NISD Student Body

NISD Student Body Official page of the student body Bachelor of Social Work undergraduates at National Institute of Social Development- Sri Lanka School of Social Work.

|සැබෑ විය හිතවතුනි, ඇස් ඇරන් දුටු සිහින!නිදි වර්ජිත රාත්‍රීන්, කර්කශ කටුක කාර්තු අවසන් කරමින් සමාජ වැඩ උපාධි අපේක්ෂකයන්ග...
07/05/2026

|සැබෑ විය හිතවතුනි, ඇස් ඇරන් දුටු සිහින!

නිදි වර්ජිත රාත්‍රීන්, කර්කශ කටුක කාර්තු අවසන් කරමින් සමාජ වැඩ උපාධි අපේක්ෂකයන්ගේ කැලණි සරසවි සිහිනය යථාවත් වූ වගයි!

ඉරි තලල වේලිච්ච කාෂ්ටක පොළොවකට
අනෝරා වැහි එද්දි කොහොම සතුටක් ඇත්ද
නෙළුම් මල් සොඬින් ගෙන ඇතු ආහ සිහිනයට
සැරසියව් හිතවතුනි කැලණි මල් නෙළන්නට

© NISD Student Media Unit & General Student Union

14/11/2025

නගව් කළුකොඩි අහස සරහා
වරෙව් රොඳ බැඳ භේද හැරදා
ගනිව් පෙරමුණ දිනුම පතලා
රකිව් සරසවි කිරුළු පළඳා

ව්‍යවස්ථාදායකයට පවා අභියෝග කරමින්, පෞද්ගලික වරප්‍රසාද උදෙසා ජාතික සමාජ සංවර්ධන ආයතනය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අනුබද්ධ කිරීමෙන් වැළකී සිටින ආයතනික පාලනාධිකාරියට එරෙහිව අඬහැර නැගූවෙමු! නඟන්නෙමු! සටන් කෙරුවෙමු! කරන්නෙමු!

ජාතික සමාජ සංවර්ධන ආයතනය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අනුබද්ධ කරනු! 🏴

#අරගලය #2025

වසර ගනණාවක් තිස්සේ දහස් ගණනක් ශිෂ්‍යයන්ගේ අයිතීන් අත්තනෝමතික ලෙස උල්ලංඝනය කරන ලද ජාතික සමාජ සංවර්ධන ආයතනික පාලනාධිකාරියට...
11/11/2025

වසර ගනණාවක් තිස්සේ දහස් ගණනක් ශිෂ්‍යයන්ගේ අයිතීන් අත්තනෝමතික ලෙස උල්ලංඝනය කරන ලද ජාතික සමාජ සංවර්ධන ආයතනික පාලනාධිකාරියට එරෙහිව කටුනායක අහස පාමුල ගිනි කන්ද මෙසේ පුපුරා ගිය වගයි ! 🏴

NISD Media Unit General Student Union - NISD
National Institute of Social Development

#අරගලය #2025

11/11/2025

සමස්ත ශිෂ්‍ය පරපුරක අයිතිවාසිකම් මහ දවාලේ උල්ලංඝනය කරමින් සරසවිය සිහිනයක් කල, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අත්තනෝමතික පාලනාධිකාරියට එරෙහි ආයතනික ශිෂ්‍ය අඬහැරය!
අප නගන අඬහැරය ඉකිබිඳින පරපුරක අරුණැල්ල උදෙසාය.

11/11/2025
විශ්ව විද්‍යාලක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබියදීත්,  ආයතනයේ ප්‍රධාන තනතුරු හොබවන කිහිප දෙනෙකුගේ පෞද්ගලික වුව...
10/11/2025

විශ්ව විද්‍යාලක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබියදීත්, ආයතනයේ ප්‍රධාන තනතුරු හොබවන කිහිප දෙනෙකුගේ පෞද්ගලික වුවමනා මත විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය ඇනහිට පවතී.

ජනාධිපතිතුමනි, අගමැතිතුමියනි, ඔබලාගේ තීරණ කනපිට හරවන බලවේග ගැන සොයා බලන්න.

Upali Pannila
Harini Amarasuriya
Anura Kumara Dissanayake

10/11/2025

system change උනාට ඇතුලෙ ඉඳන් කකුලෙන් අඳින කුහක වන්දි බට්ටයෝ නිසා සිසු අයිතීන් තවමත් වලපල්ලට.

විශ්ව විද්‍යාලක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබියදීත්, ආයතනයේ ප්‍රධාන තනතුරු හොබවන කිහිප දෙනෙකුගේ පෞද්ගලික වුවමනා මත විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය ඇනහිටට පවතී.

මේ කරුණු හේතු කොටගෙන ආයතනයේ සිසුන්, අධ්‍යයන සහ අනධ්‍යන කාර්යමණ්ඩල සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පවත්වන්නා වූ විරෝධතාවයි.

Address

144A North Liyanagemulla
Seeduwa

Alerts

Be the first to know and let us send you an email when NISD Student Body posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to NISD Student Body:

Share