05/06/2026
අපේ රටේ රාජ්ය උසස් අධ්යාපන ක්ෂේත්රයේ අලුත්ම රෙකෝඩ් එකක් තියන්න University Colleges සමත් වෙලා තියෙනවා👏
මෙච්චර කල් එක මොඩියුල් එකක් දෙවන වරට (Repeat) ලියනකොට අය කරපු රුපියල් 100/- ක ගාස්තුව, කිසිම සද්දයක් නැතුව එකපාරටම රුපියල් 1000/- ක් දක්වා ඉහළ දාලා (හරියටම කිව්වොත් 10 ගුණයක 'පොඩි' වැඩිවීමක් විතරයි 📈)
මේකත් එක්ක පේන විදිහට, ලංකාවේ රාජ්ය උසස් අධ්යාපන ආයතන අතරින් වැඩිම රිපීට් ගාස්තුවක් අය කරන ආයතනය විදිහට University Colleges අභිමානයෙන් පෙරමුණට ඇවිත් තියෙනවා. 🥇
සිසුන්ගේ අධ්යාපනය වෙනුවෙන් දෙන මේ අසීමිත සහනයටත්, ළමයි රිපීට් නොවී පාස් වෙන්න දෙන මේ මාරම මෝටිවේෂන් එකටත් අපි අපේ හදපිරි ප්රණාමය පුද කරන්න ඕනේ. අමාරුවෙන් සල්ලි හොයාගෙන ඉගෙන ගන්න ළමයින්ගේ සාක්කුවටම තට්ටු කරලා දෙන මේ සේවය නම් ඇත්තටම කියාගන්න වචන නෑ
මේ සතුටුදායක පුවත අනිත් යාලුවන්ටත් බලලා සතුටු වෙන්න මේක ශෙයා පාරක් දාලා සපෝට් එකක් දෙමු.