29/07/2026
☸️ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම;
1. ප්‍රථම ධර්ම දේශනාව: බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් උදෙසා බරණැස ඉසිපතන මිගදායේදී "ධම්මචක්කප්පවත්තන සූත්‍රය" (දම්සක් පැවැතුම් සූත්‍රය) දේශනා කිරීම.
2. මව්කුස පිළිසිඳ ගැනීම: සිදුහත් බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම.
3. මහාභිනිෂ්ක්‍රමණය: සිදුහත් කුමරු ගිහිගෙය අතහැර සත්‍යය සොයා පිටත්ව යෑම.
4. ශ්‍රී දළදා වහන්සේ ලංකාවට වැඩමවීම: හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීම සහ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වීම.
5. ප්‍රථම වස් විසීම: භික්ෂූන් වහන්සේලාගේ වාර්ෂික වස් විසීමේ කාලසීමාව ආරම්භ වීම.
6. රුවන්වැලි සෑයේ මුල්ගල තැබීම: දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි මහ සෑයේ මුල්ගල තැබීම සහ ධාතු නිධානය සිදු කිරීම.
Students' Union
Faculty of Agriculture
Eastern University of Sri Lanka