23/07/2022
පොඩි වෙලා පිච්චිලා
හීන මිය යන රටක....
අලු මතින් උපදින්න
දිරි දුන්නා නුඹ දිනෙක....
නුඹ දුන්න දිරි අරන්
මං තනන්නට ලොවක...
ඉතින් අපි ආයෙමත්
මුණගැහෙමු අරගල බිමක...
අයුක්තිය වසාගෙන
සුදු ඇන්ද නරි රැලක....
අත ඉන්න දෙවගනත්
බරවෙලා පැත්තකට.....
උන්ගේ රෙදි ගලවලා
විසිකරන්නට දිනක....
ඉතින් අපි ආයෙමත්
මුණගැහෙමු අරගල බිමක...
- sliateapi (admin nisal) -