වලගෙදර ගම ගිහි පැවදි උගතුන් රැසක් ජාතියට දායාද කල උතුම් පින් බිමකි.
1930 දශකය වනවිට වැඩි වෙමින් තිබූ ළමා ජනගහනයට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීමට පාසලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය වටහාගත්, ගල්මත්තේ විසූ ධානපති දොන් ෆෙඩ්‍රික් සිරිවර්ධන මැතිතුමා විසින් ස්වකීය ධනය වැයකර කුඩා ගුරු නිවාසයක් සහිත 50×20 ස්ථිර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර 1934 මැයි මස 11 වන දින ගල්මත්ත වේල්ස් කුමාර පිරිමි පාසල නමින් විවෘත කරන ලද්දේ එවකට
කළුතර උපදිසාපති වශයෙන් සේවය කළ ඉංග්‍රීසි ජාතික ජේ. ලයිට් මහතා අතිනි. මෙදින සිසු දරුවන්ට අකුරු කරවන ලද්දේ ආචාර්ය ජී. ජී. මලලසේකර මැතිතුමා විසිනි.
අධ්‍යාපන කටයුතු කරගෙන යාමට බී. සමරවීර හා විජේවර්ධන යන උපගුරුවරුන් බඳවාගත් සිරිවර්ධන කළමණාකරනතුමා ජූනි මස 12 වන දින සිට ප්‍රථම මුල් ගුරුවරයා ලෙස ඩික්සන් ඒ පීරිස් මහතා පත්කර ගත්තේය.නමුත් 1934 සැප්තැම්බර් මස සිට එම්. ඩී. එම්. ගුණතිලක මහතා ප්‍රධානාචාර්යධූරයට පත්විය.
ගම්බද දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ සුදුසුකම් සහිත මුල්ගුරුවරයෙකු වශයෙන් කේ. එච්. අයිසෙක් ඒකනායක මහතා 1936 දෙසැම්බර් මස 1 වන දින සිට පාසලේ මුල්ගුරුවරයා ලෙස පත්කර සිරිවර්ධන මැතිතුමා සියලු පාලන කටයුතු වලින් ඉවත් විය.
අයිසෙක් ඒකනායක මහතා මුල්ගුරුවරයා පත්වීමත් සමග පාසල ඉතා ජනප්‍රිය පාසලක් බවට පත්වීමත් සිසු ගහනය ශීඝ්‍රයෙන් වැඩිවීමත් සිදුවිය.එයට පිලියම් ලෙස ගුරු දෙගුරු සමිතිය හා කුලඟන සමිතියේ උපකාර ඇතිව 60×20 ස්ථිර ගොඩනැගිල්ලක් ඉදකර 1945 ඔක්තෝම්බර් මාසයේදී