14/01/2026
දකුණු කොරියාව කියන්නේ මාරම ලස්සන වගේම හරිම විනයගරුක රටක්නේ. හැබැයි එහේ තියෙන සමහර නීති සහ සම්ප්‍රදායන් ඇහුවම ඔයාට හිතාගන්න බැරි වෙයි.බලන්නකෝ👇
✅දකුණු කොරියාවේ කාගේ හරි නමක් රතු පෑනෙන් ලියන එක මාරම අසුබ දෙයක් විදිහට සලකනවා. ඉස්සර මියගිය අයගේ නම් විතරයි රතු පාටින් ලිව්වේ, ඒ නිසා ජීවත් වෙන කෙනෙක්ගේ නම රතු පෑනෙන් ලිව්වොත් ඒක ඒ කෙනාට මරණය ප්‍රාර්ථනා කරනවා වගේ වැඩක් කියලා ඔවුන් විශ්වාස කරනවා.
✅කොරියාවේ ළමයෙක් ඉපදුණු ගමන්ම ඒ ළමයට වයස අවුරුදු 1ක් විදිහට තමයි සලකන්නේ (මව්කුස ඇතුළේ ගත කරපු කාලයත් එක්ක). ඒ වගේම හැමෝටම උපන් දිනයට අමතරව අලුත් අවුරුදු දවසේදී තවත් වයස අවුරුද්දක් එකතු වෙනවා. හැබැයි දැන් රජයේ වැඩ වලට ජාත්‍යන්තර ක්‍රමය පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා.
✅ගොඩක් පරණ කොරියානු වැසියන් විශ්වාස කරනවා රෑට කාමරේ ජනෙල් වහලා" fan" එකක් දාගෙන නිදාගත්තොත් ඒකෙන් හුස්ම හිරවෙලා මැරෙන්න පුළුවන් කියලා. මේ නිසා කොරියාවේ විකුණන ගොඩක් ෆෑන් වල "Timer" එකක් අනිවාර්යයෙන්ම තියෙනවා නිදාගන්න කොට ඒක ඉබේම ඕෆ් වෙන්න.
✅කොරියාවේ ටැටූ ගැසීම නීති විරෝධී නැහැ, හැබැයි ටැටූ එකක් අඳින්න නම් අනිවාර්යයෙන්ම ඒ කෙනා වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා නීතියක් තියෙනවා. ඒ නිසා එහේ ඉන්න ගොඩක් ටැටූ ශිල්පීන් හොර රහසේ තමයි වැඩ කරන්නේ.
✅Bluetooth හරහා ක්‍රියා කරන, ලියාපදිංචි නොකළ සෙල්ෆි ස්ටික් විකිණීම කොරියාවේ තහනම්. ඒවයින් එන රේඩියෝ තරංග වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ වලට බාධා කරන්න පුළුවන් කියලා විශ්වාස කරන නිසා, එහෙම ඒව වික්කොත් ලොකු දඩයක් හෝ හිරේ යන්න පවා සිද්ධ වෙනවා.
✅වයස අවුරුදු 16ට අඩු ළමයින්ට රෑ 12න් පස්සේ අලුයම 6 වෙනකම් ඔන්ලයින් ගේම්ස් ප්ලේ කරන එක නීතියෙන් තහනම් කරලා තිබුණා. ළමයින්ගේ නින්ද සහ සෞඛ්‍යය ආරක්ෂා කරන්න තමයි මේ "Shutdown Law" එක ගෙනාවේ.
✅ලෝකේ අනිත් රටවල් ප්ලාස්ටික් සැත්කම් ගැන අමුතුවට බැලුවට, කොරියාවේ ඒක මාරම සාමාන්‍ය දෙයක්. සමහර වෙලාවට ඉස්කෝලේ විභාග පාස් වුණාම දෙමව්පියෝ ළමයින්ට දෙන තෑග්ග තමයි "Double eyelid surgery" එකක් කරලා දෙන එක.
✅කොරියාවේ තමන්ගේ වීදුරුවට තමන්ම මත්පැන් වක්කර ගන්න එක නරක පුරුද්දක් විදිහට සලකනවා. හැමවෙලේම යාළුවෙක් හෝ අසල ඉන්න කෙනෙක් තමයි ඔයාට වක්කරලා දෙන්න ඕනේ, ඔයාත් ඒ කෙනාට වක්කරලා දෙන්න ඕනේ.
✅කොරියානු භාෂාවෙන් "හතර" සහ "මරණය" කියන වචන වල උච්චාරණය සමානයි. ඒ නිසා ගොඩක් ගොඩනැගිලි වල ලිෆ්ට් එකේ 4 වෙනි තට්ටුව වෙනුවට 'F' අකුර තමයි පාවිච්චි කරන්නේ. හතරවෙනි තට්ටුවේ ගෙවල් ගන්නත් මිනිස්සු බයයි.😅🤭
✅කොරියාවේ නීතියකට අනුව රජයේ නිලධාරියෙකුට, ගුරුවරයෙකුට හෝ මාධ්‍යවේදියෙකුට රුපියල් දහස් ගණනකට වඩා වටිනා කෑමක් හෝ තෑග්ගක් දීම සපුරා තහනම්.
ඒ කියන්නේ කෑම වේලක් නම් වටිනාකම වොන් 30,000 (රුපියල් 6,000ක් විතර) ට වඩා අඩු වෙන්න ඕනේ.සාමාන්‍ය තෑග්ගක් නම් වොන් 50,000 ට වඩා අඩු වෙන්න ඕනේ.මඟුල් ගෙදරක හෝ මළගෙදරක දෙන සල්ලි තෑගි වොන් 100,000 ට වඩා අඩු වෙන්න ඕනේ. හැබැයි මේ ලිමිට්ස් කාලෙන් කාලෙට පොඩ්ඩක් වෙනස් වෙනවා, හැබැයි අදහස තමයි පොඩි ගාණක් මිසක් ලොකු දේවල් බෑ කියන එක.
මෙහේ ඉස්කෝලේ ටීචර්ට කෝපි එකක් අරන් දුන්නත් ඒක දඩ කන්න පුළුවන් වැඩක් වෙන්න පුළුවන්.
මේ නීතිය ආපු මුල් කාලේ කොරියාවේ මිනිස්සු අතර ජනප්‍රිය වුණා "Ran-paparazzi" කියලා පිරිසක්. ඒ කියන්නේ කවුරුහරි නිලධාරියෙක් හොරෙන් තෑග්ගක් හෝ කෑමක් ගන්නවා ෆොටෝ එකක් ගහලා රජයට දුන්නොත්, ඒ ඔත්තු දෙන කෙනාට රජයෙන් ලොකු මුදලක් තෑගි විදිහට ලැබෙනවා. ඒ නිසා කෑම කඩවල් වලදී පවා නිලධාරීන් මාරම පරිස්සම් වෙනවා.දැන් මේ නීතිය නිසා කොරියාවේ රජයේ සේවය මාරම විනිවිදභාවයකින් සිද්ධ වෙනවා. "සල්ලි තියෙන එකාට විතරක් වැඩේ කෙරෙන" ක්‍රමය නැති කරන්න මේක මාරම ලොකු උදව්වක් වුණා. දැන් සාමාන්‍ය මිනිහෙක්ට වුණත් අල්ලස් දෙන්න ඕනේ නැතුව තමන්ගේ වැඩේ සාධාරණව කරගන්න පුළුවන් පරිසරයක් කොරියාවේ හැදිලා තියෙනවා
✅අනිත් එක තමයි දකුණු කොරියාවේ Driving License එකක් ගන්නවා කියන්නේ Squid Game එකක සෙල්ලම් කරනවා වගේ වැඩක්.ඒක ලෝකයේ තියෙන අමාරුම වගේම තාක්ෂණිකම පරීක්ෂණයක්.ලංකාවේ වගේ නෙවෙයි, කොරියාවේ පරීක්ෂණය සිද්ධ වෙන්නේ ඔයාගේ වාහනයට සම්බන්ධ කරපු සෙන්සර් සහ පරිගණක පද්ධතියකින්. ඔයා ඉරි කෑල්ලක් පෑගුවත්, සිග්නල් එක දාන්න තත්පරයක් පරක්කු වුණත්, කිසිම සමාවක් නැහැ.Computer එකෙන් එ වෙලාවෙම ලකුණු අඩු කරනවා. Examiner ට අත යටින් සල්ලි දීලා "අනේ සර්" කියලා ශේප් කරගන්න කොහොමත් බැහැ😅
මෙහේ වාහනය රිවර්ස් කරලා පාර්ක් කරන "T-Course" එක තමයි ගොඩක් අය අසමත් වෙන තැන. මාරම පටු ඉඩක, හරිම විදිහට මේක කරන්න ඕනේ. එක ටයර් එකක් හරි නියමිත සීමාවෙන් පිට ගියොත් වාහනය ඇතුළේ තියෙන Alarm එක "බීප්" ගාලා සද්ද කරනවා. ඒ කියන්නේ ඔයා Fail.අනිත් එක පරීක්ෂණය අතරතුර ඕනෑම වෙලාවක සිස්ටම් එකෙන් Emergency කියලා කෑගහන්න පුළුවන්. එතකොට තත්පර දෙකක් ඇතුළත වාහනය සම්පූර්ණයෙන්ම නතර කරලා, Hazard lights දාන්න ඕනේ. තත්පරයක් හරි පරක්කු වුණොත් එතනින්ම ගෙදර යන්න තමයි වෙන්නේ.කොරියාවේ පාරවල් මාරම වේගවත් .ඉතින් පිස්සෙක් වගේ driver කෙනෙක් පාරට ආවොත් ඒක ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා රජය විශ්වාස කරන්නේ "උපරිම දක්ෂයාට විතරක් ලයිසන් එක දෙන එක" රටේම ආරක්ෂාවට හොඳයි කියලා.අනික කොරියාවේ ලයිසන් එකක් තියෙනවා කියන්නේ ඒ මනුස්සයා මාරම වැඩ්ඩෙක් කියන එක.
Travel World