11/04/2025
අපේ කතාව
2024 අවුරුද්ද අපේ හිත්වලින් කවදාවත් නොමැකෙන අවුරුද්දක් ඒ මොකද අපේ පාසල් ජීවිතේ ලස්සනම පරිච්ඡේදයක් වෙන A/L ජීවිතේ පටන් ගත්තු අවුරුද්ද ඒ වගේම තවත් හේතුවක් තමයි අපේ අවට පොඩි පොඩි පාසල්වලින් අපිටම සෙට් වෙන අලුත් කොල්ලෝ කෙල්ලෝ ටිකක් සෙට් වුණු එක. A/L කරන්න ආපු මුල් දවස්වල කරකවලා අත ඇරියා වගේ වුනාට A/L අපේ ජීවිතේ කොටසක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. මේ අතරේ තමයි අනිත් section වලින් Art Day , Commerce Day, Science Day හැම එකක්ම කලේ. ඉතින් අපිටත් Tech Day එකක් කරන්න ලොකු ආසාවක් ඇති වුණා. අපි කොහොමහරි Tech Day එකක් කරන්න අමරසිංහ සර්ගෙන් අවසර ගත්තා.
වැඩේ වෙන්න ඕන විදිහ වෙන විදිහ අමරසිංහ සර් අපිට කියලා දුන්නා.මුලින්ම අපි Day එකේ වැඩ ටික වෙන විදිය ගැන project proposal එකක් හදලා principal සර්ට දීලා අවසර අරන් ගැම්මට වැඩේට බැස්සා. මුලින් සමිති වාරයක් අරන් සාමාජිකයෝ පත් කරගෙන වැඩ පටන් ගත්තා. Technology Section එකෙන් කරලා තිබුනු පළවෙනි සහ එකම Tech Day එක කරලා තිබුනේ 2019 batch එක. බොහොම අමාරුවෙන් ඒ අයියලා අක්කලාව සම්බන්ධ කරගෙන එක දවසක අපි ඔක්කොමලා සෙට් වුණා.එයාලා day කළේ කොහොමද ? වැඩේ plan කලේ කොහොමද ඔක්කොම දේවල් එයාලා අපිට කියලා දුන්නා . හැබැයි ලොකු කට්ටක් කාලා තිබුණු බව නම් තේරුණා.ඒ වගේම " උබලා ඕනි වෙලාවක අපිට කතා කරපල්ලා අපි ඕන දේකට ඉන්නවා. අපිට සතුටුයි අපෙන් පස්සේ උබලා ටික හරි Tech Day එකක් කරන්න පටන් ගත්ත එක ගැන " අපිත් හොදටම Tech Day එක කරන්න ඕනී කියන දේ අපේ හිත්වල පැලවෙන්නේ මෙන්න මේ හේතුව නිසා. තේරුමක් බේරුමක් නොතිබුණත් පුංචියට හරි Tech Day Fund එකක් එකතු වෙන්න පටන් ගත්තෙ අපේම day එකක් කරන්න තිබ්බ උණ නිසා.
මුලින්ම අපි day එක කරන්න ඕන කරන සල්ලි හොයන්න පටන් ගත්තා. Car Wash 2ක් , තාක්ෂණික අංශයේ පොළ , අයිස් ක්‍රීම් , වෙරළු අච්චාරු , souvenir එක ඒ ටිකෙන් day එක කරන්න ඕන කරන සල්ලි හොයාගත්තා. මේ වැඩවලට Science Section එකේ අපේම යාළුවන්ගෙන්, IT Lab එකේ ගුරුවරුතුමියන්ගෙන් ලොකු සහයෝගයක් හම්බුණා. ඒ වගේම අපි Innovation Competition එකක් කරලා ජයග්‍රහණය කරපු අයව අගය කරන්නත් , ඒ අයව තවත් දිරිමත් කරන්නත් කටයුතු කලා. කොහොමහරි ටික ටික දවස් ගෙවිලා යද්දි අපි item practice කරන්න පටන් ගත්තා. මේ වැඩ වලට ART Section එකේ නංගිලා ලොකු සහයෝගය දුන්නා. මේ දේවල් අස්සේ හැමදේකටම චා වෙන්න හිටියේ එකම සෙට් එක ( දන්නෝ දනිති ) කොහොම උනත් අපි වැඩේ අත් අරින්නෙ නැතුව දිගටම අල්ලන් හිටියා. මොකද අපි වැටෙන හැමවෙලාවකම අපේ අංශයේ ගුරුවරු ටික අපිත් එක්ක හිටියා.
මේ day එක නිසා ආයෙත් අවුරුදු ගානකට පස්සේ අපි හැමෝම සෙට් වුණු දවසක ලස්සන මතක ගොඩක් එක්ක අපිට හිනා වෙන්න පුළුවන් වේවි. Tech day එක හොදටම සරු වෙද්දි , Tech day හීනේ හැබෑවෙනෙ ලකුණු දෑස් ඉස්සරහපිට පේන්න ගත්තා. දවස් එකින් එක ගෙවෙද්දි , හදවත දඩිබිඩියේ ගැහෙද්දි , අපේ එවුන් කඩි රැල වගේ වැඩ කරද්දි, අවුරුදු 6ක් වගේ ලොකු විරාමයකට පස්සේ කරන්න යන මේ අපේ Tech day එක අපේ එවුන්ගේ කැපවීමේ සොදුරු ඵලයක් විදියට ඔබ අද විස්මයෙන් අත් විදිනා මේ,
" TECHNICO IN FORZA '25 "
නම් වූ අප දුටු සිහිනේ යථාර්ථාභීයේෂකරණයයි.