Agni E-14

Agni E-14 Fourth batch of Engineering Faculty, South Eastern University of Sri Lanka.

13/05/2020

විසි එක් වන ශතවර්ෂයේ අප පෙර කිසිදා අත් නොවිඳි ඉතා භයානක අර්බුදයකට මුහුණදී සිටිමු. ඇසට නොපෙනෙන්නා වූ සමාජ මාරයකුට ඔබ අප දුප්පත් පොහොසත් භේදයකින් තොරව නතුවී සිටින අවධියකි මේ. නොදියුණු සමාජ, ආර්ථික, දේශපාලන පසුබිමක් ඇති රටවල් වලට මෙන්ම ලෝක ආර්ථික බලවතුන්ට පවා Covid 19 වසංගතය හමුවේ දණ නැමීමට සිදුවී තිබෙන මොහොතක සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවද මේ වන විට මෙම ගෝලීය වසංගතයට ගොදුරු වී හමාරය.

මෙම covid19 හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වය මැඩ පැවැත්වීම උදෙසා මේ වන විට යුධ, ගුවන්, නාවික, පොලිස් ආරක්ෂක අංශද, සෞඛ්‍යය අංශයද, පරිපාලන අංශයද දැඩි කැපවීමකින් යුතුව පෙරමුණ ගෙන කටයුතු කරමින් පවතී. ගුවන් ගමන් සංචරණ අඩපණ කිරීම, ඇඟලුම් කම්හල් වසා දැමීමට සිදුවීම, සංචාරක කර්මාන්තය අඩපණ වීම, රාජ්‍ය හා රාජ්‍ය නොවන සේවා ස්ථාන වසා දැමීමට සිදුවීම ආදී කරුණු රැසක් හේතුවෙන් මුළුමහත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රබල පහරක් එල්ල වී තිබේ.

කොටි ත්‍රස්‌තවාදය, සුනාමි, පාස්කු ප්‍රහාරය ආදී ව්‍යසන තත්ත්ව හමුවේ නොසැලී නැගී සිටි ජාතියක් වූ අපි මේ වසංගතයද නව නිපැයුම් බිහිකිරීමෙහිලා තෝතැන්නක් කර ගැනීමට වෙහෙසෙමු. එකී නව නිර්මාණ අතර නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නිපදවනු ලැබූ නිර්මාණයක් ගැන අපට කතරගම ප්‍රදේශයෙන් වාර්තා විය.

එනම්, ස්වයංක්‍රීය විෂබීජ හරණ කුටියක් නිර්මාණය කිරීමට ප්‍රදේශයේ තරුණයින් පිරිසක් කටයුතු කර ඇති අතර එයට නායකත්වය සැපයීම අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසර සිසුවකු වන අසේල සම්පත් ගමගේ විසින් සිදු කර තිබේ..

අසේල සම්පත් ගමගේ ( ඉංජිනේරු පීඨය - අග්නිදිග විශ්වවිද්‍යාලය )

අකීෂ පියුමාල්

චාමික ෂෙහාන්

චාමික සඳරුවන්

මෙම නිර්මාණයේ ඇති විශේෂත්වය වනුයේ මෙය තුලට ඇතුලු වූ පසු කිසිදු බාහිර ස්පර්ශයකින් තොරව විෂබීජහරණ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදු වීමයි. . විශේෂයෙන්ම ස්පර්ශය මඟින් පවා බෝවන covid19 රෝගය සැලකීමේදී මෙම කාරණය මූලික කොට සැලකිය යුතුය. කුටීරයට පිවිසීමෙන් පසු ස්වයංක්‍රීයව විෂබීජ නාශක දියර මුදා හැරීම සිදු වේ. සාමාන්‍යයෙන් විෂබීජ නාශක දියර සඳහා අප යොදා ගන්නේ ක්ලෝරීන් මූල ද්‍රව්‍යය වන අතර එහි ඇති අවාසිය වනුයේ ක්ලෝරීන් දියරය සම හා ගැටීම අහිතකර වීමයි. නමුත් මෙම නිර්මාණයේදී විෂබීජ නාශක දියර ලෙස යොදා ගෙන ඇත්තේ රෝහල් වල පවා බහුලව යොදා ගන්නා ඇල්කොහොල් ද්‍රාවණයයි. එම නිසා මෙමඟින් පෙර කී පරිදි අහිතකර තත්වයක්ද ඇති නොවේ.

වැඩ අවසන් කල ස්වයංක්‍රීය විෂබීජ හරණ කුටිය දෙබරවැව මූලික රෝහල වෙනුවෙන් පරිත්‍යාග කෙරුණ අතර ඒ සඳහා දෙබරවැව මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයා ද සහභාගී වී සිටියේය.

මේ වෙනුවෙන් ඇප කැප වී කාලය, ශ්‍රමය හා මූල්‍ය දායකත්වය ලබා දෙමින් උපකාර කල දෙබරවැව මූලික රෝහලේ වෛද්‍ය වසන්ත විජේවීර මහතාට විශේෂ ස්තූතියක් පිරිනැමීමට නිර්මාණකරුවන් කටයුතු යොදා තිබුණි.

ලොව දිනන දිරිය දරුවනි...ඔබට AGNIEDGE මාධ්‍ය ජාලයේ උණුසුම් සුභ පැතුම්.

_රචනය - නිමේෂා දසනායක_

Charith Priyashantha Great work
27/04/2020

Charith Priyashantha Great work

දෙවන ලෝක යුද්ධයෙන් පසු මුලු ලොවක්ම මුහුණ දෙන ප්‍රධානතම ගෝලීය ප්‍රශ්නය ලෙසට covid19 හෙවත් නව කොරෝනා වෛරසය පත් වී හමාරයි.අන්ත දුප්පත් රටවල සිට ඉතා දියුණු සමාජ,ආර්ථික හා දේශපාලන පසුබිම් ඇති රටවල් පවා මෙම covid19 වසංගතය හමුවේ දණ ගසා අවසන්. මැදි මට්ටමේ ආර්ථිකයකට උරුමකම් කියන අප රට ද මේ වන විට මෙම ගෝලීය වසංගතයට ගොදුරු වී හමාරයි.
මේ වන විට අප රටේ සෞඛ්‍යය, ආරක්ෂක හා රාජ්‍ය පරිපාලන අංශ මෙම covid19 හෙවත් නව කොරෝනා වසංගතය මැඩලීමට පෙරමුණ ගෙන අවසන්. සියලු ගුවන් ගමන් හා නාවික කටයුතු නවතා ඇති නිසා අපරටේ ද ආනයන අපනයන කටයුතු මුළුමනින්ම පාහේ මේ වන විට අඩපණ වී අවසන්.
"කළු වලාවක වුව රිදී රේඛා දැකිය හැකිය" යන කියමන සනාථ කරමින් වසර ගණනාවකට පසු අප රටට ඇවැසි දෑ අවම මුදලකින් හා ඉහල ප්‍රමිතියකින් යුතුව අප රටේම නිපදවෙමින් පවතී. එකී නව නිර්මාණ අතර නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නිපදවනු ලැබූ නිර්මාණයක් ගැන අපට බිබිල ප්‍රදේශයෙන් වාර්තා වුනා.
එනම්, ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය විෂබීජ හරණ කුටිය නිර්මාණය කිරීමට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමත් වී තිබෙනවා. ඔවුන් කුඩා කල සිට එකම පාසලේ ඉගෙනුම ලැබූ යහලුවන් පිරිසක් වීම විශේෂත්වයක්.
චරිත් ප්‍රියශාන්ත ( ඉංජිනේරු පීඨය - ශ්‍රීලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය )
හසිඳු ජයසිංහ ( ඉංජිනේරු පීඨය - විවෘත විශ්වවිද්‍යාලය )
ගයාන් කරුණාතිලක ( හෙද පීඨය - නැගෙනහිර විශ්වවිද්‍යාලය )
මදුෂාන් කහඳවල ( හෙද පීඨය - නැගෙනහිර විශ්වවිද්‍යාලය )
මලිත් බන්දුල ( සිවිල් ඉංජිනේරු - CINEC Campus )
මෙම නිර්මාණයේ ඇති විශේෂත්වය වනුයේ මෙය තුලට ඇතුලු වන කිසිඳු පුද්ගලයෙකුට බාහිර ස්පර්ශයකින් තොරව කුටිය තුලට ඇතුලු වීමට ඇති හැකියාවයි. විශේෂයෙන්ම ස්පර්ශය මඟින් පවා බෝවන covid19 රෝගය සැලකීමේදී මෙම කාරණය ඉතා වැදගත් වනවා. කුටීරයට පිවිසීමේදී දොරටු ස්වයංක්‍රීයව විවෘත වන අතර ඇතුලු වූ පසු ස්වයංක්‍රීයවම දොරටු වැසෙන අතර විෂබීජ නාශක දියර මුදා හැරීමද සිදු වනවා. සාමාන්‍යයෙන් විෂබීජ නාශක දියර සඳහා අප යොදා ගන්නේ ක්ලෝරීන් මූල ද්‍රව්‍යයි. එහි ඇති අවාසිය වනුයේ ක්ලෝරීන් දියරය සම හා ගැටීම අහිතකර වීමයි. නමුත් මෙම නිර්මාණයේදී විෂබීජ නාශක දියර ලෙස යොදා ගෙන ඇත්තේ රෝහල් වල පවා බහුලව යොදා ගන්නා ඇල්කොහොල් ද්‍රාවණයයි. එම නිසා මෙමඟින් පෙර කී පරිදි අහිතකර තත්වයක්ද ඇතිවන්නේ නැහැ.
වැඩ අවසන් කල ස්වයංක්‍රීය විෂබීජ හරණ කුටිය බිබිල මූලික රෝහල වෙනුවෙන් පරිත්‍යාග කෙරුණ අතර ඒ සඳහා බිබිල මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයා ද සහභාගී වී සිටියා.
ලොව දිනන දිරිය දරුවනි...ඔබට AGNIEDGE මාධ්‍ය ජාලයේ උණුසුම් සුභ පැතුම්.

26/01/2020
Photography by WIhanga Anupama, Maheel Weerakoon & Madushan Rashee & Edited By - Wihanga Anupama, Mahel Weerakoon & Chan...
02/01/2020

Photography by WIhanga Anupama, Maheel Weerakoon & Madushan Rashee & Edited By - Wihanga Anupama, Mahel Weerakoon & Chanaka Amunugama . ALL RIGHTS RESERVED.These Photographs are properties of 'E14 Photography'. Editing, reproducing and re-using the images for commercial purposes or otherwise, without the permission of the photographer, are strictly prohibited and considered as intended copyrights infringement.

Photography by WIhanga Anupama, Maheel Weerakoon & Madushan Rashee & Edited By - Wihanga Anupama, Mahel Weerakoon & Chan...
01/01/2020

Photography by WIhanga Anupama, Maheel Weerakoon & Madushan Rashee & Edited By - Wihanga Anupama, Mahel Weerakoon & Chanaka Amunugama . ALL RIGHTS RESERVED.These Photographs are properties of 'E14 Photography'. Editing, reproducing and re-using the images for commercial purposes or otherwise, without the permission of the photographer, are strictly prohibited and considered as intended copyrights infringement.

15/10/2019

Sky of Icarus is the only drone competition organized by a state university. Young Members Section of South Eastern University of Sri Lanka organized this competition for the third time consecutively from Techno 2017.
Photography by -Dinitha Anuradha,Shenal Rashmika,Chiran Randev
Edited by -Dinitha Anuradha,Chiran Randev © Agni Edge Photography 2k19 {ALL RIGHTS RESERVED}. These Photographs are property of 'Agni Edge'. Editing, reproducing and re-using the images for commercial purposes or otherwise, without permission of photographer, are strictly prohibited and considered as intended copyrights infringement

06/09/2019

"Daham Sisila" Annual Dharma Chanting Programme,organized by E-17 batch was held on 9th of September 2019 at The Temple of South Eastern University of Sri Lanka. Photography-Shenal Rashmika & Deshan Uditha.Edited by-Shenal Rashmika & Deshan Uditha© Agni Edge Photography 2k19 {ALL RIGHTS RESERVED}. These Photographs are property of 'Agni Edge'. Editing, reproducing and re-using the images for commercial purposes or otherwise, without permission of photographer, are strictly prohibited and considered as intended copyrights infringement

06/09/2019

Photography by - Maheel Weerkoon.Edited by - Shenal Rashmika © Agni Edge Photography 2k19 {ALL RIGHTS RESERVED}. These Photographs are property of 'Agni Edge'. Editing, reproducing and re-using the images for commercial purposes or otherwise, without permission of photographer, are strictly prohibited and considered as intended copyrights infringement

Address

Oluvil

Website

Alerts

Be the first to know and let us send you an email when Agni E-14 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share