Student's Union - Faculty of Technology SEUSL

Call Directions Website Contact the university

Student's Union - Faculty of Technology SEUSL This is the official page of Faculty of Technology of the South Eastern University of Sri Lanka (SEUSL).

🌕🙏 සුමධුර ධර්මදේශනය | 2026බිනර පුන් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් ...
29/09/2026

🌕🙏 සුමධුර ධර්මදේශනය | 2026

බිනර පුන් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ “සුමධුර ධර්මදේශනය” සැදැහැවත් සිත් එක් කළ අරුත්බර පුණ්‍ය වැඩසටහනක් ලෙස පැවැත්විණි. 🪷

ධර්මයේ සිසිලසින් සිත් සතන් සැනසුණු මේ පින්බර සන්ධ්‍යාව, සැමටම යහපත් සිතුවිලි, මෛත්‍රිය සහ ආධ්‍යාත්මික සැනසීම එක් කළ සුන්දර මොහොතක් විය. 🙏✨

මෙම උතුම් පුණ්‍ය කටයුත්ත සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට අපගේ ගෞරවය හා ස්තූතිය පුද කරමු. 🤍

තෙරුවන් සරණයි! 🙏

#සුමධුරධර්මදේශනය

ඝාතනය කර වසර 14 යි.ජානක - සිසිත සිසු ඝාතනවලට යුක්තිය ඉටු කරනු !අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
27/09/2026

ඝාතනය කර වසර 14 යි.

ජානක - සිසිත සිසු ඝාතනවලට යුක්තිය ඉටු කරනු !

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

නිවන් සුව ලැබේවා..! 🙏ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ 23/24 කණ්ඩායමේ අපේ ආදරණීය සහෝදරයෙකු වන සතිඳු අභිෂේ...
25/09/2026

නිවන් සුව ලැබේවා..! 🙏

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ 23/24 කණ්ඩායමේ අපේ ආදරණීය සහෝදරයෙකු වන සතිඳු අභිෂේක් සහෝදරයාගේ පියාණන්ගේ අභාවය වෙනුවෙන් තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය ඇතුළු සමස්ත සහෝදරත්වයේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු..!

වියෝ වූ ඒ ආදරණීය පියාණන්ට උතුම් වූ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමු!

"සබ්බ දානං ධම්ම දානං ජිනාති" 🪷බිනර පුන් පොහෝ දිනයට සමගාමීව ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය ම...
24/09/2026

"සබ්බ දානං ධම්ම දානං ජිනාති" 🪷

බිනර පුන් පොහෝ දිනයට සමගාමීව ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනය සඳහා ඔබ සැමට ශ්‍රද්ධා පූර්වකව ආරාධනා කර සිටිමු!

​🎙️ දේශකයාණන් වහන්සේ:
හිඟුරාන උත්තරමහා විහාරස්ථානවාසී පූජ්‍ය කොටගොඩ දයාරතන ස්වාමීන්වහන්සේ

​📅 දිනය: සැප්තැම්බර් 25
⏰ වේලාව: සවස 7.00 සිට
📍 ස්ථානය: තොප්පිගල පරිශ්‍රයේ දී

​උතුම් සද්ධර්ම ශ්‍රවණයෙන් කුසල් වඩා ගන්නට, ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු! ✨🙏

​

🔴 මෙරට උසස් අධ්‍යාපනය ලබන, ආර්ථික අපහසුතා සහිත ශිෂ්‍යන්ට මාසික දීමනාවක් ලබා දීම සඳහා ඇරඹි මහපොළ ශිෂ්‍යත්ව අරමුදල මගින් ම...
20/09/2026

🔴 මෙරට උසස් අධ්‍යාපනය ලබන, ආර්ථික අපහසුතා සහිත ශිෂ්‍යන්ට මාසික දීමනාවක් ලබා දීම සඳහා ඇරඹි මහපොළ ශිෂ්‍යත්ව අරමුදල මගින් මේ වන විට සිසුන් දහස් ගණනකට ප්‍රතිලාභ අත් කරදී තිබෙයි. එලෙස සරසවි ශිෂ්‍යන් සඳහා ශිෂ්‍යාධාරයක් දිනාගැනීම සඳහා 60/70 දශක තුළදී ක්‍රියාත්මක වූ සිසු සටන්ද “මහපොළ” ශිෂ්‍යාධාරය දිනාගැනීම සඳහා අවශ්‍ය මහජන බලපෑම ගොඩනැගීම සඳහා ඉවහල් විය.

නමුත් මෙරට දශක ගණනාවක් තිස්සේ තට්ටුමාරුවට පත්වන ආණ්ඩු පවත්වාගෙන ආ දූෂිත,සංදර්ශනවාදී, මජර දේශපාලන සංස්කෘතියට අනුව මහපොළ දීමනාව ලබා දීම ඔවුන්ගේ පටු දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් සංදර්ශනාත්මකව භාවිතා කරන ලදී. මෑත කාලීන උදාහරණ ලෙස S.B. දිසානායක උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී මහපොළ ලබාදීම සිදුකලේ එම ශිෂ්‍යත්වලාභීන් සියලුදෙනාම කොළඹට කැඳවා පැවත්වූ දේශපාලන සංදර්ශන රැස්වීමක් තුළයි.

හාස්‍යජන කරුණ නම් වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුවද එවැනි රැස්වීමක් අගමැති හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කිරමින් තිබීමයි. 2024/25 වසර කණ්ඩායමේ මහපොළ ලාභීන්ට පැමිණීම අනිවාර්‍ය කරමින් අරලියගහ මැදුරේ රැස්වීමක් සූදානම් කර ඇති අතර එයට සහභාගී නොවන්නේ නම් මහපොළ නොලැබෙන බවටද තර්ජනය කර තිබෙයි.

මෙය ඉතාම නින්දිත ක්‍රියාවක් වන අතර එය අප තරයේ හෙළා දකිමු. වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර පැවසූයේ පාසල් පවා දේශපාලන සන්දර්ශන සඳහා භාවිතා කිරීම නවත්වන බවයි. පාසල් කෙසේ වෙතත් අද මෙතෙක් කල් නොහැකි වූ විශ්වවිද්‍යාල පද්ධතියද තම පටු දේශපාලන උවමනාවන් වෙනුදෙන් භාවිතා කිරීමට කැසකවමින් සිටී. නිවට පාලකයන් අද සිසුන්ට තර්ජනය කරමින් සිටින්නේ අරලිය ගහ මැදුරට පැමිණ, අමරසූරිය මෙනෙවියගේ පුරාජේරු කතා අසා මහපොල සහතිකය නොගන්නේ නම් මහපොළ ශිෂ්‍යත්වය නොලැබෙන බවයි.

මහජන අරමුදල් මෙලෙස නාස්තිකාර ලෙසත්,තම දේශපාලන සංදර්ශන සඳහාත් භාවිතා කිරීමට මෙම නිවට පාලකයන්ට කිසිඳු අයිතියක් නැත. එම නිසා මෙලෙස මහජන දායකත්වයෙන් පවත්වාගෙන යන අරමුදල් භාවිතා කරමින්, තම දේශපාලන න්‍යායපත්‍රයන් සඳහා උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ද බලහත්කාරගෙන් ගෙන්වාගනිමින් සිදුකිරීමට නියමිත් S.B. පන්නයේ නිවට දේශපාලන සංදර්ශන පිළිකුලෙන්‍ යුතුව හෙළාදකිමු!

තනන්නට මතු පරපුරක්…දිනන්නට හෙට දින නුඹත්…ගිමන් වූ ඒ පොළව තලයටඉසින්නම් එක දිය පොදක්… දැනුමෙන් හෙට දිනන පරපුරක් බිහිකරන්නට...
10/09/2026

තනන්නට මතු පරපුරක්…
දිනන්නට හෙට දින නුඹත්…
ගිමන් වූ ඒ පොළව තලයට
ඉසින්නම් එක දිය පොදක්…

දැනුමෙන් හෙට දිනන පරපුරක් බිහිකරන්නටත්, අධ්‍යාපනයේ අත්වැලක් අවැසි දරුවන්ගේ සිහිනවලට ශක්තියක් වන්නටත් අපි තැබූ තවත් එක් සොඳුරු පියවරක්… 📚

“කතරට එතෙරක් – තුන්වන අදියර”
“නැණ අත්වැල” සම්මන්ත්‍රණ මාලාව – 2026 🎓✨

ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන්, තාක්ෂණ පීඨ සහෝදර සහෝදරියන්ගේ සහභාගීත්වයෙන්, සහෝදරත්වයේ මනුදම පදනම සහ Tennyson & Vinitha Rodrigo Trust භාරකාර අරමුදලේ අනුග්‍රහයෙන් සාර්ථකව ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී වැඩසටහන මෙසේ සාර්ථකව අවසන් විය. ❤️

දරුවන්ගේ සිහිනවලට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ අනාගතයට පුංචි ආලෝකයක් එක් කිරීමට හැකිවීම අප ලැබූ විශාලතම ජයග්‍රහණයයි.

#කතරටඑතෙරක් #නැණඅත්වැල2026 #තුන්වනඅදියර

ඉතිහාසයේ මතකයන් සමඟින්… නව පරපුරේ ගමනට ආරම්භයක්!⚓🎓 යාත්‍රා 2026🎓තාක්ෂණික පීඨයේ 24/25 සහෝදරත්වයට වෙන් වූ සුවිශේෂී හමුවීමක...
06/09/2026

ඉතිහාසයේ මතකයන් සමඟින්… නව පරපුරේ ගමනට ආරම්භයක්!⚓

🎓 යාත්‍රා 2026🎓
තාක්ෂණික පීඨයේ 24/25 සහෝදරත්වයට වෙන් වූ සුවිශේෂී හමුවීමක්! ❤️

📅 2026 සැප්තැම්බර් 06
⏰ පස්වරු 7.00 සිට
💻 Zoom ඔස්සේ පැවැත්වේ

එන්න… 🤝
මතකයන් අලුත් කරගන්න, සහෝදරත්වය තවත් ශක්තිමත් කරගන්න, එකට එකතු වෙමු! ❤️🔥

කියමු කතාවක්… කියමුදුරටත් නුඹ සුන්දර අතීතයක්…"✨

#යාත්‍රා2026

28/07/2026

තාක්ෂණික පීඨයේ සිසුන්ට පවතින අඩුපාඩු , මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබිමේ ගැටලු හා නේවාසිකාගාර හිගය පිලිබදව හා පරිපාලනයේ නිහඩ පිලිවෙත හෙලා දකිමින් සියලු පීඨ ශිෂ්‍ය සංගම් එක්ව සංවිධානය කල මාධ්‍ය සාකච්ඡාව

තාක්ෂණික පීඨ ශිෂ්‍ය සංගමය - අග්නිදිග විශ්වවිද්‍යාලය

​தொழில்நுட்ப பீட மாணவர்களின் பற்றாக்குறைகள், இணையவழி மூலமான கற்றல் சிக்கல்கள், விடுதி பற்றாக்குறை ஆகியவற்றுக்கு எதிராகவும், நிர்வாகத்தின் மௌனப் போக்கை நிராகரித்தும் அனைத்து பீட மாணவர் ஒன்றியங்களும் இணைந்து ஏற்பாடு செய்த ஊடகவியலாளர் சந்திப்பு.

​தொழில்நுட்ப பீட மாணவர் ஒன்றியம் - தென்கிழக்கு பல்கலைக்கழகம்

නිවන් සුව ලැබේවා..! 🙏ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ 20/21 කණ්ඩායමේ අපේ ආදරණීය සහෝදරියකු වන රන්දිනි පෙර...
25/07/2026

නිවන් සුව ලැබේවා..! 🙏

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ 20/21 කණ්ඩායමේ අපේ ආදරණීය සහෝදරියකු වන රන්දිනි පෙරේරා සහොදරියගේ පියාණන්ගේ අභාවය වෙනුවෙන් තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය ඇතුළු සමස්ත සහෝදරත්වයේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු..!

වියෝ වූ ඒ ආදරණීය පියාණන්ට උතුම් වූ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමු!

මීවිත ~ 2026 🌊💫 #මීවිත2026
02/07/2026

මීවිත ~ 2026 🌊💫

#මීවිත2026

Address

Faculty Of Technology, SEUSL
Oluvil

Alerts

Be the first to know and let us send you an email when Student's Union - Faculty of Technology SEUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Student's Union - Faculty of Technology SEUSL:

Shortcuts

Share