අග්නි පන්හිඳ Agni Panhida

අග්නි පන්හිඳ Agni Panhida කලාව හා සාහිත්‍ය වෙනුවෙන්ම වෙන්වු එකම තෝතැන්නකි.
අග්නි පන්හිඳ Agni Panhida.

දම් සිසිලෙන් සිත් නිවී පහන් වන්නා වූ බක් පොහෝ දිනයක් වේවා..! 🙏🤍
01/04/2026

දම් සිසිලෙන් සිත් නිවී පහන් වන්නා වූ බක් පොහෝ දිනයක් වේවා..! 🙏🤍

සුපෙම් පවුර විවෘත කවි නිසඳැස් තරඟය පිළිබඳව ජයග්‍රාහිකාව වන චතුරි සෙව්වන්දි දිසානායක සහෝදරියගේ අදහස..හිතේ කකියන ගොඩක් දේව...
21/02/2026

සුපෙම් පවුර විවෘත කවි නිසඳැස් තරඟය පිළිබඳව ජයග්‍රාහිකාව වන චතුරි සෙව්වන්දි දිසානායක සහෝදරියගේ අදහස..

හිතේ කකියන ගොඩක් දේවල්
ලියා ගුලි කර විසි වුනත් පෙර
සැටලිමක් මුණ ගැහුනා මා හට
පදෙන් පද එකිනෙකට තබන්නට...

දේශන වලින් එහාට, හැකියාවන් එලි දක්වන්න, ඔපදාන්න සංවිධානය කරපු මේ අවස්ථාවට සහ‍භාගී වෙන්න ලැබීමත්, ජයග්‍රහණය කිරීමට ලැබීමත් ලොකු සතුටක්.
ඉතින් සංවිධානය කළ හැමෝටමත්, සහයෝගය දුන් හැමෝටමත් ස්තූතිවන්ත වන අතර , තව තවත් සැඟවුනු දක්ශතා ඉස්මතු කරන්න වේදිකාවක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

ස්තූතියි.
චතුරි සෙව්වන්දි දිසානායක

2026 ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨ කලා කවය විසින්  සංවිධානය කරනු ලැබූ"සුපෙ...
17/02/2026

2026 ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨ කලා කවය විසින් සංවිධානය කරනු ලැබූ
"සුපෙම් පවුර" විවෘත කවි නිසඳැස් තරගයේ නිර්මාණයට වැඩිම වලංගු Reactions ප්‍රමාණයක් ලබාගෙන.. වටිනා නවකතා කට්ටලයේ ජයග්‍රාහිකාව වන්නේ,

අග්නිදිග විශ්ව විද්‍යාලයේ කලමණාකරන පීඨයේ ඉගෙනුම ලබන තරඟ අංක 15 ඔස්සේ තරඟ වැදුණු චතුරි සෙව්වන්දි දිසානායක සහෝදරියයි..✨

සුපෙම් පවුරට පෙම් මතක ඇමිණූ ඔබ සැමට ස්තුතිය පුද කරන්නෙමු... 🥰🤝

ජයග්‍රාහී නිර්මාණය :

හදවතේ සියුම් තැන් ආදරෙන් පුරවන්න
ගසක් වී මා ළඟම එති එතී දැවටෙන්න
බිඳෙන හැම පාරක්ම ආයෙමත් අ‍‍ඹන්නට
ඔයාමයි මේ හිතට සැනසිල්ල හැමදාට

විසිතුරුය පෙම්සිහින ඔය නෙතෙන් මා දකින
පිවිතුරුය උදෑසන පිනි සේම තණ අගින
නිරතුරුව මා සුවය ඔබ තුළම ලැබගන්න
දිවිතුරුම ඔය සෙවන මගෙ වේවි ගිම් නිවන

ගෙවෙන තත්පරයක්ම කප්පරක සුව දැනෙන
පුදුමයකි මියැසියකි පෙම්තාල ඔබ ගයන
පියවරෙන් පියවරට පිනි දියෙන් නාවන්ට
විසිහතර පැය මොකට මේ ආල කතාවට

ජීවිතේ මේ තරම් සුන්දරද මට කියන්න
ඔබ ඇවිත් හා පුරා මා ළඟම කොඳුරන්න
මතක පොත පිටු අතර ආදරේ හංගන්න
පාකරලා එවනවද සැනසීම මා පතන..

වලාපට මත දිලිහෙනා සද ..,නුබ ම වේනම් හැම දිනේ....පිපෙන්නම් සුදු පිච්චියක වී..,තනි මකන්නට මැදියමේ....හීනියට හිත පිරුණු හීන...
14/02/2026

වලාපට මත දිලිහෙනා සද ..,
නුබ ම වේනම් හැම දිනේ....
පිපෙන්නම් සුදු පිච්චියක වී..,
තනි මකන්නට මැදියමේ....
හීනියට හිත පිරුණු හීනෙක..,
හාදු තවරන් සද රැස් දිගේ....
මැදියමට හිත යටට එන්නම්..,
නුබේ සිනැහිය මම ම වී....!!!

පේනවද රෑ අහසේ  සරාසද හැංගිලා..පහන්තරු දන්නේ නෑ අහස් ගැබ තනිවෙලා..ජීවිතේ හැමදාම මට ම හයියක් වෙලා..ඉපදියන් මේ කුසේ මගෙ මුල...
14/02/2026

පේනවද රෑ අහසේ සරාසද හැංගිලා..
පහන්තරු දන්නේ නෑ අහස් ගැබ තනිවෙලා..
ජීවිතේ හැමදාම මට ම හයියක් වෙලා..
ඉපදියන් මේ කුසේ මගෙ මුලු ලොව වෙලා..

හමා පිස එනසුලිල නළ නුඹ.,විරාගීකටු ඉපල් නලවන.,සා පිපාසිතපැලිවලු රැහමලානික ස්වරයෙන්මිමුණුවේ නුඹ වෙත.,ඇදහැලෙන ලෙසහිස්ව ගිය ...
14/02/2026

හමා පිස එන
සුලිල නළ නුඹ.,

විරාගී
කටු ඉපල් නලවන.,

සා පිපාසිත
පැලිවලු රැහ
මලානික ස්වරයෙන්
මිමුණුවේ නුඹ වෙත.,

ඇදහැලෙන ලෙස
හිස්ව ගිය මා
අසුනු සැනකින්
ඔබේ පහසින්
අස්වසන ලෙස...

නැවත
ඕලුද… නෙලුම්… කෙකටිය…
මලින් සැරසුණු
බිගුන් සැනහෙන
ලොවක් වන්නට.,

හිස්ව ගිය මා
පිරී යන්නට.,

අසීමිත ජීවිත ගමනක
නිමා වීමක් සෙවු හදවත.,

ඉමක් නොපෙනෙන
හදේ ගැඹුරේ
නුඹම මුණගැසුණි…,,
මාගේ නිමා වීම ලෙස....

සුහද ඔබ මට සොදුරු කවියක්සිහිය නොම දෙන වයින් බදුනක්ආලය ද රාගය ද මුසුව ශුංගාරය දනැත නිමාවක් අපේ ප්‍රේමෙටගැඹුර දන්නෙ ද අපම ...
14/02/2026

සුහද ඔබ මට සොදුරු කවියක්
සිහිය නොම දෙන වයින් බදුනක්
ආලය ද රාගය ද මුසුව ශුංගාරය ද
නැත නිමාවක් අපේ ප්‍රේමෙට
ගැඹුර දන්නෙ ද අපම පමණයි

ඇවැසි නැත නුඹ ක්‍රිෂ්ණා වන්නට
කිමද මා රාධා නොවේ
ප්‍රේම කෙරුවට ක්‍රිෂ්ණා රාධාට
තිබුණේ අයිතිය රුක්මණීටය
ගෙවෙන එක දශමෙකට හරි
දෙන්නේ කොහොමද නුඹව වෙනකෙකුට

වැටෙන අන්තිම හුස්ම වෙනකං
මමයි නුඹෙ තනි අයිතිකාරිය

මිණි කැට පිරි අඹර මැදදිමුතු සඳ කාල මේඝයෙන්වැසී ගියේදීප්තිය මැද ගණඳුර නම් රකුසාරජ කරන්නාක් මෙන් යඉඩෝරයේ පතිත වීගිලිහුණු ව...
14/02/2026

මිණි කැට පිරි අඹර මැද
දිමුතු සඳ කාල මේඝයෙන්
වැසී ගියේ
දීප්තිය මැද ගණඳුර නම් රකුසා
රජ කරන්නාක් මෙන් ය

ඉඩෝරයේ පතිත වී
ගිලිහුණු වියළී ගිය මලකට
සෙනෙහසේ දිය දෝතකින්
පෑ සොඳුරු
සැසඳිය හැක මුළු ලොවකට

ගිම්හානය නිම වී හමු වූ වසන්තයේ
අතරමැද දැනෙන
සුපුෂ්පිත ශෝකය
සුසුම් ලා වරා සිටියද...
සිනාසෙන්නට වරම් නොලැබුණු
ගොළු වූ සිනහව
අවදි කරමින් පෑ සොඳුරු පෙර
දෙයි රිදුම් ගත...

හිත මත කරන සක්මන්
අතර,
සියල්ල නවතා දෑස් දල්වා බලාසිටින්නේ
වසන්තය නැවත දැකීමට
සෙමින් යන කාලය පසුපස
වේගයෙන්
බඳිමින්ය!

මගේ ඉඟ වටේ වෙලෙන අත්වලපැටලෙන්න මං බලං ඉන්නම්මගේ සිපුමක් ඔය දෙතොල් මතතවරලා හිනැහී බලන්නම්සීතලම සඳ හෝරා ගෙවෙන්නටනුබේ පපුවට...
14/02/2026

මගේ ඉඟ වටේ වෙලෙන අත්වල
පැටලෙන්න මං බලං ඉන්නම්
මගේ සිපුමක් ඔය දෙතොල් මත
තවරලා හිනැහී බලන්නම්
සීතලම සඳ හෝරා ගෙවෙන්නට
නුබේ පපුවට තුරුළු වෙන්නම්
ගිනි රස්නි මද්ධහන කම්ක් නෑ
අත් නොහැර මං ලඟින් ඉන්නම්

තරු පිරුනු මංදාකිණිය තුළ
සියුම් කෙඳිරිලි ගී ගයන්නට
හාදු මුව තවරන්න නුඹ හට
ඕනේ නෑ අවසර පතන්නට
ආදරෙයි මං කියන විට නුඹ
තටු ගසයි මං සමනලුන් හිත යට
ඉතින් ආයෙත් කියනවද සඳ
ලංකරං ඔය පපුතුරට මම
"ආදරෙයි මං හැමදාම පණ
අහසෙ තරු කැට ගාන තරමට"

නුබේ සිනහව මායාවක්දහිතකට මෙච්චර ආදරේනිහඬවම, හෙමින්,පුරවන්න පුළුවන් තරම්හැගීම් මැද්දේ දෝලනය වන තනුවකට,සංගීතයක් වන හමුවීම්...
14/02/2026

නුබේ සිනහව මායාවක්ද
හිතකට මෙච්චර ආදරේ
නිහඬවම,
හෙමින්,
පුරවන්න පුළුවන් තරම්

හැගීම් මැද්දේ දෝලනය වන තනුවකට,
සංගීතයක් වන හමුවීම් ජීවිතයට මායාකාරීම අහඹුවක්

ඉතින් ප්‍රේමිය, නොකීවත් ආදරෙයි,
අදටත්
මතුවටත්.

Address

South Eastern University
Oluvil
32360

Alerts

Be the first to know and let us send you an email when අග්නි පන්හිඳ Agni Panhida posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to අග්නි පන්හිඳ Agni Panhida:

Share