Students' Union Faculty of Management and Commerce - SEUSL

Students' Union Faculty of Management and Commerce - SEUSL 🚩The Pride of South Eastern University🚩

🚩 සිසු නිදහසට වැට බඳින අග්නිදිග පරිපාලනයේ උන්මත්තක ක්‍රියාකලාපය පිළිකුලෙන් හෙළා දකිමු!🚩​ සිසු නිදහස මර්දනය කරන හවස 6 නීත...
29/07/2026

🚩 සිසු නිදහසට වැට බඳින අග්නිදිග පරිපාලනයේ උන්මත්තක ක්‍රියාකලාපය පිළිකුලෙන් හෙළා දකිමු!

🚩​ සිසු නිදහස මර්දනය කරන හවස 6 නීතිය වහා හකුළා ගනු!

​මාධ්‍ය සාකච්ඡාව

​කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය
අග්නිදිග විශ්වවිද්‍යාලය

----------

🚩 மாணவர் சுதந்திரத்தை முடக்கும் தென்கிழக்குப் பல்கலைக்கழக நிர்வாகத்தின் பைத்தியக்காரத்தனமான நடவடிக்கையைக் அருவருப்புடன் கண்டிக்கிறோம்!

🚩 ​மாணவர் சுதந்திரத்தை அடக்கும் மாலை 6 மணி விதியை உடனடியாகத் திரும்பப் பெறு!

​ஊடகச் சந்திப்பு

​மேலாண்மைப் பீட மாணவர் ஒன்றியம்
தென்கிழக்குப் பல்கலைக்கழகம்

27/07/2026

සිසු නිදහසට වැට බඳින, සිසුන්ගේ මානසික සෞඛ්‍යයට සේම ශිෂ්‍ය අයිතිවාසිකම්වලට ද හානි කරන සවස 6 නීතියට විරෝධය පල කරමින් පීඨ ශිෂ්‍ය සංගම් එක්ව සංවිධානය කළ මාධ්‍ය සාකච්චාව.

කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය
අග්නිදිග විශ්ව විද්‍යාලය

மாணவர் சுதந்திரத்தைக் கட்டுப்படுத்தும், மாணவர்களின் மனநலத்திற்கும் மாணவர் உரிமைகளுக்கும் பாதிப்பை ஏற்படுத்தும் மாலை 6 மணி விதிமுறைக்கு எதிர்ப்புத் தெரிவித்து பீட மாணவர் ஒன்றியங்கள் இணைந்து ஏற்பாடு செய்த ஊடகவியலாளர் சந்திப்பு.


​மேலாண்மைப் பீட மாணவர் ஒன்றியம்
தென்கிழக்குப் பல்கலைக்கழகம்

අග්නිදිග විශ්වවිද්‍යාලය තුළ මේ වන විට මතුව ඇත්තේ සරසවියක් තුළ ශිෂ්‍ය නිදහසට ඇතිවිය හැකි අතිශය බරපතළම තත්ත්වයකි. සිසුන්ගේ...
26/07/2026

අග්නිදිග විශ්වවිද්‍යාලය තුළ මේ වන විට මතුව ඇත්තේ සරසවියක් තුළ ශිෂ්‍ය නිදහසට ඇතිවිය හැකි අතිශය බරපතළම තත්ත්වයකි. සිසුන්ගේ අයිතිවාසිකම් සහ සිසු නිදහස ගණනකට නොගන්නා අග්නිදිග පරිපාලනය සිය නොහැකියාවන් වසාගන්නට සහ තමන්ට පැවරෙන වගකීම්වලින් සහ වගවීමෙන් ගැලවීමට තම හිතුමනාපයට සිසුන් මත නීතිරීති පටවා ඇඟ බේරාගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටී.

​සිසුන් විසින් සංවිධානය කරනු ලබන කිසිදු වැඩසටහනක් සවස 6න් පසු පැවැත්විය නොහැකි බවට සහ සති අන්තයේ සහ නිවාඩු දිනවල කිසිදු වැඩසටහනක් පැවැත්විය නොහැකි බව පවසමින් නීති පැනවීමට කටයුතු කර ඇති අග්නිදිග පරිපාලනය, එම නීති පැනවීම සිදු කරනු ලැබුවේ මාලිමා ආණ්ඩුවේ චක්‍රලේඛයකට අනුව බව පවසමින් තම ක්‍රියාවන් සාධාරණීකරණය කළ ද, එවැනි කිසිදු චක්‍රලේඛයක් මේ වන තුරුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙතින් නිකුත් කර නොමැත.

​මෙම වසරේ මුල් භාගයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2026 අංක 02 දරන, විශ්වවිද්‍යාලවල සිසුන් විසින් සංවිධානය කරන වැඩසටහන් සම්බන්ධයෙන් පැනවූ චක්‍රලේඛය අනුව, සිසුන් පවත්වන වැඩසටහන් විශ්වවිද්‍යාලයේ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ පැවැත්විය යුතු බව සඳහන් වුව ද, එම චක්‍රලේඛය අවභාවිත කරමින් අග්නිදිග විශ්වවිද්‍යාල පරිපාලනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවා නොදන්නා හවස හයේ නීතියක් විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටී.

​වැඩසටහනක් සංවිධානය කරන විට එයට අවසර ලබාගැනීමට උපකුලපතිවරයා, SSSW අධ්‍යක්ෂවරයා, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරයා, පීඨාධිපතිවරයා ඇතුළු විශ්වවිද්‍යාලයේ නිලධාරීන් 7 දෙනෙකුගේ අත්සන් ලබාගත යුතුය යන ක්‍රමවේදයක් ද පවතින අතර, එම ඉල්ලුම් පත්‍රයේ අත්සන යොදා වැඩසටහන පිළිබඳ වගකීම ගැනීමට සහ වැඩසටහන අධීක්ෂණය කිරීමේ වගකීමෙන් ගැලවී ඇඟ බේරාගැනීමට අග්නිදිග පරිපාලනය සොයා ගෙන ඇති අලුත්ම පිළියම මෙම සවස හයේ නීතියයි.

​අග්නිදිග විශ්වවිද්‍යාලය වැනි අධික උණුසුම් කාලගුණයක් පවතින ප්‍රදේශයක පිහිටා ඇති විශ්වවිද්‍යාලයක සිසුන්, සවස 4.30 වන තුරුම විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි වී ඉන් අනතුරුව එම වැඩසටහන 4.30 සිට 6.00 දක්වා කාලය තුළ පැවැත්විය යුතුය යනුවෙන් ගෙන ඇති මෙම අනුවණ තීරණය කාගේ තීරණයක් ද යන්න සිසුන්ට විශාල ගැටලුවක්ව පවතී. කිසිදු ප්‍රායෝගිකත්වයකින් තොරව ගන්නා මෙවැනි අනුවණ තීරණවලින්, සිසුන්ගේ මානසික සෞඛ්‍යය රැකගැනීමට සහ දිගින් දිගටම අධ්‍යයන කටයුතුවල යෙදීමෙන් ඇතිවන ආතතිය අවම කිරීමට සංවිධානය කරන වැඩසටහනක් පවා සිසුන්ගේ මනසට අමතර ආතතියක් ගෙන එන්නක් බවට පත්ව තිබේ.

​අනෙකුත් විශ්වවිද්‍යාල හා සසඳන විට අග්නිදිග විශ්වවිද්‍යාලය යනු ඉතාමත් අවම පහසුකම් ප්‍රමාණයකින් සමන්විත විශ්වවිද්‍යාලයකි. සිසුන්ට අවශ්‍ය මූලික පහසුකම් පවා අවම මට්ටමකින් පවතින විශ්වවිද්‍යාලයක් තුළ සිසුන් තම හැකියාවෙන් සහ දක්ෂතාවයෙන් අධ්‍යයන කටයුතු සිදුකරන අතරම, තම කලාකාමී හැකියාවන් හා නිර්මාණශීලීත්වය ඔප්නංවාගනිමින් සංවිධානය කරන කලාත්මක වැඩසටහන් සඳහා ද වැට බඳින අග්නිදිග වැඩබැරි පරිපාලනයේ මෙම අන්තනෝමතික, අනුවණ ක්‍රියාකලාපය සිසුන්ගේ එම නිර්මාණශීලීත්වයට මරු පහරක් එල්ල කර තිබේ.

​සිසු නිදහසට වැට බඳින, සිසුන්ගේ මානසික සෞඛ්‍යයට සේම සිසුන්ගේ අයිතිවාසිකම්වලට ද හානි කරන මෙවැනි අනුවණ තීරණ වහාම ඉවත් කරගන්නා තෙක් කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය සටන අත් නොහරිනු ඇත.


කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය
අග්නිදිග විශ්ව විද්‍යාලය


தென்கிழக்குப் பல்கலைக்கழகத்தில் தற்போது பல்கலைக்கழக மாணவர் சுதந்திரத்திற்கு ஏற்படக்கூடிய மிகக் கடுமையான ஒரு சூழ்நிலை உருவாகியுள்ளது. மாணவர்களின் உரிமைகளையும் சுதந்திரத்தையும் சிறிதும் பொருட்படுத்தாத தென்கிழக்குப் பல்கலைக்கழக நிர்வாகம், தனது இயலாமையை மறைப்பதற்கும், தமக்குரிய பொறுப்புகளிலிருந்தும் பொறுப்புக்கூறலிலிருந்தும் தப்பித்துக்கொள்வதற்கும் மாணவர்கள் மீது தன்னிச்சையாக விதிகளைத் திணித்துத் தப்பிக்கும் முறையைக் கையாண்டு வருகிறது.

​மாணவர்கள் ஏற்பாடு செய்யும் எந்தவொரு நிகழ்வையும் மாலை 6.00 மணிக்கு மேல் நடத்த முடியாது என்றும், வார இறுதி நாட்களிலும் விடுமுறை நாட்களிலும் எந்தவொரு நிகழ்வையும் நடத்த முடியாது என்றும் தென்கிழக்கு நிர்வாகம் விதிகளை விதித்துள்ளது. மாலிமா (தேசிய மக்கள் சக்தி) அரசாங்கத்தின் சுற்றறிக்கைக்கு அமையவே இந்த விதிகளை விதித்ததாகக் கூறி நிர்வாகம் நியாயப்படுத்தினாலும், பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழுவினால் இதுவரை அப்படியான எந்தவொரு சுற்றறிக்கையும் வெளியிடப்படவில்லை.

​இவ்வருடத்தின் முற்பகுதியில் பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழுவினால் வெளியிடப்பட்ட 2026/02 ஆம் இலக்கச் சுற்றறிக்கையின்படி, மாணவர்கள் நடத்தும் நிகழ்வுகள் பல்கலைக்கழக அதிகாரியொருவரின் மேற்பார்வையின் கீழ் நடத்தப்பட வேண்டும் எனக் குறிப்பிடப்பட்டுள்ளது. ஆனால், அச்சுற்றறிக்கையைத் தவறாகப் பயன்படுத்தி, பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழு கூட அறியாத "மாலை 6 மணி விதி" ஒன்றை தென்கிழக்குப் பல்கலைக்கழக நிர்வாகம் பல்கலைக்கழகத்தினுள் நடைமுறைப்படுத்த முற்படுகிறது.
,,,,,,,
​ஒரு நிகழ்வை ஏற்பாடு செய்யும்போது, அதற்கான அனுமதியைப் பெற துணைவேந்தர், SSSW பணிப்பாளர், சிரேஷ்ட மாணவர் ஆலோசகர், பீடாதிபதி உட்பட பல்கலைக்கழகத்தின் 7 அதிகாரிகளின் கையொப்பங்களைப் பெற வேண்டிய நடைமுறை நிலவுகிறது. அந்த விண்ணப்பப் படிவத்தில் கையொப்பமிட்டு நிகழ்வுக்கான பொறுப்பை ஏற்பதிலிருந்தும், நிகழ்வை மேற்பார்வை செய்யும் பொறுப்பிலிருந்தும் தப்பித்துக்கொள்வதற்காகத் தென்கிழக்கு நிர்வாகம் கண்டுபிடித்துள்ள புதிய தீர்வே இந்த "மாலை 6 மணி விதி" ஆகும்.

​தென்கிழக்குப் பல்கலைக்கழகம் போன்ற அதிக வெப்பமான காலநிலை நிலவும் பிரதேசத்தில் அமைந்துள்ள பல்கலைக்கழகமொன்றின் மாணவர்கள், மாலை 4.30 மணி வரை விரிவுரைகளில் பங்கேற்றுவிட்டு, அதன்பின்னர் 4.30 முதல் 6.00 மணி வரையிலான குறுகிய காலப்பகுதிக்குள் அந்நிகழ்வை நடத்த வேண்டும் எனக் கூறப்படும் இந்த அறிவீனமான தீர்மானம் யாருடையது என்பது மாணவர்களுக்குப் பெரும் கேள்வியாக உள்ளது. எவ்வித நடைமுறைச் சாத்தியமுமின்றி எடுக்கப்படும் இதுபோன்ற அறிவீனமான தீர்மானங்களால், மாணவர்களின் மனநலனைப் பாதுகாக்கவும் தொடர்ச்சியான கல்விச் செயற்பாடுகளால் ஏற்படும் மன அழுத்தத்தைக் குறைக்கவும் ஏற்பாடு செய்யப்படும் ஒரு நிகழ்வு கூட மாணவர்களின் மனதிற்கு மேலதிக அழுத்தத்தையே ஏற்படுத்துவதாக மாறியுள்ளது.

​ஏனைய பல்கலைக்கழகங்களுடன் ஒப்பிடுகையில் தென்கிழக்குப் பல்கலைக்கழகம் என்பது மிகக் குறைந்த வசதிகளைக் கொண்ட ஒரு பல்கலைக்கழகமாகும். மாணவர்களுக்குத் தேவையான அடிப்படை வசதிகள் கூடக் குறைந்த மட்டத்தில் காணப்படும் ஒரு பல்கலைக்கழகத்தில், மாணவர்கள் தமது திறமையினாலும் ஆற்றலினாலும் கல்வியைத் தொடர்வதோடு, தமது கலைத்திறன்களையும் படைப்பாற்றலையும் வெளிப்படுத்தி ஏற்பாடு செய்யும் கலைநிகழ்ச்சிகளுக்கும் தடையிடும் தென்கிழக்கின் திறமையற்ற நிர்வாகத்தின் இந்தத் தன்னிச்சையான, அறிவீனமான செயற்பாடு மாணவர்களின் படைப்பாற்றலுக்குப் பலத்த அடியைக் கொடுத்துள்ளது.

​மாணவர் சுதந்திரத்தைத் தடுக்கும், மாணவர்களின் மனநலனுக்கும் உரிமைகளுக்கும் பாதிப்பை ஏற்படுத்தும் இதுபோன்ற அறிவீனமான தீர்மானங்கள் உடனடியாகத் திரும்பப் பெறப்படும் வரை மேலாண்மைப் பீட மாணவர் ஒன்றியம் போராட்டத்தைக் கைவிடாது.


​மேலாண்மைப் பீட மாணவர் ஒன்றியம்
தென்கிழக்குப் பல்கலைக்கழகம்

මාලිමා ආණ්ඩුවේ 2026 2 චක්‍රලේඛය අනුව යයි පවසමින් එම චක්‍රලේකයේවත් නොමැති කොන්දේසි සහ නීතිරීති පනවමින් සිසුන්ගේ විෂය බාහි...
26/07/2026

මාලිමා ආණ්ඩුවේ 2026 2 චක්‍රලේඛය අනුව යයි පවසමින් එම චක්‍රලේකයේවත් නොමැති කොන්දේසි සහ නීතිරීති පනවමින් සිසුන්ගේ විෂය බාහිර කාර්‍යභාරයන්ට සිසුන් සංවිධානය කරන කලා හෝ ක්‍රීඩා වැඩසටහන් වලට සීමා පමුණුවමින් සහ සිසු නිදහසට බාධා පමුනුවමින් සවස 6 ට විශ්ව විද්‍යාලයේ සියලු වැඩසටහන් නිමා කල යුතු බව සඳහන් කරමින් ගෙන ඇති අත්තනෝමතික අනුවණ තීරණය හරහා සිදු කරන සිසු නිදහස මර්දනය කිරීමට විරෝධය පල කරමින් 2026/07/23 දින කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයා වෙත ලිපියක් භාර දෙන ලදී.

ශිෂ්‍ය අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිසු නිදහස මර්දනයට ගනු ලබන මෙම අත්තනෝමතික තීරණ වහා හකුලාගෙන සරසවිය තුළ සිසු නිදහස තහවුරු කරන තුරු කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය සටන අත් නොහරිනු ඇත.

----------
කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය
අග්නිදිග විශ්ව විද්‍යාලය

23/07/2026

අග්නිදිග විශ්වවිද්‍යාල පරිපාලනය සිසුන්ගේ අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කරමින් විශ්වවිද්‍යාලය තුළ මේ වනවිට දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් සිටී. සිසුන් විසින් සංවිධානය කරන සියලු වැඩසටහන් සතියේ දිනවල පමණක් සංවිධානය කළ යුතු බවටත්, සති අන්තයේ හෝ නිවාඩු දිනවලදී කලා හෝ ක්‍රීඩා ආදී කිසිදු බාහිර වැඩසටහනක් සංවිධානය කිරීමට නොහැකි බවටත්, සියලු වැඩසටහන් සතියේ දිනවල සවස 6ට පෙර පැවැත්විය යුතු බවත්, සවස 6න් පසු කිසිදු කලා හෝ ක්‍රීඩා වැඩසටහනක් පැවැත්වීම තහනම් කරමින් සිසුන් විසින් සංවිධානය කරන සියලුම වැඩසටහන්වලට බාධා කරමින් සිසු නිදහසට වැට බඳින අත්තනෝමතික ක්‍රියාපටිපාටියක් අනුගමනය කරමින් සිටී.

​විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කළ 2026/02 චක්‍රලේඛය අනුව යයි පවසමින් එම චක්‍රලේඛයේවත් නොමැති කොන්දේසි සහ නීතිරීති පනවමින් මෙවැනි අත්තනෝමතික අනුවණ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් සිසු නිදහස මර්දනය කිරීමට එරෙහිව සහ තවමත් නිසි විසඳුම් නොලැබුණු කළමනාකරණ පීඨයේ පවතින ගැටලු සහ විශ්වවිද්‍යාලයේ පවතින නොවිසඳුණු පොදු ගැටලු රාශියක් මුල් කරගනිමින් අද දින කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැඟිල්ල ඉදිරිපිට රැස්ව සිදු කරන විරෝධතාවය.


කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය
අග්නිදිග විශ්ව විද්‍යාලය

අග්නිදිග විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති අධ්‍යයන සුබසාධන ගැටලු කිහිපයක් මුල් කරගනිමින්, ජූලි...
19/07/2026

අග්නිදිග විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති අධ්‍යයන සුබසාධන ගැටලු කිහිපයක් මුල් කරගනිමින්, ජූලි මස 16 වන දින අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය එක්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගොස් ලිපියක් භාරදීමට කටයුතු කරන ලදී.

​මෙහිදී,

1. ​කළමනාකරණ පීඨය මඟින් පිරිනමන විද්‍යාවේදී කළමනාකරණ හා තොරතුරු තාක්ෂණ (BSc MIT) සාමාන්‍යවේදී උපාධිය විශේෂවේදී උපාධියක් බවට පත් කිරීමේ ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය.

2. ​වසර පහළොවකට ආසන්න කාලයක් පුරාවට සැලසුමකට පමණක් සීමා වී පවතින කළමනාකරණ පීඨ ගොඩනැඟිල්ලේ දෙවන අදියරේ ඉදිකිරීම් දිගින් දිගටම ප්‍රමාද කිරීම.

3. ​මෙම වසරේ අග්නිදිග විශ්වවිද්‍යාලයට අනුමත වී ඇති නව ශිෂ්‍ය නේවාසිකාගාරයේ වැඩකටයුතු ආරම්භ කිරීමේ ක්‍රියාවලියේ පවතින තත්ත්වය.

​යන කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා සමඟ සාකච්ඡා කරන ලදී.

​කළමනාකරණ පීඨයේ පවතින මෙම ගැටලුවලට කඩිනමින් නිසි විසඳුම් ලැබෙන තුරු කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවනු ඇත.


-----------
කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය
අග්නිදිග විශ්ව විද්‍යාලය

18/07/2026
උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන​1977 දී හඳුන්වා දුන් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන්ගේ ප්‍රතිඵලයක් ලෙස, 1...
20/06/2026

උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන

​1977 දී හඳුන්වා දුන් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන්ගේ ප්‍රතිඵලයක් ලෙස, 1981 දී රජය විසින් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන ලදී. මෙය නිදහස් අධ්‍යාපනයට එල්ල වූ තර්ජනයක් ලෙස හඳුනාගත් ශිෂ්‍ය ව්‍යාපාරය, ඊට එරෙහිව දැවැන්ත අරගලයක් දියත් කළේය. වසර ගණනාවක් පුරා ඇදී ගිය මෙම සටන 1987 දී තීරණාත්මක අදියරකට එළඹි අතර, අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව දියත් කළ අඛණ්ඩ වැඩවර්ජන සහ ජනතා දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පැවැත්මට එරෙහිව ප්‍රබල සමාජ මතයක් ගොඩනැගිණි.

​මෙම අරගලය අතරතුර රජයේ මර්දනය ඉතා උත්සන්න වූ අතර, ත්‍රිමා විතාන සහෝදරයා ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් ගණනාවක් ම්ලේච්ඡ ලෙස ඝාතනයට ලක් විය. එසේ වුවද, නොසැලී සටන් කළ ශිෂ්‍ය ප්‍රජාව තම සගයන්ගේ ඝාතනයට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් ගොඩනඟමින් ආණ්ඩුව දණ ගැස්වීමට සමත් විය. මෙම පරිත්‍යාගශීලී අරගලයේ අවසාන ප්‍රතිඵලය වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කොට, එය රාගම වෛද්‍ය පීඨය ලෙස නිදහස් අධ්‍යාපන පද්ධතියට එක් කිරීමයි.

​දශකයකට අධික කාලයක් මුළුල්ලේ බොහෝ ජීවිත සහ ශ්‍රමය කැප කරමින් දිනාගත් මෙම සටන, ලාංකීය ඉතිහාසයේ නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ. අද වන විට රාගම වෛද්‍ය පීඨය හරහා දහස් ගණනක් වෛද්‍යවරුන් රටට දායාද වීම, එම අරගලයේ සාර්ථකත්වය සහ අනාගත පරපුරට ඉතිරි කළ සුවිශේෂී දායාදය මැනවින් ප්‍රදර්ශනය කරයි.

​කිංග්ස්ලි සිල්වා වාර්තාවට එරෙහි අරගලය

​'කිංග්ස්ලි සිල්වා වාර්තාව' හරහා 1987 දී යෝජනා කෙරුණු විශ්වවිද්‍යාල ප්‍රවේශ සීමා කිරීම්, දිස්ත්‍රික් පදනම අහෝසි කිරීම සහ ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීම වැනි කරුණු, නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ සහ දුප්පත් ග්‍රාමීය සිසුන්ගේ අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීමේ කුමන්ත්‍රණයක් විය.

​අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂමතා නොසලකා හරිමින් ඉදිරිපත් කළ මෙම යෝජනාවලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පෙරමුණ ගත් අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ජේ.ආර්. ජයවර්ධන රජය විශ්වවිද්‍යාල තුළ දැඩි මර්දනකාරී "අතුරු නීති" පද්ධතියක් හඳුන්වා දී, සිසුන් සහ ආචාර්යවරුන් සිරගත කරමින් විශ්වවිද්‍යාල පද්ධතියම වසා දැමීමට පියවර ගත්තේය.

​මර්දනය හමුවේ නොසැලුණු ශිෂ්‍ය ව්‍යාපාරය, රජයේ අතුරු නීති ප්‍රසිද්ධියේ උල්ලංඝනය කරමින් රට පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළේය. බොහෝ කැපකිරීම් මධ්‍යයේ දියත් කළ මෙම දැවැන්ත විරෝධතා ව්‍යාපාරය ඉදිරියේ ආණ්ඩුවට සිය තීරණය වෙනස් කිරීමට සිදුවූ අතර, කිංග්ස්ලි සිල්වා වාර්තාවේ අසාධාරණ යෝජනා ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ශිෂ්‍ය ව්‍යාපාරයට හැකි විය. මෙය ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් ලැබූ තවත් එක් ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස ඉතිහාසගත වේ.

​வட கொழும்பு தனியார் மருத்துவக் கல்லூரிக்கு எதிரான போராட்டம்

​1977 இல் அறிமுகப்படுத்தப்பட்ட புதிய தாராளவாத பொருளாதாரக் கொள்கைகளின் விளைவாக, 1981 இல் அரசாங்கம் வட கொழும்பு தனியார் மருத்துவக் கல்லூரியை ஆரம்பித்தது. இது இலவசக் கல்விக்கு விடுக்கப்பட்ட அச்சுறுத்தலாகக் கருதிய மாணவர் இயக்கம், இதற்கு எதிராக பாரிய போராட்டத்தை முன்னெடுத்தது. பல ஆண்டுகளாக நீடித்த இந்தப் போராட்டம் 1987 இல் ஒரு முக்கிய கட்டத்தை எட்டியது. அகில மருத்துவ பீட மாணவர் செயற்குழு மற்றும் அரச மருத்துவ அதிகாரிகள் சங்கம் இணைந்து முன்னெடுத்த தொடர் வேலைநிறுத்தங்கள் மற்றும் மக்கள் விழிப்புணர்வுத் திட்டங்கள் மூலம், தனியார் மருத்துவக் கல்லூரியின் இருப்புக்கு எதிராக வலுவான சமூகக் கருத்துருவாக்கம் செய்யப்பட்டது.

​இந்தப் போராட்டத்தின் போது அரசாங்கத்தின் அடக்குமுறைகள் உச்சகட்டத்தை அடைந்தன. தோழர் திரிமா விதான உள்ளிட்ட பல மாணவர் செயற்பாட்டாளர்கள் கொடூரமான முறையில் படுகொலை செய்யப்பட்டனர். இருப்பினும், தளராத மாணவர் சமூகம், தமது தோழர்களின் படுகொலைக்கு எதிராக பாரிய மக்கள் எதிர்ப்பு அலையை உருவாக்கி அரசாங்கத்தை மண்டியிட வைத்தது. இந்தப் போராட்டத்தின் இறுதி விளைவாக, தனியார் மருத்துவக் கல்லூரி தேசியமயமாக்கப்பட்டு, அது ராகம மருத்துவ பீடமாக இலவசக் கல்வி முறைமையுடன் இணைக்கப்பட்டது.

​ஒரு தசாப்தத்திற்கும் மேலாக பல உயிர்களையும் உழைப்பையும் அர்ப்பணித்து வென்றெடுக்கப்பட்ட இந்தப் போராட்டம், இலங்கையின் வரலாற்றில் இலவசக் கல்வியைப் பாதுகாப்பதற்காக மாணவர் இயக்கம் பெற்ற ஒரு முக்கிய வெற்றியாகக் கருதப்படுகிறது. இன்று ராகம மருத்துவ பீடத்தின் ஊடாக ஆயிரக்கணக்கான மருத்துவர்கள் நாட்டிற்குப் பங்களிப்பது, அந்தப் போராட்டத்தின் வெற்றியையும் எதிர்கால சந்ததிக்கு விட்டுச் சென்ற பெறுமதியான கொடையையும் தெளிவாகக் காட்டுகிறது.

​கிங்ஸ்லி சில்வா அறிக்கைக்கு எதிரான போராட்டம்

​'கிங்ஸ்லி சில்வா அறிக்கை' ஊடாக 1987 இல் முன்மொழியப்பட்ட பல்கலைக்கழக அனுமதிச் சுருக்கம், மாவட்ட ரீதியான அடிப்படையை நீக்குதல் மற்றும் ஆங்கில மொழியை கட்டாயமாக்குதல் போன்ற விடயங்கள், இலவசக் கல்வியைத் தனியார்மயமாக்குவதற்கும் ஏழை கிராமப்புற மாணவர்களின் கல்வி உரிமையைப் பறிப்பதற்கும் மேற்கொள்ளப்பட்ட சூழ்ச்சியாக அமைந்தன.

​கல்வித் துறையில் நிலவும் ஏற்றத்தாழ்வுகளைக் கருத்திற்கொள்ளாமல் முன்வைக்கப்பட்ட இந்த யோசனைகளுக்கு எதிராக பல்கலைக்கழகங்களுக்கு இடையிலான மாணவர் பேரவை முன்னின்றது. இதற்குப் பதிலடியாக, ஜே.ஆர். ஜயவர்தன அரசாங்கம் பல்கலைக்கழகங்களில் கடுமையான அடக்குமுறை 'இடைக்காலச் சட்டங்களை' (By-laws) அறிமுகப்படுத்தி, மாணவர்கள் மற்றும் விரிவுரையாளர்களைச் சிறைபிடித்ததுடன் பல்கலைக்கழகங்களையே மூடுவதற்கு நடவடிக்கை எடுத்தது.

​அடக்குமுறைக்கு அஞ்சாத மாணவர் இயக்கம், அரசாங்கத்தின் இடைக்காலச் சட்டங்களை பகிரங்கமாக மீறி, நாடு முழுவதும் மக்கள் விழிப்புணர்வுத் திட்டங்களை முன்னெடுத்தது. பல தியாகங்களுக்கு மத்தியில் முன்னெடுக்கப்பட்ட இந்த பாரிய எதிர்ப்புப் போராட்டத்தின் முன்னால் அரசாங்கம் தனது முடிவை மாற்றிக்கொள்ள வேண்டிய நிலைக்குத் தள்ளப்பட்டது. கிங்ஸ்லி சில்வா அறிக்கையின் நியாயமற்ற யோசனைகளைச் செயல்படுத்துவதைத் தடுக்க மாணவர் இயக்கத்தினால் முடிந்தது. இது இலங்கையின் மாணவர் இயக்கம் இலவசக் கல்வியைப் பாதுகாப்பதற்காகப் பெற்ற மற்றொரு வரலாற்று வெற்றியாகப் பதிகிறது

-------------

කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය
අග්නිදිග විශ්ව විද්‍යාලය

හාල් පොත් කප්පාදුවට එරෙහි සටන​දෙවන ලෝක යුද්ධ සමයේ පටන් අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වූ සහල් සලාක ක්‍රමය, 1977 දී බලයට පත...
20/06/2026

හාල් පොත් කප්පාදුවට එරෙහි සටන

​දෙවන ලෝක යුද්ධ සමයේ පටන් අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වූ සහල් සලාක ක්‍රමය, 1977 දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන රජය විසින් සිය විවෘත ආර්ථික ප්‍රතිපත්ති යටතේ මුළුමනින්ම කප්පාදු කිරීම ලාංකීය පීඩිත ජනතාවට දැඩි බලපෑමක් එල්ල කළේය. පීඩාවට පත් මහජනතාව වෙනුවෙන් සිය සමාජ වගකීම ඉටු කරමින්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය මෙම කප්පාදුවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කළ අතර, එය ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ සුවිශේෂී සංධිස්ථානයක් විය.

​මෙම සටනේදී පේරාදෙණිය සරසවි සිසුන් සහ ආණ්ඩු හිතවාදීන් අතර ඇති වූ ගැටුමෙන් පසු, මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ශාන්ත බණ්ඩාර සහෝදරයා ඇතුළු සිසුන් අට දෙනෙකුගේ ශිෂ්‍යභාවය ජීවිතාන්තය දක්වා අහෝසි කිරීම ශිෂ්‍ය සටන් ඉතිහාසයේ වාර්තා වූ පළමු අවස්ථාවයි. කෙසේ වෙතත්, මර්දනය හමුවේ නොසැලී සිටි ශාන්ත බණ්ඩාර සහෝදරයා පසුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හරහා ශිෂ්‍ය ව්‍යාපාරයට දැවැන්ත නායකත්වයක් ලබා දෙමින්, පොදු මහජනතාව වෙනුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය පෙනී සිටින බව මනාව තහවුරු කළේය.

​ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි අරගලය

​1977 දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන රජයේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන්ගේ කොටසක් ලෙස 1981 දී හඳුන්වා දුන් 'අධ්‍යාපන ධවල පත්‍රිකාව', නිදහස් අධ්‍යාපනය පෞද්ගලික අංශයට පැවරීම සහ අධ්‍යාපන අවස්ථා සීමා කිරීම අරමුණු කරගත්තේය. සරසවි ප්‍රවේශයට ඉංග්‍රීසි අනිවාර්ය කිරීම, පාසල් අධ්‍යාපනය ගාස්තු අය කරන ආයතන බවට පත් කිරීම සහ ඉතිහාසය වැනි විෂයන් ඉවත් කිරීම යනාදිය එහි අඩංගු විය. අධ්‍යාපනය මුදල මත තීරණය වන වරප්‍රසාදයක් බවට පත් කිරීමට එරෙහිව, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) ප්‍රමුඛ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට පියවර ගත්තේය.

​මෙම අරගලය සරසවිවලට පමණක් සීමා නොකළ අන්තරේ, පාසල් සිසුන් සහ කාර්මික විද්‍යාල සිසුන් ද සම්බන්ධ කර ගනිමින් රට පුරා විරෝධතා ව්‍යාප්ත කිරීමට සමත් විය. 1982 දී කොළඹ හයිඩ් පිටියේ පැවති දැවැන්ත විරෝධතාව සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත පාර්ලිමේන්තුවට ගෙන ආ දිනයේ සිදු කළ පාර්ලිමේන්තු වටලෑම සටනේ තීරණාත්මක අවස්ථා විය. අශ්වාරෝහක පොලිසිය යොදවා සිසුන් අමානුෂික ලෙස මර්දනය කළද, එම ක්‍රියාවන් නිසා ආණ්ඩුවට එරෙහිව නැගුණු දැඩි ජනතා අප්‍රසාදය හේතුවෙන් අධ්‍යාපන ධවල පත්‍රිකාව පරාජය කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරයට හැකි විය.

​සමාජ ප්‍රවණතා නිවැරදිව තක්සේරු කරමින් උපායශීලී තීරණ ගැනීමට හැකි වූ ශිෂ්‍ය නායකත්වයක් සහ කැපවූ සිසු පිරිසක් සහිත මධ්‍යගත සංවිධානයක් තිබීම මෙම ජයග්‍රහණයට ප්‍රධාන හේතුව විය. ඒකාධිපති විධායක බලයක් සහිත ආණ්ඩුවක් දණ ගැස්වීමට ශිෂ්‍ය ව්‍යාපාරයට හැකි වූ මෙම සටන, අනාගත ශිෂ්‍ය පරපුරට ද අරගලයක සාර්ථකත්වය පිළිබඳ කදිම ආදර්ශයක් සපයයි.

அரிசிப் பங்கீட்டுப் புத்தகக் குறைப்புக்கு எதிரான போராட்டம்

​இரண்டாம் உலகப் போர் காலம் முதல் குறைந்த வருமானம் கொண்ட மக்களுக்கு நிவாரணமாக அமைந்த அரிசிப் பங்கீட்டு முறையை, 1977 இல் ஆட்சிக்கு வந்த ஜே.ஆர். ஜயவர்தன அரசாங்கம், தனது திறந்த பொருளாதாரக் கொள்கைகளின் கீழ் முற்றாகக் குறைத்தது. இது இலங்கையின் பாதிக்கப்பட்ட மக்களுக்கு பெரும் பாதிப்பை ஏற்படுத்தியது. பாதிக்கப்பட்ட மக்களுக்காகத் தனது சமூகப் பொறுப்பை உணர்ந்த, பல்கலைக்கழகங்களுக்கு இடையிலான மாணவர் பேரவை (IUSF) மற்றும் பேராதனை பல்கலைக்கழக மாணவர் சங்கம் ஆகியவை, இக்கප්පාதுக்கு எதிராக பாரிய போராட்டங்களை முன்னெடுத்தன. இது இலங்கையின் மாணவர் இயக்க வரலாற்றில் ஒரு முக்கிய மைல்கல்லாகும்.

​இந்தப் போராட்டத்தின்போது, பேராதனை பல்கலைக்கழக மாணவர்களுக்கும் அரசாங்க ஆதரவாளர்களுக்கும் இடையே ஏற்பட்ட மோதலுக்குப் பின்னர், மாணவர் சங்கத்தின் செயலாளர் தோழர் சாந்த பண்டார உள்ளிட்ட எட்டு மாணவர்களின் மாணவர் உரிமை வாழ்நாள் முழுவதும் இரத்து செய்யப்பட்டது. இது மாணவர் போராட்ட வரலாற்றில் பதிவான முதல் சந்தர்ப்பமாகும். இருப்பினும், அடக்குமுறைகளுக்கு அஞ்சாத தோழர் சாந்த பண்டார, பின்னர் பல்கலைக்கழகங்களுக்கு இடையிலான மாணவர் பேரவை ஊடாக மாணவர் இயக்கத்திற்குப் பெரும் தலைமைத்துவத்தை வழங்கி, பொதுமக்களுக்காக மாணவர் இயக்கம் உறுதியாக நிற்கிறது என்பதை நிலைநாட்டினார்.

​ கல்வி வெள்ளை அறிக்கைக்கு எதிரான போராட்டம்

​1977 இல் ஆட்சிக்கு வந்த ஜே.ஆர். ஜயவர்தன அரசாங்கத்தின் புதிய தாராளவாத பொருளாதாரக் கொள்கைகளின் ஒரு பகுதியாக, 1981 இல் அறிமுகப்படுத்தப்பட்ட 'கல்வி வெள்ளை அறிக்கை', இலவச கல்வியைப் தனியார் துறைக்குக் கையளிப்பதையும், கல்வி வாய்ப்புகளைக் கட்டுப்படுத்துவதையும் நோக்கமாகக் கொண்டிருந்தது. பல்கலைக்கழக அனுமதிக்கான ஆங்கில மொழியை கட்டாயமாக்குதல், பாடசாலைக் கல்வியைக் கட்டணம் அறவிடும் நிறுவனங்களாக மாற்றுதல் மற்றும் வரலாறு போன்ற பாடங்களை நீக்குதல் உள்ளிட்ட பல விடயங்கள் அதில் அடங்கியிருந்தன. கல்வியை பணத்தின் மூலம் தீர்மானிக்கப்படும் ஒரு சலுகையாக மாற்றுவதற்கு எதிராக, பல்கலைக்கழகங்களுக்கு இடையிலான மாணவர் பேரவை தலைமையிலான முழு மாணவர் சமூகமும் பாரிய எதிர்ப்புப் போராட்டத்தை முன்னெடுத்தது.

​இந்தப் போராட்டத்தை பல்கலைக்கழகங்களுக்கு மட்டும் மட்டுப்படுத்தாமல், பாடசாலை மாணவர்கள் மற்றும் தொழில்நுட்பக் கல்லூரி மாணவர்களையும் இணைத்துக் கொண்டு நாடு தழுவிய அளவில் போராட்டத்தை விரிவுபடுத்த அன்டரே (IUSF) வெற்றி பெற்றது. 1982 இல் கொழும்பு ஹைட் பார்க் மைதானத்தில் நடைபெற்ற பாரிய எதிர்ப்புப் பேரணி மற்றும் கல்விச் சீர்திருத்தச் சட்டத்தைப் பாராளுமன்றத்திற்கு கொண்டு வந்த நாளில் மேற்கொள்ளப்பட்ட பாராளுமன்ற முற்றுகை ஆகியவை போராட்டத்தின் மிக முக்கியமான கட்டங்களாகும். குதிரைப்படை பொலிஸாரைப் பயன்படுத்தி மாணவர்கள் மனிதாபிமானமற்ற முறையில் அடக்கப்பட்ட போதிலும், அந்தச் செயல்களால் அரசாங்கத்திற்கு எதிராக எழுந்த கடும் மக்கள் எதிர்ப்பு காரணமாக, கல்வி வெள்ளை அறிக்கையைத் தோற்கடிக்க மாணவர் இயக்கத்தினால் முடிந்தது.

​சமூகப் போக்குகளைச் சரியாகக் கணித்து, தந்திரோபாய ரீதியான முடிவுகளை எடுக்க முடிந்த மாணவர் தலைமைத்துவமும், அர்ப்பணிப்புள்ள மாணவர்களைக் கொண்ட மையப்படுத்தப்பட்ட அமைப்பும் இந்த வெற்றிக்கு முக்கிய காரணங்களாக அமைந்தன. சர்வாதிகார நிறைவேற்று அதிகாரத்தைக் கொண்ட அரசாங்கத்தைக் கூட மண்டியிடச் செய்ய மாணவர் இயக்கத்தினால் முடிந்தது என்பது, எதிர்கால மாணவர் சந்ததிக்கு ஒரு போராட்டத்தின் வெற்றி குறித்த மிகச்சிறந்த முன்னுதாரணமாகும்.

-------------

කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය
අග්නිදිග විශ්ව විද්‍යාලය

" ගලා නොගොස් මහ සයුරට විලස අනෙක් නදීඉඩෝරයට ඉරුණු බිමක රැඳී එහිම සිඳීප්‍රාණය දී මල් පිපුමට තුරුවැල් අග රැඳීඔවුහු ඔබට අසීම...
18/06/2026

" ගලා නොගොස් මහ සයුරට විලස අනෙක් නදී
ඉඩෝරයට ඉරුණු බිමක රැඳී එහිම සිඳී
ප්‍රාණය දී මල් පිපුමට තුරුවැල් අග රැඳී
ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කරන ලදී "

​නිදහස් අධ්‍යාපනය යනු ඉබේ ලැබෙන්නක් නොවේ; එක් අතකින් දී අත් දහසකින් ඩැහැගන්නට බලා සිටින පාලකයින් නිදහස් අධ්‍යාපනය ස්ව කැමැත්තෙන් දෙන්නේද නොවේ; එය දහස් සංඛ්‍යාත වූ අභීත සිසුන් එක්ව ලේ කඳුළු වගුරවා සිදුකළ මහා අරගලයකින් දිනාගත්තකි. නූපන් මතු පරපුරක නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් තම අධ්‍යාපනය, අනාගතය මතු නොව ජීවිතය පවා කැපකරමින් නිදහස් අධ්‍යාපනය සුරැකීමේ අරගලයේ පෙරමුණ ගත් ශිෂ්‍ය වීරයන්ගේ ලේ කඳුළු එක්ව ලියැවුණු ඒ අභිමානවත් ඉතිහාසය යුග යුග සිහිපත් කල යුතුමය.

නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා.

ශිෂ්‍ය වීර දිනය 2026
மாணவர் வீரர் தினம் 2026
​Students' Heroes Day 2026

---------------

කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය
අග්නිදිග විශ්ව විද්‍යාලය

​ "

Address

Oluvil

Alerts

Be the first to know and let us send you an email when Students' Union Faculty of Management and Commerce - SEUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Students' Union Faculty of Management and Commerce - SEUSL:

Shortcuts

Share