ஒன்றியம்
Inter University Students' Federation

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 Like us on Facebook :
https://www.facebook.com/iusfsrilanka?mibextid=ZbWKwL

🔴Join with us on WhatsApp Channel :
https://whatsapp.com/channel/0029VbAorBw6GcGA20t0Q842

🔴 Subscribe to us on YouTube :
http://www.youtube.com/

20/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ...
அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்...

ශිෂ්‍ය වීර දිනය
மாணவ வீரர் தினம்
2026

ජූනි
ஜூன்
20

ප්‍රධාන සැමරුම
සබරගමුව විශ්වවිද්‍යාලයේ දී....
பிரதான நிகழ்வு
சபரகமுவ பல்கலைக்கழகத்தில்...

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
அனைத்து பல்கலைக்கழக மாணவர் ஒன்றியம்
Inter University Students' Federation

01/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ...
அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்...
They have loved you unconditionally...

ශිෂ්‍ය වීර දිනය - 2026
மாணவ வீரர் தினம் - 2026
Students' Heroes day - 2026

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
அனைத்து பல்கலைக்கழக மாணவர் ஒன்றியம்
Inter University Students' Federation

✨ ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලබයි.මෙම උතුම් වෙසක් පොහෝ දිනයේදී, බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දහම අනුව යමින්, අප...
30/05/2026

✨ ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලබයි.

මෙම උතුම් වෙසක් පොහෝ දිනයේදී, බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දහම අනුව යමින්, අපගේ සිත් පිරිසිදු කරගෙන, ලෝකයා වෙත මෙත් සිසිල පතුරුවමු. ඔබ සැමට සාමය සහ සැනසීම පිරි පින්බර වෙසක් දිනයක් වේවා! 🌸☸️

මහා ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය

Address

Oluvil

Telephone

+94766137464

Website

Alerts

Be the first to know and let us send you an email when Students' Union - South Eastern University posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share