14/01/2024
තාක්ෂණයෙන් ජිවිතය දිනන්න - අප හා එක් වන්න
ශ්‍රි ලංකාව තුළ පවතින එකම රාජ්‍ය තාක්ෂණික විශ්ව විද්‍යාලයේ අධ්‍යන වරම් දැන් ඔබටත්....
2009 වර්ෂයේදි ඇරඹි වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලය , 2017 වර්ෂයේ සිට වෘත්තිය සුදුසුකම් මට්ටම් (NVQ 5/6 ) සම්පූර්ණ කල සිසුන්ට අමතරව උසස් පෙළ සිසුන් ද Z අගය පදනම් කරගනිමින් සිසුන් ඇතුළත් කිරිම ඇරඹි ය. මෙහි පීඨ (04) හා උපාධි පාඨමාලා ( 14 ) සමන්විත වන මෙහි , ඉදිකිරීම් තාක්ෂණය සහ සම්පත් කළමනාකරණය පිළිබඳ ඉංජිනේරු තාක්ෂණ උපාධිය ( B.ET in Construction Technology & Resource Management )
ලබාදෙන අතර ඒ සදහා පහත සුදුසුකම් සලකා බලයි.
උසස්පෙල Z අගය මත ඉංජිනේරු තාක්ෂණවේදය ( Engineering Technology ) සහ
ගණිත අංශයෙන් උසස් පෙළට පෙනි සිටින සිසුන්ට අවස්ථාව ඇත.
⭕️ පිළිගත් NVQ 5 සුදුසුකම්
-ඉදිකිරීම් තාක්ෂණය (Construction Technology)
-ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය (Building Construction Technology )
⭕️පිළිගත් NVQ 6 සුදුසුකම්
-ඉදිකිරීම් තාක්ෂණය ( Construction Technology)
-ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය ( Building Construction Technology )
-වාරි තාක්ෂණය ( Irrigation Technology )
⭕️පිළිගත් NVQ 6 සමාන සුදුසුකම්
-කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය මගින් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව ( National Diploma in Engineering Science in Civil Engineering by Institute of Engineering Technology, Katunayake)
-මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනය මගින් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජාතික තාක්ෂණ ඩිප්ලෝමාව (National Diploma in Technology in Civil Engineering by Institute of Technology, University of Moratuwa)
-ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) මගින් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාව (Higher National Diploma in Engineering in Civil Engineering by Sri Lanka Institute of Advanced Technological Education) (SLIATE)
NVQ 5 සුදුසුකම සපුරා පැමිණෙන සිසුන් සදහා වසරක නිදහස් කිරීමක් ලබා දී ඇත
NVQ 6 සපුරා පැමිණෙන සිසුන් සදහා සාමාසික 3ක
නිදහස් කිරීමක් ලබා දී ඇත
උපාධි පාඨමාලාව සාමාසික 6 කින් සමන්විත වන අතර මෙම උපාධි පාඨමාලාව ප්‍රමුකව Mathematics for Construction Technology , Construction Materials, Fluid Mechanics, Structural Mechanics, Soil Mechanics and Geology , Environmental Engineering , Structural Analysis , Water resources Engineering , Concept Design of Projects and Research Methodology , Highway Engineering, Project Management , Construction Economics and Accounting , Construction Law and Professional Ethics, Highrise Buildings, Water Resources and Coastal Infrastructure, Highway and railway infrastructure යන අංශ සියල්ල ආවරණය වන ලෙස පාඨමාලා අන්තර්ගතය සැදී ඇත.
දෙවන සාමාසිකයෙන් පසු මාස තුනක කර්මාන්ත නිරාවරණ පුහුණුවක් (B1) ඇත.
පස්වන සමාසිකයේදී සය මසක කර්මාන්ත පුහුණුවක් සදහා යොමුවිය යුතු අතර කර්මාන්ත ආශ්‍රිත ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වේ .
තාක්ෂණයෙන් වැඩ ලෝකය දින්නනට - නිපුණත්වයෙන් හෙබි වෘත්තිකයන් බිහිකරන අප හා ඔබත් එක් වන්න.
ලියාපදිංචි වීමට පිවිසෙන්න 👇
https://portal.uovt.ac.lk/register
වැඩිදුර විස්තර සදහා 👇
https://portal.uovt.ac.lk/undergraduate-programmes
Win life with technology - join us
The study mandate of the only State Technical University in Sri Lanka is now available to you...
University of Vocational Technology, which started in the year 2009, has started admitting students based on the Z score in addition to the students who have completed the vocational qualification levels (NVQ 5/6) from the year 2017. There are (04) faculties and (14) degree courses. For the degree of Bachelor of Engineering Technology in Construction Technology & Resource Management (B.ET in Construction Technology & Resource Management),
following qualifications will be considered.
Based on A/L Z-Core the students who did Engineering Technoloy and mathematics have the opportunity.
⭕️A recognized NVQ 5 qualification in -Construction Technology
-Building Construction Technology.
⭕️Recognized NVQ 6 qualification in
-Construction Technology,
-Building Construction Technology &
Irrigation Technology.
⭕️A recognized NVQ 6 equivalent qualification:
-National Diploma in Engineering Science in Civil Engineering by Institute of Engineering Technology, Katunayake.
-National Diploma in Technology in Civil Engineering by Institute of Technology, University of Moratuwa.
-Higher National Diploma in Engineering in Civil Engineering by Sri Lanka Institute of Advanced Technological Education (SLIATE)
A one-year exemption is given to the students who meet the NVQ 5 qualification.
The students who meet the NVQ 6 are given an exemption for 3 semesters.
The degree course consists of 6 semesters and this degree course focuses on Mathematics for Construction Technology, Construction Materials, Fluid Mechanics, Structural Mechanics, Soil Mechanics and Geology, Environmental Engineering, Structural Analysis, Water resources Engineering, Concept Design of Projects and Research Methodology, Highway The course content is designed to cover all aspects of Engineering, Project Management, Construction Economics and Accounting, Construction Law and Professional Ethics, Highrise Buildings, Water Resources and Coastal Infrastructure, Highway and Railway Infrastructure.
After the second semester there is a three-month industry exposure training (B1).
In the fifth semester, a six-month industrial training is required and an industry-related project is also implemented.
Join us as we create skilled professionals to conquer the world of work with technology.
Log in to register 👇
https://portal.uovt.ac.lk/register
For more details 👇
https://portal.uovt.ac.lk/undergraduate-programmes