Rajasinghe Central College

Rajasinghe Central College " Welcome to the official page of Rajasinghe Central College, Ruwanwella!
🌟 Join our vibrant community of current students and proud alumni.
(1)

Stay updated with the latest news, events, and achievements. Let’s celebrate our legacy together! 🎓📚✨"

පසුගියදා නිමාව දුටු DSI Super Sports volleyball තරගාවලිය 2026 දිස්ත්‍රික් තරගවලදී රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය වන ...
18/08/2026

පසුගියදා නිමාව දුටු DSI Super Sports volleyball තරගාවලිය 2026 දිස්ත්‍රික් තරගවලදී රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය වන අප පාසලේ දරුවන් ඉතිහාසගත ජයග්‍රහණ රැසක් අත්පත් කරගනිමින්, මෙම වසරේදීත් සමස්ත විද්‍යාලයටම අභිමානයක් ගෙන දී තිබෙනවා. 🇱🇰🏆
​අප ලබාගත් විශිෂ්ට ජයග්‍රහණ:
​🥇 13න් පහළ පිරිමි: ප්‍රථම ස්ථානය
🥇 17න් පහළ පිරිමි: ප්‍රථම ස්ථානය
🥇 19න් පහළ කාන්තා: ප්‍රථම ස්ථානය
🥈 19න් පහළ පිරිමි: දෙවන ස්ථානය
🥈 15න් පහළ පිරිමි: දෙවන ස්ථානය
​මේ දස්කම් සමඟින් අපේ කණ්ඩායම් පහම සමස්ත ලංකා තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා! 🤩
​ඔබ සැමට උණුසුම් සුභපැතුම්! ඉදිරි තරගවලදී ද රාජසිංහ නාමය බබළවන්නට ඔබට ශක්තිය ලැබේවා! ✨📖

​Our students of Ruwanwella Rajasinghe Central College have once again brought immense pride to the entire school by achieving a series of historic victories at the recently concluded DSI Super Sports Volleyball Championship 2026 - District Matches! 🇱🇰🏆
​Our Outstanding Achievements:
​🥇 Under 13 Boys: 1st Place
🥇 Under 17 Boys: 1st Place
🥇 Under 19 Girls: 1st Place
🥈 Under 19 Boys: 2nd Place
🥈 Under 15 Boys: 2nd Place
​With these remarkable performances, all 5 of our teams have qualified for the All-Island Championship! 🤩
​Warmest congratulations to all of you! May you have the strength to shine the Rajasinghe name bright in the upcoming matches as well! ✨📖

🌟 Wishing our beloved Rajasinghians & ALL G.C.E. A/L 2026 candidates across Sri Lanka the very best of luck! 🎓✨🎓2026 G.C...
09/08/2026

🌟 Wishing our beloved Rajasinghians & ALL G.C.E. A/L 2026 candidates across Sri Lanka the very best of luck! 🎓✨
🎓2026 G.C.E. A/L විභාගයට පෙනී සිටින අපේ රාජසිංහ දූ පුතුන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේය සිසු දරු දැරියන්ට උණුසුම් සුබ පැතුම්! 🇱🇰✨

නොසැලෙන මනසින් හා පූර්ණ විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුණ දී ඔබේ සිහින සැබෑ කරගන්න. ඔබ සැමට විශිෂ්ට ජයක් වේවා! 💯🏆

Walk into the exam hall with confidence, give it your absolute best, and make your dreams a reality! May success be yours! 🏆📚

විදුහල්පතිතුමා ඇතුළු සමස්ත රාජසිංහ පවුල| Principal & Staff, Ruwanwella Rajasinghe Central College 🏛️
🏷️

වාර විභාගයේ වෙහෙස නිවාගෙන, දරුවන්ගේ නිදහස හා කුසලතා වර්ධනය වන ලෙස අපේ ක්‍රීඩා පිටිය ජීවමාන වෙලා තියෙනවා. මෙවැනි ක්‍රීඩා ...
31/07/2026

වාර විභාගයේ වෙහෙස නිවාගෙන, දරුවන්ගේ නිදහස හා කුසලතා වර්ධනය වන ලෙස අපේ ක්‍රීඩා පිටිය ජීවමාන වෙලා තියෙනවා. මෙවැනි ක්‍රීඩා තුළින් දරුවන් තුළ විනය, සහයෝගීතාවය සහ නායකත්ව ගුණාංග වර්ධනය කරගන්න පුලුවන්.

අපේ පාසලේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පාසලේ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන්  පැවැත්වූ පෙර පෝය වැඩසටහනේ සුවිශේෂී අවස්ථ...
28/07/2026

අපේ පාසලේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පාසලේ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්වූ පෙර පෝය වැඩසටහනේ සුවිශේෂී අවස්ථා.

6 සිට 9 ශ්‍රේණිවල සිසුන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද දින පැවැත්වුණු මෙම වැඩසටහනේදී, විචිත්‍ර ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදුකළ මනරම් කවි බණ සජ්ඣායනාව සැමගේ සිත් සතන් පහන් කළේය.

🦁 A NEW GENERATION OF RAJASINGHIANS HAS ARRIVED! 🔥🎓​On Tuesday, July 21st, we officially welcomed the 2028 G.C.E. A/L Ba...
24/07/2026

🦁 A NEW GENERATION OF RAJASINGHIANS HAS ARRIVED! 🔥🎓

​On Tuesday, July 21st, we officially welcomed the 2028 G.C.E. A/L Batch alongside their proud parents and guardians! 🏛️✨

​To all our new brothers and sisters stepping into:
🔬 Science | 💼 Commerce | ⚙️ Technology | 🎨 Arts |
​Your A/L journey starts today. Dream big, work hard, and leave your mark on the Rajasinghe legacy! 💪🌟

​Drop a ❤️ in the comments to welcome the 2028 Batch! 👇

​🦁 රාජසිංහ මාතාවගේ නවතම බලාපොරොත්තුව — 2028 A/L නවක පරපුර සාදරයෙන් පිළිගනිමු! 🔥🎓
​පසුගිය අඟහරුවාදා (ජූලි 21) දින අප විද්‍යාලයේ 2028 උසස් පෙළ නවක සිසු සිසුවියන් සහ ඔවුන්ගේ ආදරණීය දෙමාපියන් රාජසිංහ පවුල වෙත උණුසුම් ලෙස පිළිගනු ලැබුවා! 🏛️✨

​විද්‍යා, වාණිජ, තාක්ෂණ, කලා යන ක්ෂේත්‍රයන්ගෙන් තමන්ගේ හීන හඹා යන අපේ අලුත් දරු දැරියන් හැමෝටම:
සිහින දකින්න, කැපවීමෙන් වැඩ කරන්න, රාජසිංහ නාමය ඉහළටම අරන් යන්න ඔබට ශක්තිය ලැබේවා! 💪🌟

​2028 බැච් එකට Welcome කියන්න ❤️ එකක් දාගෙන යමු! 👇
​📸 Captured by / ඡායාරූප: Rusiru

🏐 රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට වොලිබෝල් ජයග්‍රහණ රැසක්! පසුගියදා නිමාව දුටු පළාත් පාසල් වොලිබෝල් තරගාවලියෙන් රාජසිංහ විද...
16/07/2026

🏐 රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට වොලිබෝල් ජයග්‍රහණ රැසක්!

පසුගියදා නිමාව දුටු පළාත් පාසල් වොලිබෝල් තරගාවලියෙන් රාජසිංහ විදුහල කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් හිමිකරගනී!
🔹 20 න් පහල බාලක අනුශූරතාවය
🔹 18 න් පහල බාලක අනුශූරතාවය
🔹 16 න් පහල බාලක ශූරතාවය
🔹 20 න් පහල බාලිකා ශූරතාවය
🔹 18 න් පහල බාලිකා ශූරතාවය

ඊට අමතරව, DSI වොලිබෝල් තරගාවලියෙන් ද,
🔹 19 න් පහල බාලක අනුශූරතාවය
🔹 19 න් පහල බාලිකා ශූරතාවය

රාජසිංහ විදුහල දිනාගැනීමට සමත් විය!
මෙම ජයග්‍රහණ සියල්ල අප විදුහලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා පුහුණුකරුවන්ගේ කැපවීම හා දක්ෂතාවයේ ප්‍රතිඵලයයි. සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට අපගේ හෘදයාංගම සුබ පැතුම්! 🎉👏

ජූලි 11 වෙනි සෙනසුරාදා දින රත්නපුරයේ පැවැත්වුණු 2026 ජාතික ශිෂ්‍යභට බලකායේ අපරදිග තූර්යවාදන තෝරා ගැනීම් කඳවුරේදී අප විද්...
16/07/2026

ජූලි 11 වෙනි සෙනසුරාදා දින රත්නපුරයේ පැවැත්වුණු 2026 ජාතික ශිෂ්‍යභට බලකායේ අපරදිග තූර්යවාදන තෝරා ගැනීම් කඳවුරේදී අප විද්‍යාලයේ අපරදිග ශිෂ්‍යභට තූර්යවාදන ඛණ්ඩය ඉහළම ලකුණු ලබා ගනිමින්
ජාතික ශිෂ්‍යභට බලකායේ
🎖️️9 වන බලඇණියේ ප්‍රථමස්තානයත්
🎖️️කෑගල්ල දිස්ත්‍රික් ප්‍රථමස්තානයත්
🎖️️සබරගමු පළාත් 2 වන ස්ථානයත්
ලබා ගනිමින් සමස්ථ ලංකා අපරදිග තූර්යවාදන ජාතික කඳවුරට සහභාගි වීමට තේරී පත් වූ වග සතුටින් දැනුම් දෙමු.

අපගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය ලබා දුන් අප විද්‍යාලයේ විදුහල්පතිතුමාටත්, තූර්යවාදන ඛණ්ඩයේ සංගීත ආචාර්ය දුලානි ඉන්දුලතා ගුරුතුමියටත්, තූර්යවාදන ඛණ්ඩයේ පුහුණුකරු Warrant officer 1 විශ්‍රාමික යුධ හමුදා තූර්යවාදන රෙජිමේන්තු සැරයන් මේජර් M.R.D.චමින්ද USP මහතාටත්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්ටත්, විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයටත්, සියලුම දෙමාපියන්ටත් හා සහය වූ සැමටත් හදපිරි ස්තූතිය පුදකරමු.

🏟️ අපේ ක්‍රීඩාංගනයට සෙවණක් එක් කරමු...!රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩාංගනය ඉදිරිපිට දැනට පවතින ප්‍රේක්ෂකාගාර...
09/07/2026

🏟️ අපේ ක්‍රීඩාංගනයට සෙවණක් එක් කරමු...!
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩාංගනය ඉදිරිපිට දැනට පවතින ප්‍රේක්ෂකාගාරය සඳහා, සිසුන්, දෙමාපියන් සහ ආරාධිත අමුත්තන්ට වඩාත් පහසු ලෙස ක්‍රීඩා තරග හා විවිධ උත්සව නැරඹිය හැකි වහල සහිත නව ආවරණයක් ඉදිකිරීමේ කාර්යය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මෙය අපගේ දූ දරුවන්ගේ අනාගතයට කරන වටිනා ආයෝජනයකි.
ඒ සඳහා දායක විය හැකි,
🔹 විද්‍යාලයේ ගෞරවනීය ආදි ශිෂ්‍යයන්
🔹 දරුවන්ගේ ආදරණීය දෙමාපියන්
🔹 විද්‍යාලයට ආදරය කරන සියලු සුබ පතන්නන්

ඔබගේ හැකියාව අනුව මෙම සත්කාර්යයට දායක වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.
එක්ව ගොඩනඟන සෑම දායකත්වයක්ම අපේ දරුවන්ට සෙවණක්, පහසුවක් සහ අභිමානයක් වනු ඇත.
📞 වැඩි විස්තර සඳහා පහත අංක ඔස්සේ සම්බන්ධ වන්න.
📱 WhatsApp: 077 631 3014
☎️ Telephone: 036 226 6234

"අපි එක්ව ගොඩනඟන අද, දරුවන්ගේ හෙට දින ශක්තිමත් කරයි." ❤️💙

🏟️ Let's Add Shade to Our Sports Ground...!
Rajasinghe Central College, Ruwanwella, is planning to begin the noble task of constructing a new roofed shelter over the existing spectator area in front of the school's sports ground — allowing students, parents, and invited guests to watch sporting events and various functions in greater comfort.
This is a valuable investment in the future of our children.
Those who can contribute to this cause include:

🔹 The respected Old Students of the college
🔹 The loving parents of our children
🔹 All well-wishers who love the school

We respectfully invite you to contribute to this worthy cause according to your ability.
Every contribution we build together will bring our children shade, comfort, and pride.
📞 For more details, please contact the numbers below.
📱 WhatsApp: 077 631 3014
☎️ Telephone: 036 226 6234
"What we build together today strengthens our children's tomorrow." ❤️💙

📸 MEMORIES TO CHERISH: G.C.E. O/L A9 Appreciation Ceremony 2025 (2026) 🎓✨​Here is a glimpse of the proud smiles, festive...
06/07/2026

📸 MEMORIES TO CHERISH: G.C.E. O/L A9 Appreciation Ceremony 2025 (2026) 🎓✨

​Here is a glimpse of the proud smiles, festive colors, and unforgettable moments from our grand appreciation ceremony held on Thursday, July 2nd, at the Ruwanwella Central College main hall! 🏆❤️

​This beautiful day was made possible thanks to our brilliant A9 achievers, proud parents, dedicated teachers, administrative staff, OBA members, and the inspired students of Grades 10 and 11.

​🧠 We were incredibly privileged to have our distinguished past pupil, Clinical Psychologist Dr. Dhammika Ariyananda, grace the event as our Chief Guest. His inspiring address will continue to guide our students for years to come! 🌟👏

​📸 Captured by: Jehan, Hesara & Tharuka
🎨 Edited by: Tharuka
(Thank you, team, for capturing these beautiful memories so beautifully! 🙌✨)

​👇 Browse through the album, find your favorite moments, and don't forget to tag, share, and leave your blessings for our future leaders in the comments! 👇

🏆 Proud Moment for Rajasinghe Central College, Ruwanwella! 🏆​We are thrilled to announce that our Defence Cadet Girls Pl...
05/07/2026

🏆 Proud Moment for Rajasinghe Central College, Ruwanwella! 🏆
​We are thrilled to announce that our Defence Cadet Girls Platoon (09th Battalion) has achieved outstanding success at the Battalion Selection Camp 2026 held at Rantambe.
​🥈 2nd Place - District Level
🥉 3rd Place - Sabaragamuwa Province
​A heartfelt thank you to everyone who supported, guided, and motivated our talented cadets to achieve this milestone. Your encouragement made this victory possible!

​🏆 ශිෂ්‍යභට බාලිකාවන්ගේ සුවිශේෂී ජයග්‍රහණයක්! 🏆
​රංටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා කඳවුරේදී අප විද්‍යාලයේ ආරක්ෂක ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩය (09 වන බලඇණිය) ඉහළම දක්ෂතා දක්වමින් මෙම ජයග්‍රහණ ලබාගත් බව සතුටින් දන්වා සිටිමු.
​දිස්ත්‍රික් මට්ටම: 2 වන ස්ථානය 🥈
​සබරගමුව පළාත: 3 වන ස්ථානය 🥉
​මෙම සන්ධිස්ථානය කරා ළඟාවීමට දරුවන්ට ශක්තියක් වූ සහ සහයෝගය දැක්වූ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි! ඔබගේ දිරිගැන්වීම් අප අගය කොට සලකමු.

Address

Ruwanwella
71300

Opening Hours

Monday 08:00 - 13:00
Tuesday 08:00 - 13:00
Wednesday 08:00 - 13:00
Thursday 08:00 - 13:00
Friday 08:00 - 13:00

Telephone

+94362266234

Alerts

Be the first to know and let us send you an email when Rajasinghe Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share